ලංකාවෙ හිටිය නං ඒ පව සිද්ද වෙන්නෑඑහෙනං ගෙදට්ටම ගිහිං කියනවනෙ වෙන පවක් සිද්ද වෙන්නෙ
![]()
එහම නම මමත් කෙලිනවනේ බන් චන්දෙ ..අඩු ගානේ එක හරි අඩු උනා


ලංකාවෙ හිටිය නං ඒ පව සිද්ද වෙන්නෑඑහෙනං ගෙදට්ටම ගිහිං කියනවනෙ වෙන පවක් සිද්ද වෙන්නෙ
![]()


හැමිනෙනවා තියලා......ඔහොම සිං එකක් මගේ අතින් මියෙක්ට වුණා.........
හැමදේම මීයෝන්ට වුනේ කියන්න එපා......
මේ මතක හැටියට මියෝන්ට වුන අන්තිම දේ.
කුස්සියේ ඉන්නකොට අර හොම්බ දිගට තියෙන අළුපාට හික්මීයෙක් ගමේ යනවා වගේ යනවා කියහන්කෝ..........මරන්න උවමනාවක් තිබුන් නෑ ඒත් අතට පොල්කටු හැන්දක් ද කොහෙද සෙට්වෙලා පොඩි සොට් එකක් දුන්නා කරුමෙටම සෙට්ටපෝච්චි.........
විනාඩියක් ගියේ නෑ චූටි අළුපාට පැටව් තුන් හතරදෙනෙක් අම්මව පෙරළන් කිරිබෝනවා කියහන්කෝ.......... අප්සෙට් වැඩිකමට පැටව් ටික අල්ලලා පෙට්ටියකට දාල මී අම්මට වතුර පොවලා පපුව මසාජ් කලා.
විනාඩි දෙක තුනකින් අම්මට පන ආව
නහයෙන් ලේ ටිකක් ගියා එච්චරයි. ඌවත් පෙට්ටියට දාල කෑමත් දාලා දවස් දෙක තුනක් ඉන්න දීල මී අම්මා හොදවුන ගමන් වත්තටම නිදහස්කලා.........
කාලයක් යනකන් හැන්දෑ වරුවේ උන් එක පේලියට අම්මගේ පස්සේ යනවා දකිනවා
![]()


එහම නම මමත් කෙලිනවනේ බන් චන්දෙ ..අඩු ගානේ එක හරි අඩු උනා![]()



