එලොව පොල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොල් සංවර්ධන කටයුතු 2017 වර්ෂයේ සැලසුම් කළ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් යටිතල පහසුකම් සැපයීමට පොල් සංවර්ධන මණ්‌ඩලයට හැකිවූ බව දෙවිනුවර පොල් සංවර්ධන මණ්‌ඩලයේ සංවර්ධන නිලධාරී ඩී. ඩබ්. ලියනාරච්චි මහතා පැවැසීය.

    පොල් ඉඩම්වල ඵලදාව වැඩිකර ගැනීම පසුගිය වසරේ පොල් ගස්‌ 10,000 කට මැග්නීසියම් ඌනතාවය මඟ හැරවීම සඳහා ඩොලමයිට්‌ යෙදීමට සැලසුම් කර තිබූ නමුත් වසර අවසානය වන විට එම ප්‍රමාණය පොල් ගස්‌ 11009 ක්‌ දක්‌වා වැඩිකර ගෙන ඇති බවත් ලියනාරච්චි මහතා ප්‍රකාශ කළේය.

    මේ සමඟම පොල් ඉඩම්වල කාබනික පොහොර යෙදීමට පොල් ගස්‌ 2100 ක ඉලක්‌කයක්‌ යොමුවී තිබූ නමුත් එය 2066 දක්‌වා ආසන්න මට්‌ටමකට රැගෙන ඒමට හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    2017 වසරේදී පොල් ඉඩම්වල තෙතමනය සංරක්‌ෂණය කිරීම සඳහා අක්‌කර දහයක ඉලක්‌කයක්‌ යොමුවී තිබූ අතර එය අක්‌කර 13 දක්‌වා ප්‍රගතියක්‌ ඇතිකර ගෙන ඇත.

    පොල් ඉඩම්වල ගව පාලනය සඳහා ගව ගාල් දෙකක ඉලක්‌කයක්‌ යොමුවී තිබූ අතර එය එක්‌ ගව ගාලක්‌ බවට පත්වී ඇති අතර ඉතිරිය මේ කාලය තුළ ඉදිකරනු ලබන බවද ඒ මහතා පැවැසීය.

    2016 වසරේදී පොල් ගෙඩි ඵලදාව ගෙඩි මිලියන 2845.1 ක්‌ වූවද 2017 වසරේදී එය ගෙඩි මිලියන 2347.1 දක්‌වා 17% ක අඩුවීමක්‌ පෙන්නුම් කළ බවත් එසේ වීමට හේතු වූයේ වර්ෂාපතනයේ අක්‍රමිකවත් භාවය සහ සත්ත්ව හානි සහ පොල් ඉඩම් ප්‍රමාණය කැබලි කර විකිණීම නිසා බවත් ලියනාරච්චි මහතා පැවැසීය.

    පොල් සංවර්ධන නිලධාරි ඩී. ඩබ්. ලියනාරච්චි මහතා ඉහත ප්‍රකාශය කළේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැති කෘෂිකර්ම කමිටු ප්‍රගති සමාලෝචන රැස්‌වීමේදීය.