එළකිරි භූත කොටුව.........

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ.

    මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී.

    එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්‍යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්.
    මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ.

    තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ.

    මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ. :shocked:

    මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු.
    සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන. :shocked:

    මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව.

    ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු.
    මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු. :shocked::shocked::shocked:

    මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු.

    ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු.

    ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු.

    පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු.

    මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු.

    මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන.

    :shocked::shocked::shocked::shocked::shocked:

    ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ.

    මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා.

    ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු.

    මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට. :shocked::shocked::shocked:

    පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු.


    :shocked::shocked::shocked:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ.

    මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී.

    එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්‍යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්.
    මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ.

    තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ.

    මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ. :shocked:

    මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු.
    සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන. :shocked:

    මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව.

    ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු.
    මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු. :shocked::shocked::shocked:

    මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු.

    ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු.

    ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු.

    පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු.

    මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු.

    මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන.

    :shocked::shocked::shocked::shocked::shocked:

    ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ.

    මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා.

    ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු.

    මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට. :shocked::shocked::shocked:

    පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු.

    :shocked:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    කොග්ගල නිලමේ 3 පොතක් නෑ.
    දැනගන්න පුලුවන් උන හැටියට දොස්තර මහත්තයා නැතිවෙලා.
    පත්තරේ ගිය ලිපි ටික තමා දැන් ඇත්තේ...
    රට වටේම හොයලා දැන් දැනගත්ත ගමන් මෙතනට ඇවිත් කිරියේ දැන්මේ.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    sudu වැද්දා;20105193 said:
    කොග්ගල නිලමේ 3 පොතක් නෑ.
    දැනගන්න පුලුවන් උන හැටියට දොස්තර මහත්තයා නැතිවෙලා.
    පත්තරේ ගිය ලිපි ටික තමා දැන් ඇත්තේ...
    රට වටේම හොයලා දැන් දැනගත්ත ගමන් මෙතනට ඇවිත් කිරියේ දැන්මේ.

    පත්තරේ ගිය ලිපි ටික එකතු කරල පොතක් ගහල තිබුන කියලත් කතාවක් තියනව, මමත් හෙව්ව හම්බ උනේනම් නැහැ.
     

    hakalanmulla

    Active member
  • May 3, 2011
    155
    24
    28
    dikwella
    :මම සතියක් විතර මේක කියෙව්වා........ මටත් උන පොඩි සීන් ටිකක් තියනව හෙමීට දැන්නම් ;);););)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :මම සතියක් විතර මේක කියෙව්වා........ මටත් උන පොඩි සීන් ටිකක් තියනව හෙමීට දැන්නම් ;);););)
    11.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    :මම සතියක් විතර මේක කියෙව්වා........ මටත් උන පොඩි සීන් ටිකක් තියනව හෙමීට දැන්නම් ;);););)

    හෙමීට නෙමේ දැන්ම දාපං
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    පිල්ලිය!!!!!

    කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල:baffled:!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව:angry::angry:......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා:oo:........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව:angry: ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ:eek:....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ:):).............

    හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක:(!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........:(
    ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................:angry::angry:

    50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්:D........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......:P
    :frown:හෙලෝ.......
    :dull:හලො... මේ රොබොට් මහත්තයද???
    :frown:ඔව් රොබොට් තමයි කවුද මේ???
    :dull:ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
    :frown:ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
    :dull:මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
    :angry:හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
    :dull:හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......

    :frown:ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
    :dull:කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......:baffled:


    ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........

    මේකයි සිද්දිය ................

    මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්:baffled:..... ඇත්තටම මාත් මූට බයයි:dull:...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ :love:හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා:love:...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........;)


    මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියල:) සෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........

    උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ
    ම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල......... :(

    :frown:ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????

    :dull:අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........

    මල හුත්$යි.........:angry::angry::angry::angry: එච්චර ක්‍රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ



    :frown:ඉතින් මොකක්ද සිද්දිය????
    :dull:සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........:shocked:

    මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........

    වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......

    ගුරුන්නාන්සේ තම්බිය වළදැම්ම:shocked: අදරෑම වැඩේ කරමු කියල.........

    මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ:baffled:......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)

    කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙ :growl:පිල්ලියක්:growl: යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල:shocked::shocked:.............


    පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........:):frown:


    වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි:dull:...........

    කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්:baffled:.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....:oo: (කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)

    ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා ....... :angry:

    ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා...... :shocked:

    ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........


    කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න:baffled::nerd:..........

    ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව:shocked::angry:.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා:shocked::growl::growl:..............

    මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව:nerd:........ හිතපන්කො තියෙන සනීපෙ..........:baffled::dull:


    කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ.......... :oo:
    කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින් :angry::angry:

    දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව:growl::growl:........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)

    මටනම් මහ පට්ට චා සීන් එක.....:baffled: අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව:no::no::baffled:.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ:no:....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........

    ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව:baffled::shocked:........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත:baffled:....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......:eek::eek::shocked::growl:


    ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......:dull:

    ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව:oo::baffled:.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව:growl::growl:..............

    ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා:growl::growl:.........


    ගුරුකම අගවරයි:dull:......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........:eek::eek:


    කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම......... :baffled::no::no:

    වැඩේ ඉවරවෙනකොට පාන්දර 2-3ට ඇති...... කට්ටියත් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ලොරියෙම ගෙදර ගියා................

    හැම කෙනාම කහ වතුරින් ඇඟ සෝදන් නා පිරිසිඳුවෙලා ගෙට ගියා......... කට්ටියටම වෙච්ච දේ නිසා නින්ද අහලකවත් තිබුන් නෑ:shocked:....... මාත් මේ වෙච්ච දේ නිසා කරකවල අතහැරිය වගේ:shocked:........ ඕන හුත්$ක් කියල කොළඹ්න් අරන් ගියපු බෝතල් දෙකත් අරන් බයිටුත් නැතිව සෙට්වුනා ගසන්න....... :no:
    කට්ටිය බිබී ඉන්න ගමන් ගුරුන්නාන්සේ මට විස්තරේ කියන්න ගත්ත..........:dull:


    මහත්තයෝ..... මම මේ වැඩේ මගෙ ජීවිතේට කරන්න හිතන් හිටිය දෙයක් නෙමෙයි......... ඒත් අල්ලපු ගමේ කට්ටඩිය මට ඉන්නම දෙන් නෑ......... ගුරුකං කරල අම්ම මැරුව, ගෑනි මැරුව....... ඒත් ඉවසන් හිටිය...... සති කීපෙකට උඩදි මගෙ කෙල්ලට මතුරල අනූනමයෙන් බේරගත්තෙ........ බලන් ඉන්න බැරිම තැනයි මම මේ දේ කරේ.......... හෙට අපිට විස්තරේ බලාගන්නපුලුවන් කියල..................:nerd:

    ඒ කාලකන්නි දවසේ............ ආපු මෝඩකම කියලත් හිත හිත ඇඟ රත්කරගත්තත් ඊට වඩා හිත රත්වෙලා තිබුන නිසා ඇහැක් පියවන්නැතිව රැය පහන් කලා.........:baffled::baffled::shocked:

    එලිවෙලා ගුරුන්නාන්සේ මට උගේ කාමරේට එන්න කිව්ව...... බුවා මල් තට්ටුවක අර දිව තියල ජපකරන්න ගත්ත:growl::growl:........ කට්ටකුමන්ජල් දුම ගැහුව විතරයි අර කලු මූන දුම ඇතුලින් ආයෙත් පේන්න ගත්ත පස්සෙ ගුරුන්නාන්සෙ මොනවදෝ කුටු කුටු ගාල........මැතිරිල්ල නැවත්තල දිව දැම්ම බෝතලේට.........:shocked:

    පස්සෙ මට කිව්ව.... මහත්තය ඇස්දෙකටම දැක්කනේ යකාව:growl::growl:......ඕන් ඉතින් කරන්න තිබුන වැඩෙත් අහවරයි කියල හිතාගන්න:shocked:......... අපි දවල් කොරේ මරණෙ බලන්න යමු කියල...............


    මටත් තාම මේ කතාව විශ්වාසකරන්න බැරුව හිටියෙ....... ටිකක් දවල් වෙලා අපි එහා ගමට ගෑටුව......... වැඩි දුරක් යන්න ඕන වුන් නෑ..... මගදිම අපිට පනිවිඩේ හම්බවුනා........ එහා ගමේ කට්ටඩිය බාල්කෙ එල්ලිල මැරිල කියල..........:baffled::shocked:
    අපේ ගුරුන්නාන්සේ මලගෙදර පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ කියපු නිසා මම හෙමිහිට බල්ල දාල ආව........ ඒ වෙනකොට බොඩිය ඉස්පිරිතාලෙට ගෙනිහින්.............:dull:

    මාත් ඉතින් භයානක අත්දැකීමක් මුල සිට අගටම බලන් ඉඳල ප්‍රතිපලත් ඇහැටම දැකල, ගුරුන්නාන්සෙටත් ස්තූතිකරල හැකි ඉක්මනින් කොළඹ ආව...........


    මට මේ මගුල ලියනකොටත් නහයට අර මිනී පුලුටු ගඳ එනව........... :eek::eek:
    මමනම් කියන්නෙ මේ වගේ දේවල් මිනිහෙක්ට බලන්නවත් නොවේවා කියල..............

    :shocked:ආහ්...... තව ඩිංගෙන් මිස්වෙනව...... උඹල අහයි ඇයි තම්බි බොඩියක්ම මේ වැඩේට උන් ගත්තෙ කියල...... එකම හේතුව මුස්ලිම් අය මලමිනී එම්බාම් නොකරන එක..... අනික මැරුන දාම වලදාන එක........ මුන් ටිකත් මේ මරනෙ සෙට්වුනගමන්ම වැඩේට බැස්සෙ ඒනිසයි....

    අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........


    පස්සෙ සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා

    :sorry::sorry::sorry: Ta hikei!
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    BUMP.... පස්සේ හිමිට ඔක්කොම කියවන්න ඕනේ.. :yes:
     

    hakalanmulla

    Active member
  • May 3, 2011
    155
    24
    28
    dikwella
    අනේ මගේ කොටුව රතු වෙලා :sorry:

    කමක් නැ කියනව කියපු කතාව කියන්නම්කො

    මේක මට ඇත්තටම වෙච්ච දෙයක් :( ගිය අව්රුද්දෙ අප්‍රේල් වල උනේ

    කට්ටිය දන්නවනේ අර දියතලාවේ තියන foxhill supercross ගැන

    අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බණ්ඩාරවෙල මාම වැඩ කරන්නේ බණ්ඩාරවෙල හොස්පිටල් එකේ පොර ඩොකෙක් මම foxhill බලන්න ආස නිසාහැමපාරම මාමා ටිකට් ගන්නවා එක බලන්න. මේ පාරත් මාම ටිකට් අරන් මට එන්න කිව්වා foxhill බලන්න. මමත් ඉතින් සෙනසුරාදා නිවාඩුවක් දාල
    ගියා ඉතින්. අපි foxhill බලන්න කලින් දියතලාවේ ටවුන් එකෙන් කන්න ජාති අරගන්න නැවැත්තුවා. ඒ වෙලාවේ එතනට ආව අර දේවාල වල වැඩ කරන පුසාරි කෙනෙක්. ඒ මනුස්සයා ගේ අතේ තිබුනා අර කතරගම ගියාම ඔලුවේ ඩොට් තියන්නේ සුදුපාට අන්න ඒවා අරගෙන. මම ඈත ඉදන්ම බලාගෙන හිටියේ ඒ මනුස්සයා හම්බවෙන හැම කෙනාගේම නළලේ සුදුපාට ඩොට් තිය තිය මගේ පැත්තට ඇවිත් මටත් කිව්වා (දෙමලෙන් :eek:) ඔලුව පහත් කරන්න කියලා. මට ඒ වෙලාවේ ඒක විකාරයක් වගේ පෙනුනේ. මම කිව්වා අනේ එපා මම ඕවට කැමති නෑ කියලා.

    ඒ වෙලාවේ ඒ මනුස්සයා මගේ දිහා බලලා කින්ඩියට හිනාවක් දාලා මුකුත් නොකිය එතනින් ගියා

    පස්සේ අපේ නැන්ද මගේ ලගට ඇවිත් අහනවා උබ මොකක්ද ඒ වෙලේ කර ගොන් වැඩේ කියල

    මම ඉතින් නැන්දට කිව්වා අනේ පිස්සු නැතුව ඉන්න කියලා

    ඔන්න ඉතින් එක එතනින් ඉවරයි

    උදේ ඉතින් අපි foxhill බලල :cool: හවස ආවා නැන්දලගේ ගෙදරට

    හවස හයට විතර මට හැදුන ඉවසන්න බැරි ඔලුවේ කැක්කුමක්. මම හිතුවේ සීතලට වෙන්න ඇති කියලා. පැනඩෝල් දෙකක් බිව්වා එත් පැය දෙකක් විතර ගියා අඩුවක් නෑ ඔලුවේ කැක්කුම හොදටම වැඩිවෙලා මට කෙලින් ඉන්නත් බෑ. පිස්සු වගේ. මාමා ඉතින් ඩොකා නිසා මට අරවා දෙනවා බීපන් කියල මේවා දෙනවා බිපන් කියලා. පොඩ්ඩක් වත් අඩු නැ:no::no::no:.

    මාමා අන්තිමට ටැබ්ලට් එකක් දුන්නා මේක තමයි පුතෝ අන්තිම බෙහෙත මට ඕකට දෙන්න පුළුවන් බීපන් ඕක. ඕකට අඩු නොවුනොත් සොරි තමයි කියලා. මමත් ඉතින් බිව්වා ටැබ්ලට් දෙකක් ( ඒ වෙනකොට මම ගොඩක් pain killers අරගෙන තිබුනේ එකකින් වත් පොඩ්ඩක් වත් ඔලුවේ කැක්කුමක අඩු උනේ නම් නෑ වැඩි උනා මිසක්) දැන් මට ඉන්නම බෑ කල්තේ වගේ අස්දෙක් පේන්නෙත් නෑ ඔලුව පැලෙන්න වගේ. අර ටැබ්ලට් දෙකටත් අඩු උනේ නම් නෑ. අන්තිමට නැන්ද කිව්වා උබට මතකද අර මනුස්සයාට උබ කරපු වැඩේ එකට තමයි උබට ඔහොම උනේ යමන් පන්සලට හාමුදුරුවෝ හම්බවෙන්න කියලා. මොනවා කරන්නද වෙලාව දැන් උදේ 3ත විතර ඇති. කමක් නෑ එහෙනම් යමුකෝ කියල ගියා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කිව්වා වෙච්ච දේ හාමුදුරුවෝ මොකක්ද තෙලක් මතුරලා ඔලුවේ ගෑවා ටිකක් අඩු උනා. උදේ වෙනකම් ඉදලා උදේම අවා කොලබ, රත්නපුරේ පහු උනාම තමයි ඔලුවේ කැක්කුම හොද උනේ. අර ටැබ්ලට් ඔක්කොම වැඩ කරා ඉටපස්සේ මම බස් එක ඇතුලේ ගොරව ගොරව හොදටම නිදි. මහරගම බහින්න ඕන එකා කොටුවට යනකම්ම දන්නෙත් නැ :):):)

    ඕක තමයි මගේ කතාව. අයෙත් කවදාවත් අර ඔලුවේ කැක්කුමනම් මට හැදුනෙනෑ

    මේ පාරත් ගියා fix hill බලන්න

    ආ තව දෙයක් අර අන්තිමට බිපු ටැබ්ලට් එකේ කාර්ඩ් එක මගේ බෑග් එකේ තිබිලා බෝඩිමේ එකක් ඇහුවා උබ ටැබා ගන්නවද කියලා මම ඇහුවා ඒ ඇයි කියලා. ඒ තැමඩොල් කිව්වා :):):)

    හොදද මන්දා කලබලේ කෙටියෙන් දැම්මේ හොදයිනම් කොටුව නිල් කරලා දෙන්න :):)
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් ලා මට කියන්න කතා ගොඩක් තියෙනවා හැබැයි කොටන්න පට්ට කම්මැලියි.මම කෙටියෙන් දාන්නම් .
    මට 4 වසරේදී කම්මුල් ගාය හැදුනා .පට්ට අමාරු උනා .මමයි අම්මයි දෙන්නම හැදිලා පැත්ත වැටිලා හිටියේ.කොහොමහරි අපිට සාත්තු කරන්න ආපු ගෑණු කෙනා කිව්වේ කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්න ඕනේ කියලා හොඳ උනාට පස්සේ.
    අපේ ගෙදර ඊට කලින් කිරි අම්මාවරුන්ගේ දානයක් දීලා තිබ්බේ නෑ .
    කොහොමහරි මේ දානේ ගැන අපි සෑහෙන්න පැහැදුනා .අවුරුදු පතා මගේ උපන්දිනේට මේ දානේ දුන්නා .
    දැන් ඔන්න කතාවට එන්නම් .මම එතකොට 9 වසරේ .අපේ සීයයි ආච්ච්යි අනිවා මේ දානෙට උදව් කරන්න එනවා .ඒ එනකොට එයාලගේ දුරින් නෑදෑ වෙන කෙනෙක් සමහර වෙලාවට අරන් එනවා .හැම අවුරුද්දෙම නෙවේ .සීයාට මේ කාලේ වෙද්දී බඩේ අමාරුවක් තිබ්බා .දොස්තරලා කියලා තිබ්බේ පිළිකාවක් කියලා .සීයාට ඕකේ ලොකුම ගානක් තිබ්බේ නෑ .අපිත් දන්නා හැම බෙහෙතම කරා වැඩක් උනේ නෑ.
    ඒ කාලේ මම විද්‍යාව පැත්තේ උපරිමේටම ගිය කාලයක් .බලි තොවිල් කේන්දර වලට හිනා උනා.හැමදේම බැලුවේ විද්‍යාත්මක ඇසින් .
    කොහොමහරි අම්මාවරුන්ගේ දානේ මැදදී කියනවා පත්තිනි හෑල්ල කියලා එකක් .එකේ කියන්නේ පත්තිනි දෙවියන්ගේ ජීවිත කතාව .දේව විශ්වාස මට ඒ කාලේ ලොකුවට තිබ්බේ නෑ .හැබැයි පත්තිනි දෙවියන්ගේ කතාව දන්නා අය දන්නවා ඇති අදටත් ඉන්දියාවේ පත්තිනි දෙවියෝ සාප කරපු පැත්තේ වැවෙන්නේ රටකජු ගස් වගේ පොඩි ගස් විතරයි කියන එක.
    දැන් තමා සිද්දිය .සීයාගේ නෑදෑ ගෑණු කෙනා අවුරුදු 45 විතර කෙනෙක් .සාමාන්‍ය උස මහත කෙනෙක් .මෙයා නැගිටලා කොණ්ඩේ කැඩුවා .ඇස් ලොකු කරලා හිනා උනා .මම බය උනේ නෑ ඒත් මට වෙන දේ හිතා ගන්න බෑ මොකද ඒක විද්‍යාවට ගලපන්න බැරි නිසා .
    දැන් හොඳම හරිය .නැගිටලා නටන ගමන් අපේ අම්මා ගාවට ගිහිල්ලා කපුරු පත්තු කරලා ඉල්ලුවා .අපි බැලුවා මේ මොකක්ද කියලා .අම්මා නොදී ඉන්නකොට කිරි අම්මාවරුන්ගේ ලොකු කිරි අම්මා ඉල්ලන දෙයක් දෙන්න කිවා .
    පත්තු කරලා දුන්න කපුරු එක ඒ ආච්චි කටේ දාගත්තා .කට ඇතුලේ දැන් කපුරු පත්තු වෙනවා මෙයා නටනවා .කපුරු නිවෙන්න නිවෙන්න තව ඉල්ලනවා .
    ඊට පස්සේ අසනීපෙන් හිටපු අපේ සීය ගාවට ගිහිල්ලා බුලත් කොලයක් අරගෙන සෙත් සාන්තියක් වගේ එකකුත් කරා .
    ඕක දැකලා අපේ ලොකුඅම්මා කෙනෙක් එයාගේ අත දික්කරාම එයාගේ බඩට ඇගිල්ල දික් කරලා පෙන්නුවා .
    කිරි අම්මාවරු දිහා බලලා දෙන්නෙක් එක්ක හොඳට හිනා උනා .
