එළකිරි භූත කොටුව.........

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මීපෙගණිතගේ චන්ද්‍රභාරතී කියන කට්ටඩි මහත්තයා ගැන කවුද දන්නේ..:yes::cool:ඉස්සර හෑමදාම රෑ එෆ් එම් දෙරණේ රෑ කලුවර අඩවිය ප්‍රෝග්‍රෑම් එකට ආවා..:yes:ආසවෙන් බයෙන් අහපු වැඩසටහනක් :yes::D:D
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මීපෙගණිතගේ චන්ද්‍රභාරතී කියන කට්ටඩි මහත්තයා ගැන කවුද දන්නේ..:yes::cool:ඉස්සර හෑමදාම රෑ එෆ් එම් දෙරණේ රෑ කලුවර අඩවිය ප්‍රෝග්‍රෑම් එකට ආවා..:yes:ආසවෙන් බයෙන් අහපු වැඩසටහනක් :yes::D:D



    කළුවර අඩවිය මාත් ඉස්සර පට්ට බයෙන් ඇහුවා :growl::growl::growl:මොනා උනත් ඒ කට්ටඩි මහත්තයාත් සැහෙන්න වැඩකාරයෙක් වගේ. එයා කරපු වැඩ එහෙම ඇහුවම රැට නින්ද යන්නෙත් නැ. එච්චරටම හිතාගන්නවත් බැරි වැඩ කරපු කෙනෙක්:shocked::shocked::shocked:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කළුවර අඩවිය මාත් ඉස්සර පට්ට බයෙන් ඇහුවා :growl::growl::growl:මොනා උනත් ඒ කට්ටඩි මහත්තයාත් සැහෙන්න වැඩකාරයෙක් වගේ. එයා කරපු වැඩ එහෙම ඇහුවම රැට නින්ද යන්නෙත් නැ. එච්චරටම හිතාගන්නවත් බැරි වැඩ කරපු කෙනෙක්:shocked::shocked::shocked:
    :yes: ow machan mata hithenne miniha supirima wadakarayek..voice eka ehema kohomada? niyama parana kattadi voice eka :cool: katha karana wachana,katha karana widiya supiri.. dan v fm eke eyage program ekak yanawa kiyala kiwwa... :yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    :yes: ow machan mata hithenne miniha supirima wadakarayek..voice eka ehema kohomada? niyama parana kattadi voice eka :cool: katha karana wachana,katha karana widiya supiri.. dan v fm eke eyage program ekak yanawa kiyala kiwwa... :yes:

    kaluwara adaviya tama yanawada bn :O ahuwe nah hena kalekin
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ගිය ආත්මේ බිරිය මේ ආත්මෙදිත් පස්සෙන් ඇවිත් “මා අරන් මිස යන්නේ නැහැලු”

    තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ… ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙයි. ආශාව නිසා දැඩිව අල්ලා ගැනීම ද දැඩිව අල්ලා ගැනීම නිසා භවයක පිළිසිඳ උපත ලැබීම ද සිදු වී ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකවීම, හැඬීම් වැළපීම්, දුක් දොම්නස්වීමට සිදුවීම මේ කි‍්‍රයාවලියයි.
    මේ සියල්ල අවිද්‍යාව හෙවත් නොදැනීම හේතු කොට ගෙන ලබන්නා වූ ඵලයන්ය. තණ්හාව නිසා සිතේ සිතුවිලි ගොඩ ගසා ගැනීමෙන් මේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් නැවත නැවත් ඉපදෙමින් සංසාර ගමන දිගුවෙයි.
    මේ අප දන්නා හඳුනන මහත්මයකුට එළඹ ඇති සංසාරික කරදරයක සංවේදී කතාවකි.
    ඔහු මහනුවර දිස්ති‍්‍රක්කයේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පනස් හත් හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ බිරිය ද රජයේ රැකියාවක් කරන අතර ඔහු ව්‍යාපාරයක නියුතුව සිටී. මිනිස් ඇසට නොපෙනෙන පුද්ගලයකු ඔහු ගේ හිසට අත මිට මොළවා පහර දෙයි. පපුවට, පිටට දැලට පහර දෙයි.
    හිස කෙස්වලින් හා කනෙන් අදී. නාසය තුළ පිහිටි මවිල්වලින් අදී. මෙය ඔහුට මහත් වේදනාවක් ගෙන දෙයි. හිරිහැරයක් වී පවතී. දිනක් කළුතර බෝ සමිඳුන් සෙවණේ දී මා මුණ ගැසුණු ඔහු තමන්ගේ දුක්ඛ දායක කතාව දිග හැරියේ මෙසේ ය.
    “මේ සිද්ධිය පටන් අරගෙන දැනට අවුරුදු දහ අටක් වෙනවා. මම පුදුම දුකක් විඳින්නේ. මගේ ළඟ යම් කෙනෙක් නිතර ම සමීපව ගැවසෙන බව මට දැනෙනවා. හිටි හැටියේ මගේ හිස කෙස්වලින් අදිනවා. නාසය ඇතුළේ මවිල්වලින් අදිනවා. අත මිට මොළවා පහර දෙනවා.
    දැන් මේකට ලංකාවේ යන්න තියෙන හැම දේවාලයකටම ගියා. කරන්න තියෙන හැම තැනකටම ගියා. ශාස්ත‍්‍ර කියන තැන්වලට ගියා. හඳහන් බලන තැන්වලට ගියා. හින්දු කෝවිල්වලට ගිහින් හින්දු ක‍්‍රමයේ පුද පූජා කළා. පල්ලිවලට ගිහින් කි‍්‍රස්තියානි ක‍්‍රමයේ පූජා විධි කළා. මුස්ලිම් ආගමේ හැටියටත් කළා.
    භාවනා ක‍්‍රමවලින් සිත දියුණු කළ යෝගී වරුන් ළඟටත් ගියා. පිරිත් බලයෙන් සෙත් ශාන්ති කරන තැන්වලටත් ගියා. ඒ අය බොහෝ දෙනෙක් කියන්නේ නම් එක ම කතාවයි. “පුදුම ලස්සන කාන්තාවක් මගේ පිටුපසින් සිටිනවා” යැයි එක් යෝගී ස්වාමින් වහන්සේ නමක් කීවා. තවත් තැනකින් කීවා “හරියට හින්දි නිළියක් වගේ ලස්සන තරුණ කාන්තාවක් හින්දි ඇඳුමෙන් සැරසී සිටිනවා” ය කියා. අඳුනකින් බලන තැනකට ගියා ම ඒ අඳුන බලන එක්කෙනා පුදුම වුණා. ඒ කාන්තාවගේ ලස්නනට. “පුදුම ලස්සනක්. හරිම ලස්සන කාන්තාවක් ඔබේ ළඟ ඉන්නවා” ය කියා.
    මේ ළඟ දී තවත් තැනකට ගියා. එතැනින් මගෙන් ඉල්ලුවා රුපියල් ලක්ෂ තුනක්. මේක පූරව කර්මයක් සමඟ එකට පවතින සිද්ධියක්. ඇය ඉවත් කරන්න නම් රුපියල් ලක්ෂ තුනක් ඕනෑ ය කීවා.
    ඒ මුදලින් දඹදිව සිද්ධස්ථානවල පහන් ගෙවල් හදනවා”ය කියා. මට ඒ තරම් මුදලක් වැය කරන්න අපහසුයි කීවාම කීවා “එහෙම නම් මාස දෙකක් විතර ආරණ්‍ය ගත වී භාවනා කරන්න” කියා. මට ඒ දෙක ම කරන්න බැහැ. අවුරුදු දහ අටක් හම්බ කරපු සෑම සතයක් ම මේකටමයි වියදම් කළේ.
    මගේ ළඟ ලක්ෂ තුනක් තියා රුපියල් තිස් දාහක්වත් දැන් නැහැ. භාවනා කරන්න යන්නත් බැහැ. මම කරන ව්‍යාපාරය අතහැරියොත් නැවත ඒක පටන් ගන්න බැහැ. මම කරන ව්‍යාපාරය වෙන කෙනෙක් පටන් ගත්තොත් ඒ වෙළෙඳ මාර්ගය මට අහිමි වෙනවා.
    ඊට පස්සෙ මෙහෙණින් වහන්සේ නමක ගෙන් තුන් වේලක් පිරිත් කියවා උපදෙස් ගත්තා.
    මට මෛතී‍්‍ර භාවනාව කරන්න උපදෙස් දුන්නා. මටත් සියලු සත්ත්වයනටත් මෛතී‍්‍ර කොට අවසානයේ මගේ ළඟ ඇසුරු කරන මේ අමනුෂ්‍ය බලවේගයට අවංකවම මෛතී‍්‍ර කරන්න උපදෙස් දුන්නා. මම උදේ හවස එසේ මෛතී‍්‍ර කළා.
