මචන් ල මේ කතා ටික බැලුවට පස්සේ මටත් ජීවිතේ මූන දීපු මේ වගේ සීන් දෙකක් ගැන කියන්න හිතුනා.එකක් ජෝක් සීන් එකක්.අනික නම් මචන් සිරාම සීන් එකක්.උබල විශ්වාස කරනව නම් විශ්වාස කරපන් නැත් නම් ඒත් විශ්වාස කරපන්.මුලින්ම ජෝක් සීන් එක කියලා මේ නූලට මුල පුරන්නම්.හැබැයි සරළයි සුන්දරයි.චුට්ටි කතාවක්.
මුලින්ම කියන්න ඕනේ මේ සිදිදිය උනේ කාළෙකට ඉහත (2010) විතර මගේ යාලුවෙක් ගෙ ගෙදර.හෝමගම පැත්තෙ.ඉතින් මේ මගේ යලුවගේ නම රසික.මූ මගේ බොක්කක්.මුන්ගේ අම්මල තාත්තලා අයියල හෙන ආගම් කාරයෝ.පන්සලේමයි.මමත් ඉස්සර ක්ලාස් කට් කරලා,ගෙදර පාඩුවේ ඉන්න වෙලාවට ඉතින් මුන්ගේ ගෙදරම තමයි.දවසක් එහෙ ඉද්දි එහෙට ආව ඇන්ටි කෙනෙක්.පස්සෙ තමයි මම දන්නේ මේ දේව ආරූඩයෙන් ආරක්ෂා අනම් මනම් කරන කෙනෙක් කියල.කතා බහෙන් නම් මට එච්චර ඇල්ලුවෙ නෑ.එත් උන්ට හොද නම් මට මොකෝ.මම අහුවා රසිකයගෙන් උබලගේ මොනව ආරක්ෂා කරන්නද ඒ ඇන්ටි ඇවිත් ඉන්නේ කියල.අරූ ඉතින් හෙන පණ්ඩිතයා.හා හා එයා ඇන්ටි නෙමෙයි දේව මෑණියෝ ලු.මට ඉතින් කියන්න හිතුනා.කමක් නෑ.ඔන්න දැන් මුන්ගේ ගේ ආරක්ෂා කරන්නලු ඇවිත් තියෙන්නේ.කට්ටිය කතා වේලා දිනේකුත් දා ගත්තා.මූ දැන් මටත් එන්නලු සීන් එක දවසට.මට තනියම එන්ටර් වෙන්න බැරි නිස මම අපේ තවත් යාලුවෙක් සෙට් කරන් ගිය වැඩෙට.උන්ගේ ගෙදර පහල අයියා කෙනෙකුත් අපිත් එක්ක සෙට් වෙලා අපි තුන්දෙනා එලියට වෙලා හොල්මන් කතා කිය කියා හිටියා.අරු ඉතින් සිය පවුලත් එක්ක මන්තර ජප කරනව අහනවා.ඔන්න දැන් අපෙන් හෙල්ප් එක ඕන වෙලාව ආවා.මොනාද මන්දා මුට්ටි වගයක් ගේ හතර කොනේ වල දැම්මා. ගේ ඇතුලෙත් මුට්ටි එල්ලනවා කියල අහල තිබුනත් මේ ආපු ඇන්ටි එල්ලුවේ තඩි පොල් ගෙඩි.දැක්කමයි මම ගේ ඇතුලෙ පොල් එල්ලනවා.කුරුණෑගල පැත්තේ ගෙයක් වගේ. හී හී.ඔන්න දැන් තමයි රසබර හරිය.ඔන්න මේ ගෑනී.(ගෑනි කිව්වේ දේව මෑනියෝ) පන්දමකුත් අරන් ගේ වටේ යනවා.