එළකිරි එන්න හේතුව ....

උබ වගේම තමයි මචං මමත්. O/L ඉවර වෙලා 2007 දී වගේ ඩයල් අප් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් හම්බුන කාලේ ඉදන්ම කිරියට ආව සින්දු බාන්න. හැබැයි මේකේ ෆෝරම් එකේ නුල් කියවන්න ගත්තේ උසස් පෙලින් ටික කාලෙකට පස්සේ. හැබැයි එත් කමෙන්ට් දාන්න හැදුවම පරණ පාස්වර්ඩ් එක මතක නැති නිසා පොස්ට් එකක් දාල දෙයක් අහන්න ඕනේ වෙනකන් ඉදල ප්‍රොෆයිල් එකක් හැදුව. හදල මාස දෙක තුනකින් තමයි කික් උනේ තව Jack Sparrow කෙනෙක් ඉන්නබව. නම වෙනස් කරන්න බැරි එක තමයි කිරයේ තියෙන ලොකුම අවුල. එක පාරකට හරි නම වෙනස් කරන්න ඉඩ දෙන්න ඕනේ හරි නම්.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කෑප්ටන් Jack Sparrow;17871085 said:
උබ වගේම තමයි මචං මමත්. O/L ඉවර වෙලා 2007 දී වගේ ඩයල් අප් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් හම්බුන කාලේ ඉදන්ම කිරියට ආව සින්දු බාන්න. හැබැයි මේකේ ෆෝරම් එකේ නුල් කියවන්න ගත්තේ උසස් පෙලින් ටික කාලෙකට පස්සේ. හැබැයි එත් කමෙන්ට් දාන්න හැදුවම පරණ පාස්වර්ඩ් එක මතක නැති නිසා පොස්ට් එකක් දාල දෙයක් අහන්න ඕනේ වෙනකන් ඉදල ප්‍රොෆයිල් එකක් හැදුව. හදල මාස දෙක තුනකින් තමයි කික් උනේ තව Jack Sparrow කෙනෙක් ඉන්නබව. නම වෙනස් කරන්න බැරි එක තමයි කිරයේ තියෙන ලොකුම අවුල. එක පාරකට හරි නම වෙනස් කරන්න ඉඩ දෙන්න ඕනේ හරි නම්.


ඒක හරි, දැන් බලපන් උබ කෑප්ටන් කියලා ලියලා තියෙන්නේ, වළියකට සෙට් වුනොත් ඕකම ඇති ඇදයකට අල්ලගන්න.

 


ඒක හරි, දැන් බලපන් උබ කෑප්ටන් කියලා ලියලා තියෙන්නේ, වළියකට සෙට් වුනොත් ඕකම ඇති ඇදයකට අල්ලගන්න.


ඔව් බන් කෙස් ගොඩයි. සම්පුර්ණ නමම වෙනස් කරගන්න ඕනේ බන්. :lol:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
සිංදු බාන්න තමා..
ත්රේඩ් නම් ඉස්සර බලන්න බයයි.(මොන හුයන්නක් ද දන්නෑනේ කියලා) :sorry:
ඊට පස්සේ අවු : 4කට පස්සේ තමයි ඕන *ත්තක් කියලා ත්රෙඩ් බලන්න, පොස්ට් දාන්න ගත්තේ :rofl:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mr. Tomගේ මඤ්ඤං උයනෙන් තමයි ගොඩක් කට්ටියව අඳුරගත්තේ..... නැත්නම් මමත් පොස්ට් බල බල ඉන්නවා විතරයි.... කොමෙන්ට් එහෙම දාන්න ගොඩක් අකමැති උනේ, රෙප් කපාගන්න වෙනවා කාට හරි රිදුනොතින්..... ඒත් පස්සේ දවස් ගෙවිල යද්දී තමයි දැනගත්තේ මගේ රෙප් කපපු එවුන්ටත් මම රෙප් + දීලා තියෙනවා කියල.... කාත් එක්කවත් තරහක් නැහැ.... ලෝකේ මොන දේ තිබුනත් අපිට එකම වහලක් යටින් ඒ දේ දකින්න බලන්න පුළුවන්...

    ඒ වගේම එලකිරිය ඩවුන් වෙච්ච දවසේ විතර හිතට පාළුවක් දැනිල නැහැ නෙට් එකේදී කවදාවත්.... ෆේස්බුක් එක වැහුවත්, අපි එලකිරියට එනවා... අඩුම තරමේ දාපු ත්‍රෙඩ් එකට, පොස්ට් එකකට මොකද වෙලා තියෙන්නේ, අලුත් ට්‍රේඩ් මොනවද, නෝන්ඩි කරන්න පුළුවන් මොන පොස්ට් එකද, උදවුවක් දෙන්න පුළුවන් කාටද කියල අනිවාර්යයෙන් දවසකට සැරයක් බලල යනවමයි.... කලාතුරකින් දවසක බැරි උනොතින් මිසක්..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මතක හැටියට මම මුලින්ම ආවේ මධූර ශබ්දකෝශය බාගන්න 2008දි විතර . ෆොරම් එක ගැන දැනගත්තේ ගොඩක් පහුවේලා. මට මතක හැටියට google එකෙ මොකක් හරි හොයද්දි සර්ච් රිසල්ට් එකකින්. රෙජිස්ටර් නොවී අවුරුදු 3ක් විතර පොස්ට් බැලුවා. (වැඩිපුරම කියෙව්වේ යන වලි ගැන තමයි}. රෙජිස්ටර් වුනේ ගිය අවුරුද්දේ මටත් ත්‍රෙඩ් දාන්න ඕනේ කියල හිතුන නිසා .
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම එලකිරි ආපු හේතුව තාම මට හොයා ගන්ඩ බැරි උනා, සයිබර් අවකාශයේ කරක් ගගහ ඉද්දි මේකට ආව වගේ මතක, තාම මෙතන....කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ හැමදාම එනව...

