+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

තව පස්නයක්...

අර සමහර ස්ටේශන් වල තියෙන්නේ එනිජිම ලොකු රවුමට දාලා හරවන සීන් එක....

ඒක කරකවන්නේ කොහොමද? මෝටරයක් තියේද?

hqdefault.jpg

 

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    තව පස්නයක්...

    අර සමහර ස්ටේශන් වල තියෙන්නේ එනිජිම ලොකු රවුමට දාලා හරවන සීන් එක....

    ඒක කරකවන්නේ කොහොමද? මෝටරයක් තියේද?

    hqdefault.jpg


    ඕක දෙන්නෙක් දෙපැත්තෙන් කරකවන්නේ අතින් තල්ලු කරලා :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තව පස්නයක්...

    අර සමහර ස්ටේශන් වල තියෙන්නේ එනිජිම ලොකු රවුමට දාලා හරවන සීන් එක....

    ඒක කරකවන්නේ කොහොමද? මෝටරයක් තියේද?



    සිංහලෙන් කියන්නේ ටර්න් ටේබල් එක කියලා. නෑ. මෝටර් නෑ. අතින් තමා කරකවන්නේ දෙන්නෙක් එකතු වෙලා..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉල්ලං කෑම කියලා කියන්නේ ඔකට තමා මාමේ. කිජීතයි නේ..
    තෝ නම් මහම මහ කුප්පයෙක් සීපියෝ.. :angry:
    ඔක්කොම ඕපදූප ටික දන්නවා..
    කොයි රටටද යන්නේ?
    ඇයි ඔයා දුකෙං මාමේ එයා රට යන එකට?

    :nerd:
    නෑ යකෝ වයිෆ් නේ මට කිව්වේ
    අනික ඉතින් මගෙත් යාලුවෙක් නේ :rolleyes:
    මිනිහා ඉන්න රටට ඩුබායිද කොහෙද
    :yes::(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :nerd:
    නෑ යකෝ වයිෆ් නේ මට කිව්වේ
    අනික ඉතින් මගෙත් යාලුවෙක් නේ :rolleyes:
    මිනිහා ඉන්න රටට ඩුබායිද කොහෙද
    :yes::(


    :lol:
    තොගේ කුප්ප හිත කියවන්න පුළුවන් නම්..
    එතකොට පවියා ඔය බිල්ඩිමේ ඉන්න ඔක්කොම අය ගැන උඹට ඇවිත් කියනවද? අනේ මේ...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol:
    තොගේ කුප්ප හිත කියවන්න පුළුවන් නම්..
    එතකොට පවියා ඔය බිල්ඩිමේ ඉන්න ඔක්කොම අය ගැන උඹට ඇවිත් කියනවද? අනේ මේ...

    හි හී නෑ යකෝ.ඉස්පෙසල් කෙනෙක් ගැන අහගන්න ක්‍රමේ මම දන්නවා ;)
    එකිත් එක්ක කතා කරලා එහෙම තියෙනවා මමත්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හි හී නෑ යකෝ.ඉස්පෙසල් කෙනෙක් ගැන අහගන්න ක්‍රමේ මම දන්නවා ;)
    එකිත් එක්ක කතා කරලා එහෙම තියෙනවා මමත්

    ආ... ඒ කියන්නේ ඉස්පැසල්... :lol:
    තෝ නම් මහම මහ කුප්පයෙක් ඕයි.. :angry: :angry: :angry:
    පවිය දැකපු දෙන්කෝ මම ගින්න දෙන්න....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඊයේ පෝස්ට් එකේ කීවානේ අපි ඔහියේ ඉඳං ඉදල්ගස්හින්න වෙනකන් රේල් හයික් එකක් කලා කියලා. කොහොම හරි රාත්‍රී තැපැල් දුම්රියේ ගිය අපි ඔහියෙන් බහිනකොට පාන්දර 5 උනා විතරයි.

    ඔහිය ඉස්ටේසම ඉස්සරහා තියෙන කඩේ රේල් හයික් කරන අය අතර ප්‍රසිද්ධ කඩයක්. සුප්‍රසිද්ධ පොල් රොටි තමා අපිත් උදේ ආහාරය විදියට අරගත්තේ.කොහොම හරි කෑම් කාලා, කිරි එකකුත් බීලා, පත්තරත් බලලා එලිය වැටෙනකං ටිකක් හිටියා.යාන්තම් එලිය වැටීගෙන එනකොට අපි පිටත් උනා.

