එළකිරි භූත කොටුව.........

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මේක කියවන ගමන් මාත් දහ අතේ කල්පනා කලා මටත් වෙච්ච දෙයක් උඹලත් එක්ක බෙදා ගන්න. පොඩි පොඩි සීන් වෙච්ච බව දන්නව උනත් මතක් උනේ නැහැ. හැබැයි මේ දැන් සීන් දෙක තුනක්ම මතක් උනා.

බොහොම පොඩි එකකින් පටන් ගන්නන්. හැබැයි දරුනු සීන් එකක් නෙමෙයි. මම 8 වසරෙ විතර ඉගෙන ගන්න කාලෙ අපේ ගෙදරට ආව වයසක ඉන්ග්ලිශ් මාස්ටර් කෙනෙක්. මට ඉන්ග්‍රීසි උගන්නන්න. හරි හොඳ මිනිහ. නිකන් නත්තල් සීය වගේ පෙනුම (එච්චර මහත නැහැ ). ඔහොම යන අතරෙ එක දවසක් මෙසේජ් එකක් ආව මිනිහ හාට් ඇටෑක් එකක් ඇවිත් මැරිල කියල. මාත් ගියා මල ගෙදර.
එදා රෑ තමා මේ සීන් එක උනේ. මන් නිදා ගන්නෙ තනියම. මදුරු දැලකුත් දාල තියෙන්ව එක පාරටම මට ඇහරුනා කවුරු හරි කකුලෙන් අදිනව වගේ දැනිල. ඇහැරෙනකොටත් මාව අදිනව. කට්ට කරුවලේ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ. :no: හීනෙන් වගේ මන් කෑ ගැහුව "අම්මේ...." කියල සද්දෙ පිට වෙන්නෙත් නැහැ කටින්, කලබලේට. කොහොම හරි දෙවෙනි තුන්වෙනි පාර කෑ ගහනකොට සද්දෙ පිට උනා, (මේ ඔක්කොම වෙන්න තත්පර 20ක් යන්න ඇති ) අම්ම ආව දුවගෙන ලඟට. මන් කිව්ව කවුද මගෙ කකුලෙන් ඇද්ද කියල. ඔය වෙනකොට අක්කත් ඇවිල්ල ලඟට. මන් එදා ඉතුරු ටික නිදා ගත්තෙ අම්ම ලඟ. හැබැයි ගෙදර අයට නන් මේක විහිලුවක් උනා මැරිච්ච සර් අවිත් මගෙ කකුල අතගාල කියල. :angry:

මැරුණට පස්සේ ඇවිත් උඹේ කකුලෙන් අදින්න තරම් මොකද්ද බන් ඔය නාකි මනුසයට උඹේ ගැන තිබ්බ අලවන්ත කම ?


(අනේ අහිංසක මනුස්සය හෝමෙක් එහෙම නෙමෙයි කීයටවත්)
ඇත්ත කියපන් අපි අහන්න කලින්ම උඹ මොකෝ මේගැන කිව්වේ ?


 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල ඕක අහන බව දන්න හින්ද තමයි මං කලින්ම කිව්වෙ. මං නොදන්නව‍යැ අපේ උන්ගෙ තරම.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Batticaloa Dreamzzzzzzzz

    423626_10150640498666418_603146417_11239174_1789154808_n.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මේක කියවන ගමන් මාත් දහ අතේ කල්පනා කලා මටත් වෙච්ච දෙයක් උඹලත් එක්ක බෙදා ගන්න. පොඩි පොඩි සීන් වෙච්ච බව දන්නව උනත් මතක් උනේ නැහැ. හැබැයි මේ දැන් සීන් දෙක තුනක්ම මතක් උනා.

    බොහොම පොඩි එකකින් පටන් ගන්නන්. හැබැයි දරුනු සීන් එකක් නෙමෙයි. මම 8 වසරෙ විතර ඉගෙන ගන්න කාලෙ අපේ ගෙදරට ආව වයසක ඉන්ග්ලිශ් මාස්ටර් කෙනෙක්. මට ඉන්ග්‍රීසි උගන්නන්න. හරි හොඳ මිනිහ. නිකන් නත්තල් සීය වගේ පෙනුම (එච්චර මහත නැහැ ). ඔහොම යන අතරෙ එක දවසක් මෙසේජ් එකක් ආව මිනිහ හාට් ඇටෑක් එකක් ඇවිත් මැරිල කියල. මාත් ගියා මල ගෙදර.
    එදා රෑ තමා මේ සීන් එක උනේ. මන් නිදා ගන්නෙ තනියම. මදුරු දැලකුත් දාල තියෙන්ව එක පාරටම මට ඇහරුනා කවුරු හරි කකුලෙන් අදිනව වගේ දැනිල. ඇහැරෙනකොටත් මාව අදිනව. කට්ට කරුවලේ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ. :no: හීනෙන් වගේ මන් කෑ ගැහුව "අම්මේ...." කියල සද්දෙ පිට වෙන්නෙත් නැහැ කටින්, කලබලේට. කොහොම හරි දෙවෙනි තුන්වෙනි පාර කෑ ගහනකොට සද්දෙ පිට උනා, (මේ ඔක්කොම වෙන්න තත්පර 20ක් යන්න ඇති ) අම්ම ආව දුවගෙන ලඟට. මන් කිව්ව කවුද මගෙ කකුලෙන් ඇද්ද කියල. ඔය වෙනකොට අක්කත් ඇවිල්ල ලඟට. මන් එදා ඉතුරු ටික නිදා ගත්තෙ අම්ම ලඟ. හැබැයි ගෙදර අයට නන් මේක විහිලුවක් උනා මැරිච්ච සර් අවිත් මගෙ කකුල අතගාල කියල. :angry: (අනේ අහිංසක මනුස්සය හෝමෙක් එහෙම නෙමෙයි කීයටවත්)
    හැබැයි මට සුවර් ඒක හීනයක් නෙමෙයි කියල.

