එළකිරි භූත කොටුව.........

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අත්භූත නවාතැන්පොල

    [FONT=&quot]දැඩි වර්ෂාව [/FONT][FONT=&quot]කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි . මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත් වැහි අන්ධකාරයත් නිසා පරිසරයේ තිබුනෙ අදුරු මුසල ගතියකී .. අමිත්ට නැවත වරක් කන්නාඩියෙන් පසුපස අසුන දෙස බැලුණි. තේහැවිරිදි පුංච් පුතු පසුපස අසුනේ තවම නිදිය . මේ හදිසි ගමනත් දැඩි වර්ෂාවත් නිසා වාහනයේම පැය ගනනක් ගතකල පුංචි පුතුගෙන් දිස් වුයේ විඩාබර පෙනුමකී . එය අමිත්ගේ සිතේද ඇතිකළේ කනස්සල්ලකී [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මම කීවානේ අමිත් සීසන් එකේ නුවරඑළියේ ගෙස්ට් හවුස් හොයන එක ලේසි නැහැ කියලා කෝ ඔයා ඇහුවේ නැහැනේ ..”[/FONT]


    [FONT=&quot]මෙතෙක් වෙලා නිහඩව සිටි අනෝමාද මැසිවිලි නගන්නට විය. ඇයට උවමනවුයේ මෙම නිවාඩුව ගාලු ප්‍රදේශයේ ගතකිරිමටය , එහෙත් නුවර එළියේ ශිත දේශගුනයට ඇලුම්කල අමිත්ගේ කැමැත්තට පිටු පෑමට ඇයට නොහැකිවිය. එබැවින් අකමැත්තෙන් වුවද නුවර එළියේ යෑමට ඈ එකගවිය . [/FONT]


    [FONT=&quot]“තව ටිකක් බලමු අනෝමා අපිට පොඩි [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT][FONT=&quot] එකක් හරි හොයාගන්න බැරි වෙන්නේ නැහැ හවස් වෙන්න තව වෙලාව තියෙනවා ..එහෙම බැරි උනොත් මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන තැනක් තියෙනවා එතන හරි අද රෑ ඉමු ”[/FONT]


    [FONT=&quot]පාරම්පරික ව්‍යාපාරික පවුලක් වූ අමිත්ට මුදලින් කිසි අඩුවක් නොවුහ . එබැවින් මාස දෙක තුනකට වරක් හෝ නිවැසියන් සමග මෙවැනි දුර පලාත් වලට ගොස් විවේක ගැනීම ඔහුගේ සිරිතකි.. [/FONT][FONT=&quot]ඔවුන් මෙවැනි ගමන් කොතෙකුත් ගොස් ඇත.. තවමත් තරුණ වියේ සිටින අනෝමා සහ අම්ත්ටත් තෙහැවිරිදි පුතුටත් මෙවැනි ගමන් ගෙන ආවේ සතුටකි එහෙත් අද ගමන් ආරම්භයේ සිටම සොබාදහම පවා ඔවුන්ට බාදා කරන්නට පටන්ගෙන තිබුණි .[/FONT]


    [FONT=&quot]නුවරඑළිය නගරය පුරාම ඇවිද්දත් අමිත්ට නවාතැනක් සොයාගැනීමට අපහසුවිය සියලු ප්‍රධාන සංචාරක නිකේතන සංචාරකයන්ගෙන් පිරි ගොසිනි . නොනවතින වර්ෂාව හා දැඩි සිතල ., ඔවුන්ව තවත් අපහසුතාවයට පත්කලේය.. [/FONT]


    [FONT=&quot]“කරන්න දෙයක් නැහැ අනෝමා මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT][FONT=&quot] එකටවත් යමු.. ටවුන් එකෙන් ටිකක් දුරට වෙන්න තියෙන්නේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ “[/FONT]


    [FONT=&quot]අවසානයේ අමිත් නැවතත් තමන් දන්නා නවාතැන්පල වෙත රථය පැදවුයේය.. නගරයේ සිට කිලෝමීටර් හත අටක් පමන දුරට වෙන්නට තිබු නවාතැනට ලංවනවිට හාත්පසම අදුර ගිලගනිමින් තිබුණි නවාතැන් පොලෙහි වාහනය නවතා වාහනයෙන් බැසීමටත් ප්‍රථම මැදිවයසේ පසුවන නවාතැන් භාර කරු රියදුරු අසුන පැත්තේ ඇති කවුළුවෙන් හිස පෙව්වේය ...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“සමාවෙන්න සර් රුම්ස් නම් ඔක්කොම ඉවරයි ..”[/FONT]


    [FONT=&quot]සුපුරුදු නවාතැන් සේවකයාගේ රුව අමිත් ඇදින ගත් නමුත් සේවකයා අමිත් හදින ගත්තේ නැත. අදුරත් වාහනය තුල සිටීමත් නිසා තමුන්ව හරිහැටි නොපෙනුන බව තේරුම්ගත් අමිත් හිතවත් සේවකයා සමග කතා කළේය ..[/FONT]


    [FONT=&quot]“ඒයි සැම්සන් මේ මම අමිත්...”[/FONT]


    [FONT=&quot]“ඔහ් මේ අපේ අමිත් මහතයානේ.. “[/FONT]


    [FONT=&quot]“අපිට අද රෑට කාමරයක් ගන්න නැද්ද සැම්සන් “[/FONT]


    [FONT=&quot]“අමිත් මහත්තයා මට කෝල් එකක් දුන්නනම් මම තැනක් ලෑස්ති කරලම තියනවනේ.. මේ දවස් දෙක තුනේ නුවරඑළිය හොටෙල් රෙස්ටුරන්ට් ඔක්කොම මිනිස්සුන්ගෙන් පිරිලා..”[/FONT]


    [FONT=&quot]“සැම්සන් දන්න කියන තැනක් නැද්ද අපිට අද රෑට විතරක් ඉන්න ...”[/FONT]


    [FONT=&quot]“ [/FONT][FONT=&quot]ටවුන් එකට ලගින්නම් හොයලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ අන්න අර පාර දිගේ උඩහට ගිහින් ගම ඇතුල පැත්තට යන්න ඒ හරියේ [FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT] දෙක තුනක් තිබුනා ...”[/FONT]