මගේ යාලුවා රසික දුම්මල ගොට්ට අරන් දේව මෑනි පස්සෙන් යනවා.හොදටම ආවේස වෙලා.මොනව කියනවද කියල මුකුත් තේරෙන්නේ නෑ.අපිට මොකෑ.ඔන්න දැන් ගේ පිටිපස්සේ පැත්තේ හරියෙන් යන්නේ.මුන්ගේ ගේ පිටිපස්සේ වැල ගහක් තිබ්බා.අම්බානෙක වැල වටෙනවා.මෙලෝ රහක් නෑ.තඩි සයිම් මෑස්සෝ නිකන් මාළු මර්කට් එක වගේ.ඔන්න දේව මෑනියෝ පන්ද්මත් අරන් වැල ගහ යටින් යන ගමන් වැටිච්ච වැල ගෙඩියක් පෑගිල පත කබරයා පොලවේ ගැහුවා වගේ ඇදන් වැටුනා.වැටුනා විතරයි අර අතේ තිබ්බ පන්දම උඩ ගිහින් එයාගේ ඇගටම වැටුනා.මුකුත් නෑ වැටෙද්දිම අම්මට හු*&^%$# කියාගෙන වැටුනේ.අර පන්දම වැටුන විතරයි මෑණි කොහෙන් ගියාද නෑ.අර ආවේස ගතිය ඔක්කොම ඉවරයි.අනේ පුතේ අනේ පුතේ කොන්ද කොන්ද කියාගේන කොන්ද අල්ල ගත්තා.එහෙන්ම ගෙට උස්සන් ඇවිත් මෑනියන්ගේ ආරක්ෂාව අපි කලා.අරූගේ ගෙදර කට්ටියට පුල් අප්සට් එක.ඒ මදිවට අරූට වස ලැජ්ජාව ඌ මට දීපු පොර ටොක්ස් වලට.
මමත් ඌ දිහා බළ බළ නක්කලේට හිනා වෙනවා.එතනින් ඒ ආරක්ශාවත් ඉවර උනා.මමයි මගේ යාලුවයි මහ රෑම ගෙවල් වල ගියා හිනා වෙවි.පුල් ෆන් එක.
ඔන්න ඕකයි යාලුවනේ තත්වේ.හැබැයි මම ඊලට කියන්න යන්නේ සිරම සීන් එකක්.මොකද ඒ දේ මගේ ජිවිතේට බලපෑව ටිකක් විතර.දැන් නම් ශේප්...
කතාව හොද නම් ඉතින් මොනව හරි කොරල යන්න.හැබැයි ඉතින් අනුන්ගේ නූලටකට පැනල ඒව ඉල්ලන එකත් හරි නෑ...අඩුම තරමේ කතාව හොදයි ද වත් කියල පලයල්ලා....

මුලින්ම කියන්න ඕනේ මගේ පළවෙනි පොස්ට් එකෙන්ම මගේ රෙප් කපපු එකාව කොටියම කාපන්.ඌ කමෙන්ට් එකක් දාලා බොරු කතා දාන්න එපා කියලා.ඈ බොල විශෙෂණ පුතෝ තොටද සිද්දිය උනේ මටද?කමක් නෑ පොඩි උන්ගේ ආසාවනේ.එහෙම කලා කියලා මම මේ නූල බලන එක අතාරින්නේ නෑ.මට වෙච්ච සිද්දි දෙකයි තියෙන්නේ මේ වගේ.එකක් දැම්ම මේ අනිත් එක.රෙප් කපන උන් ඕන තරම් කපා ගනින්.ඒ වගේම කමෙන් කරල තිබ්බ අනිත් අයට ස්තූතියි.දැන් බහින්නම් වෙච්ච සිදිදියට.
