එළකිරි භූත කොටුව.........

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක කියවපු මුල් සතියේ පට්ට ආතල් තමයි :D:D

    එල තව අත්දැකීම් තියනවා නම් කොටහන් :yes::yes:;)
    :yes: සතියක් යනකම් light දාන් නිදාගත්තේ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බූත කොටුව තාමත් බම්ප් වෙනවද? :shocked::shocked: මේවා කියවල බයවෙන උන්ට යක්කුන්ගෙම පිහිටයි.
    හූ ..... හූ ......හූ.....

    රොබොට් අයියා
    :frown:

    :shocked: හම්මේ රොබොට් අයියා :cool:
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    බූත කොටුව තාමත් බම්ප් වෙනවද? :shocked::shocked: මේවා කියවල බයවෙන උන්ට යක්කුන්ගෙම පිහිටයි.
    හූ ..... හූ ......හූ.....

    රොබොට් අයියා
    :frown:
    අම්මෝ රොබා කොහේද බන් මෙච්චර කල් හිටියේ..
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Thanks for all

    බුම්ප්


    මේක පටන් ගත් රොබා අය්ය ට සහ සහයෝගය දුන්න අය‍ට ගොඩක් Thanks. ගොඩක් වෙදගත් ලිපි පෙළක්.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සතියක් තිස්සෙ එල කිරි බූත කොටුව කියෙවුවා රෑ නිදාගන්න කලින්. (හම්මේ දැනෙන සනීපෙ) ඉතින් මුලින්ම රොබොට් අයියට මෙහෙම බූත කොටුවක් පටන්ගත්තු එකට ස්තූති කරලම මං මගේ අත්දැකීමක් මෙතනට එකතු කරන්නම්.


    නම් ගම් මනක්කල්පිතයි, 100% සත්‍ය සිදූවීමකි.

    රොෂාන්, තිමිර, නදීක, නුවන්, හා මා අප පස් දෙනා ගමේ විසූ හොඳම මිතුරන් පස්දෙනෙකු වූයෙමු. මේ කාල වකවානුව වන විට අප සිවු දෙනෙක් සාමාන්‍ය පෙල අවසන්ව නිවෙස්වල සිටි අවධියයි. නුවන්ද උසස්පෙලින් පසුව නිවසට වී සිටි කාලයම විය. එසේම නුවන් හා රොෂාන් එකම නිවසේ සහොදරයන්ද විය. කෙසේ හෝ මේ කාලවකවානුව තුල උදෑසන නිවසින් එලියට බහින අපට වල බැහීමට වඩා වෙනත් රාජකාරියක් නෙවීය. (දවල් කෑමට පවා ඉස්පාසුවක් නැති තරම් වැඩය :D:D ). වැවේ නාන්න යෑම, බෝට්ටු පැදීම, වෙල ඔබ්බෙන් වූ කැලෑ ඉඩමේ හොර කුරුම්බා කැඩීම, කොහේ හෝ සෙට් වී ඕමි බැලීම අපේ විනෝදාංශ අතර ප්‍රමුඛතම කාර්යයන් විය.

    කෙසේ හෝ අප පස් දෙනා අතුරින් තරමක මංදගාමී, කුලෑටි ගති පැවතුම් වූ චරිතයක් වූයේ රොෂාන්ගේ අයියා වූ නුවනා ය. අපි හොරෙන් කුරුම්බා කඩන්න කැලෑ පැන්න විටදී වුවත් තරමක් තැතිගැන්වී අවට වටපිටාව ගැන වැඩිපුර සෝදිසියෙන් සිටීම ඔහුගේ සාමාන්‍ය කාර්ය්‍ය විය. නුවනාගේ මේ අසීමිත බිය ගැන අප හොඳින්ම දැනසිටි කරුණකි. දිනක් අප පස්දෙනා උදේ වරුවම සෙට් වී ඕමි බලා දහවල් 12 ආසන්න වන විට කුරුම්බයක් බීමේ අදහසින් වෙල අයිනේ වූ කැලෑ ඉඩමට ගෑටුවෙමු. (මේ ඉඩම අක්කර 15ක 20ක විතර ලොකු ඉඩමක්, වෙල දිහාවට යන පුංචි අඩි පාරක් ඇරුනහම තනිකරම වදුල වැවිලා. කාලයක් ඔය කැලේ කසිප්පු පෙරුවා කියන එකත් තවත් ප්‍රසිද්ධ රහසක්. ඉඩමෙ අයිතිකාරයෝ ඊට ටිකක් උඩින් තියන පට්ට පරන ගෙදර තමයි ඉන්නෙ. කුනු ලෝබ යක්කු ටිකක් :angry: ) ඉතින් කොහොම හරි ඒ යන අතරවාරයේ එකෙකු බයිට් කර ෆන් ගත්තේ සුපුරුදු ලෙසින්මයි, මෙවර බයිට වූයේ නුවන් කාරයායි. :yes::yes:

    * නුවනා උඹ දන්නවද මේ ඉඩමේ ජේවීපී කාලේ කොල්ලො ටයර් දාලා පුච්චලා මරලා තියනවලු, උන් විලාප දීපු සද්දෙ තාම මේ කැලේ රෑට ඇහෙනවලු. මම නුවනාගේ බය අවුසන්නට කථාවක් ගොතන්නට වුනෙමි. ;)
    * බොරු කියන්නැතිව ඉඳහන්. මේකෙ මොන හොල්මන්ද? උඹ තමා හොල්මන. නුවනා ස්වයං අස්වැසීමක් ලබන්නට මෙන් කියන්නට විය. :angry:
    * බොරු නෙවෙයි ඩෝ, මේකේ තමයි අල්ලපු ගමේ අබිලිං මාමව මරලා තියෙන්නෙත්. ඌට වෙඩි තියලා බාගෙට පන තියෙද්දි පුච්චලා. ඒ තරහට අබිලිං හොල්මන මේ කැලේ රෑට ඇවිදිනවලු. මා ආරම්භ කල කථාව ඉදිරියට ඇදගෙන යාමට තිමිර හා නදීක ස්වේච්චාවෙන්ම ඉදිරිපත් විය. :P එසේම තවත් බිය උපදවන හොල්මන් කථා කියමින් කුරුම්බා ගසක් පා මුලට අප සේන්දු වුනෙමු.
    * මං බය අබිලිං මාමගෙ හොල්මනට. :angry: නුවන් කාරයා සැබැවින්ම යම් තාක් තැතිගැන්වී තිබුනත් ඒ බව අපෙන් සඟවා සිටින්නට උත්සහ කරන්නට විය.

    කෙසේ හෝ දැන් නුවනා අතහැර දමා කුරුම්බයක් බීමට අපි සූදානම් වුනෙමු. අපේ ගස් කාපර් නදීකයා වෙයි. නදීකයා ගසට නැග ගෙඩි 6ක් 7ක් බිමට නොවැටෙන සේ මා අතට පාස් කලේ ශබ්ද නොනැගෙන සේය. ඒ අතර රොෂාන් හා තිමිර වෙල අයිනේ වූ බෝවිටියා පඳුර සුද්ධ කරන්නට විය. සුපුරුදු පරිදි නුවනා මා අසල හිඳිමින් ඔත්තු බලන්නට විය.

