dawas thunak eka digata me nula kiyawala iwaraune dan thama patta nulak meka nam...mata kawru hari kiyala denawada komada rep kiyana ewa denne kiyala mokada man mekata thama aluth
කාලයක් තිස්සේ භූත කොටුවට තමුන්ගේ අත්දැකීම් ලියපු කියවපු බම්ප් කරපු හැමදෙනාටම ඔවුන්ගේ පවුල්වල සැමටද සහ රොබොට් අයියා සහ පවුලේ සැමටද එළකිරියේ සාමාජිකයන් සැමදෙනාටමද ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.
භූත කොටුව තවත් චිරාත් කාලයක් සාර්ථකව ඉදිරියට ඇදේවා.......


....... රොබොට් අයියා මැරිල නෑ යකුනේ....... තව සතියකින් භූත කොටුවේ වැඩපටන්ගන්නම්....... (මේ සතියේත් වැකේශන් වලට එලියට යනව ) ආපුගමන් 1ස්ට් ප්‍රයෝරිටි අර සහෝදරීගේ අම්ම ගොඩදාගන්න එකට.........



රොබොට් කුමාරයභූත කොටුවට අවුරුදු කුමාරය ඇවිත්....... රොබොට් අයියා මැරිල නෑ යකුනේ....... තව සතියකින් භූත කොටුවේ වැඩපටන්ගන්නම්....... (මේ සතියේත් වැකේශන් වලට එලියට යනව ) ආපුගමන් 1ස්ට් ප්‍රයෝරිටි අර සහෝදරීගේ අම්ම ගොඩදාගන්න එකට.........
භූත කොටුව ඇදන් යන ඔක්කෝටම තුති.....![]()
උඹළ ඔක්කෝටම සාමය සතුට පිරි, හොල්මන් නැති සුබම සුබ නව වසරක් වේවා.....
රොබොට් කුමාරය
භූත කොටුවට අවුරුදු කුමාරය ඇවිත්....... රොබොට් අයියා මැරිල නෑ යකුනේ....... තව සතියකින් භූත කොටුවේ වැඩපටන්ගන්නම්....... (මේ සතියේත් වැකේශන් වලට එලියට යනව ) ආපුගමන් 1ස්ට් ප්‍රයෝරිටි අර සහෝදරීගේ අම්ම ගොඩදාගන්න එකට.........
භූත කොටුව ඇදන් යන ඔක්කෝටම තුති.....![]()
උඹළ ඔක්කෝටම සාමය සතුට පිරි, හොල්මන් නැති සුබම සුබ නව වසරක් වේවා.....
රොබොට් කුමාරය




ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි වතාවට අසනීප වෙලා තියෙන්නේ ඊට කලින් එයාට එහෙම දෙයක් වෙලා නැහැ,තොවිල් 3 මහා ගිහි පිරිතක් සාංගික ධානයක් දිලවත් අම්මව සුව කරගන්න අපිට බැරිවුනා.එදා පටන් අද වෙනකම් අම්මා බෙහෙත් වල පිහිටෙන් ඉන්නවා,එයාව සුව කරගන්න අපි නොගිය දේවාලයක් පල්ලියක් පන්සලක් ලංකාවේ නැති තරම්.දෙවියන්ගෙන් පිහිටක් ලැබුනේ නැති අපිට අන්තිම විසදුම වුනේ එයාව අංගොඩ මානසික රෝහලේ නතර කරන්න.අම්මව ඇඳක ගැටගහලා තියෙත්දී මට මං ගැනම ලොකු කලකිරීමක් දැනුනේ මමත් මගේ නංගිත් වෙන කිසිම දරුවෙක් විදපු නැති තරම් දුක්වින්දා.අදටත් අපිට කිසිම සැනසීමක් නැහැ.දොස්තරලා පිළිගන්න ලැහැස්ති නැහැ අමනුෂ්‍ය කොට්ටාෂ්‍යක් ඉන්න බව.එයාලා කියන්නෙම මගේ අම්මට පිස්සු කියල.