    කොහොම හරි අපේ අරමුන උනේ බිංගෙවල් 14 අතරින් ගමන් කරලා, ලස්සන පින්තූර එකතුවක් අරගෙන උදේ 5.45ට බදුල්ලෙන් එන උඩරට මැණිකේ දුම්රිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් අල්ලගෙන ගම්පොලට යන්නයි. ඕක තමා අපේ දින තුනක සංචාරයේ පළවෙනි දවසේ වැඩ පිලිවෙල.

    ඉදල්ගස්හින්නට උඩරට මැණිකේ දුම්රිය ලඟාවෙන්න තියෙන්නේ හරියටම උදේ 8.07ට. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නියමිත වෙලාවට සිද්ධ වෙනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම කාලගුණතත්වය මත රඳා පවතින දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වෙලාව පහුවෙන බව අපි දැනගෙන හිටියා. කොහොම හරි පින්තූරත් අරගෙන පය ඉක්මන් කරලා අපි ඉස්ටේසමට එන්න හිතුවේ උදේ 8.07 කෝච්චිය මිස් උනොත් ඊගාව පොඩි මැණිකේ ඉදල්ගස්හින්නට එනකොට 11.30 වගේ වෙන නිසා.


    කොහොම හරි උඩවේරිය වත්ත හරියට එනකොට 8 පහු වෙලා. මග අපි පින්තූර අරගන්න, ස්වභාවදර්මය විඳගන්න වැය කරපු කාලය අම්මට සිරි වෙන්න වැඩියි කියලා තේරුනේ ඒ වෙලේ තමා. එතන ඉඳං අපිට තිබුනේ දිවිල්ලක් තමා. සෑහෙන දුරක් අපි දුවගෙන එනකොට හපුතලේ ඉස්ටේසමේ කෝච්චිය අදින නලා සද්දේ ඇහෙන්න ගත්තා. (ඔය හරියේ ඇවිදලා තියෙනවා නම් ඔයාලා මේ ගැන දන්නවා. ඉදල්ගස්හින්නට කලියෙන් තැනක් තියෙනවා හපුතලේ ඉස්ටේසම ලාවට පේන.) ඔන්න ඉතිං දිව දොට්ට දාගෙන අපි දුවනවා. ඉදල්ගස්හින්න ඉස්ටේසම පේන මානයේදී අපිට ඇහුනේ ඉදල්ගස්හින්න ඉස්ටේසමෙන් දුම්රියට පිටත් වෙන්න ලබා දෙන සයිරන් නලා හඬ. ඔය නලාව පිම්ඹට පස්සේ කෝච්චිය ඉස්ටේසමෙන් පිටත් වෙන්න ඔනා. අපේ බලාපොරොත්තු සුන් වෙන්න ඔන්න මෙන්න. කෝච්චිය පිටත් උනා ඉස්ටේසමෙන්. අපි දුම්රිය ස්ථානයේ ප්ලැට් ෆෝර්ම් එකටත් ගොඩක් මෙහා.

    දුම්රියේ සිටිය කාරුණික රියදුරුමහතා දැක්කා අපි කෝච්චියට නඟින්න දුවගෙන එන බව. ඉස්ටේසමෙන් පිටත්වෙලා මීටර කීපයක් ආව දුම්රිය අපි ලඟ නතර කලේ අපි හැමෝම පුදුමයට පත් කරවමින්. අදටත් ඒ කාරුණික රියදුරු මහතාට මගේ කෘතවේදීත්වය පුද කරනවා.

    කෝච්චියේ ඉස්සරහම පෙට්ටියට නැග්ග අපි ඔහිය ඉස්ටේසමෙන් ටිකට් අරගන්න බලාපොරොත්තුවෙන් තමා හිටියේ. ඔක්කොමලගේ ටිකට්වල සල්ලි මම එකතුකරගෙන ඔහියේ දුම්රිය නවත්වන්නත් කලින් ටිකට් කවුන්ටරේට දීවේ අනිත් අයට බෑග් අරගෙන දුම්රියේ පිටිපස්සට වෙන්න හිස් පා පුවරුවක් තියෙන පෙට්ටියකට ගොඩ වෙන්න කියමිනුයි.

    කොහොමහරි අපි ගියේ කෝච්චියේ අන්තිමම පෙට්ටියට. ඒ කියන්නේ නැරඹුම් මැදිරියට කලින් පෙට්ටියේ අවසාන පා පුවරුවට.