    ඒ අන්න අතන කවුද බලන් ඉන්නවා, අඩෝ අන්න එනවා දුවපං...!! නුවන් කාරයා එකවරම කෑ ගසා දුවන්නට විය. :oo:
    හත්තිලවුවයි...!! ගහ උඩ සිටි නදීකයා අැසි පිය ගහන සැනෙන් ගසෙන් බැස ගත්තේ එක් ක්ශනයක් තුලයි. තිගැස්සුනු අප සිවු දෙනාම කැඩූ කුරුම්බාද බිම දමා දුවන්නට වූයේ වත්තේ අයිතිකාරයා වත්තට බැස ඇතැයි සිතමිනි. :angry: :angry:
    කෙසේ හෝ අප වෙලෙන් එගොඩහ රබර් වත්තට වෙනකල් දිව ගියේ විදුලි වේගයෙනි. (හත්වලාමේ අයිතිකාරයා ගෙදර උන්ට කිවුවොත් අපි හොර කුරුම්බා කැඩුවා කියලා බඩු මුට්ටු ටිකත් අරන් පාරට බහින්න තමා වෙන්නෙ. :angry: ) නමුත් කිසිවෙකු අප පසු පස හඹා එන බවක් අපට නොදැනින.

    *අඩෝ, උඹ කාවද බං දැක්කෙ. වත්තෙ අයිතිකාරයද? හති අරිමින් රබර්වත්තේ නැවතුනු අප නුවනාගෙන් විමසුවේ තැතිගැනුනු සිත් ඇතිවමය.
    * දන්නෑ බං. හරියට දැක්කෙ නෑ. උඩහ කජු ලන්ද පිටිපස්සෙන් ආවෙ. නුවනයා හති අරිමින් කියන්නට විය.
    * යකෝ තෝ හරියට දකින්නෙ නැතිවද කෑ ගැහුවෙ හු#$@. :angry::angry::angry: නුවනා සමඟ ඇති වූ කේන්තියට හොඳ කුනුහරුප සංග්‍රහයක් තෑගි වශයෙන් පිරිනමන්නට මා කෘතඥ පූර්වක වුනෙමි.
    * අඩෝ නෑ බං මං දැක්කා කජු ගහ එහාපැත්තෙන් එකෙක් ඉන්නවා. සත්තයි. නුවනයා දිවුරා සපථ කරන්නට විය.
    * මූ අබිලිං මාමව දැක්කද දන්නෑ. තිමිරයා නුවනාව බයිට් කරන්නට විය.
    * නෑ යකෝ. සිරා කියන්නෙ. මං දැක්කා. නුවනා කියන්නට විය.
    * දැක්කා තෝ ල*&. වරෙන් යන්න ආපහු. මම නැවත ආපසු හැරෙන්නට මූලිකත්වය ගත්තේ සිදුවූ දෙය බලා ගැනීමේ ආශාවත් බියත් මුසු හැඟීමෙනි.
    අප හොර ගල් අහුලමින් හෙමීන් සීරුවට වෑවර ගහ ලඟට ගෑටුවේ හොරා පොලිස් සෙල්ලම කරන්නාක් පරිද්දෙන් විමසිල්ලෙනි. ගස මුල අප දමා ගිය වෑවර එහෙමමය, කිසිවෙකු සිටි හෝඩුවාවක් එහි නොවිනි.
    * මූ අබිලිං මාම දැකලා තමා. මදක් අස්වැසුනු සිතින් යුතුව මා කුරුම්බා ගෙඩියක් අතට ගනිමින් කීවෙමි.
    * නෑ බං අන්න අතන හිටියා බං. නුවනයා එකම දේ නැවත නැවතත් දිවුරමින් කියන්නට විය.
    * හිටියා හිටියා. දැන් කුරුම්බෙ බීහන්. ලොඳ එපා නම් මට දියන්.
    කොහොමින් හෝ අපි කැඩූ කුරුම්බාද සප්පායම් වී නැවත එන්නට විය. ඒ අතර තුර මේ සිදුවීම නිසා නුවනයා අපේ පට්ටම බයිට විය. අප එන මග කජු ගහ පසු කරද්දී පවා "මචන් දවල් දොලහ පහු වෙලා කිරි ගස් යටින් යන්න හොඳ නෑ. අබිලිං මාමා මැරුවෙ ඒ කජු ලන්දෙ" ආදී වශයෙන් නොයෙකුත් දේ කියමින් ඌව බයිට් කිරීම අපට ආතල් එකක් විය. එදින සවස් වී අප නිවෙස් වෙත ගියත් සතියක් පසු වන තුරුත් නුවනාගේ හෝ වෙනත් කිසිවෙකුගේ කිසිඳු වෙනසක් නොවීය.

    පසුව ගෙවෙන සතියේ ගමේ ලමා සමිතියක් හා අන්යෝන්‍යාධාර සමිතියක් විසින් කරන්නා වූ අවුරුදු උත්සවයක් විය. ඉතින් ගමේ ඉන්නා (පොඩිම සෙට් එක :yes::yes: ) වුනු අපි සෙට් එක මේ සඳහා බැහැලා වැඩ කලේ කිසිඳු යටි අරමුණකින් තොරවමය. කෙසේ හෝ අවුරුදු උත්සවය පවත්වන්නට තෝරාගෙන තිබුනේ වෙලටත්, පෙර කී කැලෑ ඉඩමටත් මායිම්වූ කමතක් ලෙසින් විටෙක භාවිතා කරන්නා වූ පිට්ටනියකි. මඩුව ගැසුයේ කැලෑ ඉඩමේ මායිමට වන්නටය. ඉතින් රාත්‍රිය පුරාවට මේ මඩුව මුරකිරීමට අප පස් දෙනා ඉදිරිපත් වූයේ කොළුකම, මුරන්ඩුකම, අත්දැකීම් වලට වූ අසාව ආදී නොයෙකුත් ආසාවන් නිසාය.

    රාත්‍රිය එලඹිනි. අප පස් දෙනා හැරෙන්නට මඩුවේ මේ වන විට කිසිවෙකුත් නැත. ෆුල් බිත්තර කොත්තු තුනක් හා, බැදපු මාළු කූරීන් 5ක් අපේ රාත්‍රී ආහාරය විය. තවත් රැය පහන් කිරීමට නදීකයා නියම බඩුවක් ගෙනැවිත් තිබිනි. ඒ, ඔය කියන සමයේ ෆේමස් මෝදකයකි (සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්) කාඩ් පැක් එකෙන් ඕමි බලන අතර තුර නුවනා හැරෙන්නට අප සිවු දෙනාම ඒ මෝදකය නිසා මෝල් වී සිටියෙමු. එකෙකු යමක් කියද්දී අනෙකාට හිනා වෙන්නට හේතුවක් අවැසි නොවිනි. රාත්‍රී 1 පමණ වන විට මෝල් හතරගාතෙන්ම අපිට කුරුම්බා බෑමට සිතට අාවේ කොළු කමට එහා ගිය දඩබ්බර කම නිසාදෝ යැයි මෙය ලියන මට අද වන විට සිතෙයි.

    ඉතින් මහ රෑ කුරුම්බා බෑමට මා ගෙනා යෝජනාව තිදෙනෙකුම අනුමත කරද්දී නුවනයා පමණක් විරුද්ධ විය.

    *මචන් මේ රෑ සත්තු ඇති ඔය කැලේ, පිස්සු කෙලින්න එපා. නුවා විරුද්ධ විය.
    * ඇයි මචන් අබිලිං මාම. තිමිරයාගේ ඒ කුප්ප කථාවට මෝල් ගුලි කා සිටි අපට හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.
    *උඹලා ඕන මගුලක් කරහල්ලා, මං එන්නෑ. නුවාට නහුතයටම මල පැන ඇති බවක් පෙනෙන්නට තිබිනි.