අම්මෝ උඹ කරලා තියන ඒවගෙන් 1%ක් වත් මම කරලා නෑ,ඒ හින්දා සතුටු වෙනවා

කාලෙකට ඉස්සෙල්ල මියෙක්ගෙන් මල වදයක් වෙලා තිබුණා. ඒ සතා ගෙදර තිබුන පොත් පත්, ඇදුම් පැළදුම්, කෑම බීම, වෙන එකක් තියා සබන් කෑල්ලක්වත් තියාගන්න බැරිවෙන්න ලෑටිගාල විනාශ කලා. මී උගුල් ආදී කිසි දෙයකින් සතාව අල්ලගන්න බැරිව ඉන්නකොට කීල්ස් එකේ දැක්ක බේයර්ස් වලින් ගහන රැට් කිල් කියලා කිරිටොපි වගේ කැට වගයක්. කවරේ ලියලා තිබුණ කාලා මැරෙන්නේ එළිමහනේ ඒනිසා අහුමුලුවල මැරිලා ගදගහන ප්රශ්න නෑ කියලා. හිත හදාගත්තා, රැට් කිල් පෙට්ටියක් අරං මියා ගැවසෙන හැම අහුමුල්ලේම පාප සිතින් තිව්වා....... දවස ගෙවිලා පහුවදා පාන්දර කාමරේ ඉස්සරහා ඩෝප් මූඩ් එකේ ලොකු මීයෙක් ඉන්නවා....... පන තියෙනවා ඒත් දුවාගන්න තැනක් හිතාගන්න බැරිව. මගේ පවුකාරකමට මට හැමදේම හොදට හොයලා බලන්න ඕන උවමනාවක් තියෙනවා. මීයව නැට්ටෙන් අල්ලලා එලියට උස්සන් ගියාමයි දැක්කේ සිංහලු.......... සතාගේ ඇස් දෙක ලා කිරිපාට වෙලා දෙයක් පේන් නැති ගානට
..... (දැනගත්ත විදියට විෂ ඇහැට බලපාල ඇස් අර්ධ පාරදුශ්ය වෙලා පෙනීම හීන වෙනවා. ඒනිසයි සතා අදුරේ නොඉද ආලෝකය හොයන් එළිමහනේ මැරෙන්නේ........) සතාට වතුර පොවලා තණ බිස්සක තියල තිබුන...... හවස් වෙනකොට කටින් ලේ පෙරන් මැරිලා හිටියා
........ නොදැන කරත් මට හොද විශ්වාසයක් තියෙනවා ඉපදෙන ආත්මෙක අන්ධ වෙලා ඉපදෙයි කියලා.....
![]()
ජින්තුවා;22063649 said:බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.![]()
මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.
මමත් කරපු පව් වැඩ ගොඩක් තියෙනවා මී කේස් ගොඩක් තියෙනවා මේ 1ක්.
මියෝ කාලයක් වදයක් වෙලා තිබුන උපරිමයෙන්.රැට ලයට් ඔෆ්ෆ් කරපු ගමන් කොහෙන් හරි ගෙට රිංගල කන්න පුළුවන් හැම දෙයක්ම කාල දානවා කෑම විතරක් නෙමේ අල්මාරියේ ඇඳුම් ,පවා කාල දැම්ම .එත් ඉතින් මරන්න නම් හිතුනේ නැහැ පව් කියල නෙමේ පොඩි උන් දෙන්න ඉස්සරහ සත්තු මරණ එක හරි නැහැ කියල හිතුණු නිසා .බැරිම තැන මී උගුලක් ගෙනවා රු 400/=ක් දීල ඒකට අහු උනාමමැරෙන්නේ නැහැ කොහෙට හරි ගිහින් දාන්න පුළුවන් .ඔය උගුල තියල දවසක් උදේ බලනකොට එකෙක් අහු වෙලා ඌව කොහෙට හරි ගිහින් දාල වැඩට යන්න පරක්කු වෙන නිසා එහෙම්ම ඉද්දි වැඩට ගියා ඇවිත් අරන් දාන්නම් කියල හිතාගෙන කොහොමත් මම මම එනකොට හවස 7 වගේ උනා එදා එනකොටම පුතා කිව්ව මීයට නින්ද ගිහින් ඉන්නේ කෑම දුන්න ඒවා කෑවෙත් නැහැ කියල මම බලනකොට සතා එකේම මැරිලා කොල්ලට කිව්වෙත් නැහැ මැරිලා කියල නිදාගෙන ඉන්නේ ඔහොම්ම ගිහින් දාමු කියල ළඟ වෙලට ගිහින් දැම්ම



ජින්තුවා;22063649 said:බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල.![]()
මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.


අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්.පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම.
අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්
ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.
![]()


Mama paw kiyala loku dewal karala ne ohoma. Issara maduruwek wath maruwe ne. Namuth dan masa 4 ka idan Mosquito bat ekak aran avith nelanawa hathara wateta.
ඒ රැකට් එකට ඇබ්බැහිවෙලා බං ඉන්නේ. මෙහේ මදුරුවෝ කෑවහම දෙහිගෙඩියක් සයිස් රතුපාට පළුවක් එනවා. අතින් මරනවට වඩා ෂුවර් නිසා කොහේ මදුරුවෙක් දැක්කත් රැකට් එක හොයන්නේ. එකත් එක ෂොට් එකෙන් සමහරු පියාබල යන නිසා රොස් වෙනකන්ම ෂෝට් කරනවා. ලබන ආත්මේ වවුලෙක් වෙලා හරි කරන්ට් වැදිලා මැරෙනවා ෂුවර්

හෙලුකුට්ටේන්ම උබ බයටම තමයි ඔලුවේ ඉදන් හලන්න ඇත්තේ![]()
කෝට්ටෙන් දොර ඇරියා.... අරුත් බිත්තියේ හේත්තු කරපු කොහුපොල්ල වගේ වා කවුළුවකින් පැනලා යන්න ට්රයි එක......... බෝතලේ අතේ තියන් මූඩිය ඇරලා දුර ඉදලම විසික්කරා...... අරුගේ ඔලුවේ ඉදල තෙල්........ ඌ එදා වගේ ජෙට් එන්ජින් දාන් පස්සෙන් පන්නයි කියලා හිතලා පන කඩන් දිව්වා.........
ඒත් වුනේ වෙන දෙයක්
හිච්චි එකා කාලේ බං. සර්පයන්ට ගූ බයයි. බුමිතෙල් මතක්වුනේ එකපාරක් අල්ලපු ගෙදර අංකල් ගැරඩික්ට බූමිතෙල් දාල ඌ ජෙට් එක වගේ ගියපු එක මතක්වෙලා.කෝට්ටෙන් දොර ඇරියා.... අරුත් බිත්තියේ හේත්තු කරපු කොහුපොල්ල වගේ වා කවුළුවකින් පැනලා යන්න ට්රයි එක......... බෝතලේ අතේ තියන් මූඩිය ඇරලා දුර ඉදලම විසික්කරා...... අරුගේ ඔලුවේ ඉදල තෙල්........ ඌ එදා වගේ ජෙට් එන්ජින් දාන් පස්සෙන් පන්නයි කියලා හිතලා පන කඩන් දිව්වා.........
ඒත් වුනේ වෙන දෙයක්
![]()