    එතකොට මට රිදවන එක නතර වුණා. ඉතා ම සියුම් සුවදායක කුරුලු පිහාටුවක් වගේ එකකින් මගේ ඇඟ පිරිමදින්න වුණා. හරිම සනීපදායක පරිදි මගේ ඇඟ අත ගානවා වගේ දැනුණා. ඒත් ව්‍යාපාරයේ කටයුතු නිසා සමහර වෙලාවට මෛතී‍්‍ර භාවනාව මඟ හැරුණා.
    එතකොට නැවතත් මගේ හිස කෙස්වලින් අදින්නත් පහර දෙන්නත් පටන් ගත්තා. මොනවා කළත් කොහොම හරි කරන පිළිවෙත මඟ හැරෙන්න වැඩ සිද්ධ වෙනවා.
    සුප‍්‍රසිද්ධ හාමුදුරු නමක් ළඟට මම ගියා. “ඕවා බොරු විකාර. ඕවා හිතින් මවාගත්ත විකාර” කියා මට දොස් කිව්වා.
    දැන් මගේ බිරියටත් මා එපා වෙලා වගෙයි. අවුරුදු දහ අටක් ම මේක පස්සෙම දුවනවා. මේක මගේ මානසික අමාරුවක් ය කියා ඇය කේන්තියෙන් බණිනවා.
    “ඉතින් ඔය ඔබේ ළඟ සිටින සුරූපී කාන්තාව කව්ද කියා ගුප්ත ශාස්ත‍්‍රවලින් කීවේ නැද්ද” මම ඔහු ගෙන් ඇසුවෙමි.
    “හැම තැනින් ම වගේ කියන්නේ එක ම කතාව. මම මීට පෙර භවයෙ උතුරු ඉන්දියාවේ ඉපදිලා හිටියාලු. සාමාන්‍ය පවුලක ඉපදී ඉගෙන ගෙන උතුරු ඉන්දියාවේ අමරිත්සාර් ප‍්‍රදේශයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියකු ලෙස රස්සාව කළාලු. අමරිත්සාර්වල ඉතාම ධනවත්, කුලවත්, බලවත් පවුලක ලස්සන තරුණියක් හිටියාලු.
    ඇය සික් ජාතික තරුණියක්. ඇගේ නම පටේල් සිං. ඇය මට ආදරය කළාලු. ඇගේ පවුලේ අය ධනවත් බලවත් වුණත් මගේ රාජකාරි මට්ටම නිසා විරුද්ධ වෙලා නෑ. අප දෙදෙනා අතරේ විවාහය සිදුවෙලා. අපි දෙන්නා ඉතා ම ආදරයෙන් හා සන්තෝසයෙන් අන්‍යොන්‍ය බැඳීමකින් ජීවත් වෙලා. ඉතා ම පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගත කරලා.
    අවුරුද්දක් විතර ඉතා ම සන්තෝසයෙන් ජීවත් වෙද්දී අපේ පවුලට තවත් තුන්වැන්නෙක් සම්බන්ධ වෙන තැනට කටයුතු යෙදී තියෙනවා.
    ඒ කියන්නේ දරුවෙක් ලැබෙන්න, ඇය ගර්භනී බවට පත්වෙලා. හිටි හැටියේ ම ඇගේ කුසට මාස ගණන සම්පූර්ණ වෙන්න කලින් දරු උපත සඳහා අමාරු වෙලා.
    ප‍්‍රදේශයේ තියෙන ඉහළ ම රෝහලට ඇය ගෙන ගිහින්. දරුවා ප‍්‍රසූත වී තියෙන්නේ මළදරු උපතක් ලෙසින්. ඇගේ අධික රුධිර වහනය නතර කරන්න බැරිවෙලා. මගේ බිරියගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා. මගේ අත අල්ලා ගෙන ම ඇය මරණයට පත්වෙලා.
    ඇය අවසන් මොහොතේ මා ගැන දැඩි ආදරයකින් කනගාටු වෙලා තියෙනවා. “අනේ! මම මැරුණා ම මගේ මහත්තයා මේ ලෝකයේ තනි වෙනවා නේද? මගේ මහත්තයාට සලකන්නේ කවුද?” කියා ඇය මා ගැන දැඩි ආදරයකින් තමයි අවසන් හුස්ම හෙලා තියෙන්නේ.
    ඒ අතරේ මම ඇය ගැන ම දුක් වෙවී සිටියා මිසක් වෙනත් විවාහයක් කරගෙන නැහැ.
    එහෙම කාලයක් ඉඳලා මාත් දුකෙන් ම මරණයට පත්වෙලා. ඊට පස්සෙ මං ලංකාවේ උපත ලබා තියෙනවා. මේ අතරේ මං ඉන්නේ කොහේද කියා සොයමින් සිටි පටේල් සිං ගේ ආත්මයට මං ඉන්නා තැන හමුවෙලා. මෙයට අවුරුදු දහ අටකට කලින් එක්තරා දිනයක ඇයට මා මුණ ගැසිලා.
    ඒ වන විට මම විවාහකයෙක්. තාත්තා කෙනෙක්. දැන් ඇය මගේ සමීපයේ ම සැරිසරනවා. “මාව අරගෙන මිසක් යන්නේ නැතිලු.”මම දැන් දෙලොවක් අතර දුක් විඳිනවා. මේ සිද්ධිය කරදරයක් වෙලා.
    මගේ වර්තමාන පවුල් ජීවිතයටත් අවුල්කාරී සිද්ධියක් වෙලා. මගේ වර්තමාන බිරිය මේ ගුප්ත ශාස්ත‍්‍ර පිළිගන්නෙත් නැහැ. පටේල් සිං මා අත හැර යන්නෙත් නෑ.”
    “පහුගිය ආත්මයේ බිරිය ඉතා ම බලවත් ආත්මයක් බවයි වැටහෙන්නේ. ඉතා ම සුරූපී දුටුවන් මන බඳින ශරීර විලාසයක් පෙන්නුම් කරන නිසා අප‍්‍රසන්න පේ‍්‍රතාදි අමනුෂ්‍ය ආත්මයක් යැයි හිතන්නත් බැහැ. ඇය නාග කන්‍යාවියක් දැයි වෙලාවකට හිතෙනවා” යි මගේ හිතවතා ඔහුගේ සංවේදී කතාව අවසන් කළේය.
    කෙසේ නමුත් බුදු දහමට අනුව කෙනකු මරණාසන්න මොහොතේ දැඩි ලෙස සිතින් අල්ලා ගෙන සිටි අවසාන සිතුවිල්ල ඊළඟ ප‍්‍රතිසන්ධියට සෘජුව ම බලපාන බව මෙයින් මොනවට පැහැදිලි වෙයි.
    “තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ”​

