අනේ මගේ කොටුව රතු වෙලා
කමක් නැ කියනව කියපු කතාව කියන්නම්කො
මේක මට ඇත්තටම වෙච්ච දෙයක්

ගිය අව්රුද්දෙ අප්‍රේල් වල උනේ
කට්ටිය දන්නවනේ අර දියතලාවේ තියන foxhill supercross ගැන
අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බණ්ඩාරවෙල මාම වැඩ කරන්නේ බණ්ඩාරවෙල හොස්පිටල් එකේ පොර ඩොකෙක් මම foxhill බලන්න ආස නිසාහැමපාරම මාමා ටිකට් ගන්නවා එක බලන්න. මේ පාරත් මාම ටිකට් අරන් මට එන්න කිව්වා foxhill බලන්න. මමත් ඉතින් සෙනසුරාදා නිවාඩුවක් දාල
ගියා ඉතින්. අපි foxhill බලන්න කලින් දියතලාවේ ටවුන් එකෙන් කන්න ජාති අරගන්න නැවැත්තුවා. ඒ වෙලාවේ එතනට ආව අර දේවාල වල වැඩ කරන පුසාරි කෙනෙක්. ඒ මනුස්සයා ගේ අතේ තිබුනා අර කතරගම ගියාම ඔලුවේ ඩොට් තියන්නේ සුදුපාට අන්න ඒවා අරගෙන. මම ඈත ඉදන්ම බලාගෙන හිටියේ ඒ මනුස්සයා හම්බවෙන හැම කෙනාගේම නළලේ සුදුපාට ඩොට් තිය තිය මගේ පැත්තට ඇවිත් මටත් කිව්වා (දෙමලෙන්

) ඔලුව පහත් කරන්න කියලා. මට ඒ වෙලාවේ ඒක විකාරයක් වගේ පෙනුනේ. මම කිව්වා අනේ එපා මම ඕවට කැමති නෑ කියලා.
ඒ වෙලාවේ ඒ මනුස්සයා මගේ දිහා බලලා කින්ඩියට හිනාවක් දාලා මුකුත් නොකිය එතනින් ගියා
පස්සේ අපේ නැන්ද මගේ ලගට ඇවිත් අහනවා උබ මොකක්ද ඒ වෙලේ කර ගොන් වැඩේ කියල
මම ඉතින් නැන්දට කිව්වා අනේ පිස්සු නැතුව ඉන්න කියලා
ඔන්න ඉතින් එක එතනින් ඉවරයි
උදේ ඉතින් අපි foxhill බලල

හවස ආවා නැන්දලගේ ගෙදරට
හවස හයට විතර මට හැදුන ඉවසන්න බැරි ඔලුවේ කැක්කුමක්. මම හිතුවේ සීතලට වෙන්න ඇති කියලා. පැනඩෝල් දෙකක් බිව්වා එත් පැය දෙකක් විතර ගියා අඩුවක් නෑ ඔලුවේ කැක්කුම හොදටම වැඩිවෙලා මට කෙලින් ඉන්නත් බෑ. පිස්සු වගේ. මාමා ඉතින් ඩොකා නිසා මට අරවා දෙනවා බීපන් කියල මේවා දෙනවා බිපන් කියලා. පොඩ්ඩක් වත් අඩු නැ



.
මාමා අන්තිමට ටැබ්ලට් එකක් දුන්නා මේක තමයි පුතෝ අන්තිම බෙහෙත මට ඕකට දෙන්න පුළුවන් බීපන් ඕක. ඕකට අඩු නොවුනොත් සොරි තමයි කියලා. මමත් ඉතින් බිව්වා ටැබ්ලට් දෙකක් ( ඒ වෙනකොට මම ගොඩක් pain killers අරගෙන තිබුනේ එකකින් වත් පොඩ්ඩක් වත් ඔලුවේ කැක්කුමක අඩු උනේ නම් නෑ වැඩි උනා මිසක්) දැන් මට ඉන්නම බෑ කල්තේ වගේ අස්දෙක් පේන්නෙත් නෑ ඔලුව පැලෙන්න වගේ. අර ටැබ්ලට් දෙකටත් අඩු උනේ නම් නෑ. අන්තිමට නැන්ද කිව්වා උබට මතකද අර මනුස්සයාට උබ කරපු වැඩේ එකට තමයි උබට ඔහොම උනේ යමන් පන්සලට හාමුදුරුවෝ හම්බවෙන්න කියලා. මොනවා කරන්නද වෙලාව දැන් උදේ 3ත විතර ඇති. කමක් නෑ එහෙනම් යමුකෝ කියල ගියා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කිව්වා වෙච්ච දේ හාමුදුරුවෝ මොකක්ද තෙලක් මතුරලා ඔලුවේ ගෑවා ටිකක් අඩු උනා. උදේ වෙනකම් ඉදලා උදේම අවා කොලබ, රත්නපුරේ පහු උනාම තමයි ඔලුවේ කැක්කුම හොද උනේ. අර ටැබ්ලට් ඔක්කොම වැඩ කරා ඉටපස්සේ මම බස් එක ඇතුලේ ගොරව ගොරව හොදටම නිදි. මහරගම බහින්න ඕන එකා කොටුවට යනකම්ම දන්නෙත් නැ


ඕක තමයි මගේ කතාව. අයෙත් කවදාවත් අර ඔලුවේ කැක්කුමනම් මට හැදුනෙනෑ
මේ පාරත් ගියා fix hill බලන්න
ආ තව දෙයක් අර අන්තිමට බිපු ටැබ්ලට් එකේ කාර්ඩ් එක මගේ බෑග් එකේ තිබිලා බෝඩිමේ එකක් ඇහුවා උබ ටැබා ගන්නවද කියලා මම ඇහුවා ඒ ඇයි කියලා. ඒ තැමඩොල් කිව්වා


හොදද මන්දා කලබලේ කෙටියෙන් දැම්මේ හොදයිනම් කොටුව නිල් කරලා දෙන්න