    ඔන්න ඕකයි කතාව. :yes:

    Gay Ghost.. :P:P
     

    supun1515

    Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    අද දිනය ඈතුලත භුත කරදරයක් නොවේවා

    ඈත්තමයි ඒ දොස්තරගේ පොත් ටික නම් කියලා වෑඩක් නෑහෑ මම ඒ පොත් ඔක්කොම කියවලා තියෙනවා මම යම් යම් දේවල් විස්වස කරන්නෙ ඒ මනුස්සයා නිසා මම භාවනාවටත් හුරු උනා සමහර තෑන් තේරෑම් ගන්න අමාරු උනාට සෑහෙන්න වටිනවා:rolleyes::rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට මේ දවස්වල භූත කොටුව පැත්තේ කරක්ගහන්න පිලිතුරු දාන්න වෙන්නෑ:dull:..... ඒත් පුලුපුලුවන් වෙලාවට දාතියෙන ඔක්කෝම සිද්දි කියවනව...... එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම ගොඩක් ස්තූතියි භූත කොටුව ඇදන් යනවට:love::love:;).....

    කිහිපදෙනෙක් කියල තිබුන මරණාසන්න අත්දැකීම් කිහිපයක් ගැන....... බෙදාගන්න අකමැතිව හිටියත් මමත් කෙටි මරණාසන්න අත්දැකීමක් දාන්නම්......... :baffled:

    අත්දැකීම දාන්න ඉස්සෙල්ලා අම්මට පිං:love::love:

    කතාව කෙටිම කෙටි කරන්නම්, මගේ අම්මගේ හදිසියේ ඇතිවුන වචන උච්චාරණයේ අපහසුතාවයකට කොතරම් ඉංගිරිසි බෙහෙත් කලත් ප්‍රිතිපල ඉතා සෙමින් වූ නිසා වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් අපි ඔක්කෝම අමාරුවේ වැටුන:angry::angry::angry::angry:..... වෙද බුවාගෙ ගුලි වගයක් විශවෙලා අම්මට මාංශපේශී දියවන ලෙඩක් හැදුන:(:no::no:...... medicine is poison ~ poison is medicine....... කියල අහල ඇතිනේ....... ඉතින් වෙදමහත්තයට බැනල වැඩකුත් නෑ:dull:

    *මොනව වුනත් ඊට් පස්සේ අම්මට බෙහෙත් කරද්දී, අම්මට දීර්ගායුශ පතල, බොන බෙහෙතේ ගුණය වැඩිවෙන්න කියල, මම අම්මට පොඩි සෙත්ශාන්තියක් කරල පොඩි පිරිත් නූලක් එහෙම දාල නොපෙනෙන පැත්තෙන් වෙන්න ඕන දේ, ලෙඩේ බරපතලකම දැනගත්ත ගමන්ම කළා.....

    ඒත්........ලස්සනට හිටිය අම්ම, බලන් ඉන්දෙද්දී ඇටසැකිල්ලක් ගානට දියවෙලා යන්න පටන්ගත්ත.....:(. (අම්මගේ අන්තිමකාලෙ වෙනකොට ඇඟේ තිබුනේ හමයි නහරයි ඇටයි පමනයි......) මරණය පැහැදිලියි...... ඒත් මේ නියත මරණය මම අම්මට විතරක් නෙමෙයි මුලු පවුලටම හැංගුව:dull:...... මොකද මම කැමති වුන් නෑ මොකෙක්වත් "මගේ අම්ම හෙට අනිද්ද මැරෙනව" කියන පනිවිඩේ වැරදිලවත් අම්මට දෙනවට.......:no: *(ඔය හේතුව නිසාම මම මොනම හේතුවකටවත් පිටස්තර කෙනෙක් ගෙට ගන්න ඉඩ දුන් නෑ:dull:...... මොකෝ කට්ටිය ගෙට ඇවිත් අම්ම දැක්ක ගමන්, අයියෝ... බුදු ටීචර් මොකෝ මේ වුනේ???...... මගේ අම්මෝ.... අයියෝ..... ඇයි මේ??....... කිය කිය, අමාරුවෙන් පන ගැටගහන් ඉන්න මනුස්සයට පනපිටින් ඉන්දැද්දිම වෙස්සන්තර ජාතකේ කියවන්න ලෑස්තියෙනව:angry::angry::angry::angry::angry:.............)


    ආ.....අනික් දේ......... මට කියන්න ඕන... මේ අද්භූත සිද්දිය වෙනකොට අම්ම අතිශය දුර්වල තත්වේ නෙමෙයි හිටියේ.... අසනීපෙන් හිටියත් අපෙන් පොඩි උදව්වක් ඇතුව එයා එයාගේ වැඩ තිනියම කරන් යන කාලේ.....:dull:.

    මම ඔය කියන දවස්වල ගෙදර එන්නේ රෑ 11-12ට, ගෙදර ඇවිත් ඔෆිස් එකේ බත්මුල බල්ලො දෙන්නට කන්න දාල:D (මම වෙජි වුනාට බල්ලො එහෙම නෑ:yes:....ඉතින් චිකන් බත් මුල ගේනකන් (රෑට බත් කාලත්) මුන් දෙන්න (ආ.... පූසො දෙන්න අමතක වුනා) මුන් හතර දෙනා ම එනකන් ගේට්ටුව මුරකරනව) නාල කියල, බත් ටිකක් බෙදන් කකා..... අයි.ටී.එන් නිවුස් රිපීට් ටෙලිකාස්ට් එකයි බී.බී.සී.යි බලල 2ට 3 විතර නිදාගන්නව.... අම්මත් කොච්චර අමාරුවුනත් මමත් එක්ක ටීවී බලල දවසේ වැඩකටයුතු, ඕප දූප අහල ඉවරවෙලා තමයි නින්දට යන්නේ:yes::yes:.......