    [FONT=&quot]නවාතැන් පලෙහි සේවකයාට සමුදුන් යුවල කදු පාර දිගේ රථය පැදවුහ.. කලින් පැවති තද වර්ෂාව දැන් පොද වැස්සක් බවට පරිවර්තනය වී තිබුනද දැඩි මීදුමත් මාර්ගයේ දුෂ්කර තාවත් නිසා අමිත්ට වැඩි වේගයකින් වාහනය ධාවනය කිරීමට නොහැකිවිය එබැවින් ඔවුන් කදු ප්‍රදේශය තරණය කිරීමේදී තරමකට රෑ බෝවී තිබුණි . රාත්‍රියේ නොදන්නා ප්‍රදේශයක නවාතැන් නොමැතිව අතරමංවූ තරුණ යුවලගේ ආත්මවිස්වාසයද හිනාවෙමින් තිබුණි . මගදී නවාතැන් පොළවල් කිහිපයක් දුටුවද ඒ සියල්ලම රාත්‍රියක් ගතකිරීමට අමිත් වැන්නවුන්ට සුදුසු නැති බැව් දුටු බැවින් අමිත් තවත් ඉදිරියටම ධාවනය කලේය.[/FONT]


    [FONT=&quot]“ අමිත් අර බලන්න ....[/FONT]


    [FONT=&quot]අනෝමා පෙන්වා සිටියේ අතුරු පාරකට ඊතලයකින් පෙන්වා ඇති රෙස්ටුරන්ට් එකක නමක් සහිත පුවරුවකි .. විශාල පුවරුවක්වූ එය අපවිත්‍රවී ඇති බැවින්දෝ පැරණි බවක් පෙන්වූයේය ..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“ඒකත් හරියන එකක් නෙමේ වගේ අනෝමා බලන්නකෝ බෝර්ඩ් එකේ හැටි .. වහලා දාපු [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT] [FONT=&quot] එකක් වෙන්න ඇති ..[/FONT][FONT=&quot]නැත්නම් මේ වගේ කාලේක මෙහෙම තියන්නේ නැතුව මිනිස්සුන්ට පෙනෙන්න ලයිට් එහෙම දාලා තියනවනේ ..”[/FONT]


    [FONT=&quot]“කමක් නැහැ අපි මේකත් බලාගෙනම යමු ..[/FONT]


    [FONT=&quot]අමිත් බෝර්ඩ් එකෙන් පෙන්වා ඇති අතුරු මාර්ගය දිගේ වාහනය ගෙන ගියේය.. මාර්ගය දෙපස විශාලව වැවී ඇති ෆයිනස් ගස් [/FONT][FONT=&quot]යාය නිසා මාර්ගය තවත් අදුරු බවක් පෙන්වූයේය.. [/FONT]


    [FONT=&quot]මද දුරක් ගිය තැන ඇති විශාල ගේට්ටුවට පසුකර ගිය අමිත් දුටුවේ පැරණි නමුත් තරමක් විශාල දෙමහල් නිවාඩු නිකේතනයකි. පහත මාලයේ අලින්දයක් සහ කාමර කිහිපයක් ද ඉහත මාලයේ පාර පැත්තට මුහුනලා විශාල කොරිඩෝවක් ඒත් සමග විශාල කාමරයක්ද කොරිඩෝව දිගට පුංචි කාමර පේළියක දොරවල්ද පහතට හොදින් පෙන්නෙන්න තිබුණි . එහෙත් මද ආලෝකයත් නවාතැන්පලේ පැරණි පෙනුමත් නිසා එයින් දිස්වුයේ ගුප්ත බවකි .[/FONT]


    [FONT=&quot]“අනෝමා මේකේ කවුරුත් ඉන්න පාටක්නම් පෙන්න නැහැ අපි වෙන තැනක් බලමු ..”[/FONT]


    [FONT=&quot]“අපි ටිකක් කතා කරලා බලමු අමිත් දැන් ගොඩක් රෑ වෙලානේ ..අපිට වෙන තැනක් හොයාගන්නත් නැති වෙයි මේ වෙලාවේ ..”[/FONT]


    [FONT=&quot]“එත් මේකේ කවුරුවත් ඉන්න පාටක්නම් නැහැ ...[/FONT]


    [FONT=&quot]“ටවුන් එකෙන් දුර නිසා ගෙස්ට්ලා අඩු ඇති අමිත් .. අපි ටිකක් කතා කරලා බලමු ..”[/FONT]


    [FONT=&quot]වාහනයේ නලා නාදයත් සමගම පඩිපෙළ බැසගෙන දිව ආවේ මහලු මිනිසෙකි නුවර එලිය දේශගුනයට ගැලපෙන ලෙස ජර්සියක් හැද හිසේ ජටාවක් ගැටගසා සිටි මහල්ලාගෙන් දිස්වුයේ වැදගත් වංශවත් පෙනුමකි ..[/FONT]


    [FONT=&quot]“අපිට මෙහෙන් කාමරයක් ගන්න පුලුවන්ද අද රෑට ..”[/FONT]


    [FONT=&quot]“පුළුවන් සර් එන්න ඇතුලට ..., හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ”[/FONT]
    [FONT=&quot]ඒ මොකක්ද ?[/FONT]


    [FONT=&quot]“අද මේකේ වැඩ කරන අය කවුරුත් නැහැ ඔක්කොම නිවාඩු ගිහින් කෑම නම් සර්ලට පිටින් ගන්න වෙන්නේ .. අනිත් පහසුකම් විතරයි දෙන්න පුළුවන් ..”[/FONT]


    [FONT=&quot]“ඇයි මේ වගේ සීසන් එකක නිවාඩු යන්නේ ..”[/FONT]


    [FONT=&quot]“අද පෝය දවසනේ සර් පෝය ලංවෙලා ඔක්කොම නිවාඩු යනවා ආයේ හෙට රෑට තමයි එන්නේ පෝයට මම තනියම ඉන්නේ... උදෙත් ආව ගෙස්ට්ලා දෙන්නෙක් ආයේ හැරිලා ගියා කෑම පිටින් ගන්න වෙන නිසා ..[/FONT]


    [FONT=&quot]“කමක් නැහැ අපි හෙට උදේට යනවනේ අද රෑට පිටින් කෑම ගන්නම් “[/FONT]


    [FONT=&quot]“අඃ එහෙනම් ගැටලුවක් නැහැනේ සර් එන්න මම හොදම රුම් එකක් ලෑස්ති කරන්නම් ..”[/FONT]


    [FONT=&quot]මහල්ලා සමග යුවල පඩිපෙළ නගිමින් ආලින්දයට ඇතුළුවිය... මෙතෙක්වෙලා කාරය තුල නිදමින් සිටි පුතු වඩාගැනීමෙන් අවදිවී ඇහි මෑලි කඩමින් අනෝමාගේ තුරුලට ගුලිවුයේ දැඩි සීතලෙන් මිදීමට මෙනි.. අමිත් ඒ දෙස බලාසිටියේ දැඩි අනුකම්පාවෙනි ... [/FONT]


