එළකිරි භූත කොටුව.........

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Rathana suthraya, Karaniya mettha suthraya, Jalanandhana Pirtha, nithara desana kirimen oya thathvaya suva kara gatha haka.
 

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    KEMMURA.jpg
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඌරු මස්‌ කන්න ආ අමුත්තා


    සුසාන භූමිය ස්‌වභාවයෙන් ම ඇතැමුන්ට බිය උපදවන තැනකි. තවත් අයෙකු, දැඩි කලකිරීමකට පත්කරවන තැනකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි වාසය කරන්නේ අමනුස්‌සයෝ ම යෑයි මිනිසුන් විශ්වාස කරන හෙයිනි.

    නමුත් කනත්තෙහි නිවාස තනා පදිංචි වන්නෝ නොසිටියත් මෙහි මායිමේ ජීවත්වන්නෝ බොහෝ වෙති. ඔවුන්ට නම් ඒ බිය මත කලකිරීම ඇති නොවුණත් ඇතැම් විටෙක අමනුෂ්‍යයන්ගේ ගති ස්‌වභාවය නම් නොදැනුණාමත්a නොවේ. මේ එවැනි කතාවකට සාක්‍ෂියක්‌ සපයමින් කනත්තක්‌ අසල පදිංචිකරුවකුගේ බිය උපදවන කතා ප්‍රවෘත්තියකි. මෙම නිවස පිහිටියේ සුසාන භූමියේ ඉහළ කෙළවරේය. වැටටම අල්ලා තනා තිබූ එහි මුළුතැන්ගෙයි ජනේලයෙන් සුසානභූමියෙහි කෙරෙන සියලු කාර්යයන් මනාව දර්ශනය විය. එහෙත් නිවැසියන්ට ඒ සියල්ල සාමාන්‍ය දේ වූහ.

    දිනකට මිනීs එකක්‌ හෝ දෙකක්‌ මිහිදන් කෙරෙන මෙහි නිතර හඬා වැටෙන්නෝ කෙළවරක්‌ නැත. එහෙත් මේ නිවැසියන්ට නම් ඒවායේ ගණනක්‌ නැත. පසුගිය දිනෙක දරුවන්ගේ ආහාර වේලට මස්‌ කරියක්‌ එකතු කිරීමේ අදහසින් පියා ඌරුමස්‌ කිලෝවක්‌ ගෙන ආවේ අඳුර වැටීමත් සමගය. කොතරම් ආදාහන කටයුතු කෙරුණත් මස්‌, මාළු ඉවීම් පිහීම් කෙරෙන මෙම නිවසෙහි එදිනද ඌරු මස්‌ කරිය සෑදීමට දෙගිඩියාවක්‌ නම් ඇති නොවීය. ඒ වන විටත් කනත්තෙහි මිහිදන් කර තිබූ තැනෙක ඉටි පහනක්‌ දෙකක්‌ දැල්වෙමින් තිබුණේ මළ පුද්ගලයාට ආලෝකය සපයන්නාක්‌ මෙනි.

    "ගේන දෙයක්‌ වේලාසන ගේනවා නම් නේ හොඳ. දැන් මේව හදල පුංචි එවුන්ට කන්න දෙන්න වෙලාවක්‌වත් තියෙනවායෑ"

    සැමියාගේ ප්‍රමාදය කෙරෙහි තරමක අමනාපයක්‌ දැක්‌වූ බිරිඳ කිsයා ගෙන යද්දී "අපට නිදිමත නෑ අම්මේ" පොඩි එවුන් එකහඬින් කීහ.

    "ඔව් ඉතිං තාත්තා වගේ නැතෑ. උඹලටත් මස්‌ කිව්වොත් ඊට එහා දෙයක්‌ නැහැනේ." සිතෙහි වූ කේන්තිය පොඩි දරුවන්ගේ හඬින් නිවී ගිය පේමවතී මස්‌ පාර්සලය ද රැගෙන මුළුතැන්ගෙට ගියේ හැකි ඉක්‌මනින් එය පිළියෙල කරන්නටය.

    "මස්‌ ටික මම කපල දෙන්නෙයි. සිය බිරිඳ තනිවම කුස්‌සියේ කරන ජරමරය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිකරගත් සැමියා ඇයගෙන් විමසුවේ තරමක්‌ ලෙන්ගතුකමකිනි.

