මම නම් හිතුවේ රොබට් මැරිලා කියලා , මේක දැම්මේ භූතයෙක් නෙවෙයි කියලා කොහොමද විස්වාස කරන්නේ ,රොබොට් අයිය මැරිල නෑ යකෝ.... සතියකට දෙතුන්පාරක්වත් භූත කොටුවේ වලි යනවද කියල බෙල්ල දාල බලල යනව, කිසිදෙයක් කොටන්න කිසිම විවේකයක් නෑ..... මේ මගුල් රටවල තනිවෙලා ජීවත්වෙනකොට හිතට කිසිම සැනසීමක් නෑ..... කීපපාරක්ම අත්දැකීම් කිහිපයක් කෙටුව. මටම තේරෙනව ලියල තියෙනව අසාර්ථකයි කියල. මට මොනම හේතුවක් නිසාවත් දුර්වල රචනයකින් සත්‍ය අත්දැකීම් බාල්දුකරන්න බෑ......
ඒවගේම භූත කොටුව හරිම අහම්බයක්. මේකේ පටන්ගැන්ම කොහොමද වුනේ කියල පලවෙනි ත්‍රෙඩ් එකේම කියල ඇතිනේ. හාමිනේ නැති දින කිහිපයේ අහම්බෙන් පටන් ගත් මේ ත්‍රෙඩ් එක පිටු 200ක් කිට්ටු වෙනකන් විනයක් ඇතිව ඇදන් ගියපු ඔක්කෝටම මගේ ස්තූතිය. ප්‍රයිවට් මැසේජ් දාල මා ගැන සොයාබලපු සියල්ලන්ටත් මගේ ස්තූතිය. ඒවගේම අකමැත්තෙන් හෝ උඹලගේ බලාපොරොත්තු කඩකිරීමට සිදුවීම ගැන මගේ කණගාටුව.
ඒවගේම තව දෙයක්. මම අතරින් පතර දකිනව භූතකොටුවේ ආටිකල් එහෙ මෙහේ යනව. මම ගොඩක් කැමතියි මේ දේවල් භූතකොටුවට පමණක් සීමාවෙනවනම් (මාගේ අත්දැකීම්). මොනව වුනත් සයිබ අවකාශයේ සීමා මායිම් සෙවීම හාස්‍යක්. අත්දැකීම් උපුටාගැනීමේදී හැකි හැමවිටම අදාල රචකයින්ගෙන් අනුමැතිය ලබාගැනීමට කාරුණික වන්න. ඒවගේම භූතකොටුවේ අන්තර්ගතයන් එළකිරියේම නැවත පළකරන්නන් ඔවුන්ගේ දෙමාපිය ජානසංයෝගයේ බංකොලොත්බව විදහාදක්වන බවත් සැලකිල්ලට ගන්න.
බොරු බලාපොරොත්තු දෙන්න බෑ.......පුලුවන් දවසක නැවත හමුවෙමු.
සැමට ජය!!
රොබොට් අයියා.....![]()
දවසකට විනාඩි 15 ක් මේකට වැයකරන්න බැරිතරමට කාර්ය බහුල වෙන්නේ කොහොමද ?
මොනවා වුනත් වැදගත් අත්දැකීමක් ලගදීම කොටයි කියලා බලාපොරොත්තු වෙනවා .
අනාගතයේදී විවේකය වැඩියෙන් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා .

.... සතියකට දෙතුන්පාරක්වත් භූත කොටුවේ වලි යනවද කියල බෙල්ල දාල බලල යනව, කිසිදෙයක් කොටන්න කිසිම විවේකයක් නෑ..... මේ මගුල් රටවල තනිවෙලා ජීවත්වෙනකොට හිතට කිසිම සැනසීමක් නෑ..... කීපපාරක්ම අත්දැකීම් කිහිපයක් කෙටුව. මටම තේරෙනව ලියල තියෙනව අසාර්ථකයි කියල. මට මොනම හේතුවක් නිසාවත් දුර්වල රචනයකින් සත්‍ය අත්දැකීම් බාල්දුකරන්න බෑ......
. කෙටි වෙලාවකින් හෝ කඩින් කඩ අත්දැකීමක් කෙටුවහම එහි විවිධාකාර වෙනස්කම්, නොගැලපීම් අනන්තයි. අතරින් පතර ඇති වෙනස්කම් සම්පූර්ණ කළාම කතාව සම්පූර්ණයි ඒත් අත්දැකීම අසාර්ථකයි. මම දවසකුත් කිව්ව වගේ බුදුන්ටත් ඉපදෙන්න පස්මහ බැලුම් බලන්න සිදුවුන එකේ මටත් මේව ලියන්න ගොඩක් කරුණු කාරණා ගැලපිය යුතුයි. (මේ කොටන වෙලෙත් වෙලාව රෑ 3:35යි.) මට කාලය පිළිඹඳ ප්‍රශ්ණයකට වඩා තියෙන්නේ පැය 4-5ක ලොකු කාලයක් එකදිගට මේ සඳහා ගතකිරීමට ඇති අපහසුතාවයයි. ඉදිරියේදීත් නිවාඩු එමටයි. ඒත් ඉතින් මට හොබීස් වැඩියි. පොඩිකාලෙ ඉඳලම කඩි කුලප්පුව. නිවාඩුවක් සෙට්වුනගමන් හාමිනෙයි පොඩි එකයි එක්ක කොහේහරි රිංගනව. මේ සමර් එකේත් කැලෑ පීරුව....දැන් මේ දවස්ටිකේ කටබලියන් ඉන්නේ කොයි වෙලේ හිම වැටෙයිද කියල ස්කේට් කරන්න (හිම පදින්න) යන්න........ඉතින් වෙලා නෑ
...... 