    ඔන්න ඉතිං දැං ඔක්කොම හරි. හයික් එකත් කරා. කෝච්චියත් අල්ලාගත්තා. ටිකටුත් ගත්තා. හිස් ෆුට් බෝර්ඩ් එකකුත් සැට් උනා. දැං ඉතිං ලොවෙත් නෑ.

    උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරනකොට තියෙන ලස්සන ගැන ඉතිං කවර කතාද.
    ඒ අසිරිය විදගනිමින් අපි හිටිය කෝච්චි පෙට්ටිය තනිකරම පිස්සු ලෝකයක් කරමින් තමා අපි සැට් එක හිටියේ.

    සාමාන්‍යයෙන් අඩි 55 කෝච්චි පෙට්ටියේ දොරවල් 06ක් තියෙනවා. එක පැත්තක තුන ගානේ.

    අපි හිටියේ අන්තිමම කෙරවලේ කියලා මම කලින්ම කිවානේ. අපි හිටිය කෙරවලේ විරුද්ධ පැත්තේ පාපුවරුවේ ගමන් කරමින් හිටියේ තුන් දෙනෙක්. දෙන්නෙක් ආදරවන්තයින්. අනෙකා ආදරවන්තයාගේ යාළුවෙක්. තේරෙන සිංහලෙන් කියන්නම්. කොල්ලො දෙන්නයි, කෙල්ලයි. දෙන්නෙක් කපල් එකක්. අනෙත් එකා කොල්ලගේ යාලුවෙක්.

    මේ තුන් දෙනා ඉතිං අපි කරන පිස්සු විකාර සෑහෙන වෙලාවක් බල බල හිටියේ. අපේ කට්ටියත් ඉතිං ගෑණු ළමයින්ට විහිලු කරන්න එහෙම දන්නේම නෑ නේ. කොල්ලෝ දෙන්නෙක් එක්ක හිටිය නිසා අර එහා දොරකොඩේ හිටිය ගෑණු ළමයා විතරක් බේරුනා. අපි හිටිය මැදිරියේ වගේම නැරඹුම් මැදිරියේ ගමන් කරන අයටත් ඉතිං වෙච්ච දේවල් හිතා ගන්න පුළුවන් නේ.

    අපේ චාමිකගේ පුරුද්දක් තියෙනවා කොහේ ගියත් උගේ මොබයිල් එකෙන් සින්දු දාගෙන අහන. ඒකත් ඌ කරන්නේ ආතල් එකට. කෝච්චිය පුරාම දුවලා, පිස්සු නටලා දැං අපිටත් මහන්සියි. ඔන්න ඉතිං චාමික දැම්මා ෆෝන් එකෙන් සින්දුවක්. දැම්මෙත් ට්‍රිප් එකටම හරියන සින්දුවක්. ශෆ්රාස්, සමිතා එක්ක කියන ට්‍රේන් සෝංග් කියන සින්දුව ඔයාලා දන්නවා ඇති. අපේ චාමික දැම්මේ ඔන්න ඔය සින්දුව. කෝච්චියේ ගමනත් එක්ක දැං සින්දුව නැගලා යනවා. අපේ කස්ටියත් ඉතිං කකුල් පන නැති උනත් කටවල් පන තියෙන නිසා දෙක වෙන්න කෑ ගහ ගහ ඕක කියනවා. ටික වෙලාවකින් සින්දුව ඉවර උනා.
    චාමිකගේ සින්දුව ඉවරවෙනවත් එක්කම අපිට තව සින්දුවක පටන් ගැන්මක් ඇහෙන්න ගත්තා. හැබැයි ඒ චාමිකගේ ෆෝන් එකෙන් නෙමෙයි.

    අපි ඔක්කොම වටපිට බැලුවේ එකට.
    අපේ එහා පැත්තේ දොරකොඩේ හිටිය තුන් දෙනාගෙන් එක කොල්ලෙකුගේ ෆෝන් එකකින් ඔන්න සින්දුවක් යන පටන් ගත්තා..
    "නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්"
    "දුක නැතුවමත් නෙවෙයි ඔබ යන්න යනවා නම්"

    චයිනීස් ෆෝන් වල සද්දේ කොච්චර සුන්දරද කියනා කියන්න ඕනෑ නෑ නේ. එහා පැත්තේ හිටිය එකාගේ තඩි චයිනීස් ෆෝන් එකෙන් කන කාරගෙන යන සද්දෙකින් ඔය සින්දුව ඇහෙනවා. (හොඳ වෙලාවට චාමිකගේ ෆෝන් එක K750 එකක්)

    අපේ චාමියට ඉතිං ඕක ඇති.
    ඉරාජ් කෝච්චියේ හිටිය නම් ඒ වෙලේ චයිනීස් සවුන්ඩ් කොලිටි එකට ෆෝන් එක හදපු එකාව ගන්නවා ඉරාජ්ගේ කෲ එකට. අරගෙන ඉරාජ් මියුසිකල් වල සවුන්ඩ්ස් කරන්න භාර දෙනවා කියලා මට ඉර හඳ වගේ සුවර්. ආයේ ලොවෙත් සුවර් මට නම් ඒක. එච්චරටම මිහිරියි ඒ සද්දේ.