    [FONT=&quot]පැරණි බඩු භාණ්ඩ වලින් පිරීගිය පහත මාලයේ මද වෙලාවක් සක්මන් කල අමිත්ට මෙය එළියෙන් දුටුවාටත් වඩා ගුප්ත බවක් හැගුනද ඔහු එය ගනන් නොගත්තේ මෙය හැර වෙන විකල්පයක් ඔවුන්ට නැති බැවිනි .[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“සර් එන්න උඩට මම උඩ බැල්කනිය අයිනේම රුම් එක ලැස්ති කළා ..”[/FONT][FONT=&quot] ඉහත මාලයේ සිට ගාරදී වැටෙන් එබී බැලු මහල්ලා යුවලට ආරාධනා කලේය .[/FONT]


    [FONT=&quot]මහල්ලා පෙන්වූ විශාල කාමරය දෙසට බැල්කනිය පසු කරමින් යනවිට තවමත් නිදි මතෙන් සිටින පුතු එක වරම බැල්කනියේ ඇති හාන්සි පුටු පේලියේ එක් පුටුවක් දෙසට සිගිත් අතැගිලි දිගු කරමින් මුමුණන්නට පටන්ගත්තේය [/FONT]


    [FONT=&quot]“ අම්මි ආ..අර ආන්ටි ..අර..අර ..අතන ..”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අමිතුත් අනෝමාත් එකවරම නතරවී පුතු පෙන්වන පුටුව දෙස බැලුවද ඔවුන් දැක්කේ අදුරේ තබා ඇති හාන්සි පුටු පේළියම පමනි.. කාලෙකින් එහි කෙනෙක් වාඩිවී නැති බවට එහි ඇති මකුළුදැල් ද කියා පෑවේය ..[/FONT]


    [FONT=&quot]“මේයා තාම නිදි මතේ හීනයක් දැකලද කොහෙද අමිත් ...අපි රුම් එකට යමු ..”[/FONT]


    [FONT=&quot]නිදන ඇදන් දෙකක් සහ විශාල නාන කාමරයක් සහිත විශාල කාමරය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා සැපපහසු එකක් විම ගැන ඔවුන් පසුවූයේ සතුටිනි...[/FONT]


    [FONT=&quot]“අනෝමා ඔයා පුතත් එක්ක ඉන්න මම රෑට කන්න මොනවා හරි එලියට ගිහින් ගේන්නම් ..[/FONT]


    [FONT=&quot]“අනේ එපා අමිත් යන තැනක අපි තුන්දෙනාම යමු .. මෙතන හරි පාලු පාටයි මගේ හිතට හරි නැහැ ..”[/FONT]


    [FONT=&quot]මෙතෙක් වෙලා අමිත්ට දැනෙමින් තිබු හැගීම අනෝමාටද දැනී තිබෙන බව ඇසීමෙන් අමිත් පුදුම වුයේ නැත.. තිදෙනාම පිටතට ගොස් ආහාර රැගෙන නැවත එනවිට රාත්‍රී දහයේ කනිසමට ලංවී තිබුණි . එත් සමගම පොද ගසමින් තිබු වැස්ස නැවතත් ගිගුරුම් සහිත මහා වැස්සක් බවට පරිවර්තය වුයේ ක්ෂනිකයෙනි .[/FONT][FONT=&quot]රාත්‍රී ආහාරය ගෙන තිදෙනාම නින්දට වැටුණු විගසම ගමන් තෙහෙට්ටුව නිසාමදෝ ඔවුන්ට ඉක්මනින්ම නින්ද ගියේය. [/FONT]
    [FONT=&quot]විශාල සයනයේ අනෝමා සහ පුතුද එයින් මදක් එපිටින් ඇති සයනයේ අමිත්ද නිදාගෙන තිබුණි.[/FONT]


    [FONT=&quot]මධ්‍යම රාත්‍රියේ කිසියම් සබ්දයකින් අමිත් අවදිවිය . එවිටත් වර්ෂාව අඩුවී නැත අකුණු ගසමින් වසින වැස්සේ සබ්දය හැර වෙන යමක් අමිත්ට නැවත අසුනේ නැත. [/FONT][FONT=&quot]නැවතත් ඇස පියවිගෙන එන විටම නාන කාමරය දෙසින් අඩි සබ්දයක් ඇසි ඔහු සයනයේ සිටම ඒ දෙසට හැරුනි..[/FONT]


    [FONT=&quot]අදුර නිසා හරි හැටි පැහැදිලි නැතත් විටින් විට විදුලි කෙටීමේ ආලෝකයෙන් නාන කාමරයේ දොර අසල කෙනෙක් සිටගෙන සිටින ජායාවක් දැකගත හැකිවිය . වාඩාත් විමසිලිමත්වූ අමිත්ට දැක ගැනීමට ලැබුනේ නාන කාමරය අසල සිට තමා දෙස බලාගෙන සිටින තම බිරිදවය..[/FONT]


    [FONT=&quot]බිරිද නාන කාමරයට යන්නට ඇතැයි සිතා නැවත ඇස් පියාගැනීමට සැරසුනත් තවමත් එකම ආකාරයකට නොසෙල්වී සිටින බිරිද ගේ ඉරියව්වල වෙනසක් දුටු අමිත් නිකමට මෙන් බිරිදත් දරුවත් නිදාගෙන සිටි සයනය දෙස බැලුවේය.. දුටු දසුනින් ඔහුට ඇස් අදහා ගැනීමට නොහැකි විය ..[/FONT]


    [FONT=&quot]තම බිරිද දරුවාද තුරුලු කරගෙන සයනයේ තද නින්දේය ..[/FONT]
    [FONT=&quot]එහෙත් සමගම පිපිරූ අකුනේ ආලෝකයෙන් නාන කාමරය අසල සිටින අත්භූත ගැහැනියගේ වියරු මුහුණ අමිත්ට පැහැදිලිවම දර්ශනය විය ...[/FONT]


    [FONT=&quot]ජිවිතයේ ප්‍රථම වතාවට මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීමෙන් බියපත්වූ අමිත් කෑගැසීමට තැත් කලත් කිසිම ශබ්දයක් පිට නොවෙන තරමට ඔහුගේ උගුර හිරවී තිබුණි , සයනයෙන් නැගිටිමටවත් නොහැකි ලෙස ශරීරය පනනැතිවී තිබුනේ දැඩි බිය නිසාද නැතිනම් අදුශ්‍යමන බලවේගයේ ක්‍රියාවක් නිසාදැයි ඔහුට වටහා ගැනීමට නොහැකි විය.. [/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]
    [/FONT] [FONT=&quot]කළහැකි එකම දෙය වුයේ හැකි වැර යොදා අතින් ඇදට ගැසිම පමනි . එහෙත් බිරිදත් දරුවත් සිටින්නේ ඒ ශබ්දයෙන් අවදි වන තරමේ සුළු නින්දක නොවේ .[/FONT]