    නෑ.... ඕන නෑ... ඔයා පොඩි උන් ටිකත් එක්‌ක ඉන්න. එහෙම නැති වුණොත් එයාල බුදිය ගනියි.

    ඔයා කලබල වෙන්න එපා. පේමෝ දැන් නම් එයාල කොහොමවත් බුදියන්නේ නැහැ කියා පියා නිවසින් පිටතට බසිද්දී යළිත් ආපසු හැරී බැලුවේ ගත උණුසුම් කර ගැනීමට යන ගමනට බිරිඳ යුද ප්‍රකාශ කරාවි යෑයි දෙගිඩියාවෙනි.

    පේමවතී ලහි ලහියේ රතුපාටින් බැබලුන මස්‌ කැබැල්ල පාර්සලයෙන් පිටතට ගෙන කපන ගමන් ඇතිලියකට දැම්මාය. ඉන් අනතුරුව ලුණු ඇඹුල් මිශ්‍ර කර අනෙක්‌ පහේ යොදා ළිප තබා සාලයට ආවේ "දරුවෝ" කුමක්‌ කරනවාදැයි බලන්නටය.

    "කෝ පුතේ තාත්තා"

    "තාත්තා ගියා" බාලම දරුවා පිළිතුරු සපයද්දී වැඩිමලා මවගේ මුහුණ දෙස බලා සිටියාය.

    "ලොකු දරුවො තාත්තා කොහාටද ගියේ"

    ඔය කඩේට යන්න ඇති අම්මේ. එයා දැන් ඒවි.

    පේමවතී බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැලුවාය. එහි රාත්‍රි නවය පසුවී තවත් විනාඩි කිහිපයක්‌ පසුවී තිබිණි. දැන් දරුවන්ගේ නිදිමත උග්‍ර වේගෙන එන වෙලාව හෙයින් ඈ නැවත මුළුතැන් ගෙට දිව ගියේ ඌරුමස්‌ කරිය ඉක්‌මනින්aම බාගන්නටයි.

    ඒ වනවිටත් ළිප තිබූ වළඳෙහි මස්‌ කැබලි චොර චොර හඬින් උඩ පැන පැන නටද්දී පොල්කටු හැන්දක්‌ ගෙන එය එහාටත් මෙහාටත් පෙරළ පෙරළා තැම්බී ඇත්දැයි බැලීය.

    "පුතේ උඹල කෑවද"

    පියා නිවසට ආපසු එන ගමන්ම දරුවන්ගේ ආහාර වේල ගැන විමසුවේ සැකයක්‌ ඇති නොවන්නටයි.

    "තවම නැහැ තාත්තෙ"

    "මෙච්චර වෙලා අම්ම මොනවද බං කරන්නේ".

    "ඔව් තාත්තේ අපටත් දැන් බඩගිනියි කියූ දරුවෝ කුස්‌සියට දිවයමින් නැවතත් රූපවාහිනිය අසලට ආවේ "තාමත් නෑ තාත්තේ කියමිනි."

    ඌරුමස්‌ කරිය දැන් පදමට සැකසී ඇතත් පේමවතී එය තහවුරු කර ගැනීම සඳහා පොල්කටු හැන්දට ගත් මස්‌ කෑල්ලක්‌ රස බලන්නට සූදානම් වූවාය

    "මටත් කෑල්ලක්‌"

    ජනේලය අසල සිටි කවුදොa කියනවා ඇයට ඇසිණි. එහෙත් එය ගණනකට නොගත් පේමවතී ඒ දෙස නොබලාම මස්‌ කැබැල්ලෙන් තවත් කොටසක්‌ කඩා හපන්නට වූවාය.

    "මටත් කෑල්ලක්‌"

    යළිත් වරක්‌ ඇසෙන නොඇසෙන හඬින් කියනවා ඇයට ඇසිණ.

    එවරද ගණනට නොගෙන පේමවතී ඉතිරි මස්‌ කැබැල්ලද කටේ රුවා හපන්නට හදනවාත් සමග දෙතුන් දෙනෙක්‌ ඒ හඬින්ම "මටත් මටත්" කියනවා ඇසුණෙන් ඇය ජනේලය දෙස හැරී බැලුවාය.

    එහෙත් කිසිවකු පෙනෙන්නට නැත. ඒ වන විට සොහොනේ දැල්වෙමින් තිබූ ඉටි පහන්වලින් දෙක තුනක්‌ හැරෙන්නට අනෙක්‌ ඒවා සියල්ල නිවී ගොස්‌ තිබිණි.