    ඒ මදිවට අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක් මේක දැකලා බය වෙලා ,මම හිතුවේ එයාට නුල් බදින්න වෙයි කියලා .
    කොහොමහරි සෑහෙන වෙලාවක් එක එක දේවල් උනා .ගෙදර එහේ මෙහේ ගියා
    කපුරු කටේ .
    පත්තිනි හෑල්ල ඉවරවෙලා ටික වෙලාවකින් හරියටම අපේ අම්මගේ උකුල උඩට ඔළුව හිටින විදියට වැටුනා .මම හිතුවේ එවෙලේම ඉස්පිරිතාලේ එක්කන් යන්න වෙයි කියලා කටේ ගිනි පත්තු උන විදියට.
    මොන රෙද්දක්වත් නෑ යකුනේ .දඩ බඩ ගාලා නැගිට්ටා .මම ඇහුවා කට පිච්චිලා නැද්ද කියලා.නෑ කටේ කපුරු රහක් නම් එනවා කිව්වා .
    මට එවෙලේ රෙද්දේ රෙවුනා සිංහලුනේ .කටේ ගිනි ඇවිලෙනවා ඇස් දෙකෙන්ම මම දැක්කා .අනික මෙතන කිසිම ප්‍රෝඩාවක් නෑ .මේක උනේ අපේ ගෙදර .එයා අපේ නෑදෑ වෙන කෙනෙක් .
    පස්සේ අපි විස්තරේ ඇහුවා .ඒ එයාගේ මැරිච්ච තාත්තලු වරමක් දෙන්නලු හදන්නේ .මේ සිද්දි දන්නා අය දන්නවා ඇති වරම් ගන්න එහෙම ලේසියෙන් බෑ.ඒවා ගත්තට පස්සේ පේ වෙලා ඉන්න ඕනේ .
    කොහොමහරි ඕක ඊට පස්සේ කාලයක් තිබිලා දවසක් නවගමු දේවාලෙට ගිහිල්ලා එතැනදී ආවේශ වෙලා ඊට පස්සේ කපු මහත්තයෙක් මොනාද කරලා දැන් හරිලු .
    අර කිරි අම්මාවරු දෙන්නෙක් එක්ක හිනා වෙලා තියෙන්නේ ඒ අය හොඳට ජිවිතේ ගෙවන අය නිසාලු .අත දික්කරපු ලොකු අම්මට බඩේ හර්නියා තිබිලා තියෙනවා .ඒකයි අර බඩ පෙන්නලා තියෙන්නේ .
    සීන් එක තියෙන්නේ විද්‍යාව කරපින්නාගෙන හිටපු මට කර කියාගන්න දෙයක් නෑ .අපේ නෑදෑ පවුල් අතරෙත් වැඩ්ඩා මම කියලා හිතාගෙන හිටියේ ඔය පැත්තෙන් .ඒවුනාට ඒ කාලේ මට ඔය සිදුවීමට කිසිම උත්තරයක් හම්බ උනේ නෑ .

    මේ සිදුවීම මගේ පළවෙනි අත්දැකීම .












     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    මේ සිදුවීම මගේ පළවෙනි අත්දැකීම .



    හ්ම්ම් අපිට විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි ගොඩක් දේවල් තියනවා බන් මේ ලෝකේ :) දිගටම දාපන් තව ඒවා තියනවා නම්
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හ්ම්ම් අපිට විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි ගොඩක් දේවල් තියනවා බන් මේ ලෝකේ :) දිගටම දාපන් තව ඒවා තියනවා නම්

    දාන්නම් මචන් .මේ එළකිරි account එක හැදුවේ අපිට ලොකු පාඩුවක් වෙලා ඒකට කිරියේ කාගෙන් හරි උදව්වක් ගන්න .ගොඩක් අයගෙන් සෑහෙන්න දේවල් අහන්න හම්බ උනා .ඒත් සල්ලි නම් තාම ලැබුණේ නෑ .හැබැයි සල්ලි නැති වෙන්න කලින් ඒක ගැන හරියටම කෙනෙක් අපිට කිව්වා .
    නැති වෙන්නේ කොයි වගේ කෙනෙක් හම්බ වෙලාද කියන එක පවා කිව්වා .
    හරි පුදුමයි බන්