    [FONT=&quot]ටිකෙන් ටික තමන් වෙතට ලංවෙන අත්භූත ගැහැනියගේ මුහුන අමිත්ට දැන් පැහැදිලිවම පෙනේ.. ඒ මුහුණේ ඇත්තේ බියකරු පෙනුමකි .. මද ආලෝකයෙන් රුදුරු ඇස් දිලිසෙන්නට විය .. [/FONT]


    [FONT=&quot]ඉතිපිසෝ ගාථාව තොල් මැතිරීමට උත්සහ කලත් එහි වචන දෙක තුනකට වඩා අම්ත්ගේ මතකයට ආවේ නැත.. අත්භූත ගැහැණු රුවත් අමිත්ගේ සයනයත් අතර පරතරය අඩි කිහිපයක් තරමට ලංවෙද්දි අමිත්ට මතක්වුයේ.. දසසිල් මෑණි කෙනෙක්වූ තම මව දිනක් කියූ දෙයකි ..[/FONT]


    [FONT=&quot]“පුතේ මොකක්හරි කරදරයක් උපද්ද්‍රවයක් වෙන්න යනකොට බුදු ගුණ සිහි කරන්න.. ඒ ඇති . හැම කරදරෙකින්ම පුතාව බේරයි .. බුදු ගුණ බලේ අනන්තයි..” [/FONT]


    [FONT=&quot]අමිත් තදින් දෑස් පියාගෙන ආරක්ෂාවට ගෙලේ පැළද ඇති යන්තරය තදින් අල්ලාගෙන බුදුගුන සිහිකරන්නට විය..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ක්ෂණිකයෙන් මෙතෙක්වෙලා හිරවී තිබුණු උගුර නිදහස්වීය. ඒ අවසරයෙන් අමිත් හඩනගා බිරිදට කැගැසුවේය ඒ ශබ්දය කොතෙක්දයත් බිරිද පමණක් නොව නිදාගෙන සිටි දරුවාද අවදිවී බියවී හඩන්න පටන් ගත්තේය.. බිරිද විදුලි බුබුල දල්වා අමිත් අසලට ආවේය ..[/FONT]


    [FONT=&quot]“අමිත් ඇයි.. ඔයා හීනෙන් බයවුනාද...[/FONT]


    [FONT=&quot]තමන් මුහුණ දුන් බියකරු අත්දැකීම බිරිදට පැවසීම මේ වෙලාවේ සුදුසු නැතිබැව් සිතු අමිත් එය සැගවුයේය..[/FONT]


    [FONT=&quot]“මම නපුරු හීනයක් දැක්කා අනෝමා...”[/FONT]


    [FONT=&quot]“ඔයා හොදටම බයවෙලා ඉන්නේ අමිත්.. මේ සිතලෙත් ඔයාට හොදටම දාඩිය දාලා .. අපි හෙට උදෙන්ම මෙහෙන් යමු අමිත් මෙතන ඒ තරම් හොද තැනක් නෙමේ..හරිම අමුතුයි.”[/FONT]


    [FONT=&quot]ඉන්පසු තිදෙනාම එක සායනයකට වී විදුලි බුබුළු දල්වාම නිදාගත්තද නින්ද නැවතත් අමිත්ගේ අහලකටවත් ආවේ නැත. එහෙත් අනෝමා නැවතත් නින්දට වැටුනි.. නිදි වර්ජිතවම සිටි අමිත් පාන්දර ජාමේම අනෝමාවත් අවදි කරගෙන පිටත් වීමට බඩු භාණ්ඩ සුදානම් කර පසුව තවමත් නින්දේ සිටින පුතුවද කරපින්නාගෙන පහත මාලයට පඩි පෙළ බසිනවිට ඒ අසල බිත්තියේ එල්ලා තිබු මංගල ජයරුපය ඇස ගැටුණි.. ඒ ජයාරුපයේ සිටින කාන්තාවත් පෙරදා රැයේ තමන් දුටු අත්භූත කාන්තාවත් එක් අයෙකුම බව හදුනා ගැනීමට අමිත්ට අපහසුවුයේ නැත .[/FONT]


    [FONT=&quot]මද වෙලාවක් ඇතුලත ඔවුන්ගේ ඇමතුමෙන් නවාතැන් පොලේ භාරකරු ඔවුන් ඉදිරියට ආවේය..[/FONT]


    [FONT=&quot]“සර් ලා උදේම පිටත් වෙන්නද ... මම හිතුවේ ටිකක් දවල් වෙනකන් ඉදිවී කියලා ..”[/FONT]


    [FONT=&quot]“අපිට තව ගමන් ගොඩක් තියෙනවා යන්න ඒකයි .. ඒක නෙමේ අර ෆොටෝ එකේ ඉන්නේ කවුද ?..”[/FONT]


    [FONT=&quot]“ ඒ මේ [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT]එක [FONT=&quot] අයිති මහත්තයි නෝනයි...”[/FONT]


    [FONT=&quot]“එයාලා දැන් කොහෙද ඉන්නේ “[/FONT]


    [FONT=&quot]“නෝනාව කවුද මේ කාමරයක් ඇතුලෙම මරලා දාලා තිබුනා.. ගොඩක් අය සැක කලේ ඒක කලේ මහත්තයාමයි කියලා.. පස්සේ මහත්තයාට කලකිරිලා මේ [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT] එක [FONT=&quot] මට භාර දීලා රටගියා..දැන් අවුරුදු ගානක් වෙනවා ආයේ ආවේ නැහැ.. ඉස්සර මේක ගොඩක් සරුවට තිබුන එකක්.. “[/FONT]


    [FONT=&quot]“ ඒ කියන්නේ ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා මැරිලා ...”[/FONT]


    [FONT=&quot]“ඔව් ඇයි සර් මෙච්චර උනන්දුවෙන් මේ ගැන අහන්නේ ...[/FONT]


    [FONT=&quot]“අඃ නෑ නිකන් ෆොටෝ එක දැක්ක නිසා අහන්න හිතුනා ..”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“හ්ම්ම් ඒක මිසක් මම හිතුවා ඒත්.. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]භාරකරු කියන්න හැදු වචනය ගිලගත්තේය [/FONT]


    [FONT=&quot]“මොකක්ද හිතුවා කිව්වේ ..??[/FONT]


    [FONT=&quot]“නෑ මහත්තයෝ දන්නේ නැද්ද [/FONT][FONT=&quot]මේ වටේ තියෙන [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT] [FONT=&quot] කාරයොයි මිනිස්සුයි එකතුවෙලා මේ හෝටලේ නම සවුත්තු කරන්න එක එක කතා ගොතනවනේ ..[/FONT]


    [FONT=&quot]“ඒ කිව්වේ ...“[/FONT]