ඒත් අම්ම හැසිරෙන විදියට අම්මගේ ඇඟ තුල අමුතු ශක්තියක් තියෙන බව අපිට තේරෙනවා.ඒ ශක්තිය හරිම බලවත්,දේවාලයකට ගියත් අම්මගේ දිෂ්ටිය අයින් කරන්න එයාලට බැහැ.දැන් අවුරුද්දකට කලින් එක රෑක ආයෙත් අම්ම දිෂ්ටි වුනා එදා අම්ම කියුව රෑ 12 වෙන්න කලින් තාත්තගේ ලේ හොල්ලනවා කියලා,ඉතින් අපි හුගාක් බය වුනා ඒක නිසා අම්මව ඉක්මනට දේවලයකට එක්ක ගිය ඔයාලා දන්නවත් ඇති දෙමටගොඩ ගුවන්පාලම ලග තියෙන ලුනාවේ දේවාලය අන්න එකටයි අම්මව එක්ක ගියේ.ලොකු කපු මහත්තය හිටියේ නැහැ පොඩි කොල්ලෙක් තමයි හිටියේ,එයා අම්මට මතුරන්න ගත්ත ඒත් අම්ම එයාව ගණන් ගන්නෙවත් නැහැ හිනහ වේවි ඉන්නවා,,ඒ කොල්ලට තේරුණා අම්මව මෙල්ල කරන්න එයාට බැරිබව.එයා කියුව වතුර ටිකක් මතුරලා දෙන්නම් අම්ම ගොඩක් කලබල කලොත් එක පොවන්න ඊට එහා දෙයක් එයාට කරන්න බැහැ කියුව.මොනවා කරන්නද ගෙනිච්ච විදියටම අම්මව ආපහු ගෙදර ගෙනාවා.අම්ම තනියෙන් තියන්න බැරි නිසා තාත්තත් අම්ම ගාවින් හිටිය හරියටම රෑ 12 අම්ම වතුර ඉල්ලලා තාත්තාගෙන් තාත්ත අම්මට අර මතුරපු වතුර විදුරුවක් දීලා,අම්ම එක බිලා අපිට ටිකක් එහාට යන්න කියලා වීදුරුව පොලවේ ගැහුවා.කියුවත් වගේම රෑ 12 ඒ විදුරු කටුවක් විසිවෙලා ඇවිත් තාත්තගේ දනහිස ලග කැපුනා,ඒත් අම්මව අපිට පාලනය කරන්න බැරි නිසා එයාව අපි ඇඩ්මිට් කළා,ඔය පුංචි සිදුවිමක් විතරයි.අදටත් ඔය දේවල් අපේ ගෙදර සිදුවෙනවා.මේ දේවල් ලියුවේ කවුරු හරි මේක කියවන කෙනෙක් මගේ අම්මව සුවකරගන්න අපිට පිහිටවෙයි කියලා හිතලයි.අද ගොඩාක් අය සල්ලි අරන් මිනිස්සුන්ව රවට්ටනවා.අපි ඒ වගේ කට්ටඩි 3 දෙනෙකුට අහුවුනා.එයාලට බැරිවුනා මගේ අම්මව සුවකරන්න.ඔයාලා දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න.දැන් මගේ අම්මට වයස 54 එයාව ජිවත් කරවන්නයි අපිට ඕන.කවුරු හරි කෙනෙක් අපිට මගපෙන්වනවා නම් එයාට හුගාක් පින්.මේක කියවලා විහිලුවකට අරන් මාව අපහසු තාවයකට පත් කරන්න එපා.පුළුවන් කෙනෙක් අපිට උපකාරී වන්න....![]()
......අනික් උන්ට කාලයක් බලන් ඉන්න වෙයි
........ අත්දැකීම් බරගානක් දාල තියෙනව. පි.ම්. හැටහුටහමාරක් තියෙනව, හෙමිහිට බලාගෙන එන්නම්
, කට්ටිය ඇදන් පලයල්ලා....
රොබොට් අයියාMata asai me thread eka kiyawanna.. eth bayai..![]()

හම්මේ තියෙන සනීපේ..... මේකට උත්තර කොටල ඉවර වුනේ අද......අනික් උන්ට කාලයක් බලන් ඉන්න වෙයි
........ අත්දැකීම් බරගානක් දාල තියෙනව. පි.ම්. හැටහුටහමාරක් තියෙනව, හෙමිහිට බලාගෙන එන්නම්
, කට්ටිය ඇදන් පලයල්ලා....