    fb
     
    • Like
    Reactions: nvhcc89

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මං චාමිකට කසාද බඳින්න දෙන්නේ නෑ​

    මිනිසා අධර්ම රාගයෙන් හා විෂම ලෝභයෙන් පෙළෙන්නේ මිථ්‍යා දෘෂ්ටික සිතුම් පැතුම් නිසා ය.
    මා උගතෙකැයි, බුද්ධි මතෙකැයි, බෞද්ධයෙකැයි සිතා සිටිය ද අධර්ම රාගයෙන් පෙළෙමින් වැරදි හා අසාධාරණ මාර්ගවලින් සිය ඕනෑ එපාකම් ඉෂ්ට කැර ගන්නා තාක් කල්, විෂම ලෝභයෙන් “මට” ම ය, මගේ පවුලේ අය ට ම යැයි දරුණු වූ ද සීමාවන් ඉක්ම ගියා වූද තණ්හාවෙන් හඹා යමින් වැරදි හා අසාධාරණ අන්දමින් වස්තු සම්පත් රැස් කිරීම සඳහා හඹා යන තාක්කල් ඔහු හෝ ඇය මිථ්‍යා දෘෂ්ටික ය.
    මේ අධර්ම රාගයත්, විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් නිසා ලෝකය අපවිත්‍ර වී ඇත. වායු ගෝලය දූෂිතව ඇත. පරිසරය, ජලය, ආහාරපාන විෂ සහගතව ඇත. මිනිසා ගේ ක්‍රියාකාරකම් වෙන කවදාටත් වඩා අමානුෂික වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ පෘථිවියෙන් ඈත් වී ඇත.
    ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය සමත්ව සිවිල් ඉංජිනේරුවකු ලෙස රැකියාවේ නිරතව සිටී. මෙයින් වසර දෙකකට පෙර පොළොන්නරු දිස්ත්‍රික්කයේ සේවය කළේ ය. වැදගත් පවුල් පරිසරයක් ඇතිව ජීවත්වන බැවින් මව්පිය වැඩිහිටියෝ ද ඔහු කෙරෙහි බොහෝ බලාපොරොත්තු තබා සිටිති. ඔහු නමින් චාමික ය.
    පොළොන්නරු ප්‍රදේශයේ සේවය කරද්දී ඔහුට වසන්ති මුණ ගැසුණි.
    ඇය ද ඒ ක්ෂේත්‍රයේ ම රැකියාව කළ නිලධාරිනියකි.
    ඇගේ ගති ගුණ හා චරිත දුර්වලකම් නිසා කලින් විවාහ වී සිට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වී සිටි අතර චාමික හා වසන්ති දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි බැඳීමක් ගොඩ නැගුණි.
    කලකට පසු චාමික කොළඹ ප්‍රදේශයට සේවය සඳහා පැමිණියේය. ටික දිනකින් ඔහුගේ දෙකකුල් රිදෙන්නට විය. වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොලැබුණි. ඔහු හෝ නිවසේ වෙනත් කෙනකු ගෙදර දී බුදුන් වඳින විට පිරිත් කියන විට චාමික ගැහෙන්නට විය.
    එසේ ම මේ වන විට චාමික ගේ කල වයස හරි නිසා වැඩිහිටියෝ ඔහුට විවාහයක් කැර දීමට කටයුතු කළහ. එහෙත් මනාලියක් බලන්නට යන විට අතරමඟදී වාහනය යාන්ත්‍රික ;දීෂයක් ඇතිවීමෙන් හෝ අනතුරකට ලක්වීමේ ගමනට බාධා ඇති විය.
    සමහර අවස්ථාවල බලන්නට යන මනාලියන් කලින් දින රාත්‍රියේ හීනෙන් බය වී එතැන් සිට නින්දක් නැතිව මනාලයා (චාමික) නිවසට පැමිණ යන තුරු තැති ගැන්වීමක් වැනි දෙයකින් බියපත්ව මංගල්‍යයට අකමැති වූහ. කිනම් හේතුවක් නිසා හෝ ඔහුට විවාහයක් සිදු කැර ගැනීමට නොහැකි තැනට කටයුතු යෙදේ.
    වැඩිහිටියෝ බෝධි පූජාවලට ඔහු කැඳවාගෙන ගියහ. එහි දී ඒ පිළිවෙත් කටයුතු අවසන් වී බෝ මළුවෙන් පිටවන තුරු ඔහු ගැහෙන්නට වෙයි. අවසානයේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ගියේය. එතැන දී ද ගැහෙන්නට විය. මිනිසුන් ඉදිරියේ මෙසේ ගැහෙන එක වළක්වා ගන්නට මේ තරුණ ඉංජිනේරුවරයා උත්සාහ කළ ද ඔහුට පාලනය කර ගන්නට නොහැකි වේ.
    “කව්ද මේ ශරීයට රිංගා ගෙන ඉන්නේ?”
    “……….” හිස දෙපසට වනයි. කතා නොකරයි.
    “කතා කරන්න. කතා කරන්න”
    “…….”
    “එහෙම නම් අපි කතා කරවන්න ද?”
    “ම්හු….”
    “වෛශ්‍රවන දෙවියන්ට පැමිණිලි කරන්න ද?”
    “එපා එපා”
    “ඇයි එපා කියන්නේ?”
    “මම බයයි. මට දඬුවම් කරයි”
    “ඔච්චර බය නම්, අපි අහන දේට උත්තර දෙන්න”
    “බෑ… බෑ…”
    “ඇයි බැරි?”
    “එතකොට මට මේ ශරීරයෙන් යන්න වේවි”
    “ඇයි යන්න අකමැති”
    “මට පවරපු වගකීම තව ම ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒකයි යන්න බැරි” දැන් තරුණ ඉංජිනේරුවරයා කතා කරන්නේ ගැහුනු කටහඬකිනි.
    “හොඳයි දැන් කියන්න කවුද මේ කියලා?”
    “මම පද්මිණී”
    “පද්මිණී කවුද? කොහේ කෙනෙක් ද?”