    එහා පැත්තේ සින්දුව ඉවර වෙනකොටම චාමික පටං ගත්තා තව සින්දුවක් උගෙ ෆෝන් එකෙන්.
    "සුරඟන කිරිල්ලියේ"
    "සඳ නුඹ ගැනමයි කතා කරේ"

    දැං එහා පැත්තේ ඉන්න ජෝඩුවයි අර කොල්ලයි බලං ඉන්නවා චාමියගේ සින්දුව ඉවර වෙනකං. දැං උන් තුන් දෙනා අපේ එකා එක්ක සින්දු වලින් ගේම.

    චාමියගේ සින්දුව ඉවර උනා විතරයි අරූ පටන් ගත්තා ඉංග්‍රීසි කෑල්ලක් දාන්න.
    Queen සහ Five යන ගායන කන්ඩායම් දෙකම විසින් ගායනා කල "We Will We Will Rock You" කියන සින්දුව ආයේ අරූගේ Dolby Digital Sounds තියෙන චයිනීස් ෆෝන් එකෙන් ඇහෙන්න ගත්තා.

    මොකෝ අපේ චාමියා දෙවෙනි වෙන්නද?
    ඒක ඉවර උනා විතරයි චාමික දැම්මේ Baha men ලාගේ "Who Let Dogs Out" ගීතය.

    දැං ඉතින් ලොවෙත් ගේම. අරුන් එක සින්දුවක් දානවා. චාමික එක සින්දුවක් දානවා. ඌ දාන සින්දු වලට අපි හිනා වෙනවා. හින්ට් ගහනවා. චාමිකගේ සින්දු වලට උන් තුන් දෙනා හිනා වෙනවා. හින්ට් පාස් කරනවා.

    ඔහොම සෑහෙන්න වෙලාවක් සිංහල සින්දුද, දෙමළ සින්දුද, හින්දි, ඉංග්‍රීසි ඔය හැම ජාතියකම සින්දු හුවමාරු වෙන්න ගත්තා. කට්ටියට මතක ඇති ඔය කාලේ තමා (මේ සංචාරය කලේ 2011 අවුරුද්දේ මුල් කාලේ කියලා කලින් පෝස්ට් එකේ මම කීවා) සිංහාවලෝකනය ෆිල්ම් එකේ "මතකද හැන්දෑවේ" ගීතය සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුනේ.

    ඔන්න ඉතිං දැං චාමිකගේ සින්දුවක් ඉවර උනා. දැං අරුංගේ වාරේ. ඒ දවස් වල ඉහල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුන මතකද හැන්දෑවේ සිංදුව චයිනීස් සද්දෙන් ප්ලේ වෙන්න ගත්තා. ඌ ටිකක් උජාරුවෙන් තමා ඒ සින්දුව ප්ලේ කරේ. නිකං ඒක උගේ තුරුම්පුවක් වගේ. මොක්ද ඒ සින්දුව චාමිකගේ ෆෝන් එකේ නැති වග චාමික වගේම ඌත් අනුමානෙන් හෝ දැනගෙන ඉන්න ඇති.

    අවංකවම කීවොත් අපි කාටවත් එ සින්දුවට පාස් කරන්න හින්ට් එකක් වත් කියන්න දෙයක් වත් තිබුනේ නෑ. අපි හැමෝම ඒ සින්දුව අවංකවම රස වින්දා.

    එහා දොරකොඩේ හිටිය තුන් දෙනා උජාරු ලීලාවෙන් තමා අපි දිහා බැලුවේ. නිකං හරියට ගීතයෙන් ගීතය කරලා උං දින්නා වගේ.

    චාමික ඉන්නවා බිම බලාගෙන. සද්දයක් නැතුව.

    කොහොම හරි මතකද හැන්දෑවේ සින්දුව ඉවර උනා.
    දැං අරුං බලන් ඉන්නේ චාමිකගේ ඉලඟ සින්දුව එන තුරු. චාමික තත්පර කීපයක් නිශ්ෂබ්දයි..