    [FONT=&quot]“මේ [/FONT][FONT=&quot]ගෙස්ට් හවුස් [/FONT] එකේ [FONT=&quot] අවතාර තියෙනවා ගෙස්ට්ලා බයවෙනවා කියලා කතාවක් පතුරනවනේ ඔය එක එක උදවිය.. ඒකෙන් දැන් මේකට ගෙස්ට්ලා එන්නේ නැහැ .. ඉදලා හිටලා නොදන්නා කෙනෙක් ආවොත් මිසක මහත්තයාලා වගේ .. හෙක්.. හෙක්.. , මේකේ ඇති හොල්මන් අවතාරයක් නැහැ මහත්තයෝ මම මේ තනියම ඉන්නේ ඕනේ තරම් මම නම් ඔය කිසි දෙයක් දැකලා නැහැ ඕවා බොරු කතා.. හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ මහත්තයෝ ...’[/FONT]


    [FONT=&quot]කිසිත් නොකියූ යුවල නවාතැන්පොළ භාරකරුට සමුදී පිටත් වීමට වාහනය වෙතට පැමිණුනි... තවමත් හිරු එලිය වැටී නොමැති බැවින් පරිසරයේ ඇත්තේ දැඩි අදුරු බවකි කාරය නවතා ඇති තැන සිට ඔවුන් නතර වී සිටි කාමරයත් බැල්කනියත් ලයිට් එළියෙන් පැහැදිලිවම පෙනෙන්න තිබුණි ..[/FONT]


    [FONT=&quot]කාරයට නගින්නට හදද්දිම අනෝමාගේ ඇකයේ සිටි පුතු බැල්කනියේ හාන්සි පුටු දෙසට අත දික්කරමින් යමක් මුමුණන්නට විය ...[/FONT]


    [FONT=&quot]“අම්මී.. අර ඇන්ටි ඉන්නවා ..අර ..අර ..අතන ..” [/FONT]


    [FONT=&quot]“[/FONT][FONT=&quot]කෝ පුතේ ඔයා කාවද පෙන්නන්නේ එතන කවුරුත් නැහැනේ[/FONT][FONT=&quot] ..”[/FONT]


    [FONT=&quot]“අපි යමු ...!!!”[/FONT]


    [FONT=&quot]අනෝමා පුතුට පිළිතුරු දෙන අතර ඒ දෙස නොබලාම රියදුරු අසුනේ අසුන්ගත් අමිත් රිය පනගැන්වුවේය...[/FONT]
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අවතාර ගැන වැඩි දෙනෙක් නොදන්න කතා

    සමූහ අවතාර

    සාමාන්‍යයෙන් අවතාර ස්ථානය හෝ වේලාව සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවට සැලකුණද සමූහ අවතාර පෙනී සිටින්නේ ඔවුන්ගේ නමින්ම ඇඟවෙන පරිදි පිරිසක් හෝ ජන සමූහයක් රැස්ව සිටින ස්ථානවලය. මෙම අවතාර එලෙස ජන සමූහයක් වෙතට ආකර්ෂණය වන්නේ ඇයිද යන්නට නිශ්චිත හේතුවක් හෙළිවී නොතිබුණද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති උපකල්පනයන් කිහිපයකි. යම් ස්ථානයකින් නිකුත් වන ශක්ති විශේෂයකට ඇතිවන ආකර්ෂණය, පිරිසක් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පියා කෙරෙහි ඇතිවන ආකර්ෂණය, පිරිසේ සිටින යම් එක් නිශ්චිත පුද්ගයෙකු කෙරෙහි ඇතිවන ආකර්ෂණය මෙන්ම එලෙස සමූහ වශයෙන් පෙනී සිටීමේදී පහසුවෙන් අවධානයට ලක් වීමට හැකි වීම යනාදී වශයෙන් මෙම උපකල්පන විවිධාකාරවේ. එසේම සමූහ අවතාරවල සතු තවත් විශේෂත්වයක් වන්නේ මොවුන් එකවර සමූහ වශයෙන් පෙනී සිටීමයි. මෙහිදී ඔවුන් මිනිස් ඇසට හඳුනා ගත නොහැකි පරිදි විවිධ විකාරරූපී හැඩවලින් පෙනී සිටිය හැකිය.


    සත්ව අවතාර

    මිනිස් පවුල්වල ළබැඳි සාමාජිකයින්ව සිටි සත්ව සුරතලුන්ගේ අවතාර පිළිබඳ වාර්තාද ඉතිහාසයෙන් ඕනෑතරම් සොයා ගත හැකි අතර 1800 වකවානුවේදී ඇමරිකාවේ විසූ ජෝන් බෙල්ගේ පවුලට මුහුණ දීමට සිදුවූ අවතාර සම්බන්ධ සිදුවීම් මාලාව නොහොත් සුප්‍රකට ‘බෙල් විච් හොල්මන් අබිරහස’ එවැන්නකි. භූත කුරුල්ලන් හා එකවරම පෙනී නොපෙනී යන සුනඛයන් එහිදී වාර්තාවී තිබුණි. මෙහිදී සත්ව අවතාර සම්බන්ධයෙන් වන වැදගත් කරුණක් වන්නේ සෙසු සාමාන්‍ය අවතාර මෙන් නොව මොවුන් රුව නොපෙනී ගන්ධයක් හෝ ඇතැම් විට ශබ්දයක්ද සමග පෙනී සිටීමයි. සත්ව අවතාරය හතිලන හඬ, බිරුම් හඬ හා ඇතැම් විට පහුරු ගාන ශබ්දයද අසන්නට ලැබෙන බව වාර්තා වෙයි.


    සුළං අවතාර

    සාමාන්‍යයෙන් හොල්මන් අවතාර කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් වුවද සුළං අවතාර පිළිබඳව අසා නොතිබිමට ඇති ඉඩකඩ වැඩිය. මිනිස් ඇසට නොපෙනෙන සුළං අවතාර බොහෝ විට දිගු කම්බි කූරක හෝ සුරුට්ටුවක හැඩ ගනිමින් හිස් අවකාශයේ ඇඹරෙමින් පවතින ආකාරයෙන් දිස් වන අතර ඒවා එලෙස දැක ගත හැක්කේ ඡායාරූප ඔස්සේ පමණක් වීමද විශේෂත්වයකි. ඌෂ්ණත්වයේ සිදුවන අඩුවීමක් හරහා සුළං අවතාර තමන්ගේ ආගමනය දැනුම් දෙන අතර මේවා බොහෝ විට නිවෙස් හෝ ගොඩනැගිලි වැනි සංවෘත අවකාශ තුළ අත්දැකිය හැක. ඒ පදනම් කර ගනිමින් සුළං අවතාර සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එක් උපකල්පනයක් වන්නේ ඒවා එම නිවෙස්වල විසුවන්ගේ අවතාර විය හැකි බවයි. නමුත් තවත් ඇතැම් භූත විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ ඒවා අවතාරවලට ඔවුන්ගේ පරිමාණවල සිට මිනිස් පරිමාණ වෙත පැමිණීමට ආධාර වන එක්තරා මාධ්‍යයක් පමණක් බවය.