    “මහත්තයා මගේ ගම දෙහිඅත්තකණ්ඩියේ. 1988 භීෂණ කාලයේ මාව දූෂණය කර මැරුවා. මමත් ලස්සනට ජීවත්වෙන්න හිතාගෙන ඉගෙන ගත්ත කෙනෙක්. මාව බලයහත්කාරයෙන් දූෂණය කැර මරා දැම්මා. මම දැන් ඉන්නේ වෛරයෙන් දැවි දැවී. මා දූෂණය කරපු එවුන්, මරා දාපු එවුන් හොය හොයා ඇවිදිනවා. එහෙම ඇවිදින කොට තමයි මේ වසන්තිගෙ බන්ධනේට අහුවුණේ. වසන්තිගෙ ඇදුරා මතුරණ කොට මාව ඒ බන්ධනේට බැඳුණා. මම දැන් චාමිකගෙ ඇඟට වෙලා ඉන්නවා. චාමිකගෙ ලේ උරා බීලා තමයි ජීවත් වෙන්නේ. චාමික බෝධි පූජා තියන කොට මාව ගැහෙනවා. එතකොට චාමිකවත් වෙව්ලනවා.”
    “මොකක්ද පද්මිණීට බාර දීලා තියෙන වගකීම”
    “මට බාරදීලා තියෙන්නේ වසන්තිට චාමිකව සම්බන්ධ කර දෙන්නයි. මේවා සහගහන අපරාධ බව මම දන්නවා. ඒත් මන්ත්‍ර බලයට මම බැඳුණා. මට දැන් මෙතනින් මිදෙන්නත් බැහැ. චාමිකට පිස්සුහදලා හරි වසන්ති ළඟට ගෙනියන්න ඕනෑ. ඒකයි වගකීම.”
    “කොහොමද බැන්දුවේ?”
    “ඇදුරා කෑමකට මැතුරුවා. මාව ඒකට බැඳුණා. වසන්ති ඒ කෑම චාමිකට කන්න දුන්නා.”
    “පද්මිණී දැන් චාමික ගේ ශරීරයෙන් නිදහස් වෙන්න කැමති නැද්ද?”
    “කැමතියි. කැමැතියි. බැඳිලා ඉන්න මමත් කැමති නැහැ. හැබැයි ජීවත් වෙන්න ආහාර ඕනැ. මම දැන් ජීවත් වෙන්නෙ චාමිකගෙ ලේ උරා බීලා. මම නිදහස් වුණොත් මම කෙළින් ම වසන්තිව හොයා ගෙන යනවා. ගිහින් පළි ගන්නවා. ඒකිගෙ ලේ බොනවා. ඊළඟට අර ඇදුරා හොයා ගෙන යනවා. ඕකගෙ බොටුව කඩනවා. ඕකා ආරස්සා දාගෙන ඉන්නේ. ඒ වුණත් මම ඌට කිට්ටු වෙලා ඉඳලා ආරස්සා බිඳිච්ච වෙලාවක උගෙ බොටුව කඩනවා. එතකම් උගේ ගෑනිගෙයි, දරුවන්ගෙයි ලේ බොනවා.”
    “ඉතින් පද්මිණී! ඇදුරා කළ වැරද්දට ඇදුරාගෙ ගෑනියි දරුවොයි වැරදි කාරයෝ නොවෙයිනෙ? ඉතින් ඒ අයගෙන් පළි ගැනීම අසාධාරණ නේද?”
    “අසාධාරණ… අසාධාරණ… හඞ… හඞ… හා…. කොහේද මහත්තයා සාධාරණේ තියෙන්නේ? මාව දූෂණය කරපු එක සාධාරණ ද? මාව මරපු එක සාධාරණ ද? මොකද්ද මහත්තයා මහත්තයලත් සාධාරණේ හොයන්නේ අපෙන්. ඔය ලොකු ලොකු උදවිය කරන්නෙ සාධාරණ වැඩ ද? හිතලා බලන්න. මාව බන්ධනය කළ එවුන්ගෙන් පළිගන්න බැරි නම් උන්ගෙ පවුල්වල අයගෙන් පළි ගන්නවා. ඒ අපේ හැටි. රටේ හැම තැන ම අසාධාරණේ. පෙර පින් පල දෙන කොට, කල හොඳ කල් හොඳයි. කාලෙ නරක් වුණ ගමන් අපි උන්ට කිට්ටු වෙනවා. මම මට අසාධාරණේ කරපු උන් හොයා හොයා යද්දි මුන්ට අහුවුණා. මාව දූෂණ කර මරා දාපු උන්ගෙ තවම කාලේ හොඳ ඇති. කාලෙ නරක් වුණ හැටියෙ මට අවස්ථාව ඒවි. මම අවසර වරම් අරගෙන තියෙන්නෙ”
    “මොකක්ද අවසර වරම් කීවෙ?”
    “මහත්තයා අපටත් ප්‍රධානීන් ඉන්නවා. අපි ඒ අය ළඟට ගිහින් අපට කරපු අසාධාරණය කියලා උන්ගෙන් පළි ගන්න අවසර වරම් ලබා ගන්නවා. ඉතින් ඒ අවසර වරම් ඇතුව යන අපට බාධා කරන එවුන්ගෙනුත් පළි ගන්න අපට පුළුවන්. වසන්තිගෙනුත් ඇදුරාගෙනුත් පළි ගන්න එක පළි ගන්නවාමයි. දැන් මුන් තවත් අයට ඔය වැරැදි වැඩ කරනවා. මුන්ව මිහිපිට තියන්න හොඳ නෑ.”
    “හරි හරි පද්මිණීට ඒ අවස්ථාව එනතුරු ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න.”
    “ඔව් ඒක නම් හොඳයි. ඒත් මම කොහොමද මේ බන්ධනයෙන් ගැලවෙන්නේ?”
    “හොඳයි, පද්මිණී! මම චාමික ගෙ පවුලෙ අයට කියලා පද්මිණී නමින් පාංශුකූලයක් පූජා කරවන්නම්. තවත් පින්කම් කරවලා පින් අනුමෝදන් කරන්නම්. මමත් දැන් පද්මිණීට පින් දෙනවා. එතකොට ඔය බන්ධන පිපිරෙනවා. ඒ බන්ධන පුපුරා ගියා ම පද්මිණී නිදහස්, ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් පින් දහම්වලට පද්මිණි සම්බන්ධ වෙන්න.”
    “එතකොට අරුන්ගෙන් පළිගන්නෙ?”
    “ඒකට වෙලාව ඒවි. ඒ නැතත් දැන් මේ අවනඩුව අහගෙන ඉන්න අමනුෂ්‍යයෝ දැනටමත් ඒ අය ළඟට ගිහින් ඇති.”
    “හොඳයි හොඳයි එහෙනම් මම යන්නම්. චාමිකටත් කියන්න පරෙස්සම් වෙන්න කියලා. ඔය කපටි ගෑනුන්ට අහු නොවී ඉන්න කියලා.”
    “හොඳයි හොඳයි.”
    “එහෙම නම් මේ අය පින් දුන්නා ම මම යන්නම් මහත්තයා.”
    “හොඳයි පද්මිණීට තෙරුවන් සරණයි.”
    බෝධි පූජා විසි එකක් තබා දන් පින් කොට නැවත පැමිණෙන ලෙස චාමිකට දැන්වීය.​