    මෙම සිදුවීමෙන් තරමක්‌ කුතුහලයට පත් පේමවතී තම දරුවන්වත් ජනේලය අසලට ආවාදැයි සිතමින් නැවත සාලයට ගියාය.

    "පුතාල දැන් කුස්‌සියට ආවාද?"

    "අපි ආවේ නෑ". දරුවෝa එක හඬින් කියද්දී සැමියාද කීවේ කිසිවෙක්‌ නොආ බවයි.

    මේ සිදුවීමත් සමග ඇය යළිත් වරක්‌ මුළුතැන්ගෙට ගියේ තරමක සැකයකිනි. එහෙත් බියක්‌ නම් දැනුණේ නැත.

    "කවුද එහෙනම් මගෙන් මස්‌ ඉල්ලුවේ" යි සිතමින් ඒ වන විටත් ළිප තැබූ ඌරු මස්‌ වළඳ බාගනිද්දී යළිත් වරක්‌ "මටත් ටිකක්‌" යෑයි කවුදොa කියනවා ඇසිණි.

    මින් වඩාත් කලබලයට පත් ඇය, මිට නැති මන්න පිහිය ගෙන ජනේලය අසලට කිට්‌ටු වෙද්දී නාසය කඩා හැලෙන දුර්ගන්ධයත්a සමග යමක්‌ පෙනී නොපෙනී යනවා දක්‌නට ලැබිණි. එදා සිට මෙම නිවසේ රාත්‍රි කාලයෙහි මස්‌ හෝ මාළු පිසීමට කිසි උනන්දුවක්‌ දක්‌වා නැතත් එවැන්නක්‌ පිළියෙල කරනවා නම් දහවල් කාලයේදී සියල්ල අවසන් කරන බව ඔවුහු පැවසූහ.



    ( දිවයින පත්‍රයෙන් )

    විමලසිරි අගලකඩ
     
    • Like
    Reactions: Pan-X

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    elakiri eke patta asawen mula idan agatama balapu ekama thread eka... eth robert aiya dan wadiya nathi eka nam maha madi kamak wage danenne.. ane manda machanla..
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    නිමක් නෑ.......

    ආයේ කට්ටිය වැඩ පටන් අරන් වගේ...... බූත කොටුවත් නිකන් අලුයට තියෙන ගින්දර වගේ..... එකපාරට හුලං වැදිල ඇවිලෙනව...... ආයේ අලුයට හැංගෙනව...... නිමක් නෑ.......:)

    රොබොට් අයියා...... :frown:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආයේ කට්ටිය වැඩ පටන් අරන් වගේ...... බූත කොටුවත් නිකන් අලුයට තියෙන ගින්දර වගේ..... එකපාරට හුලං වැදිල ඇවිලෙනව...... ආයේ අලුයට හැංගෙනව...... නිමක් නෑ.......:)

    රොබොට් අයියා...... :frown:

    :shocked::shocked::shocked:

    Welcome back :D
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ආයේ කට්ටිය වැඩ පටන් අරන් වගේ...... බූත කොටුවත් නිකන් අලුයට තියෙන ගින්දර වගේ..... එකපාරට හුලං වැදිල ඇවිලෙනව...... ආයේ අලුයට හැංගෙනව...... නිමක් නෑ.......:)

    රොබොට් අයියා...... :frown:

    කොහෙද යකෝ ගිහින් උන්නේ...
    වැඩක් පටන් අරන් මෙහෙම දාලා යන්න එපා බන්..
    සෙට් එකම අතරමන් කරනවා වගේ වැඩක්...