    ඒ අවසරයෙන් අප සිවු දෙනා මහ රාත්‍රියේ කැලෑ පාළුවට සූදානම් වුනෙමු. මේ වන විට නහුතයටම මල පැන තිබූ නුවා තනිවම ස්ටේජ් එකට වී අප එන තුරු සිටින්නට විය. කෙසේ හෝ කුට්ටි කැපිය හැකි ඝන අඳුරේම ගහක් සුද්ද කරගෙන අප මඩුව වෙත එද්දී අපේ නම් අමතා නුවනයා කෑ ගසනු ඇසින. ක්ශනිකව අප මඩුව වෙත පා නැඟුවෙමු.

    *මොකද මොකද මචන්, අප නුවනයාගෙන් ඇසුවෙමු.
    * අතන කවුරු හරි ඉන්නවා මචන්, වහලෙටත් ගල් ගැහුවා. බයෙන් බිරන්තට්ටු වී සිටි නුවනයා වෙල් නියර දෙසට වෙවුලන අතේ ඇඟිල්ල දිගු කරමින් පෙන්නන්ට විය.
    *කෝ මොකෙක්වත් නෑනෙ බං. උඹ බොරුවට බය වෙලා.
    * නෑ නෑ. අර ඉන්නවා. අර ඉන්වා. නුවනයා දැඩි භීතියකින් වෙවුලමින් බෙරිහන්දෙන්නට විය. නමුත් අපට පේන මානයක බල්ලෙකුවත් සිටියේ නැත.
    තත්වය තරමක දරුණු බව මට ඉවෙන් මෙන් වැටහිනි.
    * මචන් අපි ගෙදර යමු. නුවනාද කැටුව අපි සිවු දෙනාම නුවනා ගෙදර ගෙන යන්නට යන්නට තීරණය කලෙමු. ඒ යන අතරතුර නුවනයා යාන්තමින් කූල් ඩවුන් වනු දැකීම අප සිවු දෙනාගේම මහත් අස්වැසිල්ලකට හේතු විය.

    නුවන්ව ගෙදරට ඇරලවූ අප සිදුවූ කිසිවක් ඔහුගේ මා පියන්ට නොකියා ඔහුගේ සොයුරු රොශාන්ටද නිවසේ නවතින ලෙස දන්වා නැවත අවුරුදු උත්සවය කරන ස්ටේජ් එකට යන්නට වුනෙමු. එහෙත් එහි ගිය අපට සිත් වල ඇතිව තිබුනේ මහත් වූ කැලඹීමකි. රාත්‍රිය පහන් කර නැවත අවුරුදු උත්සවය වෙනුවෙන් අප එහි යද්දී නුවනයා හා රොශාන් ද කැටුව යන්නට ඔවුන්ගේ නිවසට ගියත් නුවනයා දැඩි ලෙසින් උන රෝගයකට ගොදුරු වී සිටින බව දැන ගන්නට ලැබිනි. නුවනයා නිදා සිටි බැවින් ඔහුට විවේක ගැන්මට සලස්වා රොශාන් ඇතුලු අප සිවු දෙනා අවුරුදු උත්සවයට ගියෙමු. ඒ අතර තුර රොෂාන් අප හා පැවසුවේ රාත්‍රිය පුරාවට අයියා තනිව කියවමින් සිටි බවයි.

    අවුරුදු උත්සවය අවසානයේ අප ගෙදර යද්දී නුවනයා ගෙදර යකා නටා ඇත. ඒ පණිවිඩය නිසා ඔහුගේ පියාද නිවසට පැමිණ සිටියේය. නුවනයා විටෙක සිහියෙන් සිටින බවක් පෙණින. තවත් විටෙක අර කවුද අර කවුද යැයි කෑගසමින් අවසිහියෙන් දඟලන්නට විය. මෙය ප්‍රේරේත දෝශයක් බව පූර්ව නිගමණයකට ඔහුගේ දෙමවුපියන් හා අසල්වාසීන් සියළු දෙනා තීරණය කර තිබිනි. ඉතින් ගමේ යකදුරු මහතෙකුගේ පිහිට පැතීමට ඔවුන් කටයුතු කරන්නට විය.

    යකදුරු මහතා නිවසට පැමිණ නූලක් මතුරා අතෙහි බැඳ තෙල් ටිකක් මතුරා හිසෙහිද ගා මේ දරුවා ප්‍රේත බැල්මකට හසුව ඇති බව කියන්නට විය. එය ඉවත්කිරීමට නම් ශාන්ති කර්මයක් කල යුතු බවත් එතෙක් ඔහුව තනි නොකරන ලෙසත්, බුදුන් වැඳිම හෝ ගථා කීම නොකරන ලෙසත් පැවසීය. එසේ පවසා තෙල් කුප්පියක්ද මා මිතුරාගේ පියා අතට දී යකදුරු මහතා නිවසින් බැහැර විය.

    නමුත් යලිත් පැයක් ගතවන්නට මත්තෙන් මා මිත්‍රයාගේ තත්වය තවත් නරක අතටම හැරින. මෙවර ඔහු මහා අමුතු භයංකාර හඬකින් ( බෙල්ල මිරකා ගොරවන්නාක් මෙන් ) ශබ්ද නඟන්නට විය. අත් පා දර දඞු කරගෙන බිම වැතිරෙන්නට විය. අප ඔහුව ඔසවා ඇඳට ගෙන යන්නට උත්සහ කලත් ඔහු එසවීමට අපහසු තරම් බරකින් යුතු විය. කෙසේ හෝ වෑයම් කර ඔහුව ඇඳට දමා ගත් අප ඔහු වෙනුවෙන් මාරුවෙන් මාරුවට ආවතේව කම් කරන්නට වීමු. (හිතපල්ලකො යකෙක් වැහිච්ච එකෙක්ට තනි රකිද්දි කොහොමද එන ආතල් එක කියලා)

    පසුව දිනයක් නියම කරගෙන ශාන්තිකර්මය පැවැත්වීමට සියළු කටයුතු ලහි ලහියේ සූදානම් විය. එදින හවස් යාමයේ උඩහ හංදියේ බුදු මැදුර ලඟ පීකර් වලින් පිරිත් දමා තිබිනි. යාන්තමින් මෙන් අප මිතුරාගේ නිවසටද මේ ශබ්දය ඇසෙන්නට විය. තත්වය ක්ශනයක් තුල වෙනස් විය. පෙරටත් වඩා භයංකාර හඬකින් ඔහු ගොරවන්නට විය. එසේම දඟලන්නට විය. එසේ දඟලන ඔහුව පාලනය කරගැනීමට තරුණයන් 4කු වූ අප සිවුදෙනාටවත් නොහැකි විය. ඔහු නිවස තුල යකා නටන්නට විය. යකදුරු තුමාගේ තෙල් වලින්ද ඒ අවස්ථාවේ පලක් වූයේ නැත. එ වෙලාවෙහිම නිවසට පැමින සිටි අපේ තවත් මිත්‍රයෙක් බුදුමැදුර අසලට ගොස් කාරණය පවසා එය නවත්වන්නට කටයුතු සැලැස්වූ බැවින් නුවනයා යම් තාක් දුරට යථා සිහියට පැමිණුනි. නමුත් ඔහු,
    *උඹලා මාව එලවන්න...!! මාව එලවන්න...!! හිතුවා මදි. මං මේකව අරං මිසක යන්නෙ නෑ කියමින් සිට ටිකකින් ඔහු සංසුන් විය.