    මතුගම මහින්ද විජේතිලක
     
    • Like
    Reactions: Dubairox

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    යක්‍ෂයකු බැඳගෙන වැඩගත් කාන්තාව ඒ යක්‍ෂයා අතින්ම මියයයි
    1551685_463182110454661_164550876_n.png






    යකා කළු නැතැයි සමහරුන් කියන්නේ බය නැතිව නොවේ යන්න යැයි සැබෑවකි. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැතැයි කියන අයට රාත්‍රි කාලයේ සොහොනක් ළඟින් යෑමට නම් තුන්සූත්‍රය නැතිවම බැරිය. මන්ත්‍ර ගුරුකම්කාරයන්ට යකා පහරදී විමානයත් කඩාගෙන යන්නේ පවුල් පිටින් විනාශ කරමින්ය. එවැනි සිද්ධීන් ඕනෑ තරම් සමාජය තුළට කි¼දා බැස ඇති අවස්ථා එමටය.

    මහේන්ද්‍රසාමි කාලිමෑණියන් වැඩසිටින කෝවිල ඉදිරිපිටදී අදෘශ්‍යමාන බලවේගයට එල්ලකරන ආවේගශීලී ප්‍රශ්න කිරීම්වලට ඔහු හෝ ඇය ළඟ සිටින අදෘශ්‍යමාන බලවේග දිෂ්ටි වී කතා කරන්නට පටන් ගනිති.
    එවිට ඒ කතාකරන්නේ එම පුද්ගලයා නොව ඔහුට බැඳී සිටින අදෘශ්‍යමාන ආත්මයයි. ඒ මියගිය ඥාතීන්ය. ඒ අවස්ථාවේදී එම ආත්මය ඔහුට ළංවී ඇත්තේ ආදරයටද අනාදරයටද යන්න කාලි මෑණියන්ගේ දෑස් අතරට එක්වීමට වැඩිවෙලාවක් ගතනොවේ. කාලි මෑණියන් ඉදිරියේ මහේන්ද්‍රසාමි සමඟ ඔට්ටුවන භූත හෝ යක්ෂ බලවේගය ඒ පුද්ගලයාට හෝ පවුලේ අයට අනතුරක් සිදුකර යෑමට ළංවී ඇති බව පෙනී ගියහොත් මහේන්ද්‍රසාමිගේ අත ඇති වේවැල ඉක්මන් වනු ඇත.