රොබොට් අයියා



මුලින්ම කියන්න ඕනේ මගේ පළවෙනි පොස්ට් එකෙන්ම මගේ රෙප් කපපු එකාව කොටියම කාපන්.ඌ කමෙන්ට් එකක් දාලා බොරු කතා දාන්න එපා කියලා.ඈ බොල විශෙෂණ පුතෝ තොටද සිද්දිය උනේ මටද?කමක් නෑ පොඩි උන්ගේ ආසාවනේ.එහෙම කලා කියලා මම මේ නූල බලන එක අතාරින්නේ නෑ.මට වෙච්ච සිද්දි දෙකයි තියෙන්නේ මේ වගේ.එකක් දැම්ම මේ අනිත් එක.රෙප් කපන උන් ඕන තරම් කපා ගනින්.ඒ වගේම කමෙන් කරල තිබ්බ අනිත් අයට ස්තූතියි.දැන් බහින්නම් වෙච්ච සිදිදියට.
මම සාමාන්‍ය පෙළ කරන කාළයේ හිටියේ මගේ ආච්චි සීයයි එක්ක.ඒක මගේ පාඩම් කටයුතු වලට වගේම ඒ දෙන්නගේ තනියටත් හොඳ නිසා මම එහේ නැවතුනා.ඉතින් ඔහොම ඉන්නකොට 2007 ජුනි මාසයේ විතර එක දවසක් සීයා එක පාරටම අච්චිගේ නම කියල රෑ හීනෙන් කෑ ගැහුවා *ඔන්න ඔතන ඉන්නවා ඔන්න ඔතන ඉන්නවා අයින් වෙන්න කියලා* අපි නිදා ගත්තේ එකම කාමරයක.සීයා එක ඇඳක මමයි ආච්චි එක ඇඳක.අපි නිදා ගත්ත ඇඳ ලග ජනෙලයක් තියෙනවා.සීයට එතනින් කවුද යනවා වගේ පේනවලු.එදා රේ ආච්චි ෆුල් ට්‍රයි එක දුන්නා කවුද ඒ කියල දැන ගන්න.ඒත් සීයා කිව්වේ නෑ.මේ විදිහට හැමදාම රෑට සීයා කෑ ගහන්න ගත්තා.එක දවසක් රෑ මටත් හොදටම බය උනා.පහුවදා ආච්චි කිව්වා පන්සලට ගිහින් පිරිත් නූල් 3ක් අරන් එන්න කියලා.මම ඉතින් පිරිත් නූල් අරන් ඇවිත් අපි තුන්දෙනාම අතේ බැඳගෙන හිටියා.මට බදාදා සහ බ්‍රහස්පතින්දා අපේ ගෙවල් ලඟ විද්‍යාව ගුරුවරයෙක් ලග කණ්ඩායම් පන්තියක් තිබ්බා.හෝමාගම පැත්තේ ඉන්න අය නම් දන්නවා ඇති සමර ආරච්චි සර්. එයාගේ ගෙදර තමයි පංති තිබ්බේ.එදා මම පන්සලට ගිහින් පිරිත් නූල් ගෙනාවේ අඟහරුවාදා දවසක.එදා පිරිත් නූල බැදපු දවසේ මහ රෑ එක පාරටම සීයා ඇඳෙන් නැගිටලා සරමත් කඩාගෙන ගෙයි මිදුලට දුවලා ගියා.ගිහින් මිදුලේ හරි මැද වාඩි වෙලා ඉන්නවා.දැන් නම් මම හොදටම බය වෙලා.පස්සේ දැන් ආච්චි ගිහින් අතින් ඇදන් එන්න හදද්දි සීයා එක පාරටම කිව්වා මම මේක උයලා කාල එන්නම් කියලා. පස්සේ ආච්චි දැනගෙන පෙරේත සීන් එකක් තමයි මෙයාට මේ පෙන්නේ කියලා.පහුවදා උදේ ආච්චි සීයගෙන් අහගත්තා මොකක්ද විස්තරේ කියලා.අපේ ආච්චිව කසාද බඳින්න කලින් සීයා යාළු වෙලා හිටපු ගෑනු කෙනෙක්වලු මේයාට පෙන්නෙ.ඉස්සර අපේ සීයට තේ වතු තිබිලා තියෙනවා.ඒ දවස් වල තමයි ඔය සීන් එක තිබිල තියෙන්නේ.මම හරියටම දන්නේ නෑ පස්සේ ඒ ගෑනු කෙනාව කවුරු හරි මරලා දාල තිබ්බලු එයාගෙම තේ වත්තේ.ඒ කතාව නම් මට හරියටම ෂුවර් නෑ මචන්ලා.