    දවසක් මහ අමුතු සිදුවීමක් වුනා...... :shocked::shocked::growl:

    අම්ම මාත් එක්ක රතු ඉර (මතක හැටියට) ආසාවෙන් බල බල ඉඳල (අම්ම ආසයි ගොබ්බයො ටික මරාගන්නව බලන්න:D) හදිස්සියේම පුතේ මට නිදිමතයි කියල.... අම්ම මට කියල ඇඳට එක්කරන් ගියා...... මාත් ඉතින් හැම දෙයක්ම සූදානම් කරල අම්ම නිදාගත්තට පස්සේ ටී වී බල බල හිටියේ...... ඉතින් ඔහොම ටී වී බල බල ඉන්නකොට එකපාරටම.......:shocked::shocked::growl::growl:


    පල පල...... උඹළ මැරිළ....... පල පල!!!!! පලයං යන්න!! කියල කෑගහල:angry::angry: එකපාරටම "සුදුමහත්තයා..........." කියල කෑගහුව........ :shocked::shocked:

    දැන් තොපි බලයි කව්ද යකෝ සුදුමහත්තය කියල:confused: (රොබොට් යකෝ රොබොට්...... අම්ම විතරක් ආදරේට:love::love: අතිශය පෞද්ලිකව ගෙදරට විතරක් කියන නම:love::love: )

    මමත් උඩ ගියා.....:oo::oo:
    දිව්ව අම්මගෙ කාමරේට..... අම්මත් කොන්ඩේ කඩන් ඇස් ලොකු කරන් බලන් ඉන්නව්.......:shocked: අම්ම මට කිව්ව අම්මට පිටිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් ඔලුවෙ ගාන්න කියල......:dull:

    හ්ම්ම්....... අම්ම ශේප් (ඉස්සෙල්ලත් ශේප් තමයි පිරිත් තෙල් ගෑවට පස්සේ තවත් ශේප්:dull: අම්ම මොන යකාටත් බය නෑ.... (බය වුන කතාවක් තියෙනව පස්සේ කියන්නම්:D) ඉතින් වැඩි තැතිගැනීමක් හෝ සිහිමඳගතියක් තිබුන් නෑ;))

    මාත් ඉතින් ඇඳේ ඉඳන් ඇහුව මොකෝ වුනේ කියල...... අම්ම කිව්ව අම්ම අඩ නින්දේ ඉන්නකොට අම්මගේ නෑ සනුහරේම ඇඳ වටේ ආව කියල:shocked::growl:, පස්සෙ අම්ම ඇහැරිල ඒත් කට්ටිය ඇඳ වටකරන් ඉඳල:shocked:......

    අම්මගෙ අම්ම:growl:, තාත්ත:growl:, අම්මගෙ මැරිච්ච නැන්දල:growl::growl: මාමල:growl::growl:, වැඩට හිටිය:shocked: උන්, වෙන එකක් තියා ඒ දවස් වල මළ අම්මගෙ මල්ලි කෙනෙකුත්:growl: ඇඳ වටේ ඉඳගෙන එන්න එන්න අපි ලඟට එන්න කියල පින්සෙන්ඩුවෙනවලු......:angry::angry::baffled:

    ආච්චි:growl:, ලොකුදුවේ දැන් හිටිය ඇති මෙහෙ වරෙන් කිව්වලු:shocked:, අම්මගෙ මල්ලි (හින්නි මල්ලී) ලොකු අක්කේ අපි පාලුවෙන් හිටියේ මෙහේ වරෙන් කිව්වලු:growl:........ මේ සිද්දිය අම්ම පියවි සිහියෙන් ඉන්දැද්දී වෙලා තියෙන්නේ......:baffled: අම්මටත් මේ මොකෝ මේ කියල හිතාගන්න බැරිවෙලා.... අම්මටත් නිකන් මැරිච්ච ගෑනියෙක් ගානට හිතිල:oo:..... ඒත් ටිකෙන් ටික කල්පණාවෙලා..... මම මුන් ඔක්කෝම ඇඳිනුවට මුන් ඔක්කෝම මැරිලනේ කියල:rolleyes:...... ඒක තමයි ක්ලික් වුන ගමන්, පල යන්න පල යන්න උඹල මැරිල කියල කෑගහල තියෙන්නේ........:baffled:

    මම එවෙලේ එතනට ආපු හැටියේ කට්ටිය අන්ත්‍රස්දාන වෙලා...:growl::growl:

    හ්ම්ම්ම්........

    මේ සිද්දිය අම්මට වගේම මටත් හෙන පසුතැවීමක්, හා කනස්සල්ලට හේතුවක් වුනා..... මගේ අධ්‍යයනයන්ට අනුව මළගිය උන් බුරුතු පිටින් වටකරගෙන එන්න කියල කතාකරන්නේ අදාල කෙනාගේ ආයුශ ඉවරයි, වැඩිම මාසයක් අතරතුර සෙට්ට පෝච්චි ශුවර් කියන එකයි......:baffled::baffled:

    ඔහොම ඉන්න අතර තුර තව දවසක් අම්ම ටොයිලට් එකේ ඉන්නකොට පොඩ්ඩක් නින්ද යන්න වගේ ඇවිත් එකපාරටම ආච්චි අතින් ඇදල මෙහෙවරෙන් කියල සැරකරල:shocked::growl::growl::growl:........ එදා තාත්තයි අම්මව බේරන් තියෙන්නේ.......:yes:

    ඒ දින කීපයට දෙතුන්වතාවක් එක එකා අම්මට එන්න කියල පනිවිඩ ගේන බව අම්ම මට කිව්ව.....:no::dull: පස්සේ අම්ම ඇහුව, පුතේ මට යන්න කාලෙ හරි නේ කියල???:( මට මළ හොඳ එක..... මම අම්මටත් කෑගහල:angry::angry:.....බය නැතිව ඉන්න කියල ශේප් කරා.... කෝකටත් හැමවිටම අම්මව තනි නොකරන්න වගබලාගත්ත........:yes:

    ඒත් මගේ හිත කියනව, අම්ම ඉන්නේ සතියයි කියල..... ඕන මගුලක් කියල තව තත්පරයක් හරි වැඩියෙන් ජීවිත් කරගන්න මම ගියා අත්භූත සරණ සොයාගෙන.... ගිහින් විස්තරේ කිව්ව........ පොඩි වියමක් දරල, අම්මවත් ගෙනියල පොඩි ආරක්ශාවක් දැම්ම......:yes:


    ඒකෙන් වෙනෙ දේත් කියන්නම්කෝ;)....... මේ ලඟදි එකෙක් දාල තිබුන "වෙනසේ" අංගම් හටනේ විසුධ්දි අංගම් වල එකෙක්-සීයකට ගහන සාස්තරය..... (පුදුමයි ඌ ඒක ප්‍රසිද්දියේ කියපු එක:rolleyes:.....:rolleyes:

    ටිකක් ඒ වගේ එකක්.... අපි කරගත් ආරක්ශාවෙන් අම්මගේ චිත්ත ශක්තිය ශරීර ශක්තියට වඩා ඉහලට ගෙන්නගන්නව:rolleyes::yes:..... ඊට අමතරව අම්මට ආදරේ අම්මට ලැදි සම්‍ය දෘශ්ටික, අමනුශ්‍යයන් ගතින් දුබල අම්මව ඔසවන්න ශක්තිය ලබාදෙනව:dull:....... ඒවගේම කිසිදු මිසදිටු අමනුශ්‍යයෙක්ට අම්ම සමග ගනුදෙනුකරන්න ඉඩක් ලැබෙන් නැතිවෙනව :baffled:(නොතේරෙන උන්ට - පවර් ස්ටියරින් වාහනේක ස්ටියරින් වීල් එකේ සැහැල්ලුව හිතට ගනිල්ලකෝ:D.... ඒ වගේ තමයි...... හරියට පරණ මොරිස් මයිනරේකර පවර් ස්ටියරින් දැම්ම වගේ:D;))
    ඇත්තටම මේක බලන්ඉන්න කෙනෙක්ට තේරෙන් නෑ..... මම මේ පිළිඹඳව හැදෑරපු නිසා මමත් දන්නේ........

    වැඩේ සාර්තකයි..... ඉන් මතු කිසිම අමනුශ්‍ය බියක් අම්මට ඇතිවුනේ නෑ.......... මරණය පෙනිපෙනි හිටි අම්ම මේ ආරක්ශාව නිසා වසර තුනකට ආසන්න කාලයක් සිහිකල්පනාව ඇතිව, ඇඟේ මළ මුත්‍ර කරගන් නැතිව ඉඳල මියපරලව ගියා....... :dull:

    මේකෙ වැදගත් අනෙක් කරුණ..... අම්මගේ මේ ලෙඩේ හැදුන සියලු දෙනා වසරක් ඇතුලත අනන්ත දුක් විඳල මැරිල යන නමුත් මගේ අම්ම මේ ලෙඩේ හැදිල අවුරුදු හතරහමාරක් පහක් විතර ජීවත්වීමයි....... අම්මට බෙහෙත් කරපු ස්ණායු සම්භන්ද ලංකාවේ හොඳම දොස්තරත් අම්මගේ මේ දිගු ආයුකාලය ගැන තාමත් ඉන්නේ පුදුමෙන්........:yes::rolleyes:

    ආයෙත් අම්මට පින්......:love::love::love::love::love::love:

    :frown:රොබොට් අයියා.......



    මට මගේ මැරිච්ච අම්මව මතක් උනා. ඇස් වලට කඳුළු එන කතාවක්. සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕන් ඉතින් ටික දවසකට පස්සේ අද තමයි වෙලාවක් ලැබුනේ භූත කොටුවට ඇවිත් බලන්න:yes:. භූත කොටුව තමන්ගේ දැනුමෙන් පෝෂණය කරන හැමෝටම බොහොම ස්තුතියි:). ඒ වගේම, එහෙම තමන්ගේ කතා දාන අයව දිරිමත් කරන හැමදෙනාටමත් බොහොම ස්තුතියි:). රොබොට් අයියේ උබට බොහොම ස්තුතියි මම දාපු හැම අදහසකටම කමෙන්ට් කරලා දිරි ගැන්නුවට:yes:. ස්තුති කතාව අවසන්.

    මේ භූත කොටුව හින්ද දැන් යාලුවෙක් සෙට් උනත් අහන්නේ "මචන් උඹට මේ වගේ අත්දැකීම් තියෙනවද" කියලයි:rofl:. එහෙම අහන්නේ ඒ අයගේ අත්දැකීම් හරි දාල භූත කොටුවට උදව් කරන්නයි. සමහර අය තමන්ගේ අත්දැකීම් කියන්න පටන් ගන්නේ මෙන්න මෙහෙමයි. "මම මේක මෙච්චර කල් කාටවත් නොකිව්වේ මේවා කිව්වම බයිට් එකට ගනීවි කියල හිතල:baffled:" කියලයි. ඉතින් බොහොම අමාරුවෙන් එහෙම අහගත්ත දේවල් ටිකක් දාන්නයි මේ හදන්නේ. මේ දාන්නේ එහෙම අහගත්ත එක කතාවක්. අනිත් කතා ටිකත් ඉඩ ලැබෙන විදියට දාන්නම්. මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි:no:. යම් තරමක අත්බුත සිදුවීමක්. ඔක්කොටම කලින් කියන්නේ මේක මගේ අත්දැකීමක් නොවෙයි.

    මේක වෙලා තියෙන කාලේ නම් මගේ යාළුවා මට කිව්වේ නෑ(සොරි වෙන්න ඕන එක අහගන්න මට අමතක උනා). එත් මේක වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 4 හෝ 5 ඇතුලත කියල නම් හිතෙනවා. මේකයි වෙලා තියෙන්නේ, මගේ යාළුවගේ නෑදෑ අක්ක කෙනෙක් රට ඉදල අපු අයියා කෙනෙක්ව බැදලා තියෙනවා. ඒ මංගල්‍යය සෙට් වෙලා තියෙන්නෙත් හරි අමුතු විදියට. ගෙදරට ගිහිල්ල බලල වැඩි දවසක් යන්න කලින් මංගල්‍යය කෙරිලා. කොහොම හරි ඒ අයියා බොහොම උස මහත කොටින්ම කිව්වොත් හැන්ඩ්සම් කොල්ලෙක්ලු :P.(රටලුනේ හිටිය කියන්නේ.) කොහොම හරි බැදලා ටික දවසක් ගියාම තමයි දැනගෙන තියෙන්නේ ඒ අයියට මොකක් හරි ආවේස වීමක් තියෙනවා කියල. වැඩේ කියන්නේ එහෙම ආවේස වෙච්ච වෙලාවට මිනිහ කතා කරන්නේ අමුතුම හෙන සැර කට හඩකින්ලු. කොහොම හරි කට්ටඩි මහත්තයෙකුත් එක්කගෙන ඇවිත් අයියව බලවල තියෙනවා මොකක්ද මේකට හේතුව කියල. ඒ කෙනා කියල තියෙනවා බලවත් යක්ෂයෙක් ඉන්නවා කියල ඇඟේ:shocked:. ඒ පාර මේකට විසදුමක් විදියට ඒ කෙනා කියල තියෙනවා මේ වෙනුවෙන් යම්කිසි සෙත් ශාන්තියක් කරන්න ඕන කියල. ඒ කියන්නේ ඒ බලගතු යක්ෂයව අයින් කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්නේ ඒ කෙනා ඉන්න ගෙදර උනත් මේ කෙනා කියල තියෙනවා ගෙදර කරලා බෑ, මේක කරන්න යන්න ඕන කියල අනුරාධපුරයට.