    යකා එලවන වැඩේ දැන් සූදානම්ය, කුකල් නාම්බෙකුද ඉදිරියේ තබාගෙන යකදුරු තුමා මතුරන්නට විය. කට්ටකුමන්ජල් සුවඳ හා විටෙක දියගොඩ මස් පුච්චන පුළුටු ගඳින් අපේ නාස් දැඩිව පීඩාවට පත්ව තිබුනි. පන්දම් රැගෙන යකදුරුතුමා දුම්මල ගහන විට නුවනයා හූ තියන්නට වෙයි. මහා බර හඩකින් ගොරවන්නට වෙයි. මල් තටුවට මෙහායින් ඇති කුකුල් නාම්බා දෙසට පනින්නට ඔහු උත්සහ කලත් ඔහුට මල් බුලත් තටුව ඇති සීමාවට පැමිණිය නොහැකි බව අපට තේරුම් ගත හැකි විය. මැතිරීම අතර වාරයේ යකදුරු තමා මා මිතුරාගෙන් උඹ කවුද කියා අසන්නට විය.

    * උඹ කවුද කියපිය.
    නුවනයා ඔළුව කරකවනවා මිස කිසිඳු ප්‍රථිචාරයක් නැත.
    * පුච්චන්න කලින් කියාපිය උඹ කවුද? දුම්මල මිටක් හා පන්දම අතැතිව ගුරුන්නාන්සේ තදින් අසන්නට විය.
    * මං සරණපාල. නුවනා ගොරහැඬි හඬකින් පිලිතුරු දෙන්නට විය.
    *තෝ මොන සරණපාලද? කියපිය. යකදුරු නැවත ඇසීය.
    *එගොඩහ වෙල අද්දර කජු ලන්දෙ සරණපාල. මදක් හිස කරකවමින් හිද නුවනයා නැවත පෙර ලෙසම ගොරහැඬි හඬින් පිලිතුරු දුනි. (හුටා..!! මූ කියන්නෙ අපේ කුරුම්බා පොට් එක ගැන. අපි උපදින්නටත් අවුරුදු ගානකට පෙර ඔය කියන කුරම්බා වත්තේ කජු ගහේ සරණපාල කියලා මනුස්සයෙක් එල්ලී මැරුනු බව පසුව අපිට දැනගන්නට ලැබුනා. ඔහු දැනට වත්ත හිමිකරුගේ ඥාතියෙක්ලු.)
    *මොන එහෙකටද තෝ මේ දරුවගෙ අඟට රිංගුවෙ. යකදුරු මහතා නැවත විමසීය.
    *මූව මං අරං යනවා. මං අරං යනවා. නුවනයා තීව්ර හඬකින් පවසමින් නැවත දඟලන්නට විය.
    *එහෙම කොහෙද තෝ මේ දරුවා අරං යන්නෙ. හිටපිය. කියා යකදුරු තුමා නැවත මතුරන්නට විය.
    * තෝ මේ කුකුල් බිල්ල අරන් යනවද? යකදුරු මහතා නැවත අසන්නට විය.
    * මං මේකව අරං යනවා. හූ....!! නුවනයා හූතියමින් බෙරහන් දෙයි. බය බිරාන්තව අප පසෙකට වී සිදුවීම බලා හිඳී
    * එවිට මතුරමින් යකදුරු ගැසූ දුම්මල පහරින් මුළු පලාතම ආලෝක විය.
    *යන්නම් යන්නම්. මට මිනිස් බිල්ලක් දීපියවු. නුවනයා ගොරවන්නට විය.
    *තොට දෙන්න මිනිස් බිලි නෑ. කුකුල් නාම්බා අරන් පල. කියමින් ගුරුන්නාන්සේ තරවටු කරන්නට විය.
    * යන්නම්. යන්නම්...!! නුවනයා කුකුලා දෙසට නැවත නැවතත් පනින්නට වෑයම් කලත් ඔහුට මල් අසුන පැන කුකුලා ඇල්ලීමට නොහැකි විය.

    * ගුරුන්නාන්සේ කටුවක් ගෙන කුකුලාගේ කරමලය විද ලේ ටිකක් ගෙන ගොටුවක් සාදා ඒ තුලට දමා මල් අසුනේ තබන්නට විය. නුවනයා සිහිසුන්ව වැටෙන්නට විය. පසුව මතුරමින් යකදුරු තුමන් මේ පෙරේත තට්ටුව නිවසෙන් බැහැරව ගෙන යන ලෙසත් තවත් සිවු දෙනෙකුට වත්තේ සිවුකොන ආරක්ශාවන් වලලන ලෙසත් උපදෙස් දුන් අතර අප 8දෙනෙක් පමණ පෙරේත තටුව රැගෙන කුනුහරුප කියමින් පන්දම වනමින් පෙරේත තටුව බෝක්කුවක් අසලට ගෙන යන්නට කටයුතු කරන ලදී. එය දමා නැවත පැමිනෙන විට පාරේ අයිනේ සිට තරමක් උස මහත මිනිහෙකු පාර මාරු වනු අපට දිස් විය. නමුත් අප ඒ අසලට පැමිණුනත් එහෙම මිනිසෙකු එහි නොවීය. මොකෙකු වුවත් ඒ පාර පැන්න මිනිහාට යාමට කිසිඳු පාරක් ඒ අසල නොවීය. කොහොමින් හෝ මේ කටයුත්ත කර අප නිවසට පැමිනෙන විට කහ වතුර හා දෙහි ගා අපව පිරිසිදු කර නිවස මායිමට ගන්නා ලදි.

    පසුදින දෙහි කැපීමක් සිදු කල අතර ඉන්පසු යකදුරුතුමා යන්නට පිටත් විය. නමුත් නුවනාගේ හැසිරීම පෙර පරිදි නොවීය. තනිව කියවමින් විටෙක සිනාසෙමින් ඔහු නැවත නැවතත් දොඩවන්නට විය. (හත්වලාමේ යකා ගිහන් නැද්ද? අපට ඇති වූ ලොකුම ගැටළුව එයයි.)

    කරන්නට දෙයක් නොමැති තැන ඔහුගේ දෙමවුපියන් පංසලේ කළු හාමුදුරුවන් මුණගැසෙන්නට තීරණය කලේය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගැන හසල දැනුමක් ඇති යළුිවරයානන් නමකි. උන්වහන්සේ මා මිත්‍රයාගේ හිසෙහි ගාන්නට මැතිරූ තෙල් කුප්පියක් දුන් අතර එය හිසෙහි ගා පංසලට කැඳවාගෙන එන්න යැයි පවසන ලදී. කී ලෙසින්ම අප ඔහුව පංසල වෙත කැඳවාගෙන ගියෙමු. පසුව බුදුන් වැඳ වතාවත් කර මා මිතුරාගේ ගෙලෙහි යන්තරයක් බැඳ සෙත් පැතා මලවුන්ට පිං දී කටයුත්ත අවසන් කරන ලදී. බුදුගුන බලයෙන් මා මිතුරා සුව ලැබීය. පසුව දැනගන්නට ලැබුනේ මෙය, අර කපුවා උගේ වැඩ පෙන්වීමට නුවනයාට බංධනයක් සිදු කර නිවැරදිව එය කපා ගත නොහැකි වීමක් බවයි. කීමට ඇති වැදගතම දෙය නම් ඕන යකෙකු බුදු ගුනට යට බවයි...

    ඉතින් ටිකක් දිගට ලිවුවා. මහන්සී...!! එහෙනම් රොබා අයියා ඇතුළු භූත කොටුවේ සැමට ජය....!!

    මොනව උනත් ඇත්ත වගේම ලියල තියෙනව බන්.. :baffled::lol:
    ජයීන් ජයම වීවාහ්ආ ඔටෝ පුතී...!!!:P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    oya line eke ra drive karana ewunta godak welawata oya wage athdakeem tiyenawa.math ra drive karanawa anuradhapura,kekirawa eth malata rata thaniyama yanne na.:no:podi ekek hari daagena yanawa.:shocked:
    ai an me ekama widihe deval venne? ra vahanayak drive karaddi vahaneta atha daanawa. aika owa rama venne ai
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,567
    113
    අදයි කියවල ඉවර උනේ. Thread එකේ කතා දාපු ඔක්කොටම thanks.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    හැමෝම කියවන්ඩ...
    මිට අවුරුදු 2කට උඩදි උන දේයක්,අපෙ ගමේ පවුල් 60ක් විතර ඉන්නවා,අපේ ගම අැතුලෙ කැලේ කැල්ලක් තියනවා,එක ගමේ හැමෝටම අක්කර බාගේ,බාගෙ බේදලා තියේන්නෙ,දේපැත්තේ කැලේ මැදින් පාර හදලා තියෙන්නෙ,ගමේ අය එ කැලේ සුද්ද කරලා,තල,බඩඉරිඟු ,බොන්ච්,කුරක්කන්,අබ එහෙම හදනවා, එක නිසා ටිකක් කැලේ අඩුයි,පාරෙන් වම් පැත්තෙ අය තාමා හැම සැරෙම වාගා කරන්නෙ,අපේ කැල්ල දකුනු පැත්තේ,අපිත් එක පාරක් සුද්ද කරලා කුරක්කන් හැදුවා,හැදුවට වැඩක් නෑ රිලවු ,අලි කනවා,අපේ පැත්තේ කවුරුත් පැල් වලට යන් නෑ.අනික සමහරු කරනවා,සම හරු කරන් නෑ,එක නිසා අපිත් ඔහේ කැලේ වැහේන්ඩ අැරියා,ඉට පස්සෙ මට හිතුනා ඔක සුද්ද කරලා බඩඉරිඟු හදන්ඩ.එත් හැදුවට වැඩක් නෑ මොකද වටේ එවාගෙ කැලේ නිසා රිලවු ගෙන් බේර ගන්ඩ අමාරුයි,මගෙ යාලුවේක්ගෙ හේන කොටලා වු මොකුත් හදන් නෑතුව අැරලා,මම පොරගෙන් ඉල්ලුවා,පොර කිවුවා එහෙනම් අපරාදෙනෙ උබ බඩඉරිඟු හාදා ගනින් කියලා,මම පහුවාදා අම්මා එක්ක ගිහින් බඩඉරිඟු හැදුවා 5kg ක් විතර,මේ යාලුවාගෙ හේන ලග ගේවල් 5'6ක් විතර හදාලා තියෙන්නෙ කට්ටිය එ ගෙවල් වල පදින්චිත් වේලා,,මම අලියගෙන් ,රිලවුගෙන් බේරා ගන්ඩ මම ඉන්ඩ පැල්ක් හැදුවා ගහක්,එත් එතන වටේ අය කිවුවා ඔකටනම් පැලක් හදන්ඩ ඔන් නෑ අපි ඉන්නවානේ අලියා එන් නෑකිවුවා,මම කොකටත් කියලා පැලක් හැදුවා,,මම හැමදාම පැලට 9.00 ට විතර යනවා,මොකද අපේ ගමේ මියුසිකල් බැන්ඩ් එකක් තියනවා එ අය හැමදාම පැට්ටිස් වේනවා,මාත් එ බැන්ඩෙකේ සාමාජිකයෙක්,එතකොට මම අපේ ගෙවල්ලග කැම්පේකේ තාමා වැඩකලේ,ලග නිසා හවසට ගෙදර එනවා මම,කොහොම හරි බඩඉරිඟු පැහේන කාලේ එනකොට මම බිම් පැලක් හැදුවා,එක හැදුවේ දවල්ට බඩඉරිඟු කරලක් එහේම තම්බලා,පුච්චලා එහේම කන්ඩ ඔන නිසා,එ හේනේ ලොකු ගල් පොත්තක් තියනවා එක වට කරලා තාමා පැල නිකන් හැදුවෙ,ගලේ ඉදගේන කන්ඩ පුලුවන් නිසා,එදා මගෙ යන්තරේ නුල ගැලවිලා වැටුනා ගෙදර,ඉට පස්සෙ යන්තරේ නුල නෑති නිසා මල් ආසනය ලග තියලා වැදලා අවා,,මම හවස 6.00 ට විතර පැලට යන්ඩත් එක්ක මම ලැහැස්ති වේලා අවේ,එන ගමන් බැන්ඩ් එකේත් පැට්ටිස් කරලා පැලට එනකොට 10.20 ට විතර අැති.මම අැවිත් නිදා ගත්තා,නිදා ගෙන ඉන්න කොට එක පාරම නිකන් මගේ බේල්ල මිරිකනවා වාගෙ දැනුනා,මම නෑගිටලා ටොච් එක ගහාලා වේලාව බලන කොට හරියටම පාන්දර 1.30 ට විතර තියෙයි,මම පහලට ටොච් එක ගහලා බලනකොට බිම පැල කැඩිලා වැටිලා,එදාම තාමා හැදුවේත් එ පැල..මම හිතුවා හුලගට කියලා නිදාගත්තා....
    ඉට පස්සෙ ටිකක් වේලා යනකොට හිනේන් පේනුනා කලුම කලු පාට මහත ගැනියක් සාරියක් අැදලා නලලේ රතුපාට පොට්ටුවක් තියපු ගැනියක් අපේ අම්මට කිවුවා උබේ කොල්ලා තාමා හැමදේටම මුල,තො මරනවා කියලා මේවා මගෙ එවා බොල කියලා මගේ මුනට පැනලා බේල්ල මිරිකන්ඩ හැදුවා,මම කැ ගහලා නෑගිට්ටා,මම නෑගිටලා ටොච් එක ගැහුවා,දැන් මගේ අැග වේව්ලනවා,මගෙ අැගට පන නෑ .මට දැන් ගෙදර යන්ඩ ඔන.පැලේන් ඉනිමග දිගෙ බැහැගන්ඩ පනත් නෑ.අැග වේව්ලනවා,මම බාටා 2කත් නෑතුවම ටොච් එකත් අරන් දුවගෙන අවා,ගේදරට එතන ඉදන් 1km ක් විතරම දුරයි,අම්මා,අම්මා කිය්ලා කතා කරනවා විතරයි මට මතක අම්මා දොර අරින කොටම මම කලන්තේ දාලා වැට්ලා,මට අදටත් හිතා ගන්ඩ බැ මම දුවගෙන ආවද කියලා,ගමේ අයත් පුදුම වේනවා,එතකොට වේලාව 2.45 ට විතර තියෙයි,ගෙවල් ලග හැමෝම ව්ගෙ අවිත් පන්දරම පන්සලේ හාමුදුරුවෝත් අවිත් නුලක් ගැට ගහලා තාමා මට හ්රිගියෙ,නිකන් කාතා කරන්ඩ වත් බැ මට ගොත ගැහුනා,,පස්සෙ තාමා දන්නෙ එ ගල උඩ පැලක් හදපු එක තාමාලු ප්‍රශ්නය,ඔයිට කලිනුත් එ වත්තෙ මනුස්සයෙක් ගෙයක් හදලා ඉන්ඩම දුන් නෑලු,එ කෙනා බය කෙරුවලු,මට ගොඩක්ම උනෙ එදා යන්තරෙත් කරෙ තිබුන් නෑති නිසාලු හාමුදුරුවෝ තාමා කිවුවෙ,එ වත්තෙ කිසිම දෙයක් හදන්ඩ බැ.මගෙ ඔක්කොම බඩඉරිඟු අලියා කැවා,,එ ගලට අඩියක් හරි තිබ්බොත් කකුල කැඩේනවාලු,ඔයිට කලින් කට්යක් ඔකෙ වාගා කරලා,පොඩි එ කට්ටියගෙ පොඩ් ලමයා එකෙ ඉදගෙන සෙල්ලම් කරලා එ ලමයා වැට්ලා කකුල කැඩුනලු,,,ලොකුයි ගල් පොත්තක් එක උස නෑ,,දැන් එ වත්ත පාලු වේලා,කැලේ වැහිලා,එ ගලෙ නිදානයක් තියනවාලු එකට හානියක් කරයි කියලලු කාලි මැනියො එක රකිනවා කියන්නෙ,ගමේ අයතමා එහෙම කියන්නෙ,ඔතන ලිදක් හාරන්ඩ ඔයිට කලින් බැකො එකක් අැවිත් ,එ බැකො එක ගන්ඩ බැ එරිලා,තාමත් එකෙ කැලි එතන් තියනවා
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මමයි යාලූවෝ සෙට් එකයි එකම ගමේ 5 දෙනෙක් යනවා account class අරුන් හතර දෙනා බින්ගේ අස්සට යනවා දුමක් දාන්න මම ඉතින් යන්නෙ නැ ඔවාට උන්ට කිව්වා ඉක්මනින් වරෙන් මම යනවා කියලා වක්වැල්ල පාර දිගේ ඇවිත් ස්ටේෂන් එක ගාව බලන් හිටියා 😕👌 අරුන් එනකම්
    උන්ට පරක්කු වෙලා දුම දලා බින්ගේ ඉදලා ඉක්මනින් දුවන් පාරට ඇවිත් ත්‍රීවිල් කාරයේක් නවත්තලා උන් 4 දෙනාගෙන් අහලා ත්‍රීවීල් කරයා ක්ඵෙද යන්නේ කියලා මුන් කියලා ස්ටේෂන් එකට කියලා දැන් තමා කාතව පටන් ගන්නේ මුන්ව ත්‍රීවිල් එකේ දාගේන ගිහින් වටේ පාරවල් වලින් එක්කන් ඇවිත් කොහොම හරි වෙලාවට ආවා ත්‍රීවිල් එකෙන් පස්සේම බැස්සේ පසන් කියමු නම උගේ බෙල්ලෙන් අල්ලන් කොහේද දුවන්නේ අහලා ත්‍රීවිල් කරයා ගෙදර කියලා රළු හඩින් මටත් ඇහුනා මාත් ලගට ගියා දැන් ඔන්න සල්ලි දියන් කිව්වා කෝච්චියේ ය්න්නත් අපට සල්ලි නැ තියෙන එවාගෙන් අරුන් සිගරට් ගහනවා සේරගෙන්ම මූ සල්ලි නැද්ද අහලා ශිට් එක යට තිබිලා මන්නයක් ඇදලා ගත්තා එක පාරටම අපට කොටන්න ගියේ ඊට පස්සේ මන්නෙ විසික් වෙලා ගිහින් එතැන එහා පැත්තෙ තියෙන කුණු ඇලට වැටුනා ගනන් ගත්තේ නැ ත්‍රීවිල් කරයා බය වෙලා දිව්වා පටස් කියන එකා කොච්චියට යන්න බැ කියනවා ඌ කැමති නැ මම කිව්වා 5.05 වෙලාව කියලා කුණුහර්ප දෙකක් කියලා ගැව්වා මූට මට එකම එක පාරයි මූ ගැව්වෙ මම විසික් වෙල වැටුනා කොහොම හරි නැගිටලා මම යාලූවෝ 4 දෙනා එක්ක මුගෙ අතින් ඇදන් ගියා කෝච්චියට අරුගෙ අත සීතලයි පට්ට විදිහට
    මූ කෝච්චිය යට බනිනවා ගොඩක් අම්මා තත්තා මතක් කරනවා අපිත් ඉතින් ඌට සහය උනා අපි මතක් කරේ ජනපතිගේ අම්මා තාත්තා
    ඔන්න අපි ලගා උනා බහින්න ඔනේ ස්ටේෂන් එකට අපි 5 දෙනාගේ ගෙවල් තිබ්බෙ එකම හරියේ අපි කඩේට ගියා බැහැපු ගමන් ෆයිල් ටික පසන්ට දිලා කතා උනා කඩේ ඇතුලෙදි මට ගැව්ව එකට අරුට මොනා හරි කරන්න ඔනේ කියලා plan එක මම අනිත් 3 දෙනාට මෙහෙම කිව්වා අරුව කනත්ත ඇතුලට දලා බය කරමු කියලා 😋 අපේ ගෙවල් පැත්තේ කනත්තත් තියේ දඩල්ල කනත්තට විතරයි දෙවනි වෙන්නේ ඔහොම ගියා අරුව කනත්ත ගාවටබ්දලා බය කරා අපි ඌ කියනවා දැන්ම මොකො බන් ආවෙ මම තා දවස් තුනක් විතර ඉදලා එන්නෙ කියලා
    වෙලාව 6.20 යි විතර ඉක්මනින් යමන් කිව්වා රැ උන නිසා අපි 5 දෙනා ඉක්මනින් අඩිය ඉක්මන් කරලා යන්න ගත්තා පසන් කියනවා ඔයී මගේ බෙල්ල ටිකක් බලපන් කියලා . ඉතින් ඔවා බල බලා ඉන්නවට අපි එකෙක් කිව්වා හු®න් නැතුව වරෙන් කියලා පිටි පස්සෙම ආවේ පසන් ඊට ඉස්සරහා ආපු එකා පිටි පස්ස බලපු ගමන් සිහිය නැති වෙලා වැටිලා දැකල තියෙන්නෙ පසන්ගේ බෙල්ලෙ එක මස් කෑල්ලක් විතරකින් ඔලුව එලෙනවා සෙරම එලියට පැනලා ලේ යන්නේ නැ හැබැයි රතු පාට උනාට. අපි අරු වැටුනම පිටි පස්ස බැලුවා පසන් කෑ ගැව්වා අරු කලන්තේ දලා වැටුනා කියලා ර් කොල්ලට හතිය තියෙ එක නිසා මම හිතුවා එක නිසා වෙන්න ඇති කියලා මම පසන්ගේ අම්මා මතක් කරලා බැන්නා ඌ තමා කිව්වෙ ලයියක් ගහගෙන යමන් කියලා බස් ඔනේ නැ කියලා අරුට කොහොම හරි කම්බුලට ගහලා සිහිය ගත්තා අරු නැගිටපු ගමන් කිව්වා පසන් හොල්මනක් දුවාපාන් කියලා මගේ අතින් ඇද්දා මම කකුල පැටලිලා වැටුනා ඊට පස්සේ අරුන් 3න් දෙනා දුවලා මම වැටුනේ පසන්ගේ කකුල ගාව ඌගෙ ඔලුව නැ දැන් මට පේනවා කද විතරයි තියෙන්නෙ😑 බය උන පාර කකුල් දෙකම පන නැති උනා දුවන්න තියා නැගිටින්නවත් බැරි උනා ෆෝන් එක අතේ තිබ්බා මගේ එකේ ගෙදර තිබ්බ පිරිතක් රේකෝඩ් කරලා තිබුනේ මම ඊට පස්සේ ෆෝන් එක විතරක් බලලා පසන් දිහා නොබලා එ විඩියෝ එක paly කරා ඊට පස්සේ පසන් දුමක් වගේ අහසට ගියා
    මම ගෙදර ගිහින් නිදා ගත්තා කාටවත් කිව්වෙ නෑ