    තරයේ හෙලා දකිනවා...
    :D
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපේ මව් ගම පලාතේ, ඒ කියන්නේ අම්බලන්ගොඩ තියනව නොගැඹුරු කුඩා මුහුදු බොක්කක්. මේකට කියන්නේ රට හාල් බොක්ක කියලා. මේ තැන ටිකක් අමුතුයි. පාළුයි. මහ මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනික අම්බලන්ගොඩ වෙරලේ වැලි හරිම සිනිදුයි. නමුත් මෙතන වැලි විතරක් ටිකක් ලොකුයි, ගොරෝසුයි. රට හාල් බොක්ක කියන්නේත් ඒනිසා. බොක්ක ඇතුලට වක් වෙන තැන් දෙකේ හරියට ගෙනත් තිබ්බා වගේ ගල් දෙකක් තියනවා(ඒ ගල් නෙවෙයි බන්ස්!!!!!:P:P) ජාම වෙලාවට මේ ගල් දෙකට කකුල් දෙක ගහගෙන මහසොහොනා ඉන්නව කියල කියන නිසා මේ පැත්තට ජාම වෙලාවලට යන්නේ නෑ හුගක් අය. කීප දෙනෙකුට මහසොහොනා ගහල හත් අඩිය කපලා අමාර්වෙන් ගොඩ දැමූ අවස්ථාත් තියනවා. මට නම් හාදයා ව සෙට් වෙලා නෑ...........නමුත් කියන විදියට කුඩා වෙලා ඉදලා එකපාරය ම ලොකු වෙන පත ගොයියෙක් කියල තමා කියන්නේ......!!!!!!

    මමත් අම්බලන්ගොඩ කොල්ලෙක් කිබුලෝ... :yes:

    ආයේ කට්ටිය වැඩ පටන් අරන් වගේ...... බූත කොටුවත් නිකන් අලුයට තියෙන ගින්දර වගේ..... එකපාරට හුලං වැදිල ඇවිලෙනව...... ආයේ අලුයට හැංගෙනව...... නිමක් නෑ.......:)

    රොබොට් අයියා...... :frown:

    මගේ කොමෙන්ටුවට පසු යලිත් රොබට් අයියාගේ කොමෙන්ටුවක් දැකීම තරම් ප්‍රීතියක් තවත් නැත.:yes::yes: comment කරාට මදි. අපිට තව කතා ඕනේ.
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    බූත කොටුවේ ඉන්න හැමෝගෙන්ම අවසර. මම හුඟ කාලෙකට කලින් බූත කොටුවට එකතු වෙලා එක කතාවක් වගේ පල කරත් හුඟක් බූත කොටුව කියවනවා. එත් දැන් කාලෙක ඉන්දල පෞද්ගලික හේතුන් මත මනට මේ පැත්තටවත් එන්න ලැබුනේ නෑ. එත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි වගේ දැන් නම් හැමදාම එනවා. ලොග් වෙන්න බැරුව ඉඳල අද තමා හරි ගියේ.
    ඔය හොල්මන් සීන් වලින් බැට කාපු කාලයක් මටත් තිබුන. ඒ නිසාම ඒවාට හුඟක් බය නැති වුනා. එත් ඉතින් කාලෙකින් මුකුත් කාවේ නැති නිසාද කොහෙද ආයි පොඩ්ඩක් බය ඇවිත්. එත් කුතුහලය බයට වඩා ලොකුයි. ඒ නිසා ආයි මේකේ කතා කියවන්න ගත්ත. මගේ අත්දැකීම් ඔක්කොම මන් හිමින් හිමින් දාන්නම්. එත් අද දෙයක් කියන්න හිතුන.