මී කතා 3
මීය කියන්නේ පොඩි කාලේ ඉඳලම මට පේන්න බැරි සතෙක් .පොඩි කාලේ වැඩි තේරුමකුත් නැහැ පව් පිං ගැන .ඒ දවස් වල මියෝ මරන්න උන බටයක් පළල දෙකට නමල දුන්නක් හදා ගත්ත .උන පටි වලින්ම අග උල් කරල ඊතලයක් වගේ හදා ගත්තා .වහලේ පරාලෙක ගියත් ,ගුලක හිටියත් ඒ දවස් වල මගෙන් බෙරිලි බොරු .ඉලක්කය අරන් විද්දට පස්සේ අනෙක් පැත්තෙන් උල එලියට ඇවිත් ඒකටම ඇමිණෙනවා

හිතේ අමාරුවටත් එක්ක ඉදලේ ඉරටු කඩලා ඉස්සරහ උල්කරලා පිටිපස්සේ v කට් එකක් දාල ඔරෙක්ස් පෑන් බටයකට රබර් බෑන්ඩ් එකක් දාල අයිටම් එකක් හැදුව. අහක බලන් විදින්න පුළුවන්.
මගේ ටාගට් වැටිලා තිබුනේ කටුස්සොයි හූනොයි. මට ඕකුන් පෙන්නන්න බැරි, පොඩිකාලේ කටුස්සෙක් රෙද්ද අස්සේ ගිහිං වල්ල හුරල ජල්බරියක් වුණා.
හූනො සීතලට ඇගේ වැටෙනවා නැත්නම් කක්ක, චූ දාන නිසා.
ඉතිං පුතී ඔය වර්ග දෙක දුටු තැන විද්දා....... ඇගවල් පලන් ඉරටු යන්නේ.....
කටුස්සෙක්ට අවමේ ඊ තල 4යි .......
ඔලු පලන් යන්නේ.......
ඒකාලේ පවු පින් කියල දෙන්න පස්සෙන් ඉදන් මොනවද කරන්නේ බලන්න එකෙක් හිටියේ නෑ නේ........ ඔය හේතුව මත මගේ උනුත් ඕක කියයි කියලා මගේ ළමයින්ට සත්තු මැරීම තහනම් කලාමං හිතුවේ මං විතරයි ඔහොම කියලා. හෙන හිතේ අමාරුවේ හිටියේ. දැන් උබ ඉන්න නිසා ෆිට්.
රොබින්හුඩ් බලල දුන්නක් හදන් වටේටම විද විද හිටියට ඇකියුරසි පට්ට අවුල්.හිතේ අමාරුවටත් එක්ක ඉදලේ ඉරටු කඩලා ඉස්සරහ උල්කරලා පිටිපස්සේ v කට් එකක් දාල ඔරෙක්ස් පෑන් බටයකට රබර් බෑන්ඩ් එකක් දාල අයිටම් එකක් හැදුව. අහක බලන් විදින්න පුළුවන්.
මගේ ටාගට් වැටිලා තිබුනේ කටුස්සොයි හූනොයි. මට ඕකුන් පෙන්නන්න බැරි, පොඩිකාලේ කටුස්සෙක් රෙද්ද අස්සේ ගිහිං වල්ල හුරල ජල්බරියක් වුණා.
හූනො සීතලට ඇගේ වැටෙනවා නැත්නම් කක්ක, චූ දාන නිසා.
ඉතිං පුතී ඔය වර්ග දෙක දුටු තැන විද්දා....... ඇගවල් පලන් ඉරටු යන්නේ.....
කටුස්සෙක්ට අවමේ ඊ තල 4යි .......
ඔලු පලන් යන්නේ.......
ඒකාලේ පවු පින් කියල දෙන්න පස්සෙන් ඉදන් මොනවද කරන්නේ බලන්න එකෙක් හිටියේ නෑ නේ........ ඔය හේතුව මත මගේ උනුත් ඕක කියයි කියලා මගේ ළමයින්ට සත්තු මැරීම තහනම් කලා