    ඉතින් පවුල්වල අයත් ඒ පාර වැඩේට ලේස්ති වෙන්න පොඩි මීටින් පාරක් දල හවසක මේ අයියත් ඉන්දෙද්දී ඒ අයියලාගේ ගෙදරට ඇවිල්ල. ඉතින් මිනිහත් එතනට වෙලා ඒ ගැන අහගෙන ඉඳල. එක පාරටම මිනිහ බාත් රූම් එකට ගිහිල්ල තියෙනවා. ඒත් ඉතින් කට්ටිය වැඩිය ගණන් අරගෙන නෑ. දැන් කට්ටිය වැඩේ ගැන කතා කර කර ඉඳල තියෙනවා සැහෙන්න වෙලාවක්. ඒත් බත් රූම් එකට ගිය මිනිහ තාම නෑලු. කට්ටියටත් කොහොමින් කොහොම හරි කතාවත් එක්ක මිනිහ ගැන එච්චර මතක් වෙලත් නෑ. කොහොම හරි ටික වෙලාවකට පස්සේ මිනිහ පෙන්න නැති නිසා කට්ටිය බැලුවාලු. දැන් ඉතින් ගෙදර හැමෝම ගේ පුර මිනිහ හොයනවලු. මිනිහගෙන් කිසි ප්‍රතිචාරයක් නෑලු. බාත් රූම් එකේ විතරක් දොර ඇතුලෙන් වහල තියෙනවා කියල කට්ටියට තේරිලා තියෙනවා. ඉතින් කට්ටියට තෙරුනලු මිනිහ දැන් බාත් රූම් එකේ ඉන්නවා කියල. ඒ පාර දැන් කට්ටිය දොරට ගහනවලු, කතා කරනවලු, කිසිම සද්දයක් නෑලු. දැන් ඉතින් කට්ටියම ඩිම්:oo:. පිරිමි කට්ටිය කතා වෙලා තීරණය කරාලු එන පොට හොද නැති නිසා දොර කඩන්න. දැන් කට්ටියම හිතන්නේ මිනිහ ඇතුලේ මැරිලා ඇති කියලයි. ඉක්මන් උන කට්ටිය දොරට ගහල ගහල දොර කඩල. හිතා ගන්න පුලුවන්ද දොර කැඩුවම දකින්න ලැබුනේ මොකක්ද කියල?

    මේ මනුස්සය ඇතුලේ නෑ...

    දැන් කට්ටිය හොදටම බය වෙලා. අන්තිමට කට්ටිය දැක්කේ මිනිහ බාත් රූම් එකට යනවා විතරනේ. හැබැයි බාත් රූම් එකේ උඩින් තියෙන ජනේලය නම් ඇරලා තියෙනවා කට්ටිය දැකල තියෙනවා. දන්නවනේ ඉතින් ඕනෑම ගෙදරක බාත් රූම් එකේ පොඩි ජනේලයක් තියෙනවා කියල හුලන් කවුළුවක් විදියට. දන්නා අය මේකත් දන්නවා ඇතිනේ, එහෙම වා කවුළුවක් තියද්දි තියන්නේ බොහොම පොඩියට කියල. එහෙම කරන්නේ හොරෙකුට රිංගන්න බැරි වෙන්න කියලත් දන්නවනේ.

    කොහොම හරි හිටපු අයට අනුමාන කරන්න තිබ්බේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි මේ මනුස්සය මේ කවුළුවෙන් පැනල ගිහින් කියල. පිරිමි කට්ටිය ගම පුරාම දුවල තියෙනවා මිනිහව හොයන්න. කට්ටියක් ළඟම තිබ්බ සුසාන භූමියටත් ගිහිල්ල. එහෙම ගිහිල්ල තියෙන්නේ ඔහොම ආවේස උනාම ඒ වගේ තැන වලට යනවා කියල අහල තිබ්බ නිසයි කියලයි මගේ යාළුවා නම් කිව්වේ. කොහොම හරි ඔහොම යද්දී මිනිහ එහෙත් නෑ. ගමේ කෙළවරක බිම සිහිය නැතුව වැටිලා ඉන්දෙද්දී තමයි හම්බෙලා තියෙන්නේ.

    ඊට පස්සේ ඒ අයියව අනුරාධපුරයට එක්කන් ගිහින් ශාන්ති කර්මයක් කරලා තියෙනවා. කොහොමින් හරි එයා සම්පුර්ණ සුවය ලබල. මෙතැනදී මගේ යාළුවා කිව්ව අදහ ගත නොහැකි දේ තමයි අච්චර උස මහත හැදී දැඩි ශරීරයක් තිබ්බ මනුස්සය අර වගේ පොඩි හුලන් කවුළුවකින් රිංගුවේ කොහොමද කියන එක. දොර ඇරන් ගියා වෙන්නත් බෑ කිව්වා මොකද කට්ටිය කතා කර කර හිටපු තැනට බාත් රූම් එකේ දොර හොඳට පේන නිසා.

