එවරස් පාමුලට යන ගමනේ තුන්වන කොටස තමයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ.මුල්ම කොටසෙදි ප්‍රධාන දේවල් විදියට කතා කරේ වීඩියෝ මාලාවේ සැලසුම සහ මූලික කදවුරු ගැන මූලික හැදින්වීමක්.ඒ වගේම ගමනේ මාර්ග ගැනත් ලූක්ලා සිට Monjo දක්වා ගමනත් විස්තර කරා.
දෙවන කොටසෙදි ගමනේ Dingboche දක්වා කොටසත් Namche bazar වලදි අපි ගතකරන දින දෙක ගැනත් අපි කතා කරා
මේ දවසේදි අපේ සම්පූර්ණ ගමන් කාලය පැය 5ත් 6ත අතර අගයක් ගන්න ඉඩ තියෙනවා. ආසන්නව ගත්තම මීටර් 600ක විතර දළ ඉහල නැගීමක් හෙවත් මුහුදු මට්ටමේ ඉදන් මීටර් 600ක් ඉහල උසකට ගමන් කරනවා. Altitude sickness ඇතිවීමේ ඉහල අවධානමක් තියෙනවා.සාමාන්‍යයෙන් ගමනේ මේ කොටසේදි ගමන් කරන්න වෙන්නේ යම්තාක් දුරකට ඔලුව බර ගතියක් සහ ඔලුවේ කැක්කුමක් එක්ක.
අපි ගමන සදහා ගතකරන කාලය අඩු වෙන්න අඩු වෙන්න අපේ ඇග මේ ඉහල උස සහිත ප්‍රදේශ සදහා හුරුවීමේ වේගයද වැඩි වෙනවා.
මේ දවසේදි ගමනේ මුල් කොටසේ අපිට ක්‍රමයෙන් බැවුම වැඩි වෙමින් ඉහල නැගීමක් දැකගන්න පුලුවන්.පැය දෙක හමාරකට තුනකට පස්සේ විතර අපිට Dukla කියන ප්‍රදේශයට ලගාවෙන්න පුලුවන්. Dukla සිට ගමනේ නැගීම තවත් වැඩි වෙලා අසීරු ඉහල නැගීමක් දැකගන්න පුලුවන්.මුහුදු මට්ටමේ ඉදන් මීටර් 4500 ක උසකින් තමයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ.ඒ නිසා මේ ඉහල නැගීම හැමවෙලේම හිතනවට වඩා පොඩ්ඩක් අමාරුයි.
Dukla සිට පැයක විතර ගමනකින් පස්සේ අපිට plateau වලට ලගා වෙන්න පුලුවන් වෙනවා.මෙතන පොඩි විශේෂයක් තියෙනවා.ඒ තමයි Scott Fischer ගේ සහ Rob Hall ගේ සොහොන් පිහිටලා තියෙන්නේ මෙතන.
Scott Fischer කියන්නේ 1996 දි එවරස්ට් නැගලා බහිනකොට වුන හදිස්සි අනතුරකින් මියගිය කීර්තිමත් කදු නගින්නෙක්. කෘතිම ඔක්සිජන් නැතුව හිමාලය කදු පන්තියේ විශාල කදු ප්‍රමාණයක් තරණය කරලා තියෙන ඇමරිකානු ජාතිකයෙක්. ඒ වගේම Rob Hall කියන්නෙත් ඒ වගේම කීර්තිමත් කදු නගින්නෙක් සහ උපදේශකයෙක්.ඔහු නවසීලන්ත ජාතිකයෙක්. රොබ් ගේ කතාව 2015 දි තිරගත වුන කියන ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.
1996 දි මැයි මාසයේ 10 වෙනිදා වුන මේ අනතුරෙන් කදුනගින්නන් 20 දෙනෙකුට දිවි අහිමි වෙනවා. 8ක් කන්ද නැගලා බහින ගමන් හිටියේ. ඉතිරි 12 තවමත් කදු මුදුනට යන ගමන් හිටියේ. හදිස්සියේ ඇතිවුන හිම කුණාටුවකට මැදිවෙලා මේ 20 දෙනාටම දිවි අහිමි වෙද්දි එදා මෙදාතුර එවරට් කන්ද ආශ්‍රිතව වුන දරුණුම අනතුරක් විදියට තවමත් වාර්ථා අතර තියෙනවා.
1996 දි සිදුවුන මේ ඛේදවාචකය ගැන Jon Krakauer විසින් ලියලා තියෙන Into Thin Air පොතේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒවරස්ට් කදුමුදුන පාමුලට යන ගමනේදි මේ පොත කියවනවා නම් ඒ අද්දැකීම ඇත්තටම ගන්න පුලුවන් කියලා කදු නගින්නන් ගොඩක් නිර්දේශ කරලත් තියෙනවා.