    මම දැක්ක කොහේ හරි ලියල තියෙනවා සමහර වෙලාවට ඇඟට ආවේස නොවුනත් බූතයෝ වැහෙන වෙලාවල් තියෙනව කියල. එකට මන් හිතන්නේ මම එකඟයි. මොකද මමත් එහෙම කෙනෙක් කියලයි මට හිතෙන්නේ. මේක වුනේ මගේ මේ බූතයන් ගැන තියෙන කුතුහලයටයි. මම ඔය ප්‍රසිද්ද තම්බ්ලර් ටෝල්කින් කියන දේ පොඩි කාලේ ඉඳන් කරා. එක විදිහක් නෙවේ, එක එක විදිහට අත් හදා බැලුව. මන් ගිය ඉස්කොලෙටත් පලවෙනි වතාවට ඕක අඳුන්වල දීල අන්තිමට ඕක ඉස්කෝලේ පිස්සුවක් වෙලා නැති චාටර් කෑවා.
    කොහොම හරි, එක දවසක් මන් ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් කම්මැලි හිතුන නිසා කොළ කෑල්ලක් අරන් තම්බ්ලර් ටෝල්කින් කරන්න ගත්ත. (මන් පොඩි කාලේ ඕක කරේ අපේ මහ ගෙදර ඉද්දියි. එකේ හුඟක් නරක දේවල් සිද්ද වුනා. අපි ගෙවල් මාරු වුනාම අලුත් ගෙදර ඔය කරන්න ගත්ත පලවෙනි වතාව. හබැයි අපි ගෙවල් මාරු කරේ මේ දේවල් නිසානම් නෙවෙයි. එත් තාත්ති නම් කියුව අලුත් ගෙදර පැත්ත පලාතේ ඕව කරන්න එපා කියල. එත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනෙ. )
    කොහොම හරි ඕක එහෙම කරන්න ගත්තේ මට කාලයක් තිස්සේ ගෙදර කාමරේ අමුත්තක් දැනුන නිසාත් වෙන්න ඇති. ( මාත් එක්ක තව මොනා හරි කාමරේ සමහර වෙලාවට තියෙනවා වගේ. පැහැදිලි කරන්න අමාරුයි.) කොහොමහරි මේ දේ කරද්දී ආත්මයක් හදිස්සියේම කතා කරා. (කොලයක් පෑනක් අරන් කරන සිස්ටම් එක එදා පලවෙනි වතාවටයි කරේ) මාත් බය නැතුව ඉන්ට්‍රෙස්ට් එකේ කතා කරා. ඔහොම යද්දී ඒ ආත්මය තව කෙනෙක් ගැන කියුව. හෙලන් කියල නමක් තියෙන කෙනෙක් ගැන. ටික දවසකින් එයත් දන්නෙම නැතුව කතා කරන්න ආව. ඔහොම තව කෙනෙකුත් එකතු වුනා. දැන් මට තේරෙනවා වගේ මේ ඔක්කොම මාත් එක්ක කාමරේ ඉන්නවා කියල. ටික දවසකින් මාත් එක්ක මුලින්ම කතා කරපු කෙනා මගේ අතට ආව. එකකට නෙවේ, මගේ අත් දෙකම මට කොන්ට්‍රෝල් නැතුව එක එක දෙවල් කරන්න ගත්ත. මන් නිදාගෙන ඉන්නද්දී විතරයි මුකුත් නොවෙන්න ඇත්තේ. හබැයි එක වුනේ මන් එ ආත්මෙට මගේ අත්වලට එන්න කියල හිතුවම විතරයි. අනිත් වෙලාවට මගේ අත්‍ දෙක මගේ යටතේ මයි තිබ්බේ. එත් වැඩි කාලයක් ගියේ නෑ , මගේ අත් දෙක මට වඩා ඒ ආත්මෙට ඕන විදියට තිබ්බේ. මන් හුඟක් උත්සහ කරා එයාව යවන්න , එත් එයාට යන්න බැරුව හිටියේ. පොඩ්ඩක් ගියත් මන් එයා ගැන හිතුවොත් ආයි එයා ඇවිත් මගේ අත් දෙක එයාට ඕන විදියට වැඩ කරන්න ගන්නවා. මේ වෙද්දී අර හෙලන් කියන ආත්මේ සහ අනිත් අත්මෙයි දෙකම ගිහින්, මේ පළවෙනියටම ආපු කෙනා විතරයි දැන් මාත් එක්ක ඉන්නේ. දවසක් අඩ නින්දෙන් ඇහැරුනම මන් ඒ ආත්මෙව දැක්කත් එක්ක. ඇහැරෙන්න බැරුව දඟලල ඇහැරුණාම කව්රුත් නැහැ හිටියේ. හබැයි මට බය නම් හිතුනේ නෑ පොඩ්ඩක් වත්. එත් මට වෙලාවකට හිතුන මේක මගේ හිතේ බොරු මනස්ගාතයක්ද කියල. මට මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලත් හිතුන. බය හිතුන මට අසනීප වත්ද කියල. එත් එහෙම දෙයක් නෑ , මේක ඇත්ත ආත්මයක් කියල මට විශ්වාස හිතුනා කල් යද්දී වෙච්ච දේවල් වලින් සහ මට පොඩි කාලේ ඉඳන් තිබ්බ පොඩි අත්දැකීම් වලින්. ( එත් තාමත් පොඩි අවිශ්වාසයක් නම් තියෙනවා මේක මන් මවා ගත්ත බොරු මනස්ගාතයක්ද කියල. ) මේක අහල මාව ඔලුව පෙන්නන්න ගෙනියයි කියල කාටවත්ම කියුවේ නෑ. ඔහොම දවස්, මාස යද්දී මේ ආත්මේ මගේ හොඳම යාලූවා වගේ වුනා. අපිට කතා කරන මාද්යකුත් තිබ්බ. ඒ ආත්මේ ට සතුටක් ලැබෙද්දී මගේ හිතටත් එක දැනෙනවා. දවසක් මන් ඇඳුම් නැති කෙනෙක්ව හීනෙන් දැක්ක. උදේ අර ආත්මේ කියුව එයා ඇඳුම් නැතුව ඉන්නේ කියල. මන් හුඟක් දුප්පත් පවූලක් හොයල හුඟාක් ඇඳුම් දුන්න ඒ ආත්මේ ගැන හිතල. ඊට පස්සේ දවසේ මන් නින්දෙන් නැගිටිද්දීම මගේ හිත කවදාවත්ම දනිලවත් නැති විදිහට සතුටෙන් පිරිලා ඉතිරුනා කිසි හේතුවක් නැතුව. ඒ දැනිච්ච දේ තේරුම් කරන්න බැහැ. පුදුම සතුටක්. එතකොට ඒ ආත්මේ මගේ අතට ඇවිත් අපි කතා කරන මාද්යෙන් මට කියුව එයාට ඇඳුම් ලැබුන, එයාට හුඟක් සතුටුයි කියල.