    ඒකෙන් කියවෙන්නේ ඒ ආවේස වෙලා හිටපු යක්ෂයා මේ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රමාණය අවශ්‍ය විදියට වෙනස් කරලා කියන එකද? :shocked:

    කතාව ඉවරයි කොල්ලනේ. ලියල තියෙන විදිය ඉන්ටරෙස්ටින් නැත්නම් කියපල්ලා. මේ විදියට කාගෙන් හරි අහගත්ත කතාවක් උනත් මෙහෙම කොටලා දැම්මමයි ඕන්(මේ first time ඒකයි.:rofl:).
    අයෙත් හම්බෙමු.
    ජය වේවා!!!


    හිතා ගන්න බැහැ මචන්. එහෙම දෙයක් නන් මෙච්චර කාලෙකට අහල නැහැ. මොනවා උනත් සිරා කතාව. ලියල තියෙන විදියේ කිසි ප්‍රශ්නයක් නැහැ. තව ලියපන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මං කලින් දවසක කිව්වා මං පස්සේ ආත්මයක් ආපු කතාවක් කියනවා කියලා. ඒත් වැඩ අස්සේ ඒක කරන්න බැරි උනා. හැබැයි මං මුලින්ම කියනවා මේක බය හිතෙන කතාවක් නම් නෙමේ. ඔන්න එහෙනම් පටන් ගත්තා.


    මේ සිද්ධිය මට දැනෙන්න ගත්තේ මං 10 වසරේ විතර ඉද්දි. ඒ කාලේ මං ගෙයින් එලියට බහින ඕනම වෙලාවක අල තම්බද්දි එන ගඳ වගේ ගඳක් එන්න ගත්තා. හැබැයි මේක කවම දාවත් ගේ ඇතුලට ආවේ නෑ. මං කොහෙ හරි යන්න හැදුවත් ගෙඩර ඉදන් අඩි 10ක් විතර ගුරු පාරක් තියනවා ඒක ඉවර වෙනකන් ඔය ගද එනවා. මහ පාරට ගියහම ඒ ගඳ එන්නේ නෑ. මං කොහේ හරි ගිහින් එද්දිත් හරියටම ගුරු පාරට ඇතුලු උන තැන ඉදන් ඒ ගඳ එනවා ගේ ඇතුලට යනකන්ම. පවුලේ අය එක්ක කොහේ හරි ගිහින් ආවත් අපි වාහනෙන් බැහැපු ගමන් ඔය ගඳ එනවා. ඒක අනිත් අයටත් දැනෙනවා. හැබැයි මේ අල තම්බන ගඳ අනිත් අයත් දැනෙන්න මං එතන ඉන්න එක අනිවාර්ය උනා.(දැන් පුළුවන්නම් කියපල්ලා මගේ ගඳ කියලා. යකෝ මං හ්හැමදාම නාන මිනිහා.) කවුද ඉතින් ඔහොම එකක් ගනන් ගන්නේ. අපි හිතන්නේ ලඟ ගේක අල තම්බනවා කියලනේ.

    ඔහොම කාලයක් ගත වුනා. ඒ අතරේ මං එක පාරක් Bike එකනුත් වැටුනා. ඒක උනෙත හරි අමුතු විදියකට. යාළුවෙක් හම්බෙන්න හංදියට ගියේ. මං යද්දි ඌ හංදියට ඇවිත් හිටියා. මිනිහ දැකලා Slow කරල උගේ යද්දි එක පාරම Bike එක Accelerate උනා. ඒක උනේ මං දන්නේ නැතුවම. ඊට පස්සේ Bike එක නිකන්ම හැරුනා යාළුවා පැත්තට. දැන් Bike එක කෙලින්ම යන්නේ යාළුවා පැත්තට. කරගන්නම දෙයක් නැති තැන මං වැටෙන්නම ඇල කලා Bike එක. යාළුවා බේරුනා මං වැටිලා. ලොකූ තුවාල නොවුනත්. පොඩි තුවාල ගොඩාක් උනා. හොද වෙලාවට එදා පරණ අවුරුද්ද දවසක්. වැඩිය කට්ටිය නෑ පාරේ. නැත්නම් ලැජ්ජාවේ බෑනේ. කොහොම හරි ගෙදර ඇවිත් ඔහේ හිටියා.

    මට හොද වෙලත් ටික දවසක් ගියාට පස්සේ එක දවසක් සාස්තර කියන තැනකට අම්මගේ යාළුවෙක්ගේ තනියට අපේ අම්මත් ගියා. එයාගේ තනියට මමත් ගියා. අම්ම ඕවා වැඩිය විශ්වාස කරන්නේ නෑ. දැන අපි දේවාලේ ඇතුලට ගියා විතරයි ඇතුලේ හිටිය පොර ඔය ගැත්තා පස්සේ මල ගියා ආත්මයක එනවා. අපි හිතුවේ අම්මගේ යාළුවට කිව්වයි කියලා. බලද්දි කියලා තියෙන්නේ මට.

    මෙයා සාස්තර කියන්නේ ආත්මයක් ආරූඞ කරගෙන. ඒ ආත්මය ජීවිතේට මස් මාලු නොකාපු මැරිච්ච පූසාරි කෙනෙක්ලු. දැන් අර අම්මගෙ යාළුවා කැලේ මේකා අපේ ගෙදර යන හැටියි, ගෙදරයි විස්තර ඔක්කොම කියනවා. ඊට පස්සේ කිව්වා ලඟදි හිතාගන්න බැරි විදියට රිය අනතුරක් උනා නේද කියලා. කාලා වරෙන්කෝ. අපිත් ඉතින් ඔව් කිව්වා. ඊට පස්සේ තමා ඒ මගේ පස්සෙන් එන ආත්මය ගැන කියන්න ගත්තේ.