    අජීවී අවතාර

    අජීවී අවතාර සම්බන්ධයෙන් ඉදිරිපත් වන හොඳම නිදසුන නම් දාහත්වන සියවසේදී නාවිකයින් අතර භීතිකාවක් බවට පත්ව තිබූ අත්දැකීමකි. ෆ්ලයින් ඩච්මන් නැමැති භූත නැවේ සංසිද්ධියයි. එය කෙතරම් බියකරු අත්දැකීමක් බවට පත්ව තිබුණේද යත් එම නැව දකින්නට ලැබිම පවා මුහුදු ගමන විනාශය කරා ගෙන යනු ඇති බවට තදබල විශ්වාසයක් එකල නැවියන් තුළ පැවතිණි. කෙසේ වුවද අජීවී අවතාර නැව්වලට පමණක් සීමා වූවක් නොවේ. මෝටර් රථ, දුම්රිය එන්ජින් මෙන්ම ඇතැම් විට කැඩීබිඳී ගිය බඩු භාණ්ඩවලටද එලෙස අවතාර අරක් ගත හැක. සියලුම අජීවී අවතාරවලට ‍පොදු වූ එක් කරුණක් වන්නේ ඔවුන් හැමවිටම පුරුද්දක් ලෙස එකම ස්ථානයකදී, එකම වේලාවකදී වාහනයක් හෝ යාත්‍රාවක් නම් එකම මාර්ගයක් ඔස්සේ ගමන් කරන අයුරින්, එනම් ඒවා විනාශයට ලක්වූ අවස්ථාව ප්‍රතිනිර්මාණය වන අයුරින් දර්ශනය වීමයි.


    ද්විත්ව කාය අවතාර

    ද්විත්ව චරිත නිරූපණයක් කරන්නෙකු හැඳින්වීමට යොදන ජර්මානු වචනයෙන් අරුත් ගැන්වෙන මෙම අවතාර සතු සුවිශේෂී හැකියාව වන්නේ එකවර තැන් දෙකකදී පෙනී සිටීමට ඇති හැකියාවයි. එයිනුත් වඩාත්ම සුවිශේෂී වන්නේ ජීවත්ව සිටින්නවුන්ගේ වුවද රූපකායන් ගැනීමට ඒවාට ඇති හැකියාවයි. බොහෝ විට එලෙස දකින පුද්ගලයා ඊට ටික වේලාවකට පසුව මිය ගිය බව දැන ගැනීමට ලැබිමද ද්විත්ව කාය අවතාර සම්බන්ධයෙන් අත්දැකීමට ලැබෙන තවත් සංසිද්ධියකි. ද්විත්ව කාය අවතාර සම්බන්ධයෙන් ඇති තවත් විශ්වාසයක් වන්නේ ඒවා කිසියම් ඛිෙදවාචකයක පෙරනිමිති බවය. හිටපු සුප්‍රකට ඇමරිකානු ජනපතිවරයෙකු වන ඒබ්‍රහම් ලින්කන් හා සුප්‍රකට කවියෙකු වන පර්සි බයිෂි ෂෙලි යන දෙදෙනාම සිය මරණවලට පෙර තමන්ගේ ද්විත්ව කාය අවතාර දුටු බවට ඉතිහාසයෙන් වාර්තාවේ. මේ නිසාම මේවා ජීවත් වන පුද්ගලයෙකුගේ මනෝකාය හෝ මිය ගිය පුද්ගලයෙකුගේ ආත්මය බවට පළ වන මත මුලුමනින්ම බැහැර කළ නොහැක.


    උණහපුලු අවතාර

    මොවුන්ගේ සම්භවය රෝමානු ශිෂ්ටාචාරය පැවති සමය දක්වා වූ අතීතයකට විහිදෙන්නෙකි. හානිකර වූ අවතාර විශේෂයක් ලෙස සැලකෙන මොවුන් මෙලොව ගත කළ ජීවිතය අකාලයේ අවසන් වීම නිසාත්, පවුලෙන් නිසි සැලකිල්ලක් නොලැබ මිය යාම නිසාත් තමන්ට නිසි ලෙස අවමංගල්‍ය චාරිත්‍ර ඉටු නොවීම නිසාත් උපන් කෝපයෙන් යුතුව මෙලොව සැරිසරන අවතාර විශේෂයකි. උණහපුළුවෙකු ලෙස එන ඔවුන්ගේ දර්ශනයද කිසියම් බිහිසුණු සිදුවීමක පෙර නිමිත්තක් ලෙසට දැඩිව විශ්වාස කළ අතීත රෝමානුවන් මෙම උණහපුලු අවතාර වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට මාසයකට දින කීපයක් වෙන් කොට තැබුණු බව කියැවේ.


    කොබෝල්ඩ්

    පෝටර්ගයිස්ට් (ඝෝෂා නගන අවතාර) මෙන්ම කොබෝල්ඩ් අවතාරද විනෝදයට බරය. අවස්ථාවට අනුව මිනිසුන්ට වාසිදායක මෙන්ම ඇතැම් විට හානිදායකද විය හැකි මොවුන් සත්වයෙකු ලෙස මෙන්ම තවත් විටක ගින්දර වැනි දෙයක් ලෙසද පෙනී සිටිය හැක. කොබෝල්ඩ් අවතාර සම්බන්ධයෙන් වන හොඳම නිදසුන ජෙෆ්ගේ කතාවයි. ජෙෆ් නැමැති මුගටියා කොබෝල්ඩ් අවතාරයකි. සතෙකු ලෙස මෙන්ම තවත් විටක ළදරුවෙකු ලෙසද විවිධ ශබ්ද නිකුත් කළ ජෙෆ්ව සියැසින් දැක ගැනීමට ලැබුණේ 1931 වසරේදී අයිල් ඔෆ් මාන් හි විසූ අර්වින් පවු‍ලේ දියණිය වන වොයිරේට පමණි. කහ පැහැති සිරුරක් හා ලොමින් පිරුණු වල්ගයක් තිබූ ජෙෆ්, අර්වින් පවු‍ලේ සාමාජිකයින් කෙරෙහි මිත්‍රශීලීව හැසිරුණු බව කියැවේ.