    ඔය මට වෙන දේ ගැන මන් හුඟක් හෙවුවා. මම යෝගා ඉගෙන ගත්ත මාස්ටර් ගෙනුත් ඇහුව. එයා කියුව පින් දීල යවන්න ඔහොම ආත්මයක් තියන් ඉන්න එක පවූ කියල. එත් මට යවන්න තේරෙන්නේ නෑ. මේ ආත්මෙට යන්නත් තේරෙන්නේ නෑලු. මට කල් යද්දී මටම කියල අත් දෙකක් නැහැ වගේ දැනුන. පුරුදු වෙනකන් හුඟක් අමාරු වුනා. නිකන් හිතන්න බද්ද දරුවන් දෙන්නෙක් ගැන. ටිකක් ඒ වගේ. මේ ආත්මේ කවදාවත් නරකක් කරලා නෑ මට මේ වෙනතුරු. මට කරදර කරලත් නැහැ. මම පන්සල් යනවට පින් දහම් කරනවට හරි කැමතියි. ඒවා මාත් එක්කම එයත් කරනවලු. මේ මන් කියවන දේවල් ඔයාලට තේරෙනවද මන්දන්නේ නැහැ. එත් මට මීට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි අද මන් ඉන්නේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්නේ. මුහුදු හතක් පහුවෙද්දී ආත්ම මුකුත් එන්නේ නෑ කියුවට මේ ආත්මේ මාත් එක්කම අවා. එත් කාලයක් එක්කම මන් ඉබේම දැනගත්ත මේ දේ පාලනය කරන හැටි. අදටත් මම හිතුවොත් ආයි ඒ දේවල් වෙනවා. එත් නොවෙන්න මන් පාලනය කරනවා. අද මම කසාද බැඳලා ලස්සනට ඉන්නවා. මේ දේවල් අදටත් කවුරුත් දන්නේ නෑ.
    මේ ආත්මය කවදාවත් මගේ පෞද්ගලික ජීවිතයට නරක දෙයක් වෙන්න ඉඩ දීල නෑ. එත් මාව බෙරලනම් තියෙනවා.

    මේක ගැන වැඩි දුර දන්නා කවුරු හරි ඉන්නවනම් මට කියන්න. දැනගන්න කැමතියි වැඩි විස්තර.
    pissu kora :O
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හම්මේ.. එක දිගට දවස් 3ක්ම කියවලා අදයි කෙළවරකට ආවේ. ඊයේ රැ හරියට නින්ද ගියෙත් නැ :confused::confused: මොනා උනත් රොබෝට් අයියගේ අතිශය කාර්යබහුලත්වය ත්රෙඅඩ් එකට ලොකු පාඩුවක්:yes::yes::yes: පුළු පුළුවන් වෙලාවට ඇවිල්ල මොනා හරි කොටලා යන්න රොබෝට් අයියා.. මට නම් මේ සම්බන්ද කිසිම අත්දැකීමක් නැ, අත්දැකීමක් ලබන්න උවමනාවකුත් නැ.:lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එලමකිරි..නිකන් කලින් බම්ප් කරාට ත්‍රෙඩ් එක හරියට බැලුවේ අද...උදේ ඉඳන් බලනවා තාම 92 යන්නෙ,අනිවා ඔක්කොම බලනවා..හැමෝටම ජය :)