එතන ඉදන් විනාඩි තිහකින් විතර Dzongla වලට යන්න පුලුවන්.අපේ ආපසු ගමනේදි අනිත් පැත්තට යන්න ගමන පටන් ගන්නේ මේ Dzongla වලින්.
එතැන් සිට විනාඩි 30 කින් විතර අපිට Lobuche වලට ලගාවෙන්න පුලුවන්.අපේ ගමනේ 7 වන දවසේ රැ ගත කරන්නේ අපි මෙතන.
දවස් 7ක් පුරාවට කට්ට කාගෙන තැන් තැන් වල නතරවෙලා අපි ආව ගමනේ අවසාන ඉලක්කයට යන්නේ අටවෙනි දවසෙදි.Lobuche වලින් අපි උදේම සාමාන්‍ය වෙලාවට පිටත් වෙන්න ඕනේ.අද සම්පූර්ණ ගමන් කාලය පැය හයක් විතර වෙනවා. අපි Lobuche වල ඉදන් බේස් කැම්ප් එකට ගිහින් ආයෙම Lobuche වලට එන්නයි හදන්නේ. ඇත්තටම මේ ගමන තව දවසක් දික්වෙන සැලැස්මකුත් තියෙනවා. ඒකත් මම විස්තර කරන්නම්
දැනට අපි ඉන්න තැන මුහුදු මට්ටමේ ඉදන් මීටර් 4940ක් උසින් තමා පිහිටලා තියෙන්නේ. බේස් කෑම් එක පිහිටලා තියෙන්නේ මීටර් 5380 ක උසකින්. ඒ කියන්නේ ආසන්නව මීටර් 400ක වගේ ඉහල නැගීමක් අපිට ලබාගන්න වෙනවා.
අපේ ගමනේ අපිට මුලින්ම ලැබෙන ගමනාන්තය වෙන්නේ Gorakshep කියන නවාතැන්පොල. මුලින්ම තැනිතලා පාරකින් පටන් ගන්න අපේ ගමන Gorakshep වලට ලගාවෙනකොට තරමක් ඉහල නැගීම් සහිතව පොඩි දුශ්කර මාර්ගයක් බවට පත්වෙනවා.
එතනදි අපිට අපේ දවල් කෑම අරගෙන අපිට බොහොම ලේසි පාරක් ඔස්සේ විනාඩි 45ක වගේ වෙලාවකින් බේස්කෑම්ප් එකට ලගාවෙන්න පුලුවන්.
මේක තමයි අපේ ගමනේ උච්චතම අවස්ථාව.කට්ට කාගෙන අපි ආපු ගමනේ අවසාන ප්‍රථිපලය.ලෝකේ උසම කන්දේ පාමුල ගාව.ෆොටෝ ගන්න එහෙම සැහෙන වෙලාවක් යයිනේ ඉතින්... හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. ඒවරස්ට් බේස් කැම්ප් එකට එවරස්ට් කන්ද පේන්නේ නැ කියල කීවොත් විශ්වාස කරනවද ? ඔව් විශ්වාස කරන්න වෙනවා.අපිට ගමනේ මගදි එවරස්ට් පෙනුනට අපි බේස් කැම්ප් එකට ගියාට පස්සේ අපිට එවරස්ට් කදුමුදුන පේන්නේ නැ.
කදුනගින්නන් බේස් කැම්ප් එකට ගියාට පස්සේ එවරස්ට් කදුමුදුන නැරඹීමට Kala Patthar කියන කදුමුදුනට පොඩි හයික් එකක් කරනවා.ඒ වීව් පොයින්ට් එකේදි එවරස්ට් වල පැහැදිලි දර්ශනයක් බලාගන්න පුලුවන්.
අපි යන මේ දවල් වෙලාවත් එක්ක සාමාන්ය දර්ශනයක් තමයි බලාගන්න වෙන්නේ. වෙලාවත් එක්ක ඒ වීව් පොයින්ට් එකත් බලන්න මිස් කරගන්න එපා.කලින් කීවා වගේ තව එක දවසක් වැඩේ දික්වෙන හැටි තමා දැන් කියන්න යන්නේ.