මම සාමාන්‍ය පෙළ කරන කාළයේ හිටියේ මගේ ආච්චි සීයයි එක්ක.ඒක මගේ පාඩම් කටයුතු වලට වගේම ඒ දෙන්නගේ තනියටත් හොඳ නිසා මම එහේ නැවතුනා.ඉතින් ඔහොම ඉන්නකොට 2007 ජුනි මාසයේ විතර එක දවසක් සීයා එක පාරටම අච්චිගේ නම කියල රෑ හීනෙන් කෑ ගැහුවා *ඔන්න ඔතන ඉන්නවා ඔන්න ඔතන ඉන්නවා අයින් වෙන්න කියලා* අපි නිදා ගත්තේ එකම කාමරයක.සීයා එක ඇඳක මමයි ආච්චි එක ඇඳක.අපි නිදා ගත්ත ඇඳ ලග ජනෙලයක් තියෙනවා.සීයට එතනින් කවුද යනවා වගේ පේනවලු.එදා රේ ආච්චි ෆුල් ට්‍රයි එක දුන්නා කවුද ඒ කියල දැන ගන්න.ඒත් සීයා කිව්වේ නෑ.මේ විදිහට හැමදාම රෑට සීයා කෑ ගහන්න ගත්තා.එක දවසක් රෑ මටත් හොදටම බය උනා.පහුවදා ආච්චි කිව්වා පන්සලට ගිහින් පිරිත් නූල් 3ක් අරන් එන්න කියලා.මම ඉතින් පිරිත් නූල් අරන් ඇවිත් අපි තුන්දෙනාම අතේ බැඳගෙන හිටියා.මට බදාදා සහ බ්‍රහස්පතින්දා අපේ ගෙවල් ලඟ විද්‍යාව ගුරුවරයෙක් ලග කණ්ඩායම් පන්තියක් තිබ්බා.හෝමාගම පැත්තේ ඉන්න අය නම් දන්නවා ඇති සමර ආරච්චි සර්. එයාගේ ගෙදර තමයි පංති තිබ්බේ.එදා මම පන්සලට ගිහින් පිරිත් නූල් ගෙනාවේ අඟහරුවාදා දවසක.එදා පිරිත් නූල බැදපු දවසේ මහ රෑ එක පාරටම සීයා ඇඳෙන් නැගිටලා සරමත් කඩාගෙන ගෙයි මිදුලට දුවලා ගියා.ගිහින් මිදුලේ හරි මැද වාඩි වෙලා ඉන්නවා.දැන් නම් මම හොදටම බය වෙලා.පස්සේ දැන් ආච්චි ගිහින් අතින් ඇදන් එන්න හදද්දි සීයා එක පාරටම කිව්වා මම මේක උයලා කාල එන්නම් කියලා. පස්සේ ආච්චි දැනගෙන පෙරේත සීන් එකක් තමයි මෙයාට මේ පෙන්නේ කියලා.පහුවදා උදේ ආච්චි සීයගෙන් අහගත්තා මොකක්ද විස්තරේ කියලා.අපේ ආච්චිව කසාද බඳින්න කලින් සීයා යාළු වෙලා හිටපු ගෑනු කෙනෙක්වලු මේයාට පෙන්නෙ.ඉස්සර අපේ සීයට තේ වතු තිබිලා තියෙනවා.ඒ දවස් වල තමයි ඔය සීන් එක තිබිල තියෙන්නේ.මම හරියටම දන්නේ නෑ පස්සේ ඒ ගෑනු කෙනාව කවුරු හරි මරලා දාල තිබ්බලු එයාගෙම තේ වත්තේ.ඒ කතාව නම් මට හරියටම ෂුවර් නෑ මචන්ලා.මොකද ඒක මගේ කනට ලාවට වැටුන සීන් එකක්.ඉතින් බදාදා උදේ අපේ අම්මයි පුන්චි ඇවිත් මේකට මොකද කරන්නේ කියලා අහල රත්නපුරේ අපේ නෑදෑ වෙන කෙනෙක් මේ වගේ සීන් කරනවා.තොවිල් නටනවා,බූත සීන් අයින් කරනවා.එයාලට කෝල් කරල අපි එන්න කිව්වා.එයාල කිව්වා අද නම් එන්න වෙන්නෙ නෑ.