    :yes::yes:
    හැමදාම මුලින්ම එන්නෙ මේකට
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මන් දන්න අයියා කෙනෙක්ගේ මාර්ගයෙන් තමා කිරිය සෙට් වුනේ.. ටික කාලයක් හිටියා site එක ගැන එච්චර kick එකක් නැතුව.. Register වෙන්න හැදුවට Register වෙන්න බැරිවුණා.. බැරිවෙන්න මොකක්හරි වුණා.. මතක නැහැ. පස්සේ මේක අල්ලලා දාල තිබුණා කාලයක්.. ඔහොම ඉදලා ආපහු කිරියට කැරකිලා අවා 2007 අග හරියේ.. පස්සේ කොහොමහරි Reg වුණා. Reg වුණා විතරයි.. ;) පස්සේ 2008 ඉදන් මේ දක්වා Account 5කින් විතර ආවා.. පරණ ඒවායේ මුකුත් මතක නැහැ.. ඇත්තම කිව්වොත් එළකිරියට එන්න විශේෂ හේතුවක් තිබුනේ නැහැ.. :) දැන් නම් කිරිය තමා.. :yes:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නම් එළකිරි ආවේ .
    1). මුලින්ම සින්දුවන් බා ගන්න.. මට මතක විදියට 2008 වෙන්න ඕන..
    2). යාළුවෙක් කරපු රේඩියෝ ෂෝ එකක් අහන්න.. ඒ 2010 ..
    3). මගේ බ්ලොග් පෝස්ට් එකක් උස්සපු එකෙක්ට අමතල යන්න..
    එදා අමතල යන්න කියල ආපු මං තාමත් මෙතන...
    :lol::lol:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මට මතක විදියට 2007/08 වගේ කාලේ තුම්මුල්ලේ තප්පෙක ස්ප්‍රේ කරලා තිබුනා එලකිරි.කොම් කියලා ඒක දැකලා තමයි මුලින්ම අවේ, ඒ කාලෙඑකවුන්ට් එකක් හැදුවට පාස් වර්ඩ් අමතක වෙලා තිබිලා පස්සෙ තමයි මේක හැදුවෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිසදැස් කියවන්න තමා මං එළකිරියට ආවේ.. ඉස්සර ලස්සන නිසදැස් ලියන උන් හිටියා.. දැන් කීප දෙනයි ඉන්නෙ.. ඨාකූර් තමා මං ආසම නිසදැස් ලියපු එකා.. ඌ නම් දැන් එළකිරියෙ නිසදැස් දාන්නෙ නෑ.. වැඩිය එන්නෙත් නෑ..:no:

    ගෙස් කෙනෙක් විදියට අවුරුදු දෙකක්, දෙකහමාරක් වගේ හිටියා.. 2010 දෙසැම්බර් මං එකවුන්ට් එකක් හැදුවා..:dull:

    මුල්ම කාලෙ මං ෆනි ත්‍රේඩ් තමා හුඟක්ම දැම්මෙ.. සාමාන්‍යයෙන් මං දැකපු දෙයක් තමයි ඒ කාලෙ එළකිරියට ජොයින් වෙච්ච ගොඩක් අය වැඩේ පටන් අරන් තියෙන්නෙ ජෝක් සෙක්ෂන් එකෙන්.. දත් කිඹුලා, ගයාන් කුවේට් දෙන්නත් එහෙමයි..:rofl:

    මං මුලින්ම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මෙ සචියට.. ඌ තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා.. ඌ මට මුල්ම මැසේජ් එකට රිප්ලයි කලෙත් වේසි කියලා..:growl:

    පස්සෙ ඌ කිව්වා ඔය ජෝක් සෙක්ෂන් එකටම වෙලා ඉන්නෙ නැතුව අනිත් සෙක්ෂන් වලටත් වර වේසියෙ කියලා.. ඉතිං මං ආවා.. ඒකෙන් ගොඩක් උන් ෆිට් උනා..:D

    මගේ කොටු එකොළහ පිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. මාස හයකටත් අඩු කාලෙකදි පුරවගත්තා..:rofl:

    අද වෙනකොට රෙප් 21804 ලැබිලා තියෙනවා.. රෙප් පවර් එක 27+ක් තියෙනවා..:love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mama nan dannet naha mema site ekak gana


    school lab eke iddi eka dawasak ekek kiwa (geethq ge malli)

    menna mekata yaman meka ela site eka
    atal goday arakada mekada



    meke a kale superpm seen ekata sahenna place


    2007 mula idan wage innawa..lks92 kalin account eka

    eke amu piss keliye

    passe eka wahuwa



    ita passe tama mekn awe 2008 :D

    Vahuva nemei ne Bann kara kiyahan...:lol::lol::lol::lol::lol: