අපි කට්ටියම ගිහිල්ල බොරැල්ල කනත්තෙ නයිටක් ගහමු..
ඔන්න මම ඉන්නෙ කට්ටිය මැද
රෑ එළි වෙනකං හොල්මං කතා කිය කිය බෝතල් පාටියක් දාමු
ඔය බොරැල්ල කනත්තේ සීන් එකක් තියෙනවා නේද ටයිම් එක ජිල්මාට් වෙන කේස් එකක්..(හරියටම කියන්න තේරෙන්නේ නෑ, මතක හැටියට අපි රෑ 12ට යවන මැසේජ් එක යවපු එකාට ගිහිල්ල තියෙන්නේ රෑ 10ට විතර වගේ කේස් එකක්..) පොඩ්ඩක් හොයල බලන්න සීන් එක.
බොරැල්ල කනත්ත කියන්නේ අවුල්ම කන්ත්තක්, විහිලුවටවත් යන්න හොඳ තැනක් නෙමේ..


බය නැත්නම් යමල්ල ..මම නම් බය නෑ 


අසාවකටවත් හොල්මනක් දැකලා නෑ.හරි ආසයි දකින්න.

භූතයෙක් සාරියක් ඇඳගෙන ඉන්නේ ඇයි කියල නිකමට හිතුනේ නැද්ද කාටවත්. භූතයෙක් නං කොහොම හරි හිටිය කියමුකෝ. ඇයි සාරියක් අඳින්නේ. සාරියක් වගේ අජීවී දෙයක් කොහොමද මිනිස්සුන්ට නොපෙනී කැමරාවට පෙන්නේ.![]()
මචන් ගෙදර තියෙන රිමෝට් එකෙන් එළියක් යනවා අපේ ඇහැට පෙන්නේ නැ නේද ඊ උනාට ෆෝන් එකේ කැමරාවට රිමෝට් එකේ තියෙන බල්බ් එක කෙලින්ම තියල රිමෝට් එක ඔබල බලපන් මචන් අපේ ඇහැට අහුවෙන්නේ නැති ෆ්රිකුවෙන්සි කැමරාවට අහු වෙනවා මචන්

මචන් ගෙදර තියෙන රිමෝට් එකෙන් එළියක් යනවා අපේ ඇහැට පෙන්නේ නැ නේද ඊ උනාට ෆෝන් එකේ කැමරාවට රිමෝට් එකේ තියෙන බල්බ් එක කෙලින්ම තියල රිමෝට් එක ඔබල බලපන් මචන් අපේ ඇහැට අහුවෙන්නේ නැති ෆ්රිකුවෙන්සි කැමරාවට අහු වෙනවා මචන්

ඔය බොරැල්ල කනත්තේ සීන් එකක් තියෙනවා නේද ටයිම් එක ජිල්මාට් වෙන කේස් එකක්..(හරියටම කියන්න තේරෙන්නේ නෑ, මතක හැටියට අපි රෑ 12ට යවන මැසේජ් එක යවපු එකාට ගිහිල්ල තියෙන්නේ රෑ 10ට විතර වගේ කේස් එකක්..) පොඩ්ඩක් හොයල බලන්න සීන් එක.
බොරැල්ල කනත්ත කියන්නේ අවුල්ම කන්ත්තක්, විහිලුවටවත් යන්න හොඳ තැනක් නෙමේ..


උඹට නන් පිස්සු.... දැකලා හොඳට බ්ය වෙච්ච් එකෙක් නන් ජීවිතේට ඔය කතාව කියන්නේ නෑ.
මේ මට වෙච්ච සිද්දිය..
එතකොට මම ගොඩක් පොඩියි. අවුරුදු 2 1/5 හරි 3 ලබපු ගමන් හරි වගේ.. අපි ඉන්න පැත්ත දැන් ටිකක් ජනාකීර්ණ උනාට ඉස්සර පට්ට පාලුයි. අපේ ගෙදරට ලඟම ගෙදර තිබ්බෙත් මීටර් 500ක් විතර එහායින්.
මේ සිද්දිය උනේ අපේ ගෙදර හදල පදිංචියට ආපු මුල්ම කාලේ. ඉස්සර මට රෑට රෑට බඩගිනි වෙන නිසා අම්මා කිරි හදලා දෙනවා බෝතලේට බොන්න. ඔන්න එක දවසක් මට වෙනදා වගේම මහ රෑ 1 විතර වගේ බඩගිනිවෙලා ඇහැරුනා.. අම්මව නැග්ට්ටේව්වාට අම්ම නෙමෙයි නැගිටින්නේ.. ඉතින් මම තාත්තව කූද්දලා කිව්ව මට බඩගිනියි කියල. තාත්තා අම්මව නැගිට්ටවන්නේ නැතුව එයාම කුස්සියට ගියා මට කිරි හදන්න. ඉතින් දැන් මාත් ඇඳේ ඉඳන් බලන් ඉන්නවා බලන් ඉන්නවා තාත්තා තාම නෑ, කුස්සියෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ.. තාත්තා කුස්සියට ගියාට එයා ගේ ඇතුලේ ලයිට් දාල නෙමේ ගියේ, මොකද ලයිට් එලියට අම්ම ඇහැරෙයි කියල. ඉතින් මම බලන් ඉඳල බැරිම තැන නෙට් එකත් ගලවල ඇඳෙන් බිමට පැන ගත්තා. එහෙම බිමට බැහැල කාමරේ කර්ටන් එක එහාට කරගෙන එලියට යන්න හැදුවා විතරයි මොකක්දෝ අමුත්තක් දැනුනා. කාමරෙන් එලියේ වම් පැත්තේ තිබ්බේ මම වැඩ කරන පොඩි ලී මේසෙකුයි, ලී පුටුවකුයි. දකුණු පැත්තේ තිබ්බේ බිත්තිය.
ඉතින් මට ඈතට පේනවා තාත්තා කුසිස්යේ ලයිට් එක දාල තියෙනවා (අපේ කාමරේ ඉඳන් කුස්සියට ටිකක් දුරයි ) ඒත් මම එතන්ට යන්න හදනකොට මොකක්දෝ ලොකු අමුත්තක් වගේ මට දැනුනා. නිකන් මන් දිහා වම් පැත්තේ ඉඳන් කවුරු හරි බලන් ඉන්නවා වගේ.. ඉතින් මොකක් ද කියල බලන්න මම හැරුනා විතරයි! මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!! මට මතකයි එක සැරේටම මාව ගල් වෙනවා වගේ, ඇඟ සීතලවෙලා ගියා, කටේ කෙල හිඳුනා, කෑ ගහගන්නවත් බැරි උනා..ඊට පස්සේ මතක නෑ මොනා උනාද කියල මම හිටියේ ඇඳ උඩ.
ඊට පස්සේ වෙලා තියෙන වැඩේ තාත්ත කිව්ව විදිහට නන් මෙහෙමයි වෙලා තියෙන්නේ..
මම කර්ටන් එක පෙරලන් දුවන්න හදල ඒක ඇඹරිලා වැටිලා ඔලුව වැදිලා දොර උලුඅස්සේ, මට සිහි නැතිවෙලා.. පස්සේ මතකයි නෑ නැගිටගෙන මට ඕඩි-කොලං ගානවා.. මම නැග්ට්ට ගමන් කියල තියෙන්නේ කාමරේ දොර වහන්න කියල. තාත්තා අහල මොනවද කරන්න ගියේ කියල මම මුකුත් කියල නෑ..
ඊට පස්සේ මම කවදාකවත් අර පුටුවෙ වාඩිවෙන්නවත්, මේසේ වැඩ කරන්නවත් ගියේ නෑ. කාමරේට ගියෙත්, එලියට ආවෙත් ඇස් දෙක වහගෙන.. වැරදිලවත් මේසේ දිහා බැලුවෙවත් නෑ..
ඔය සිද්දිය වෙලා සති දෙක තුනකින් වගේ ගෙදරට ලොකු ආරක්ෂාවක් කරා. පදිංචි වෙනකොට නන් එහෙම මුකුත් කරල තිබ්බේ නෑ. හැබයි ඊට පස්සේ නන් ඔය මුකුත් දැක්කේ නෑ. ඔය සිද්දිය වෙලා මාස ගානකට පස්සේ මම හැමෝටම ඔය සිද්දිය කිව්වා.. ඊට පස්සේ තමයි මගේ බය ටිකක් හරි අඩු උනේ. හැබැයි එදා ඒ දැක්ක එක නන් මෙහෙම වචනයෙන් නන් කියන්න බැරි තරමටම බය උනා. නිල් පාට දිලිසෙන මිනිහෙක් අඩි දෙකක් තුනක් එහායින් මූණ දිහා බලන් හිටපු එක..!!! ඒක නන් ජීවිතේට අමතක වෙන්නේ නෑ..
ඔන්න අවුරුදු 10කට විතර පස්සේ දවසක් අම්ම කියනවා ඇහුනා..
මම දැකපු එක අපේ මල්ලිත් පොඩි කාලේ දැකල කියල..!!
ඒ කියන්නේ ඌ තාම අපේ ගෙදර ඉන්නවා!!
![]()
සුපිරි පොස්ට් ටික මචන් .එල.තව ලියමු.,මෙවා තමඉ වෑඩ මචන්යකුනේ..... මේව උඹල රෑ දෙගොඩ හරියෙ තට්ට තනියම ඉන්නකොට විතරක් කියවපල්ල....... නැත්නම් මම මේ පුක ඉරන් මගේ එක්ස්පීරීයන්ස් ටයිප් කලාට කිසි වටිනකමක් නෑ.......... දැක්කනේ උඩ දෙන්නෙක් බයවෙලා ඉන්නව..... දැන් ඉතින් හීමෑන්ස්ල දෙන්න රෑට චූ කරන්න යන්නත් අම්මලට පස්සෙන් එන්න කියයි
..........බය වුන උන් ලයිට් දාගෙන නිදාගනිල්ල......... මට බුදිමතයි......
(මේ........ මචන්ල....... සිරාවටමයි කියන්නේ..... හිතගැස්සෙන උන් මේ මගුල බලන්න එපා.......... පස්සට කරදර වෙයි......... මම මේ සීන් කාටවත් කියන්න නෙමෙයි හිටියෙ..... මේ සතියෙ මම පොඩි එකා එක්ක තනියෙන් ඉන්නෙ...... කම්මැලිකමට ටයිම් පාස් කරන්න ලියන්න ගත්තෙ......කොලුකමට හිත හයියට ඒකාලෙ ඕන ගේමකට රෙඩිවෙලා හිටියට දැන් ඒව මතක්වෙනකොට මගෙත් ඇඟ හිරිවැටෙනව........)
අනිත් කාරණය.......ඇත්ත ස්ටෝරි දන්න උන් ලියපල්ලා....... මටත් ආසයි තව ඇත්ත සීන් දැනගන්න............
හෙට රෑට....... ඔරලෝසු භූතයා..........
ටික්......ටික්.........ටික්.........
රොබොට් අයියා.......
මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!!
සිරාම මලපෙරෙතයෙක්බය නැත්නම් යමල්ල ..මම නම් බය නෑ

භාවනා කරන ඉරියව්වෙන් හිටියේ ඇයි? දේවතාවෙක් වෙන්න බැරිද? භයංකාර මූණක් ද තිබ්බේ? නිල්පාට නම් බොහෝ දුරට දේවතාවෙක් වෙන්න හැකියි . ජනකතා වල ඔය උපුල්වන් දෙවියන් වගේ අය නිල්පාටයි කියල තමයි කියන්නේ.

උපුලුවන් දෙයියන්ට වෙන වැඩ නැද්ද බං රෑ දෙගොඩහරියේ පොඩි එවුං බය කරන්න යන්නෙ![]()



WTF!!!!![]()
ඌ අනිත් එවුන් දිහා බලලා හිනාවෙන විදිහ . ඇඟ සලිත වෙලා යනවා![]()






භාවනා කරන ඉරියව්වෙන් හිටියේ ඇයි? දේවතාවෙක් වෙන්න බැරිද? භයංකාර මූණක් ද තිබ්බේ? නිල්පාට නම් බොහෝ දුරට දේවතාවෙක් වෙන්න හැකියි . ජනකතා වල ඔය උපුල්වන් දෙවියන් වගේ අය නිල්පාටයි කියල තමයි කියන්නේ.
කෙලින්ම උගේ ඇස් දෙකයි මූනයි ෆෝකස් උනේ.. චූ යන සයිස් එකට බය වෙන මූනක් නෙමෙයි තිබ්බේ.. සාමාන්‍ය මූනක්.. හැබැයි නිල් පාටයි..
පොඩි කාලේ විතරක් පේන සීන් එකක් මේක.. පොඩි ළමයින්ගේ ඇස් ටිකක් සංවේදියි ලු.. හැබැයි ඌ උපුල්වන් දෙයියොනන්, චාටර් වැඩේ කලේ.. බඩගින්නේ ඉන්නකොට හතුරෙක්ටවත් කරදර කරන්නේ නෑ.. 