kala patthar වල වීව් පොයින්ට් එක ගොඩක්ම ලස්සන උදැසන හිරු උදාවට පලවෙනි හිරුරැස් එවරස්ට් වල හිම වලට වැටිලා ලස්සන රත්තරන් පාටක් මවනකොට. ඉතින් මේ දර්ශනය බලන්න අපි ගිය වෙලාවේ අමාරුයි. ඒ නිසා ගොඩක් අය බේස් කැම්ප් ගිහින් ආයෙම Gorakshep වලට ඇවිල්ලා පහුවදා පාන්දරම ආයෙම kala patthar වලට යන්න පිටත් වෙනවා.සාමන්‍යයෙන් මේ ගමන පාන්දර 3 ට වගේ පටන් ගන්නේ. සීතලත් එක්ක මේ වෙලාවේ මේ ගමන මරණාසන්න වෙන්න වුනත් පුලුවන්. ඉර උදාවත් එක්ක ඒ දර්ශනය බලලා ආයෙම පහලට බහින වැඩේට තමා අපේ වැඩිවෙන දවස ගතවෙන්නේ.එහෙම නැත්නම් පලවෙනි දවසෙම පාන්දරින් පිටත් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක තමන්ගේ දරාගැනීමේ හැකියාව අනුව තමයි.
කලින් කීවත් වගේ අපේ නැවත් පැමිණීම මම විස්තර කරන්නේ ආපු පාරෙන්ම නෙවේ. ඒ නිසා අපි බේස් කෑම්ප් එකට යන දවසේ හවස් වෙනකොට වලට Lobuche එන්න ඕනේ.kala patthar වලට යනවා නම් දවස වෙනස් වෙනවා ඒත් තැන් සමානයි.
Lobuche වලින් ඊලග දවසේ උදේම අපි Dzongla බලා පිටත් වෙන්න පටන් ගන්නවා.Lobuche වල ඉදන් මේ පාරට හැරුනට පස්සේ අපිට වැඩිය පිරිසක් දකින්න ලැබෙන්නේ නැ. ඒ නිසා බොහොම නිදහසේ අපේ ආපසු ගමන ගත කරන්න පුලුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ පාර පට්ටම ලස්සනයි. ගමනේ ලස්සනම කොටසක් කියලා කියන්න පුලුවන්. ඒ නිසා ආපසු එනගමනට මේ පාර තෝරගන්න එක ගැන පොඩ්ඩක් වත් දුක් වෙන්න වෙන්නේ නැ.
Dzongla වල අපිට ආපසු ගමනේ පලවෙනි රැ ගත කරන්න සිදුවෙනවා.
ඊලග දවසේ අපි Gokyo Lake දක්වා ගමන ආරම්භ කරනවා.Gokyo Lake කියන්නේ ලෝකයේ උසින්ම පිහිටි මිරිදිය විල් සන්කීර්ණයේ කොටසක් කියලා කියන්න පුලුවන්. ඇත්තටම මේ දේවල් අපිට බලාගෙන එන්න තමා තියෙන්නේ. වීව් පොයින්ට්ස් කීපයක් සහ ගමන පුරාවට ලස්සන දර්ශන රාශියක් එකදිගට දැකගන්න පුලුවන්.ග්ලැසියරයක් උඩින් ඇවිදන් යන්නත් මේ දවසෙදි අවස්ථාව ලැබෙනවා.
Gokyo Lake වල රැයක් ගත කිරීමෙන් පස්සේ අපි ඊලග දවසේ යන්නේ Dole දක්වා ගමන. Dole වලට යනවා කියන්නේ අපි නැවතත් ප්‍රධාන මාර්ගයට එකතු වෙන්නයි යන්නේ.ඒ දවසේ රැ අපි Dole වල ගත කරන්න ඕනේ.
Dole වලින් කෙලින්ම වලට එන්නේ නැතුව දින තියෙනවා නම් Gokyo Ri දක්වා එක්දින හයික් එකක් කරන්නත් පුලුවන් අපිට.
එතනින් එහාට ලොකුවට විස්තර කරන්න දෙයක් නැනෙ. Dole ඉදන් Namche Bazaar වලට. එතන ඉදන් ලූක්ලා වලට ඊටපස්සේ කත්මන්ඩු වලට.
ගමනේ විස්තර දැන් මෙතනින් ඉවර වෙනවා.මෙතන ඉදන් පටන් ගන්නේ ගමනට සූදානම් වීම් සහ සැලකිලිමත්විය යුතු දේවල් අවශ්ය ලියකියවිලි සහ වැදගත් කරුනු ගැන. ඒ ගැන video දෙකකින් සම්පූර්ණ විස්තරයක් අරන් එන්න හිතාගෙන ඉන්නවා.
ගමනක් සුන්දර වෙන්නේ ඒ ගමන ඉතාමත් සැලසුම් සහගත විදියට සැලසුම් කරගන්න තරමට තමයි. ඉතින් හිමාලයේ මේ ගත කරන සුන්දරම දින 14 කට ආසන්න ගමන කොහෙවත් වරදින්නේ නැතුව සැලසුම් කරගන්න විදිය අපි ඉදිරි කොටස් වලදි කතා කරමු. එකතු වෙලා ඉන්න අපි එක්කම.