" සාධාරන සමාජයක් උදෙසා යහපාලනයක් " , " ආසියාවේ ආස්චර්යය " ඔය වචන වලින් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ මචන් . එත් අපේ ගොඩක් දෙනා හිතනවා ආණ්ඩුවේ වරද, ඉස්සර උන් හොදයි ඔය වගේ .
මචන් , මේ ලෝකේ එන්න එන්නම හැමදේම මිල වැඩි වෙනවා . එක ලෝක ස්වභාවය . එකයි මම කිව්වේ "පටිසෝතගාමී" වෙයන් කියල . උබ යන රටාවටම ගියොත් ජිවිතේ විදින්න බෑ මචන් . තමන් තමන්ටම අවංක වෙයන් . සමාජයට අවශ්‍ය මිනිහෙක් වෙන්න ට්‍රය් කරපන් . මේක එක රෑ කින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . එකයි මම කිවේ ගමන හෙමින් අදම පටන් ගන්න කියල .
උදාහරණයක් විදියට උබ කිව්ව විදියට පොල් 100 නම් පොඩි ලොරියක් කුලියට අරගෙන පොල් වත්තකට ගිහිල්ල පොල් සලිවලට ගනින් . ගානක් තියාගෙන දෙන්න පුළුවන් , ලාභය ලොකුයි . (මම මේ උබට පොල් විකුණන්න කියනවා නම් නෙවෙයි . උදාහරණයක් පෙන්නුවේ )
ඔය කාලෙන් කාලෙට අවශ්‍ය දේ සාධාරණ විදියට අලවි කරන්න පුලුවන්නම් උබේ දියුණුව ගැන එකදවසකදී උබටම පුදුම හිතේවි මචන් .
උබට ජය