    එවැනි අන්දමේ භූතයන් යක්ෂයන් ඒ අයගේ සිරුරෙන් ඉවත්කර යවන්නේ කාලි කෝවිල් භූමියේ පිහිටි බෝධියටය. නැතහොත් ඒ බලවේගය කැමැති බෝධියකටය. ඒ සඳහා ඒ අදෘශ්‍යමාන බලවේගවලින් කාලි මෑණියන් පොරොන්දුවක්ද ලබාගනී. ඒ යන්නේ තවත් පින් එකතුකර ගන්නටය. සමහර ඥාති බලවේග ඔවුන්ට සමීපවී ඇත්තේ ඒ පවුලේ අය දියුණු කරමින් ඒ අයත් පින්ගන්නටය. එවැනි පුද්ගලයන් තෝරා බේරා ගන්නා කාලි මෑණියන් ඒ අයට වරම් දෙන්නේ පොරොන්දු සහිතවය. කිසිවකු ගසාකෑමකට ලක්නොකර කාලි වරමෙන් පේන කියන්නට ඒ අයට අවසර දෙයි. කාලි මෑණියන් දුන් වරම කඩකරන අයටද දඬුවම් දෙන්නට කාලි මෑණියන් පසුබට නොවන බව මහේන්ද්‍රසාමි පවසයි.

    කාලි මෑණියන්ගෙන් වරම් ගන්නට කාලි කෝවිලට කිසි දිනෙක නෑවිත් යක්ෂයකු බැඳගෙන අනුන්ට කොඩිවිල අණවින බන්ධන කිරීම රැකියාව කරගෙන සිටි යකැදුරු කාන්තාවකට සිදුවූ දේ කියන්නට මෙවරත් කටහඬ අවදිකර සිටියේ හලාවත භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍රසාමිය.

    "මම මේ කියන කාන්තාව නුවර පළාතට නුදුරු ප්‍රදේශයක පදිංචි කාන්තාවක්. එයාගෙ පියා මියගියාට පස්සෙ යක්ෂ ආත්මයක ඉපදිලා ඇයට සමීප වුණා. එයාට ආරූඪ වන්නට පටන් ගත්තා. මේ කාන්තාව කිසි දිනෙක කාලි කෝවිලට ආව තැනැත්තියක් නෙවෙයි. මේ කාන්තාවට වැහිල ඉන්න යක්ෂයාගෙන් වැඩගත්තෙ අනුන්ට අණවින කොඩිවින කරල අනුන් විනාශ කරන්න. එයාගෙ යක්ෂ දේවාලයට ආවෙ වැඩිහරියක් ව්‍යාපාරික ගැටුම් තියෙන අය. එක් ව්‍යාපාරිකයෙක් අනෙක් ව්‍යාපාරියා දියුණු වෙනවට ඊර්ෂ්‍යාවෙන් මෙතැනට ඇවිත් ඒ දෙවොලෙ යක්ෂයාට පුලුටු ජාතිවලින් පූජාවක් තියල පළිගහල විරුද්ධවාදී ව්‍යාපාරිකයාගෙ දියුණුව නැති කරනවා. නැත්නම් ඔහුගේ ජීවිතය විනාශ කරනවා. ඒ කාන්තාව යහමින් මුදල් හම්බ කළා. ඒත් අවට පදිංචිකරුවන් මේ කාන්තාවගේ වැඩ ගැන හිටියෙ හරිම අසතුටෙන්. දිනක් මේ කාන්තාවගේ දේවාලය ළඟින් සොහොනක තිබුණු මිනී ඔලු දෙකක් ගෙනත් තියල ගම්මුන් විරෝධය දක්වල තිබුණා. මේ කාන්තාව කළ කොඩිවිනවලින් පිටපළාත් කීපයක ව්‍යාපාරිකයන් දෙදෙනකු මියගිය ආරංචි පැතිර ගියා. මේ දෙවොලට ගම්මුන්ගෙන් ගල්මුල් ප්‍රහාරත් එල්ල වුණා. මේ කාන්තාව බැඳගෙන සිටි යක්ෂයා කලට වේලාවට පුලුටු සහිත ‍ෙදාළ පිදේනි දීම පමාවන විට යක්ෂයාගෙන් ඇයටත් කරදර වුණා. ඒක නිසා එයා අනුන්ට කරන වින බන්ධනවලට යකා අකීකරු වී ඒවා නොකරන තැනට පත්වුණා. ඒ කාන්තාව අනුන්ට විතරක් නෙවෙයි තමන්ගෙ පවුල්වල ඥාතීන්ගේ දියුණුවටත් විවිධ දේවල් කළා. ඒ පවුලෙ සහෝදරියන් දෙන්නකුගෙ සැමියන් දෙන්නකුගෙ ජීවිත විනාශ කළා. එහෙම කරලා ඒ කාන්තාව එයාගෙ ගෙවල් ළඟ ඉන්න එයාට හිතවත් කාන්තාවක් සමඟ ඒ දේවල් කියල වහසි බස් ‍ෙදාඩවන්න වුණා. එවැනි සිද්ධි පැතිර යද්දී ඒ කාන්තාව පදිංචි ගමට අල්ලපු ගමේ හිටිය ව්‍යාපාරිකයාටත් ඒ වගේ වැඩක් කරල එයාගෙ දියුණුව බිඳදැම්ම කියලත් එයාගෙ හිතවත් කාන්තාව සමඟ කියල තිබුණා.