සිකුරාදා හවසට එන්නම් කියලා.ඊට පස්සේ අපේ අම්මලත් ගියා ගෙවල් වල.මම ඉතින් පන්ති යන්න ඕන නිස හවස පන්ති ගියා.පයින් යන දුර පන්තියට.ඒත් පාරෙන් හැරිල ටිකක් ඇතුලට එන්න ඕනේ අපේ ගෙදරට.8ට විතර පන්ති ඉවර වෙලා යලුවෝ එක්ක මගට ඇවිත් ඉතුරු ටික මම තනියමට ආවා.ගෙවල් පාරේ පොඩි වංගුවක් තියෙනවා එතන ටිකක් කලුවර පොට් එක.ලයිට් කනුවක් තියෙනවා ඒකට ලියිට් දාපු ගමන් ගෙවල් පැත්තේ ඉන්න ගාමන්ට් කොල්ලෝ ටික එකට දෙනව පාර.මොකද සමහර දවස් වලට එතන ලව් කපල් ඉන්නවා. ඉතින් මම පන්ති ඉවර වෙලා එද්දි මර බයෙන් ආවේ ඉතින් එක පාරටම කවදාවත් නැතුව වවුලෝ රන්චුවක් හුගක් පහතින් පියාඹගෙන ගියා එතනි.මම ඇරියා ඇරිල්ලක් එකම පිම්මේ ගෙදර.මම හොදටම බය වෙලා එදා ආච්චිටයි මටයි නින්දක් නෑ,මම නම් බයට නිදි නෑ.ආච්චි සීයාව ආරක්ෂා කරන්න ඕන නිසා නිදි නෑ.ඔන්න වෙනදා වගේම අයිත් සීයා ජල්ලිය අල්ලන්න පටන් ගත්තා.අපිට ආම්බාන් කරන්න අමරුයි මොකද සීයා ටිකක් සයිස් පොරක්.තව එක දවසනෙ කියලා කොහොම හරි අපි ගේම සෙට්ල් කර ගත්තා.බ්‍රහස්පතින්දා ත් මම පන්ති ගිහින් එද්දි අර විදිහටම ඒ තැනදිම වවුලෝ ටිකක් ගියා.මට දැන් මාරම අප්සෙට්.බයේ බෑ මම පිරිත් නූල් ගෙනාපු නිස මට සීන් එක ඇවිත් ද වත් කියලා.එදා රෑත් අපි දොරවල් අගුල් දාලා යතුරු හංගල නිදා ගන්න හැදුවට නිදා ගන්න බෑ.සීය එලියට යන්න ෆුල් ට්‍රයි එක.කොහොම හරි එදාත් ශේප් කරන් ඔන්න අර අපේ නෑ කට්ටිය ආව සිකුරාදා රෑ.ඇවිත් ඒ නැන්දා මොනවද මන්ද මතුරල ගේ වටේම් ගියා.අපේ ගෙදර එක පැත්තකින් තියෙන්නේ මහා තඩි වෙල් යායක්.වෙල පැත්තේ ගහල තියෙන්නේ බීරළු වැටක් ඒ නැන්ද එලියට ගිහින් ඇවිත් කිව්වා එයා දැක්කලු එයාව බීරළු වැට උඩ වාඩි වෙලා දනිස් වලින් පනුවෝ බෙරෙනවලු.අර මැරිච්ච ගෑනු කෙන පෙරේත ආත්මයක් වෙලා ඇවිත්.මෙයට තියෙන ආදරේට කෑම කන්න කතා කරනවලු.මෙයා කිව්වේ සීයට.පස්සේ පෙරෙත තට්ටුවක් එහෙම ගහලා පෙරේත ගොට්ටකට අල්ලමු කියලා කතා උනාට පස්සේ නැන්දා කිව්වා ගේ ඇතුලට එයිද බලනන්න ඕනේ නිසා බලමු මුලින් ගෙන්නලා කියලා කෑම කාමරේ ඉදන් මොනාද මන්දා කියල මැතුරුවා.පස්සේ එක පාරටම එය මතුරන එක නැවැත්තුවා විතරයි ඉස්සරහ දොර ළඟ හිටන් ඉදපු රත්නපුරේ ඉදන් ආපු අපේ මාමා කෙනෙක් ගහක් කඩන් වැටුනා වගේ බිම වැටුනා.