මොකද ඒක මගේ කනට ලාවට වැටුන සීන් එකක්.ඉතින් බදාදා උදේ අපේ අම්මයි පුන්චි ඇවිත් මේකට මොකද කරන්නේ කියලා අහල රත්නපුරේ අපේ නෑදෑ වෙන කෙනෙක් මේ වගේ සීන් කරනවා.තොවිල් නටනවා,බූත සීන් අයින් කරනවා.එයාලට කෝල් කරල අපි එන්න කිව්වා.එයාල කිව්වා අද නම් එන්න වෙන්නෙ නෑ.සිකුරාදා හවසට එන්නම් කියලා.ඊට පස්සේ අපේ අම්මලත් ගියා ගෙවල් වල.මම ඉතින් පන්ති යන්න ඕන නිස හවස පන්ති ගියා.පයින් යන දුර පන්තියට.ඒත් පාරෙන් හැරිල ටිකක් ඇතුලට එන්න ඕනේ අපේ ගෙදරට.8ට විතර පන්ති ඉවර වෙලා යලුවෝ එක්ක මගට ඇවිත් ඉතුරු ටික මම තනියමට ආවා.ගෙවල් පාරේ පොඩි වංගුවක් තියෙනවා එතන ටිකක් කලුවර පොට් එක.ලයිට් කනුවක් තියෙනවා ඒකට ලියිට් දාපු ගමන් ගෙවල් පැත්තේ ඉන්න ගාමන්ට් කොල්ලෝ ටික එකට දෙනව පාර.මොකද සමහර දවස් වලට එතන ලව් කපල් ඉන්නවා. ඉතින් මම පන්ති ඉවර වෙලා එද්දි මර බයෙන් ආවේ ඉතින් එක පාරටම කවදාවත් නැතුව වවුලෝ රන්චුවක් හුගක් පහතින් පියාඹගෙන ගියා එතනි.මම ඇරියා ඇරිල්ලක් එකම පිම්මේ ගෙදර.මම හොදටම බය වෙලා එදා ආච්චිටයි මටයි නින්දක් නෑ,මම නම් බයට නිදි නෑ.ආච්චි සීයාව ආරක්ෂා කරන්න ඕන නිසා නිදි නෑ.ඔන්න වෙනදා වගේම අයිත් සීයා ජල්ලිය අල්ලන්න පටන් ගත්තා.අපිට ආම්බාන් කරන්න අමරුයි මොකද සීයා ටිකක් සයිස් පොරක්.තව එක දවසනෙ කියලා කොහොම හරි අපි ගේම සෙට්ල් කර ගත්තා.බ්‍රහස්පතින්දා ත් මම පන්ති ගිහින් එද්දි අර විදිහටම ඒ තැනදිම වවුලෝ ටිකක් ගියා.මට දැන් මාරම අප්සෙට්.බයේ බෑ මම පිරිත් නූල් ගෙනාපු නිස මට සීන් එක ඇවිත් ද වත් කියලා.එදා රෑත් අපි දොරවල් අගුල් දාලා යතුරු හංගල නිදා ගන්න හැදුවට නිදා ගන්න බෑ.සීය එලියට යන්න ෆුල් ට්‍රයි එක.කොහොම හරි එදාත් ශේප් කරන් ඔන්න අර අපේ නෑ කට්ටිය ආව සිකුරාදා රෑ.ඇවිත් ඒ නැන්දා මොනවද මන්ද මතුරල ගේ වටේම් ගියා.අපේ ගෙදර එක පැත්තකින් තියෙන්නේ මහා තඩි වෙල් යායක්.වෙල පැත්තේ ගහල තියෙන්නේ බීරළු වැටක් ඒ නැන්ද එලියට ගිහින් ඇවිත් කිව්වා එයා දැක්කලු එයාව බීරළු වැට උඩ වාඩි වෙලා දනිස් වලින් පනුවෝ බෙරෙනවලු.අර මැරිච්ච ගෑනු කෙන පෙරේත ආත්මයක් වෙලා ඇවිත්.මෙයට තියෙන ආදරේට කෑම කන්න කතා කරනවලු.මෙයා කිව්වේ සීයට.පස්සේ පෙරෙත තට්ටුවක් එහෙම ගහලා පෙරේත ගොට්ටකට අල්ලමු කියලා කතා උනාට පස්සේ නැන්දා කිව්වා ගේ ඇතුලට එයිද බලනන්න ඕනේ නිසා බලමු මුලින් ගෙන්නලා කියලා කෑම කාමරේ ඉදන් මොනාද මන්දා කියල මැතුරුවා.