    ඓතිහාසික සිදුවීම් ප්‍රතිනිර්මාණය කරන අවතාර

    අතීතයේ සිදුවූ සිදුවීමක් හා බැඳුණු මේ අවතාර ඉතා විරලය. නැවත නැවතත් ක්‍රියාත්මක වන පටිගත කළ සිදුවීමක් බඳු මෙබඳු අවතාර ඉතිහාසය නැවත නැවතත් සිදු වන ආකාරයක් අත්විඳීමට සලස්වයි. මේ සම්බන්ධ හොඳම නිදසුන වන්නේ 1901 දී ප්‍රංශයේ වර්සෙල්ස් නුවරදී සංචාරයේ යෙදුණු චාර්ලට් ඈන් මොබර්ලි හා එලිනොර් ජෝර්ඩේන්ට අත්විඳීමට ලැබුණු සිදුවීමකි. වර්සේල්ස් ටයිම් ස්ලිප් ලෙස හැඳින්වෙන මෙම සිදුවීමේදී මොවුන් දෙදෙනාට එක්වරම තමන් දහඅට වන සියවසේදී පැරිස් නුවර ඇවිදිමින් සිටින බවක් හැඟී ගොස් තිබේ. තමන් එකලට අයත් ඇඳුම්වලින් සැරසී සිටි බව පමණක් නොව මාරි ඇන්ටනට් රැජිනද තමන්ට දැක ගැනීමට ලැබුණු බව පසුව ඔවුන් කියා සිටියෝය.



     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කළුකුමාරයා සහ මෝහිණිය

    කළුකුමාරයා හා මෝහිණිය යනු කවුරුන්ද?බටහිර මනෝ විද්‍යාවට අනුව මෙය මානසික පෙරලියකි.යටි හිතේ ඇති ආශාව ඉස්මතු වී අවුත් නින්දේදී කාන්තාවක් හෝ පිරිමියෙක් බවට පත්වී දර්ශනය වේ.මේ මා හට වෛද්‍යවරු කී දේය.
    දේශීය වෛද්‍යවරු පැවසුයේ මෝහිණිය නම් යක්ෂණියකුගේ ක්‍රියාවක් පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන බවය.එසේම මානසිකවචද සමහර අවස්ථාවට සිහින පෙනී,මේ ආකාරයට සිදුවන බව දේශීය වෛද්‍ය ක්‍රමයේද සඳහන් වන බවද පැවසීය,

    මගෙන් මෙන්ම මට හමු වූ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය්ම අදහස් විමසීමේදී පෙනී ගියේ පිරිමියාට මෝහිණීයත්,ස්ත්‍රියට කළුකුමාරයත් පෙනීමේදී මානසිකව ද බලපා ඇති ආකාරයය. මානසිකව ආශාව ඉස්මතු වී පෙනෙන සිහිනයේදී කාන්තාවක් හෝ පුරුෂයකු පෙනී ක්ෂනික මෝචනය වීම සිදුවේ.නමුත් පසුව ක්ලාන්ත ගතිය,ඇතැම් විට උණ,සීතල,හන්දිපත් රුදාව වැනි දේ නැත.එය දිනපතා මෙන් දින තුන හතරක් සිදුවුවහොත් හන්දිපත් රුදාව වැනි දේ ඇති වේ.මන්ද දනිහිස් වල මැලබෝර්න් ගතිය නැති වී යන හෙයිනි.රෝගියෙකු දුටු විට දක්ෂ පලපුරුදු යකදුරු මහතෙකුට නාඩිබලා සේම සලකුණු අනුව මානසික රෝගයද නැතිනම් භූත රෝගයද කියා හඳුනාගත හැක.මෝහිණිය හෝ කළුකුමාරයා ශරීර ගත වූ විට මුහුණේ පැහැය වෙනස් වේ.එසේම මේ දෙදෙනාම සිටිනුයේ තනියම නොවේ,කෙසේ හෝ ප්‍රේතයකු හෝ ප්‍රමාණවත් භූත පිරිසක් රෝගියාගේ ශරීරයට රිංගවයි.රෝගියා කොතරම් අපිරිසිදු වුවත් ප්‍රේතයාට කම් නැත.නමුත් කළුකුමාරයා හා මෝහිණිය අපිරිසිදු කමට අකමැතිය.

    උන් කරනුයේ ප්‍රේතයා ශරීරගතව සිටින විට ඈත බැල්ම හෙලා සිට උවමනා අවස්ථාවට ශරීරගත වීමය.දේවාල,කෝවිල් වලට හා පන්සල් වලට මෙවැනි භූතරෝගීන්ට යා නොහැක.පිරිත් දේශනා වලට සවන්දිය නොහැක.තෙල් නූල් මතුරන විට අමාරු තත්වයට පත්වේ.මානසිකව බලපාන අයට මේ කිසිවක් නැත.කෙතරම් තෙල් නූල් මැතුරුවත් ඔවුහූ නිසොල්මන්ව
    සිටිති.මෙවානි අය පරීක්ෂණ සමයේ අපට හමුවිය.එවිට අප උපදෙස් දෙන්නේ ස්ත්‍රීය හෝ පුරුෂයා හැකි ඉක්මනින් විවාහ කර දෙන ලෙසය.එවිට ස්වප්න දෝෂ නිමාවේ.නමුත් මෝහිනී,කළුකුමාරයා තදින් බැල්ම ඇති අයගේ විවාහය ඉතා අසීරුය.මන්ද මේ දෙදෙනාටම විවාහ වීමට ඉඩ නොදෙති.විවාහ වූවත් රාත්‍රී සිහිනෙන් දර්ශනය වීම අනිවාර්යයෙන්ම සිදු වේ.ඉන් පසු විවිද කරදර ඇතිකරයි.මෙවැනි අවස්ථා වලදී අප කලේ මෝහිණියට අංග සම්පූර්ණ පිදේනිය දී ස්ත්‍රී ඇඳුම්,සාරි,යටසාය,පනා,කොණ්ඩ කටු,වලලු,සුවඳ වර්‍ග,මල් වගර්‍ පුළුටු කර දීමය.දිශ්ඨි කිරීමේදී මෝහිණී දිශ්ටිය ඇති අය ශරීරය වෙව්ලවා ඇතැම් විට ප්‍රල්‍ය වී බෙරපදයට නැටුවාය.