පස්සේ තමයි නැන්ද කිව්වේ ගෙට පෙන්නපු කෙනා තමයි ඒ පෙරලන් ගියේ කියලා.මේක ටයිප් කරද්දිත් නිකන් ඇඟ හිරි වැටෙනවා.අවුලක් නෑ මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි.අනිත් එක ඔෆිස් එකේ කට්ටියත් ඉන්න නිස අවුලක් නෑ.ඔන්න සෙනසුරාදා වැඩේ කරන්න පටන් ගත්තා.ඔය මොන සීන් එක උනත් මගේ හිතේ ඕවා ගැන එච්චරම විශ්වාසයක් තිබ්බේ නෑ.දැන් පෙරෙත තට්ටුවක් හදලා පෙරේත ගොට්ටක් හදලා එහෙම වැඩේ පටන් ගන්න කලින් අපේ අයියල ටිකටයි මටයි ඒ නැන්දා දුන්නා අඟල් 6ක් විතර දිග නූලක් දාපු ජෑම් බොතලයක් බර බලන්න කියලා.ඉතින් සාමන්‍ය බර තමයි තිබ්බේ. ඔන්න දැන් වැඩේ පටන් ගත්තා පෙරේත තට්ටුව ලග කට්ටඩි මහත්තයෙක් ඉන්නවා එලියේ ඉදන් අපේ නැන්දා මතුරනවා.එක පාරටම අපේ සීය අයිත් කලින් වගේ කෑ ගහන්න ගත්තා.පස්සේ අපේ නැන්දගේ ඇගට අර ගෑනිවා ආවා.එයා දැන් බිම පෙරලෙනවා.ඔලුව හප්ප ගන්නවා.බයේ බෑ අපිට.ඒත් එයාගෙ මහත්තය කිව්වා බය වෙන්න දෙයක් නෑ ඒයාට මුකුත් වෙන්නේ නෑ කියලා.පස්සේ බිම දිගේ පනුවෙක් යනවා වගේ එයා පෙරේත තට්ටුව තිබ්බ කෑම කාමරය පැත්තට ගියා.එක පාරටම නැන්දා කෑ ගැහුවා අල්ලපන් කියලා.එතකොටම නැන්දර කලන්තේ වගේ හැදිලා එලියට එක්කන් ආවා.පස්සේ අර කපු මහත්තය අර ජෑම් බොතලේ ඇතුලේ අර නූල ගැටයක් දාල වහල තියෙනවා පෙන්නුවා.කෑම කමරයට ගිහින් බැලුවම පෙරේත ගොට්ටේ තිබ්බ කෑම සී සීකඩ.නැන්දර සිහිය ආවට පස්සේ එයා අපිට දුන්නා අර ජෑම් බොතලේ බර බලන්න.කලින් තිබුනට වඩා සැලකිය යුතු මට්ටමක බර වැඩි වගේ දැනෙනවා.ඒත් අපේ හිතද කියන්න දන්නේ නෑ.නමුත් එදායි පස්සේ සීයා කවදාවත් බය උනේ නම් නෑ.ගෙදරටත් ආරක්ශාවක් කලා.අර නූල අරන් ගිහින් රත්නපුරේ සමන් දේවාලේ බෝ ගහේ බැන්දා කියලා තමයි නැන්දා කිව්වේ.
ඉතින් ඔන්න ඕක තමයි මම මූන දීපු දරුනුම සීන් එක සහ එකම සීන් එක.මේකත් කියන්න ඕනේ මේ වෙනකොට අපේ සීයා ජීවතුන් අතර නෑ.එයට නිවන් සුව පතනවා මේ අවස්තාවේ.මේක කියවල ඉතින් රෙප් බැරි නම් ඕන එකක් කපා ගනින්.ආසාවෙන් කියවන උන්ට කියවල විශ්වාස කරනව නම් කරන්න.නැත් නම් අවුලක් නෑ.
තෙරුවන් සරණයි.....!
![]()
![]()
![]()
![]()
![]()
![]()
rep duna...uba arabia wala mokada karana....oha nadda ?

