මං කලින් දවසක කිව්වා මං පස්සේ ආත්මයක් ආපු කතාවක් කියනවා කියලා. ඒත් වැඩ අස්සේ ඒක කරන්න බැරි උනා. හැබැයි මං මුලින්ම කියනවා මේක බය හිතෙන කතාවක් නම් නෙමේ. ඔන්න එහෙනම් පටන් ගත්තා.
මේ සිද්ධිය මට දැනෙන්න ගත්තේ මං 10 වසරේ විතර ඉද්දි. ඒ කාලේ මං ගෙයින් එලියට බහින ඕනම වෙලාවක අල තම්බද්දි එන ගඳ වගේ ගඳක් එන්න ගත්තා. හැබැයි මේක කවම දාවත් ගේ ඇතුලට ආවේ නෑ. මං කොහෙ හරි යන්න හැදුවත් ගෙඩර ඉදන් අඩි 10ක් විතර ගුරු පාරක් තියනවා ඒක ඉවර වෙනකන් ඔය ගද එනවා. මහ පාරට ගියහම ඒ ගඳ එන්නේ නෑ. මං කොහේ හරි ගිහින් එද්දිත් හරියටම ගුරු පාරට ඇතුලු උන තැන ඉදන් ඒ ගඳ එනවා ගේ ඇතුලට යනකන්ම. පවුලේ අය එක්ක කොහේ හරි ගිහින් ආවත් අපි වාහනෙන් බැහැපු ගමන් ඔය ගඳ එනවා. ඒක අනිත් අයටත් දැනෙනවා. හැබැයි මේ අල තම්බන ගඳ අනිත් අයත් දැනෙන්න මං එතන ඉන්න එක අනිවාර්ය උනා.(දැන් පුළුවන්නම් කියපල්ලා මගේ ගඳ කියලා. යකෝ මං හ්හැමදාම නාන මිනිහා.) කවුද ඉතින් ඔහොම එකක් ගනන් ගන්නේ. අපි හිතන්නේ ලඟ ගේක අල තම්බනවා කියලනේ.
ඔහොම කාලයක් ගත වුනා. ඒ අතරේ මං එක පාරක් Bike එකනුත් වැටුනා. ඒක උනෙත හරි අමුතු විදියකට. යාළුවෙක් හම්බෙන්න හංදියට ගියේ. මං යද්දි ඌ හංදියට ඇවිත් හිටියා. මිනිහ දැකලා Slow කරල උගේ යද්දි එක පාරම Bike එක Accelerate උනා. ඒක උනේ මං දන්නේ නැතුවම. ඊට පස්සේ Bike එක නිකන්ම හැරුනා යාළුවා පැත්තට. දැන් Bike එක කෙලින්ම යන්නේ යාළුවා පැත්තට. කරගන්නම දෙයක් නැති තැන මං වැටෙන්නම ඇල කලා Bike එක. යාළුවා බේරුනා මං වැටිලා. ලොකූ තුවාල නොවුනත්. පොඩි තුවාල ගොඩාක් උනා. හොද වෙලාවට එදා පරණ අවුරුද්ද දවසක්. වැඩිය කට්ටිය නෑ පාරේ. නැත්නම් ලැජ්ජාවේ බෑනේ. කොහොම හරි ගෙදර ඇවිත් ඔහේ හිටියා.
මට හොද වෙලත් ටික දවසක් ගියාට පස්සේ එක දවසක් සාස්තර කියන තැනකට අම්මගේ යාළුවෙක්ගේ තනියට අපේ අම්මත් ගියා. එයාගේ තනියට මමත් ගියා. අම්ම ඕවා වැඩිය විශ්වාස කරන්නේ නෑ. දැන අපි දේවාලේ ඇතුලට ගියා විතරයි ඇතුලේ හිටිය පොර ඔය ගැත්තා පස්සේ මල ගියා ආත්මයක එනවා. අපි හිතුවේ අම්මගේ යාළුවට කිව්වයි කියලා. බලද්දි කියලා තියෙන්නේ මට.