    ඒ වගේම එවැනි දෙයක් සිදුවෙලයි තිබුණෙ. මේ සිද්ධිය ආරංචි වුණගමන් ඒ ව්‍යාපාරිකයා කෙළින්ම ආවේ අපේ කාලි කෝවිලට. ඒ ඇවිත් මේ සිද්ධිය කියල කාලි මෑණියන් අයැද සිටියෙ ඒ අයගෙ පවුලට විනකරපු අයට දඬුවම් කරන්න කියල. එහෙම කියල කාලි කෝවිලේ බිලිගල ඉදිරිපිට තියෙන පළිගහන ගල ළඟට අපේ සාමි කෙනෙක් එක්ක ගිහිං ඒ ගලේ ගොමටිකක් තවරල දණගහල එයාගෙ කෙස් අරගෙන ඒ ගලේ හත්වරක් දිග ඇදල පළිගැහැව්වා. ඒ ගිහිං දින 21ක් යන්න කලින් අර කාන්තාවගෙ සැමියා අවසන් ගමන් ගියා. ඒ කාන්තාවගේ පුතා විවාහවී හිටිය කාන්තාව ඔහු අත්හැර දමා වෙනත් සැමියකු වෙත ගියා. ගෙදර හිටිය එක් පුතෙක් එල්ලිලා මියගියා. ඉතිරි වුණේ බාල පුතා විතරයි. ඒ කාන්තාවගෙ ගෙදර සිදුවුණු විපත්ති රැල්ල ගැන ඒ කාන්තාව කම්පාවට පත්වුණේ නැහැ. ඒ මොකද එයා යකා බැඳගෙනයි හිටියෙ. ඒත් ඒ ගෙදර අඳුරු ගෙයක් බවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි. ඒ කාන්තාවගේ සැමියා මියගියාට පස්සේ එයාගෙ අදෘශ්‍යමාන බලවේගයත් ප්‍රේත ආත්මයක් හරහා බිරියට සමීපවෙලා ආදරය කරන්න වුණා. ඒත් ඒකට එයා ළඟ සිටි යක්ෂ ආත්මය හරස් වුණා.

    එයාගෙ යක්ෂ ආත්මයයි ඒ ප්‍රේත බලවේගයයි දෙකම ගැටෙන්න වෙද්දි මේ කාන්තාව නිතර නිතර ලෙඩ ඇඳට වැටුණා. රැකියාවක් නැති බාලපුතා මෙයාගෙන් නිතර නිතර මුදල් ඉල්ලන්න වීම නිසා මේ කාන්තාව තව තවත් අසරණ වුණා. ඒ කාන්තාව අනුන් නසන්න උදව් කළ එක ව්‍යාපාරිකයකුවත් එයාගෙ උදව්වට පිහිටට ආවේ නැහැ. මවගෙන් පිළිසරණක් නොමැති තැන එයාගෙ බාල පුතාත් ඇය හැර ගිහිං මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අතරට එක් වුණා. අවසානයේ මේ කාන්තාව ඒ අයගෙ දේවාලය තුළම ඇදවැටී මියගියේ හුදෙකලාවමයි. ගම්මුන් අතර පැතිර ගිය ආරංචිය වුණේ යක්ෂයකුගෙන් වැඩගත් ඒ කාන්තාව යක්ෂයාම බිලිගත්තා යන්න. අණවින කොඩිවින ආපසු ඒ අය කරාම යන්න වැඩි කලක් ගත නොවන බව මෙයින්ම පෙන්නුම් කරන දෙයක්. කාලි මෑණියන්ගෙන් වරම් නොලැබ යක්ෂයකුගෙන් වැඩගන්න ගිය ඒ කාන්තාවගේ දුක්මුසු සිද්ධියත් සමඟ ඇගේ ගේ‍ෙදාර ඉඩම කඩම පාළුවට ගියා මිස ඒවා මිලදී ගන්නවත් කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ මොකද කාලි මෑණියන්ගේ සොහොන් කාලි අවතාරයෙන් බැට කෑ ඒ කාන්තාවගේ යක්ෂයා එයාගෙ ඉඩම තුළ සක්මන් කරන බවයි ගම්මුන් පවසන්නේ.

    fb
     
    Last edited:

    mithunmaxxx

    Junior member
  • Oct 20, 2007
    116
    8
    18
    ada tami mula idal agatama kiywala iwrakale godak dewal denagathha igena gathha oyla hematam godak istuti godak pin :) mta nam mae wage atdekim nae