පුදුමයි තාම උඹ මගේ ෆේක් එකක් කියලා කිව්වෙ නැති එක. ඔතන ඔය තුන්දෙනාගෙන් දියරකුස් නිකන් සිරිපාලයගේ පැත්ත අරන් කථා කරන්න ගිහිනුයි චාටර් වුනේ. හැබැයි උගේ තර්ක වල ගත යුත්තක් තියනවා. ඔය අනිත් උන් නම් ඉතින් අරුනයට මඩ ගහලා දැන් මගේ පස්සේ පන්නන සෙට් එකක්. කුහක කම මිස වෙන දෙයක් එතන නෑ. ඔයිට අමතරව සිරිපාලගේ අවතාර කීපයකුත් ඔතන තියනවා. උන් තමයි මට මඩ ගහන වෙලාවට විතරක් ලොග් වෙලා කමෙන්ට් දාන උන්.
මුන් කීප දෙනා ප්ලෑන් කරලා ත්‍ර්ඩ් දාලා ගේම ගහනකොට ජ්‍යොතිෂයට විරුද්ද උන් මේ සීන් එක දන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට එනවා. උන් තමයි දිග දිග රිප්ලයි ලියලා තර්ක කරන්නේ. උන් මේක කරන්නේ අවංකව.. අර කුහක සෙට් එක කරන්නේ කොහෙන් හරි කොපි පේස්ට් එකක් හරි පේලියක දෙකක මඩක් හරි ගහලා වටේ උන් ෆෝම් කරලා යන එක.. උන්ට තර්ක කරන්න ඕනේ නෑ ඕනේ මඩ ත්‍රෙඩ් එක බම්ප් වෙවි තියන එක.
මම කිසිම ත්‍රෙඩ් එකක ලොකු සීන් හා මඩ ගහලා ප්රෂ්න ඇහුවට උත්තර දෙන්නේ නෑ. යමක් දැනගන්න ඕනෙනම් මගෙන් පුද්ගලිකව අහන්න කියලා මම හැම තැනදිම කියලා තියනවා. එහෙනම් ඒක දැන දැන ඇයි මුන් ත්‍රෙඩ් දාන්නේ? ඒකේ තේරුම මුන්ට දැනුම අවශ්‍ය නෑ ඕනේ මඩ ගහන්න. දැනුම අවශ්‍ය මිනිස්සු ඕන තරම් පුද්ගලිකව ඒ ප්‍රශ්න අහනවා.
අන්තිම වශයෙන් කියන්න තියන්නේ මෙච්චරයි. අපි ගමනක් යනකොට පාරේ බුරන හැම බල්ලටම ගල් ගහන්න ගියොත් අපිට කවදාවත් ගමන යන්න වෙන්නේ නෑ. ඉතින් මමත් දැන් බුරන බල්ලන්ව ගනන් ගන්නේ නෑ. අනික බුදු හාමුදුරුවන්ටත් මිනිස්සු මඩ ගැහුවනම් මම මොන හාල් කෑල්ලක්ද.