thanks machan rep walata...mama machan mehe job ekak karanawa...mehe nam mata ehema scene set wela na.eth mehe machan paaraka gahak thiyenawa...e gaha kapanna balu...kapanna yana hama ekaama marenawalu.. ewa nam atthada boruda mama danne na machan...![]()
lohomath ubata otuwo eka edala epa wela athi


පළවෙනි පොස්ට් එකට රෙප් කැපුනට ඊට වඩා දෙවනි පොස්ට් එකට රෙප් හම්බුනා.රෙප් දීපු කපපු හැමෝටම ස්තූතියි.අද මම මේ කියන්න යන්නේ හොල්මන් කතාවක් නම් නෙමෙයි.මවගේ මල මිනියට කල අපහසයක් නිසා මුලු පවුලකටම ජීවිත වලින් වන්දි ගෙවන්න උනු කතාවක්.මුලින්ම කියන්න ඔනේ අර සිරස ටී වී එකේ නිව්ස් ෆස්ට් එකේ දානවා වගේ WE REPORT.YOU DECIDE කියලා.නැත් නම් මට කුනු හරපෙන් බනී මූ බොරු කියන්නේ කියලා.මේ සිද්දිය උනේ දැනට අවුරුදු 4ක් 5ක් විතර ඉහතදි.හෝමාගම ලේඛා කියලා සිනමා ශාලාවක් ලඟ පොඩි හොටෙල් එකක් කරනගෙන පුද්ගලයෙක් හිටියා.ඔහුගේ ගෙවල් තිබ්බේ හෝමාගම ඉදන් අවිස්සාවේල්ල පැත්තට යද්දි කෑම්ප් එක පහු වෙලා පිටිපනට පොඩ්ඩක් කලින් 122 පාර අයිනෙම.මට මතක විදිහට මේ සිදුවීම උනේ අප්‍රේල් මාසයේ.අර මම කියපු මුදලාලිගේ අම්මා මරණයට පත් උනා.ඉතින් මේ මරණ ගේ අතර තුර ඔහුගේ පුතා අවුරුදු පාර්ටි එකක් දැම්මා අම්මාගේ මරණය ගේ ඇතුලෙ තියෙද්දිම.ඉතින් ඒ මරණේ වැඩ කටයුතු ඉවර වෙලා දවස් කිහිපයකට පස්සේ මේ ගෙදර කට්ටිය රෑ පාර්ටි එකකට ගිහින් ගෙදර එද්දි 122 පාරේ ඇවිත් ගේ ඇතුලට ඔවුන්ගේ වාහනය දාද්දී අයිත් පොඩ්ඩක් පස්සට ඇවිත්.මොකද පොඩි කන්දක් වගේ තියෙනවා.පාරේ මට්ටමින් ටිකක් උඩින් තියෙන්නේ.වාහනහ පදවපු පුද්ගලයා බීමත්ව හිටියයි කියලා කියන්නේ.කොහොම හරි ඉතින් වාහනය පස්සට ඇවිත් ඔහුත් එච්චර හිතන්නේ නැතුවම බලන්නේ නැතුවම මහ පාරටම රිවර්ස් කරලා.පිටිපන පැත්තේ ඉදන් අධ්ක වේගයෙන් ආපු ජීප් රථයක් මෙයාලගේ වාහනයේ වැදිලා ඒ මුලු පවුලම මිය ගියා.මට මතක විදිහට ගෙදර මෙහෙකාරිය හෝ කවුරු හරි ඉතුරු උනා.අනිත් වාහනය ඇතුලේ හිටපු හැමෝම මේ අවාසනාවන්ත මරණයට ගොදුරු උනා.ඒ අතර කුඩා අත දරුවෙකුත් හිටියා.ගමේ මිනිස්සු හා නෑයන් කියන්නේ නම් මරණේ දවස් වල පාර්ටි දාපු එක මේකට සම්බන්දයක් ඇති කියලා.මම මේ සිද්දිය ගැන මෙචචර දන්නේත් මැරුන මුදලාලි අපේ තාත්තගේ පාසල් කාලයේ මිතුරෙක් නිසා.මේ කතාව ගැන මීට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් වැරදි පෙන්නල දෙන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()