    මම ඊට පස්සේ මාව දලා දුවපු යාලූවෝ එක්ක කතා කරේ නැ
    ඊලග දවසේ දන්නේ පසන් කෝච්චිය ට හැපිලා කියලා බින්ගේ ගාවදී අරුන් දුම දාන්න ගියපු තැන පසන් හැපිලා තියෙන්නෙ කොහොම උනා ද දන් නැ අදටත් කෝච්චිය නතර කරලත් නැ බින්ගේ අස්සේ දැකලා නැ වගේ ඩයිවර්
    ඔලුව එතැනමයි කද හම්බෙලා තියෙන්නෙ 1km ගිහින්
    අදටත් රහසක් අපිත් එක්ක ආවෙ කවුද කියලා
    පිහිය විසික් උනේ කොහොමද කියලා
    මට පයින් ගැව්වෙ කවුද කියලා
    අපේ ෆයිල් අල්ලන් හිටියේ කවුද කියලා
    බස් එකේ නොගිහින් පයින් යමු කිව්වෙ කවුද කියලා
    විශ්වාස කරන අය කරන්න නොකරන අය නොකර ඉන්න සේරම දැන්ම නිසා මාත් දැන්මේ
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඉතින් මට අද මගෙ හොඳ යාලුවෙක් හම්බුනා මාසෙකට දෙකකට විතර පස්සෙ...ඔය එක එක පල් හෑලි කියව කියව ඉත්දි පොර මගෙ post එකක් දැකලා හොල්මන් සීන් එකකට සෙට් උනා...
    මමත් ඉතින් ඔය මම දන්න පොරට කියන්න පුලුවන් පොඩි පොඩි කතා ටිකක් කියද්දි පොර මගෙන් ඇහුවා "උඹ දේවාල විශ්වාස කරනවද කියලා" මම ඉතින් කිව්වා නැහැ කියලා...ඇත්තටම මම නම් දේවාල ගැන එච්චර විශ්වාසයක් නෑ...
    එතකොට එයා මට මෙහෙම කතාවක් කීවා
    "මමත් ඔහොම කාලයක් හිටියා දැන් නම් දේවාල විස්වාස කරනවා බන්"කියලා කීවා...මම ඇහුවා උඹට මොකද උනේ කියලා පොර කීවා "මම මේ ලඟදි මට මරු වැඩක් උනානෙ බන් කියලා"
    මං ඇහුවා මොකෝ උනේ කියලා එතකොට කීවා දේවාල සීන් එකක් කියලා...තව විස්තර අහත්දි පොර මට කීවා ඒක තියෙන තැන අරවා මේවා සේරම.
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය පැත්තෙ තමා මේ දේවාලය තියෙන්නේ,හරියටම කීවොත් මින්නේරියේ වට රවුමෙන් 1km විතර යත්දි තියෙන පන්සල ගාව තමා ඕක තියෙනවා කියලා කිවුවේ.
    මගෙ යාලුවා ඔය කියන තැනට ගිහින් තියෙනවා මොකක් හරි හේතුවකට...මට කීවෙත් නෑ මම ඇහුවෙත් නෑ මෙයා කොල්ලෙක් වැඩි වයසකුත් නැහැ,මෙයාට තියෙන වරම තියෙන්නෙ ලංකාවෙන්ම දෙන්නෙක්ට විතරයි කියලත් කියනවා...එයා මේ දේවාලෙ කරන කොට එයාගෙ ආයුශත් අඩු වෙනවලු
    ගෑනු කෙනෙක් විදිහට ඇඳලා මල් මලා දලා සරසලා එහෙම තමා මෙතන ඒ වැඩේ වෙනවා කියලා කියන්නෙ.වැඩි අයකිරීම් එහෙමත්.නැතිලු රුපියල් 100ක් විතර කැටේකට දාන්න තමා තියෙනවා කියන්නෙ සමහරු ඒකදාන්නෙත් නැතිලු...
    ඉතින් වැඩි විස්තර ඕනෙ නෑ මම සිද්දිය කියන්නම් කො!
    මෙයා එතනට ගිහින් තියෙන්නෙ කිසිම හිතේ විශ්වාසයකින් නෙවේ...මෙයා ගියාට පස්සෙ මෙයාගෙ වාරෙ ආවම ඇතුලට ගිහින් තියෙනවා බුලත් අතකුයි පොල් ගෙඩියකුයි අරගෙන කහ වතුරෙන් හෝදගෙන ඇතලට අරන් ගිහන් වැඳගෙන හිටයලු
    ටිකක් වෙලා ඉද්දි බුලත් අත පැත්තක්න් ති⁣යලා එහෙම ඉදගෙන වැඳගත්තලු...ටිකක් වෙලා ඔහොම ඉද්දි මේ කෙනා මායම් වෙලා පිරිමි කටහඩ නැති වෙලා ලස්සන ගැහැනු කට හඬක් ආවලු
    ඔහොම යත්දි මේ ආවේශ උන කෙනා මගෙ යාලුවාගෙන් අහලා මම ගැන විශ්වාසයක් නැහැ නේද කියලා.ඇත්තටම පොර විශ්වාසයකින් නෙවේ ගිහින් තියෙන්නේ..ඒ උනාට ඉත්න් මූනටම නෑ කියලා කියන්න බැරි නිසා මූ කීවලු "එහෙමත් නෑ ඉතින්" කියලා
    දැන් ඕක වෙන්නෙ කාමරයක් ඇතුලෙ ඒකෙ ඉන්නෙ ඔය වරම තියෙන කෙනෙයි අර මගෙ යාලුවයි විතරයි...ඇතුලෙ පහන් ගොඩක් පත්තු කරලා තිබිලා...මෙයාට කීවලු එක පහනක් අරගෙන්න කියලා.පොර ඉතින් පහනක් අරගෙන එයාගෙ පැත්තට හැරෙව්වලු
    හොඳම සීන් එක තමා පහන අල්ලත්දිම මේ වරම තියෙන කෙනා අඩි හතක් විතර උස ගියාලු...මට දැන් අදහා ගන්න බැරි වෙලා...ඊට පස්සෙ කීවලු පහන තව ටිකක් උඩට ගන්න කියලා...එහෙම කරාම මේ කෙනාගෙ කොන්ඩෙ අඩි 4ක් විතර දික්වෙලා...ආයෙ කියලා පහන කකුල් දෙකට අල්ලන්න කියලා...ඉතකොට කකුල් දෙක රත්තරන් පාට වෙලා තියෙනවා
    දැන් පහන පැත්තකින් තියන්න කීවම යාලුවා එ්ක පැත්තකින් තිබ්බලු...ඊට පස්සෙ ආයෙත් අර හිටපු විදිහටම ඇවිත්...එතනට එයා ගිය හේතුවත් හරියටම කියලා,ඒකට බෙහෙතකුත් දීලා තිබුනා ඒවත් හරි කියලා තමා මට නම් කීවෙ.
    මේ කතාව මට කියලා දැන් පැය දෙක තුනක් ඇති...පොර එහෙම බොරු කියන ඩයල් එකකුත් නෙවේ,අනික මට බොරු කීවා කියලා පොරට ලැබෙන දේකුත් නෑනෙ.ඒක නිසා මේක බොරුවක් කිය⁣ලා හිතන්නත් බෑ කතාව කියන විදිහට විශ්වාස කරන්නත් බෑ
    මේ කතාව මම කීවෙ දේවාල promote කරන්නවත්,ඒවා බොරු කියන්න වත් නෙවේ ,කතාව කියපු කෙනාව විශ්වාස නිසා ඔයාලත්.මේ වගේ දේවල් දැනගන්න කැමති නිසා.මේක විස්වාස කරන නොකරන එක ඔයාලා සතුයි.කොහොම උනත් මමත් ඕකෙ ඇත්ත නැත්ත බලන්න
     