    ඒ ආත්මේ අවුරුදු සියගානක් පරණ ආතමයක්ලු. අපි ඉන්න ඉඩම ඇතුලු මුලු ඉඩම් යායම එයාගෙලු.(ඒ කාලේ තියෙන්නේ කෙලවර පෙන්නේ නැති තරම් ලොකු ඉඩම් නේ.) මෙයා ඒ ඉඩම් ගැන තන්හාවෙන් මැරිලා යක්ෂ ආත්මෙක ඉපදිලාලු. ඉක්මනට මොනවා හරි කලේ නැත්නම් මගේ ජීවිතේට උනත් අනතුරක් වෙන්න පුලුවන් කිව්ව. මගේ ලේ හොල්ලන්න බලාගෙනමයි ඉන්නේ කිව්වා. අපේ ගේ ඇතුලට නොඑන්නත් මං මෙච්චර කාලයක් හරි බේරෙන්නත් හේතුව මං හැමදාම බුදු පහන තියන එකයි කිව්වා.

    කොහොමින් හරි එයා කිව්වා එයාව එලවන්න බෑ. කරන්න පුලුවන් දේ තමා ශ්‍රී මහා බෝධිය ලඟට පින් ගන්න යවන එක කියලා. ඒ කට කරන දේවල් ගෙදර කරන්න බෑ කියලා අපේ වත්තේ අට කොනෙන් පස් අරන් එන්න දිනයක් කිව්වා. එදාට අපේ කාටවත් ගෙදර ඉන්න එපා කිව්වා. ඔන්න ඉතින් කිව්ව දවසේ පසුත් අරන් ගියා. පස් දේවාලේ ඉඩමේ අට කොනේ තියලා වැඩේ කරන් ගියා. කඩවර පූජාව එහෙම තියලා අර යක්ෂණියට පූජාවට තට්ටුවේ බඩු තිබ්බා. හැබැයි ඒ හැම දෙයක්ම මට කියල ඉඳුල් කරලා තමා තිබ්බේ. දැන් රෑ 12ට විතර ඇති. වෙනසක් දැනුනොත් කියන්න කියලා යක්ෂණී ගෙන්නන්න පටන් ගත්තා. මගේ ඉස්සරහ තමා දැන් තට්ටුව තියෙන්නේ. මෙන්න බං ටික වෙලාවක් යද්දි මට දැනෙනවා උරහිස උඩ මොකෙක් හරි ඉන්නවා වගේ එන්න එන්නම බර වැඩි වෙනවා. තව ටික වෙලාවක් යද්දි මට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි තරම් බර වැඩි උනා ගත්තා. මගේ අම්මා මාව හයියෙන් අල්ලන්. පැය භාගෙකින් විතර පස්සේ එක පාරම දේවාලේ පොර හරි දැන් බැහැලා කිව්ව තැනට පලයන් කිව්ව විතරයි එක පාරම උර හිසට දැනුන බර නැති උනා. පස්සේ අම්මල කිව්වා ඒ වෙලාවේ අම්මලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න අඟවල් හිර උනා වගේ උනා කියලා.

    කොහොම හරි වැඩේ ඉවර වෙද්දි පාන්දර තුනයි. එච්චර කල් ඕවා විශ්වාස කරපු නැති මම එදා ඉදන් නම් ඒවා විශ්වාස කලා. මං මුලින් කිව්ව වගේ මේකට බය හිතෙන්නේ නම් නෑ. ඒත් මං සිරාවටම අත් දැකපු දෙයක් මේක. අහ් තව එකක්. අර දේවාලේ පොර කිව්වා කඩවර දෙවියන්ට(වෙලාවකට යක්ශයෙක්) ඕනම යක්ශයෙක් යටයි කියලා. ඒකලු මේ වගේ වැඩ වලදි මුලින්ම උඩින්ම කඩවර දෙවියන්ට තට්ටුවක් තියන්නේ.



    උඹ කොහොමද බන් මේකට බය උනේ නැහැ කියන්නෙ. :shocked:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගැට කිඹුලා;12074443 said:
    මේකට දාන්න තිබ්බෙ පච කොටුව කියලා බන්:lol:



    මම මේක දාන්නේ ගැට කිඹුලා කියන එකාට නෙමෙයි. හැබැයි මේ වගේ උන්ට ඕනේ මේකේ ඉන්න උන්ව ඩිස්ට්‍රැක්ට් කරලා මේකේ තියෙන සාමය සමාදානය නැති කරන්න. මේවට හොඳම බෙහෙත තමයි මුන්ට මොකුත්ම නොකිය ඉන්න එක.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක මගෙ යලුවෙක්ට වුන වඩක් හරි බොය්ස් ලා රේඩි නෙ
    නුවර නිවඩුවක් ගය්හ කරන්ඩ හොඩ පලාත ඔක්කොම 8ක් යලුවෙක්ගෙ පුන්චිලගෙ ගෙඩර යන්ඩ සෙට් උනෙ නිකන් නෙවෙ බොතල් 5 කුත් එක්ක,කට්ටිය වයස 20 -22 වගෙ,නුවර ටව්න් එක ඉන්ඩලා කිලොමිටර් 17 ක් විටර ලස්සන පලාත,උඩෙන්ම කොලබින් බස් එක නග්ගම කට්ටිය ගෙඩරට යනකොට හවස 3යි.පුඩුම නිස්කලන්ක බවක් වගෙම ගස්පිරිච්චිච වට්ත නිසා හරිම කරුවල,නිමුනු,හරිය්ට කාලය නවතුන සබහවයක්
    පුන්චිගෙ ගමෙ බතුත් පුඩුම රහක්,කොල්ලො බඩ 2ක වෙන්ඩ කාල නාන්ඩ ගියෙ පොඩි ඩියපරකට ,6වෙනකොට ඩුප්පත් ගල් බොතල් ටික කෙඩෙම්ඩ පටන් ගත්තා ,9වෙනකොට කට්ටිය හොඩ ගානට,යලුවගෙ බාප්පත් සුර්,කොල්ලො 3 ඩෙනෙක් නොබොන බඉට් මරයො,බඉට් එකට ගෙනපු කුකුලට වෙඩෙ ඩුන්නෙ උන් 3ඩෙන හරි,ඔන්න ඉතින් බඉට් මඩිවෙනකොට බිලා වෙඩි කමට කටුටිකත් කනවා,ඩනුශ්ක කියන එකා පටන් ගත්තා විකර නටන්ඩ,මු කියනවා මොන යකඩ බඉට් කවෙ කියල මස් කටු විසික් කල කුනුහරපෙන් බනිනගමන් පොන්න යක්කුන්ට බයනෙහ තොපිට ඩෙන්නෙ කටු විතරඉ කියල ජනෙලයෙන් වත්තට ඔන්න අනික් උනුත් ජොඉන් උනා,කුකුල් කටු වත්ත පුරා,11වෙනකොට නිඩියන්ඩ සෙට්,ඔක්කොම එක කමරෙ පඩුරු වල 8ක් ඉන්න හින්ඩ ටිකක් රස්නෙනෙ ජනෙල් ඔපන් කරලා නිඩියන්ඩ යන්කොටම කුකුල් කටු වලින් අප්පිට ගහන්ඩ ගත්තා,නවටින්නෙනහ කරුත් පෙන්ඩ නෙ,මොන පකයඩ කියල ඩොර අරලා බලුවෙ නොබිපු 3 හරි,කරුත් නෙ,ගෙට යන්ඩ හඩන කොටම එකෙක් කට නොකර ගල් වෙලා එක පරට ම පොර කුස්සියට ඩිව්වා,අනික් උනුත් මොකඩ මොකඩ කියල පස්සෙන් යනකොට බුවා කුනු බල්ඩිය හො ගාල කල නටන හොට් වතුර කෙටලෙ කටට ඩගතා,බුව කලන්ටෙ ඩල වෙටුනා,ඩවස් කිපයක් ගිහින් තොඉල කරල ටම සනිප උනෙ,පුඩුමෙ කියන්නෙ හොට් වතුර බිලත් තුවල නෙහ,
    මෙක අත්ත කටවක් මගෙ යලුවෙක් ට උනෙ,නම් ගම් බොරු හරි,සින්හල හරි නෙ