    ඊ ලඟ මිනිත්තුවේදී කෝච්චිය දෙවනත් වෙන්න අපිව හිනා ගස්සන්න චාමියට පුළුවන් උනා.

    "කාලීණ කවි බණ අංක දහය. දේශකයානෝ පූජ්‍ය අලවතුරේ විජිතවංශ හිමි"

    චාමියගේ ෆෝන් එකේ තියෙන කවි බණක් මහ හයියෙන් චාමික ප්ලේ කරා..

    අපිට මැරෙන්න හිනා.

    එහා දොරකොඩේ හිටිය තුන් දෙනා අතේ තිබ්බ ෆෝන් සාක්කු වල ඔබා ගෙන කෝච්චියේ ඉස්සරහටම යනවා අපි බලාගෙන.

    ඇත්තටම ඒ සංචාරය මගේ ජීවිතේ අමතක නොවෙන ලස්සනම සංචාරයක්.

    Tunnel #22
    248110_10150261312076418_3198535_n.jpg


    උඩරට මැණිකේ
    249506_10150261314101418_1399541_n.jpg


    අපේ දිලුමා කතාවට හේතුභූත වූ ෆුට් බෝර්ඩ් එකේ.
    246733_10150261314216418_3084927_n.jpg


    ග්‍රේට් වෙස්ටර්න්
    251709_10150261314681418_5552955_n.jpg

     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura


    චාමික ඉන්නවා බිම බලාගෙන. සද්දයක් නැතුව.

    කොහොම හරි මතකද හැන්දෑවේ සින්දුව ඉවර උනා.
    දැං අරුං බලන් ඉන්නේ චාමිකගේ ඉලඟ සින්දුව එන තුරු. චාමික තත්පර කීපයක් නිශ්ෂබ්දයි..

    ඊ ලඟ මිනිත්තුවේදී කෝච්චිය දෙවනත් වෙන්න අපිව හිනා ගස්සන්න චාමියට පුළුවන් උනා.

    "කාලීණ කවි බණ අංක දහය. දේශකයානෝ පූජ්‍ය අලවතුරේ විජිතවංශ හිමි"

    චාමියගේ ෆෝන් එකේ තියෙන කවි බණක් මහ හයියෙන් චාමික ප්ලේ කරා..

    අපිට මැරෙන්න හිනා.

    එහා දොරකොඩේ හිටිය තුන් දෙනා අතේ තිබ්බ ෆෝන් සාක්කු වල ඔබා ගෙන කෝච්චියේ ඉස්සරහටම යනවා අපි බලාගෙන.

    ඇත්තටම ඒ සංචාරය මගේ ජීවිතේ අමතක නොවෙන ලස්සනම සංචාරයක්.


    :love::love::love:
    චමිකයාගේ වැඩ ගැනනම් ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ :lol::lol::lol::lol:
    මේක ගියේ මොන අවරුද්දේද බන්.
    මම ජොයින් උනේ 2011 රිවස්ටන් ට්‍රිප් එකෙන් නේ.ඊට කලින් ගියපු මාතලේ එකට එන්න බැරි උනානේ හදිසි වැඩක් නිසා :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕක දෙන්නෙක් දෙපැත්තෙන් කරකවන්නේ අතින් තල්ලු කරලා :)

    සිංහලෙන් කියන්නේ ටර්න් ටේබල් එක කියලා. නෑ. මෝටර් නෑ. අතින් තමා කරකවන්නේ දෙන්නෙක් එකතු වෙලා..


    :eek::eek::eek:

    එන්ජින් එකේ බරත් එක්ක කෝමද මචං අතින් කරකවන්නේ...
    පට්ට ගේමක් නේ...

    රවුම ලේසියෙන් කැරකෙන්න මොනා හරි ක්‍රමයක් යොදලද තියෙන්නේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ඊයේ පෝස්ට් එකේ කීවානේ අපි ඔහියේ ඉඳං ඉදල්ගස්හින්න වෙනකන් රේල් හයික් එකක් කලා කියලා. කොහොම හරි රාත්‍රී තැපැල් දුම්රියේ ගිය අපි ඔහියෙන් බහිනකොට පාන්දර 5 උනා විතරයි.






    පට්ට බං.....
    11.gif


    මේ බ්ලොග් ලියන චාමික ගැනද කියන්නේ:dull:...
    ඉස්සර බ්ලොග් කියෙව්වා බං.....:(