    • Like
    Reactions: Sataninhell

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මෙ කතාවත් කැගල්ල පැත්තේ සිද්ද වෙච්චි ඇත්ත කතාවක් අදටත් මෙ තැන මෙ වගේ දෙවල් සිද්ද වෙනවා. ස්තානය කොළඹ නුවර පරේ අන්නාසිගල හන්දිය. මෙතන පොඩි තුම්මන් හන්දියක්. ප්‍රධාන පාරේන් විහිදිගිය අතුරු පාරක් තියනවා බොලගම පැත්තට යන්න. මෙ හන්දිය දවාලටනම් මිනිස්සු නිතරම යන එන ජනාකිර්න තැනක්. මෙතන තියෙනවා පෙඩි තේ කඩයක්, පාරේන් අනික් පැත්තේ එක ගොඩනැගිල්ලක තියෙනවා පොඩි සිල්ලර කඩයක් හා සමුපාකාර ප්‍රදේශිකයක්, එ වගේම තවත් පොඩි ගොඩනැගිල්ලක තියෙනවා දැල් ගහපු පොඩි සිල්ලර කඩයක්, එතන තමයි බස් හොල්ට් එක තියෙන්නේ එක පොඩියි. වැස්සට එහෙම ඉන්න බැ. අර දැල් ගහපු සිල්ලර කඩේ වහපු වෙලාවටත් එක ඉස්සරහා තියෙන ඉඩහි කිහිප දෙනෙකුට උනත් නොතෙමි ඉන්න පුලුවන්… කතාව පටන් ගන්නේ මෙහෙමයි. මම අදුරන යහලුවෙක් දන්න කියන අන්කල් කෙනෙකුට තමයි මේ සිදුවිමට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ අන්කල් දවසක්දා රැ පාන්දර 1ට විතර තමන්ගේ පුතාව ගමනක් පිටත් කරන්න තමන්ගේ මොටර් සයිකල් එකේන් අන්නාසිගල හන්දියට එක්කන් ඇවිදින් කොළඹට යන බස් එකක් අල්ලාගන්න. මේ වෙලාවෙ ටිකක් වැස්ස ගතියකුත් තිබිලා. ටික වෙලාවක් යනකොට බස් එකක් ඇවිදින් අර අන්කල් තමන්ගේ පුතාව බස් එකට නග්ගලා. එ නංගනකොටම බස් එකේ අනික් දොරේන් මනුස්සයෙක් බැහැලා. එ මනුස්සයා අන්කල් දිහා බලලා බස් එක ගියාට පස්සේ පාර මාරු වෙලා අර බොලගම පැත්තට යන්න තියෙන පාරේන් යන්න ගිහින්. එත් මේ අන්කල් වැස්ස අඩු වෙනකම් කියලා එතනටම වෙලා ඉදලා. මේ අන්කල්ට අර මනුස්සයා ගැන අමුත්තක් දැනිලා බලපු වෙලාවෙම.
    මෙහෙම විනාඩි කිහිපයක් ඉන්නකොට අර මනුස්සයා අයෙත් අපහු ඇවිදින් හදිස්සියෙන් වගේ ඇවිදින් අන්කල්ට කිවාලු වැස්සට කලින් යන්න බැලුවෙ එක් වැස්ස වැඩි නිසා අපහු අවා කියලා. අන්කලුත් හිනාවෙලා ටිකක් කතා කර කරා ඉදලා ඔය අනම් මනන් ටිකක් රැ තනියෙන් ඉන්නවාට වඩා කවුරු හරි එක්ක ඉන්න එක හොදයිනේ කියලා. මේ කතාව අතර තමයි අන්කල් දැකලා තියෙන්නේ අර මනුස්සයා අත් දෙකට සුදු පාට අත් මෙස් දෙකක් දාගෙන කියලා. අන්කලුත් හිතලා. වැස්ස නිසා වෙන්න ඇති කියලා. ටික වෙලාවකින් අර මනුස්සයා අර අත් මෙස් දෙක ගලවලා අර දැල් කඩේ දැලක එල්ලලා. විනාඩි 20ක් විතර යනකොට වැස්ස පායලා. අන්කල් කඩ පිලෙන් එලියට ඇවිදින් බයික් එක ලගට ගිහිල්ලා අර මනුස්සයාවත් දාගෙන යන්න කියලා හිතලා අපහු හැරිලා බලලා එතකොට අර මනුස්සයා එතන ඉදලා නැ. කතාකර කර ඉදලා විනාඩියක් වත් යන්න කලින් අතුරුදහන් වෙලා. එච්චර වෙලාවක් අර දැලක එල්ලලා තිවුන අත් මෙස් දෙකත් නැහැ. අන්කල් ටිකක් බය වෙලා. එහෙම්ම බයික් එකේ නැගලා එක හුස්මට බයික් එකේ ගෙදර ඇවිදින්.
    එකකොටත් දැනුනලු බයික් එකේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එත් නොබලාම ගෙදර ඇවිදින්. මගදි කනත්තක් හම්බ වෙලා එ කනත්ත ලගදි බයික්එකේ බර අඩු වුනාලු පස්සෙන් කවුරු හරි ඉදලා බැහැලා ගියා වගේ.
    අන්කල් ගෙර යනකොට හොදටොම උන ගැනිලා. පස්සේ බොධිපුජාවක් එහෙම කරනකොට අන්කල්ට සනිප වෙලා. ටික දවසක් ගියපුවාහාම අන්කල් දවල් වරුවක අර දැල් කඩේ ගාවට ඇවිදින් එ කඩේ මුදලාලිට විස්තරේ කියලා. පස්සේ ඒ මුදලාලි කියුවාලු එ කඩේ ලග රැට ඔය වගේ දෙවල් වෙනවා. කඩේ හවසට පිරිත්වත් දාන්න බැ කියලා. පිරිත් සි ඩි එකක් දාලා ගියොත් එලි වෙනකොට එ සිඩි එක වෙන තැනක විසික්කරලා තියනවාලු. හැබැයි කාටවත් තාම කරදරයක් නම් වෙලා නැ. බය වෙන එක හැරෙන්න.
     
    • Like
    Reactions: Sataninhell