පස්සේ එක පාරටම එය මතුරන එක නැවැත්තුවා විතරයි ඉස්සරහ දොර ළඟ හිටන් ඉදපු රත්නපුරේ ඉදන් ආපු අපේ මාමා කෙනෙක් ගහක් කඩන් වැටුනා වගේ බිම වැටුනා.පස්සේ තමයි නැන්ද කිව්වේ ගෙට පෙන්නපු කෙනා තමයි ඒ පෙරලන් ගියේ කියලා.මේක ටයිප් කරද්දිත් නිකන් ඇඟ හිරි වැටෙනවා.අවුලක් නෑ මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි.අනිත් එක ඔෆිස් එකේ කට්ටියත් ඉන්න නිස අවුලක් නෑ.ඔන්න සෙනසුරාදා වැඩේ කරන්න පටන් ගත්තා.ඔය මොන සීන් එක උනත් මගේ හිතේ ඕවා ගැන එච්චරම විශ්වාසයක් තිබ්බේ නෑ.දැන් පෙරෙත තට්ටුවක් හදලා පෙරේත ගොට්ටක් හදලා එහෙම වැඩේ පටන් ගන්න කලින් අපේ අයියල ටිකටයි මටයි ඒ නැන්දා දුන්නා අඟල් 6ක් විතර දිග නූලක් දාපු ජෑම් බොතලයක් බර බලන්න කියලා.ඉතින් සාමන්‍ය බර තමයි තිබ්බේ. ඔන්න දැන් වැඩේ පටන් ගත්තා පෙරේත තට්ටුව ලග කට්ටඩි මහත්තයෙක් ඉන්නවා එලියේ ඉදන් අපේ නැන්දා මතුරනවා.එක පාරටම අපේ සීය අයිත් කලින් වගේ කෑ ගහන්න ගත්තා.පස්සේ අපේ නැන්දගේ ඇගට අර ගෑනිවා ආවා.එයා දැන් බිම පෙරලෙනවා.ඔලුව හප්ප ගන්නවා.බයේ බෑ අපිට.ඒත් එයාගෙ මහත්තය කිව්වා බය වෙන්න දෙයක් නෑ ඒයාට මුකුත් වෙන්නේ නෑ කියලා.පස්සේ බිම දිගේ පනුවෙක් යනවා වගේ එයා පෙරේත තට්ටුව තිබ්බ කෑම කාමරය පැත්තට ගියා.එක පාරටම නැන්දා කෑ ගැහුවා අල්ලපන් කියලා.එතකොටම නැන්දර කලන්තේ වගේ හැදිලා එලියට එක්කන් ආවා.පස්සේ අර කපු මහත්තය අර ජෑම් බොතලේ ඇතුලේ අර නූල ගැටයක් දාල වහල තියෙනවා පෙන්නුවා.කෑම කමරයට ගිහින් බැලුවම පෙරේත ගොට්ටේ තිබ්බ කෑම සී සීකඩ.නැන්දර සිහිය ආවට පස්සේ එයා අපිට දුන්නා අර ජෑම් බොතලේ බර බලන්න.කලින් තිබුනට වඩා සැලකිය යුතු මට්ටමක බර වැඩි වගේ දැනෙනවා.ඒත් අපේ හිතද කියන්න දන්නේ නෑ.නමුත් එදායි පස්සේ සීයා කවදාවත් බය උනේ නම් නෑ.ගෙදරටත් ආරක්ශාවක් කලා.අර නූල අරන් ගිහින් රත්නපුරේ සමන් දේවාලේ බෝ ගහේ බැන්දා කියලා තමයි නැන්දා කිව්වේ.
ඉතින් ඔන්න ඕක තමයි මම මූන දීපු දරුනුම සීන් එක සහ එකම සීන් එක.මේකත් කියන්න ඕනේ මේ වෙනකොට අපේ සීයා ජීවතුන් අතර නෑ.එයට නිවන් සුව පතනවා මේ අවස්තාවේ.මේක කියවල ඉතින් රෙප් බැරි නම් ඕන එකක් කපා ගනින්.ආසාවෙන් කියවන උන්ට කියවල විශ්වාස කරනව නම් කරන්න.නැත් නම් අවුලක් නෑ.
තෙරුවන් සරණයි.....!
![]()
![]()
![]()
![]()
![]()
![]()




wiswaasa karanna aka methi unath owaye aeththak thiyenawa ban. i am telling vt the experience![]()