මෙයා සාස්තර කියන්නේ ආත්මයක් ආරූඞ කරගෙන. ඒ ආත්මය ජීවිතේට මස් මාලු නොකාපු මැරිච්ච පූසාරි කෙනෙක්ලු. දැන් අර අම්මගෙ යාළුවා කැලේ මේකා අපේ ගෙදර යන හැටියි, ගෙදරයි විස්තර ඔක්කොම කියනවා. ඊට පස්සේ කිව්වා ලඟදි හිතාගන්න බැරි විදියට රිය අනතුරක් උනා නේද කියලා. කාලා වරෙන්කෝ. අපිත් ඉතින් ඔව් කිව්වා. ඊට පස්සේ තමා ඒ මගේ පස්සෙන් එන ආත්මය ගැන කියන්න ගත්තේ.
ඒ ආත්මේ අවුරුදු සියගානක් පරණ ආතමයක්ලු. අපි ඉන්න ඉඩම ඇතුලු මුලු ඉඩම් යායම එයාගෙලු.(ඒ කාලේ තියෙන්නේ කෙලවර පෙන්නේ නැති තරම් ලොකු ඉඩම් නේ.) මෙයා ඒ ඉඩම් ගැන තන්හාවෙන් මැරිලා යක්ෂ ආත්මෙක ඉපදිලාලු. ඉක්මනට මොනවා හරි කලේ නැත්නම් මගේ ජීවිතේට උනත් අනතුරක් වෙන්න පුලුවන් කිව්ව. මගේ ලේ හොල්ලන්න බලාගෙනමයි ඉන්නේ කිව්වා. අපේ ගේ ඇතුලට නොඑන්නත් මං මෙච්චර කාලයක් හරි බේරෙන්නත් හේතුව මං හැමදාම බුදු පහන තියන එකයි කිව්වා.
කොහොමින් හරි එයා කිව්වා එයාව එලවන්න බෑ. කරන්න පුලුවන් දේ තමා ශ්‍රී මහා බෝධිය ලඟට පින් ගන්න යවන එක කියලා. ඒ කට කරන දේවල් ගෙදර කරන්න බෑ කියලා අපේ වත්තේ අට කොනෙන් පස් අරන් එන්න දිනයක් කිව්වා. එදාට අපේ කාටවත් ගෙදර ඉන්න එපා කිව්වා. ඔන්න ඉතින් කිව්ව දවසේ පසුත් අරන් ගියා. පස් දේවාලේ ඉඩමේ අට කොනේ තියලා වැඩේ කරන් ගියා. කඩවර පූජාව එහෙම තියලා අර යක්ෂණියට පූජාවට තට්ටුවේ බඩු තිබ්බා. හැබැයි ඒ හැම දෙයක්ම මට කියල ඉඳුල් කරලා තමා තිබ්බේ. දැන් රෑ 12ට විතර ඇති. වෙනසක් දැනුනොත් කියන්න කියලා යක්ෂණී ගෙන්නන්න පටන් ගත්තා. මගේ ඉස්සරහ තමා දැන් තට්ටුව තියෙන්නේ. මෙන්න බං ටික වෙලාවක් යද්දි මට දැනෙනවා උරහිස උඩ මොකෙක් හරි ඉන්නවා වගේ එන්න එන්නම බර වැඩි වෙනවා. තව ටික වෙලාවක් යද්දි මට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි තරම් බර වැඩි උනා ගත්තා. මගේ අම්මා මාව හයියෙන් අල්ලන්. පැය භාගෙකින් විතර පස්සේ එක පාරම දේවාලේ පොර හරි දැන් බැහැලා කිව්ව තැනට පලයන් කිව්ව විතරයි එක පාරම උර හිසට දැනුන බර නැති උනා. පස්සේ අම්මල කිව්වා ඒ වෙලාවේ අම්මලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න අඟවල් හිර උනා වගේ උනා කියලා.
කොහොම හරි වැඩේ ඉවර වෙද්දි පාන්දර තුනයි. එච්චර කල් ඕවා විශ්වාස කරපු නැති මම එදා ඉදන් නම් ඒවා විශ්වාස කලා. මං මුලින් කිව්ව වගේ මේකට බය හිතෙන්නේ නම් නෑ. ඒත් මං සිරාවටම අත් දැකපු දෙයක් මේක. අහ් තව එකක්. අර දේවාලේ පොර කිව්වා කඩවර දෙවියන්ට(වෙලාවකට යක්ශයෙක්) ඕනම යක්ශයෙක් යටයි කියලා. ඒකලු මේ වගේ වැඩ වලදි මුලින්ම උඩින්ම කඩවර දෙවියන්ට තට්ටුවක් තියන්නේ.