    sasmika ළමයට විදේශිකයෙකුගෙන් පොඩි අතවරයක් වෙලා වගේ, ඒ කම්පනේ පිටම තමා ලියල තියෙන්නේ මයේ හිතේ..... :sorry:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එළකිරි භූත කොටුව සමග මම මුල ඉදල ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්... ඒ වගේම මේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඔයාලා හැම දෙනාම මන්ත්‍ර ශාස්ත්‍රය ගැන වැඩි උනන්දුවක් ඇති කියල හිතනවා.... ඒ වගේම මේ දේවල් ගැන යමක දන්නවා කියලත් හිතනවා.... ඉතින් මම හිතුව... රොබට් අයියගේ අවසරය තියෙනව නම් මන්තර ශාස්ත්‍රයද අපි හැමෝම බෙදා ගන්න පුළුවන් වෙයි කියල....
    ඔතින් ගුරු මුට්ටි නැතුව.. තියෙන දේ මම මුලින්ම බෙදා ගන්නම්.... ඉතිරිය ඔබ සැමගේ කැමැත්ත අනුව සිදුවේවි....


    [FONT=&quot]ඇදුරු ආරක්‍ෂාවට භාවිත කරනු ලබන අති ප‍්‍රබල මන්ත‍්‍රයකි. ශාස්ත‍්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්‍ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත‍්‍රයකි.[/FONT]



    [FONT=&quot]ඕං ශ‍්‍රීං සංකාර ව්‍යාඝ‍්‍ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ‍්‍රී මුණියාණේ ව්‍යාඝ‍්‍ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්‍ර විප‍්‍ර මණ්ඩල චිත්ත සංහාර ව්‍යාඝ‍්‍ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්‍යාඝ‍්‍ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග‍්‍ර ශ‍්‍රී බ‍්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්‍ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්‍යාඝ‍්‍ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්‍යාඝ‍්‍ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග‍්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්‍ෂණියන් ගේ ඇඟ සළිත[/FONT][FONT=&quot], ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්‍ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.[/FONT]



    මචන්. මේ දාපු එකට තෑන්ක් යු කිව්වා. චෙක් කරන්නත් එක්ක දාපන්කෝ ඔය බඩේ අමාරුවට, ඔලුවේ කැක්කුමට එහෙම තියෙන මන්තරයක් තියෙනවනන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....:(:(:(


    මචන් මම උඹට නම්බර් එකක් එවනවා. මේ අගලවත්ත - ඉහල වෙල්ගම පන්සලක හාමුදුරු කෙනෙක්. සල්ලි ඉල්ලන්නේ නැහැ. උඹල කැමැත්තෙන් දුන්නොත් මිසක්. මේකට කෝල් කරලා විස්තරේ කියපන්. එයා සමහරවිට ෆෝන් එකෙන්ම විස්තර ටිකක් කියයි. පන්සලට යන විදියත් අහ ගනින්. උඹේ අම්මව සනීප කර ගනින් කොහොම හරි. මම නොම්මරේ PM කළා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නංගි සමාවෙන්න ඔයාගේ මුල්ම පොස්ට් එක කියවපු ගමන්මයි මන් ඔයාට රිප්ලයි කලේ. මන් හිතුවේ කොල්ලෙක් කියල එකයි මචන් කිව්වේ. මන් එවල තියන ෆෝන් නම්බර් එකට කතා කරන්න. ඊට අමතරව මන් මේ එවන ලින්ක් එකේ තියෙන පොතේ තියෙන විධියටම ආර්ය මෛත්‍රී බාවනාව වන්න. ඔය කරදර කරන හැමෝටම මෛත්‍රී කරන විදිය ඔය පොතේ තියෙනවා. පොඩි පොතක්. කියවන්න අමාරු නැහැ. (ලින්ක් එක PM කළා)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ආයෙත් මතක් කරනවා. නිවැරදි විදියට මෛත්‍රී භාවනාව කලොත් ගොඩක් කරදර වලින් අපට ගැලවෙන්න පුළුවන්. හැබැයි අවන්කවම මෛත්‍රී කරන්න ඕනේ. පොඩ්ඩක් හිතල බලන්න බුදු හාමුදුරුවෝ එයාට අභියෝග කරන්න ආපු හැමොමම මෙල්ල කලේ මෛත්‍රීයෙන්. අපි බුදු නුනට අපිටත් එකෙන් යමක් කරන්න පුළුවන් බව අමතක කරන්න එපා.