පළවෙනි පොස්ට් එකට රෙප් කැපුනට ඊට වඩා දෙවනි පොස්ට් එකට රෙප් හම්බුනා.රෙප් දීපු කපපු හැමෝටම ස්තූතියි.අද මම මේ කියන්න යන්නේ හොල්මන් කතාවක් නම් නෙමෙයි.මවගේ මල මිනියට කල අපහසයක් නිසා මුලු පවුලකටම ජීවිත වලින් වන්දි ගෙවන්න උනු කතාවක්.මුලින්ම කියන්න ඔනේ අර සිරස ටී වී එකේ නිව්ස් ෆස්ට් එකේ දානවා වගේ WE REPORT.YOU DECIDE කියලා.නැත් නම් මට කුනු හරපෙන් බනී මූ බොරු කියන්නේ කියලා.මේ සිද්දිය උනේ දැනට අවුරුදු 4ක් 5ක් විතර ඉහතදි.හෝමාගම ලේඛා කියලා සිනමා ශාලාවක් ලඟ පොඩි හොටෙල් එකක් කරනගෙන පුද්ගලයෙක් හිටියා.ඔහුගේ ගෙවල් තිබ්බේ හෝමාගම ඉදන් අවිස්සාවේල්ල පැත්තට යද්දි කෑම්ප් එක පහු වෙලා පිටිපනට පොඩ්ඩක් කලින් 122 පාර අයිනෙම.මට මතක විදිහට මේ සිදුවීම උනේ අප්‍රේල් මාසයේ.අර මම කියපු මුදලාලිගේ අම්මා මරණයට පත් උනා.ඉතින් මේ මරණ ගේ අතර තුර ඔහුගේ පුතා අවුරුදු පාර්ටි එකක් දැම්මා අම්මාගේ මරණය ගේ ඇතුලෙ තියෙද්දිම.ඉතින් ඒ මරණේ වැඩ කටයුතු ඉවර වෙලා දවස් කිහිපයකට පස්සේ මේ ගෙදර කට්ටිය රෑ පාර්ටි එකකට ගිහින් ගෙදර එද්දි 122 පාරේ ඇවිත් ගේ ඇතුලට ඔවුන්ගේ වාහනය දාද්දී අයිත් පොඩ්ඩක් පස්සට ඇවිත්.මොකද පොඩි කන්දක් වගේ තියෙනවා.පාරේ මට්ටමින් ටිකක් උඩින් තියෙන්නේ.වාහනහ පදවපු පුද්ගලයා බීමත්ව හිටියයි කියලා කියන්නේ.කොහොම හරි ඉතින් වාහනය පස්සට ඇවිත් ඔහුත් එච්චර හිතන්නේ නැතුවම බලන්නේ නැතුවම මහ පාරටම රිවර්ස් කරලා.පිටිපන පැත්තේ ඉදන් අධ්ක වේගයෙන් ආපු ජීප් රථයක් මෙයාලගේ වාහනයේ වැදිලා ඒ මුලු පවුලම මිය ගියා.මට මතක විදිහට ගෙදර මෙහෙකාරිය හෝ කවුරු හරි ඉතුරු උනා.අනිත් වාහනය ඇතුලේ හිටපු හැමෝම මේ අවාසනාවන්ත මරණයට ගොදුරු උනා.ඒ අතර කුඩා අත දරුවෙකුත් හිටියා.ගමේ මිනිස්සු හා නෑයන් කියන්නේ නම් මරණේ දවස් වල පාර්ටි දාපු එක මේකට සම්බන්දයක් ඇති කියලා.මම මේ සිද්දිය ගැන මෙචචර දන්නේත් මැරුන මුදලාලි අපේ තාත්තගේ පාසල් කාලයේ මිතුරෙක් නිසා.මේ කතාව ගැන මීට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් වැරදි පෙන්නල දෙන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()