එලොව සිට ලියමි

Feb 20, 2015
588
203
0
එලොව සිට ලියමි

එලොව සිට ලියමි..

අපේ සමිතිය පටන් ගත්ත දවසෙත් මාව කාරක සබාවට පත් කරගත්තා මතකය. පස්සෙ කාලෙක මං සබාපති උනාම ලංකාවේ හොදම සමිතිය විදියට මං ඒක දියුණු කොර ගත්තාය. ඒ කාලේ අපේ සමිතියේ පාට කොඩියක් ගෙදරක වැටේ එල්ල ගන්න එක මිනිස්සුන්ට හරි ආසාය. සමිතියේ චන්දෙ දාට සාමාජික එවුං සමිතියේ පාට කමිස ඇදගෙන චන්දෙ දාන්න ගියෝය. තොප්පිද දැම්මෝය. මං සබාපති කාලේ අපේ සමිතියට විරුද්දව එකෙක් කට හෙල්ලුවේ නැත.

අපේ පොඩිඑකාව මං සමිතියට බදවා ගත්තේ නෑ කමටය. පොඩිකාලේ ඉදන්ම පිරිමි කමක් ඒකා පෙන්නුවේම නැති හන්දා මේකට ආවාම මනුස්සයෙක් වේ යැයි මා සිතුවෙමි. ඒත් ඒකා කොළු වැඩ කර කරම උන්නා මිසක දැනෙන්න පිරිමි වැඩක් කළේම නැත. මං සමිතියේ සබාපතිකොමෙන් අයින් වුනේ ඒකාට තැනක් දෙන්නයටය. ඒත් ගමේ වෙනින් එවුං සමිතියේ සබාපතිකං ගත්තෙමි. අපේ එක සබාපතියෙක් හදිසියේ එලෝ ගිය වෙලාවේ අපේ පොඩි එකාව සමිතියේ සබාපති කොර ගත්තෝය. ඒත් මං මැරෙන කල්ම ඒකාට මනුස්සයෙක් වෙන්ට බැරිවිය.

ඉස්සර අපේ සමිතියට අළුතෙන් සාමාජිකයන් බදවාගන්නට අපි ගෙවල් ගෙවල් ගානේ ගියෝය. අඩු තරමිං අවුරුද්දකට සැරයක් වත් මහත්තුරු ගෙදර එනවා කියා ගං වල ඇත්තෝ සතුටුය. අපේ පොඩි එකා සබාපති කොම ගත්තාට පස්සෙං පහු සමිතියේ දියුනුව බලන්නේ නැතුව ඒකා රට හදන්න හැදුවාය. සමිතිය දියාරු වී ගිහින් ජේන් අක්කාගේ සමිතිය ඔලුව ඉස්සුවෙමි. ජේන් අක්කා සමිතියට එද්දී පොඩි එකා රෙදි බෑග් එකත් අරං ගෙදර ගියාය. ජේන් අක්කා ගමේ මැම්බර් උනු හන්දා අපේ පොඩි එකා ආයෙත් සබාපතිකොම ගත්තාට. ටික දොහක් යනකොට අපේ එකා, ජේන් අක්කා සමග රණ්ඩු කළෙමි. ජේන් අක්කා සමිතිය විසුරුවා දැම්මෙමි.

ඊළග පාර අපේ පොඩි එකා ජේන් අක්කාගේ ආප්ප කඩේ කොළුවාව මැම්බර් කරන්නට අපේ සමිතියේ සේරෝගේම උදව් අරන් දුන්නාය. ඒකට හිලව්වට ආප්ප කඩේ කොළුවා අපේ පොඩි එකාව ආයෙත් සමිතියේ සබාපති කොමට පත් කෙරුවෙමි. දැන් අපේ පොඩි එකා හිටිහැටියේ ලොකු වෙලාය. ඒකා ගමේ හැමෝටම වයිපයියක් දෙනවා කියා රැවැට්ටුවාය. ගමේ එවුං කියන්නේ ඒ මොකද්ද එක කොහොම වුනත් තිබුනු පයි එකෙත් වියදං දැන් උහුලගන්ට බෑ කියාය. අපේ පොඩි එකා දන්න වයිපයි එකක් නැත. එක එකාගේ ලණු කනවාය.
අපේ එකා ආයෙත් වංගියක් ආකාසේ බැලුන් එල්ලා වයිපයි ය දෙනවා කීවෙමි. උඩ එල්ලූ බැලුම වයිපයියත් එක්කලාම බිමට කඩා වැටුනෝය. අපේ එකා හන්දියේ සිරිල් මුදලාලිගේ කඩේ වෙළදාමටත් වැට්ටක්ද මොකද්ද ගහලා කියා රොසලින් නැන්දා හද්ද කුණුහරුපෙන් බැන බැන යනවා ඇහුනෙමි. හුගක්ම බැන්නේ ඒකාට නොවේය. ඒකාගේ අර රත්තරං අම්මාටය.

දැන් අපේ එකාට ගමේ ගෙයක් ගෙයක් ගානේ යන්නට බැරිය. ගෙවල් වල ගෑණු දොරපොළු අරං ඉන්නෙමි. සමිතියට අළුතෙන් සාමාජිකයන් බදෝ ගන්න කාලෙ ඇවිත් හන්දා , ගෙවල්වලට යන්නත් බැරි හන්දා ඒකටත් ඔන්න ඔය “ ඇප්පුවක් “ ද මොකද්ද හදලාය. අර තැන් තැන් වල අරං යන ටැලිපෝන් එකෙන් ඇප්පුව දාගෙන සාමාජික කං ගන්ට කියා පොඩි එකා කිවුවෝය. වයිපය් එකට රැවටුනු කොල්ලො කෙල්ලෝ ඇප්පුවට රැවටෙන්නේ නැහැ කියනවාය. ඇප්පුව දාගන්නත් වයිපයිය ඕනෑ හන්දා සේරෝටම කලිං නිකං දෙනවා කියාපු වයිපයි එක දෙන්න කියා උන් කියනවාය. අනේ පුතේ.. උඹට හතර වරං දෙය්යන්ගේම පිහිටයි.පරෙස්සමෙන් වැඩ කරපං.. ( පසුව ලියමි - ලබන අවුරුද්දේ උඹේ සබාපති කමට කෙලින්නට එකෙක් බලාන ඉන්නවාය. පෙරේසමෙං වැඩ කටයුතු කොරගනු ඇතැයි සිතමි.)
මීට - ආදර මාමා,
ජූරි ජයා


උපුටාගැනීම Sri Nimal Padmakumara මහතාගේ facebook පිටුවෙන්