    කළුකුමාරයාට රුක් අත්තන ගහේ කරුව සිටුවා ගැටපොළොස් මාලුව,එළවලු 25,පුළුටු,දිය ගොඩ මාංශ,බිත්තර,රීරි ගොටු සහිතව පිදේනිය නැවුම් නෑබිලියක සකසා දීමයි.දිශ්ටි කිරීමේදී තදින් දිශ්ටිය ඇත්නම් කාන්තාව බෙරපදයට නටා
    පිදේනිය බාර ගත්තේය.එම අවස්ථාවට අපි දෙදෙනාගෙන්ම නැවත නොඑන ලෙසට දිව්රුම් ගත්තෙමු.මංත්‍ර පොත්වල සඳහන් ආකාරයට මේ දෙදෙනාගේම නායකයා කළු වළාවට අධිපති කළු යක්ෂයාය.මේ දෙදෙනාම ශරීරගත වීමට පෙර මේ ආකාරයේ සිහින පෙනේ.කළුපාට වැහි වළාකුළු,අහස ගොරවා විදුලි කෙටීම,තද වැස්ස,ගං වතුර,හමුදා භටයින්,පොලිස් භටයින්,මල්වතුවල ඇවිදීම,පාළු කැළෑවල ඇවිදීම පලමුව මේ ආකාරයට සිහින පෙනී පිරිමින්ට කාන්තාවනුත්,ස්ත්‍රීන්ට පුරුශයනුත් පෙනේ.අඳුරන අය සේම නඳුනන අය ලෙසත් දර්ශණය වේ.එසේම මානසිකවද මේ සිහින පෙනෙන අවස්ථාද ඇත.ඒ ගං වතුර,මල්වතු,උයන් වතු ආදිය ද ඊට හේතුවන්නේ ධාතු ශක්තිය කිපී ඉහට
    ගැනීමය.එවිට සිහිනයක් බවට පරිවර්‍තනය වී දර්ණනය වේ.මානසික සිහින පෙනුනාට එය එතරම් ගණන් ගත යුතු නැත.

    අධිකාම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම විවාහ වී සිටියත් මානසිකව මෙවැනි සිහින පෙනී ස්වප්න මෝචනය වීමට හැකිය.මෝහිණී නව දෙනෙකි. ශරීරයට බැල්ම වැටුන විට ස්ත්‍රීන් අප්‍රිය කරයි,නිතරම මූත්‍රා කිරීමට අවශ්‍යය,පපුව දැවිල්ල ඇතිවේ,අතපය වේදවනාය,පපුවේ බරගතිය දැනේ.නිතර සීතලක් දැනේ.ඇතැම් විට උණ ගතිය ඇති වේ.කළුකුමාරයාගේ බැල්ම ඇතිවූ විට පොලොස් ඇබුලට ප්‍රිය කරයි,පිරිමින් අප්‍රිය කරයි,වම් පයෝදරයට රිදුමක් ඇතිවේ,පපුව ගැහෙයි,ඇඟ සීතලවී උණ පවා ඇති වීමට පුළුවන.අතපය වේදනා ගෙනදේ. බඩේ යමක් තනි කරගෙන නොමැති නම් දෙහි කපා නූල් දැම්ම විටදී සුවවේ.

    (සිරිල් සුරේන්ඳ්‍ර නම් කතෘ විසින් රචිත සත්‍ය අත්දැකීම් ජීවිතය තුළින් නම් ග්‍රන්තයෙන් උපුටා ගැනීමකි)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගෙට ආ අමුත්තා සිරිදාසගේ දිව පලා යන්ත‍්‍ර&#3514

    අදින් වසර ගණනකට පෙර සිදු වූ එක්තරා සිද්ධියකි. වෙලාව රාත‍්‍රී 9.00 පසු වූවා පමණි. සිරිදාසගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. එදින අධික වැසි සහිත දිනයකි. දවස පුරාම ඇදහැළුණු වැස්සෙන් සිරිදාසගේ නිවසට පහළ වෙල සම්පූර්ණයෙන් ම යට වී ඇති බව පුරුද්දෙන්ම සිරිදාස දනියි. වෙල්යායෙන් පසු හමුවන අවසන් නිවස සිරිදාසගේය. ගම කෙළවර පිහිටි නිවසට අනෝරා වැසි වැටෙද්දී මේ වෙලාවට නිවසට පැමිණෙන අමුත්තකු ද විය නොහැකිය. සිතෙහි ඇති වූ කුතුහලය සමඟින් සිරිදාස දොර හැරියේය.
    දොර අසල සිටගෙන සිටියේ වැස්සෙන් තෙත බරිත වූ පුද්ගලයෙකි. පෙනුමෙන් හිඟන්නකු ලෙස දිස්වන මෙම මිනිසා මෙතැනට පැමිණියේ කෙලෙසද? එම ආගන්තුකයා කතා කළේය. මහත්තයෝ මාව වැස්සට කොටුවුණා. යන්න විදියකුත් නෑ. ඉන්න තැනකුත් නෑ. උදේ ඉඳන් මුකුත් කෑවෙත් නෑ. ගමේ ගෙවල් එකකින්වත් මට නතර වෙන්න තැනක් දුන්නේ නෑ. මම උදේට යන්නම් මට නවතින්න ටිකක් ඉඩ දෙනවද?
    බොහෝ දුප්පත් මට්ටමක සිටි සිරිදාසගේ පවුල ඉතා දිළිඳුය. කබොක් ගල්වලින් නිවසේ ඉදිරි කොටස සකසා තිබුණ ද නිවසේ වැඩි කොටසක් නිමවී තිබුණේ කටුමැටිවලිනි. සිරිදාස බිරිඳ හා එකම දියණිය මේ පැල තුළ ජීවත් වූහ. ස්ථීර රැුකියාවක් සිරිදාසට තිබුණේ නැත. පැමිණි මිනිසා පිළිබඳ සිරිදාස දෙවරක් සිතුවේ නැත. ඔහු නිවස තුළට කැඳවා නිවසේ තිබූ පමණින් ආහාරවලින් ද සංග‍්‍රහ කර තමාට තිබූ සරොම් තුනෙන් එකක් ද ඒ මිනිසාට ලබාදුන්නේය. සාලේ කෙළවරක පැදුරක් එළා ඔහුට නිදාගන්නට ඉඩ සකසා දීමට තරම් ඔහු ආගන්තුක සත්කාර කෙරෙහි උනන්දු වූවේය.
    උදෑසන වන විට වැස්ස තුරල් වී තිබුණි. සිරිදාස සුපුරුදු ලෙස අවදිවී අමුත්තා හමුවීමට පැමිණියේය. ඔහු නිදාසිටි තැන පැදුර අකුලා බිත්තියට හේත්තු කර ඇත. අමුත්තා පෙනෙන්ට ද නැත ඉදිරි දොර අඩවන් කර ඇත. වහා එළියට ගොස් වටපිට බැලූව ද අමුත්තා දක්නට නැත. පැමිණි මිනිසා නිදිපැදුරටත් නොකියා පිටව ගොස් ඇත. සිරිදාසගේ ඇස් උඩ ගියේය. පැමිණියේ හොරෙක් ද? තමාම ඔහුට දොර හැර දුන්නේද?
    නිවසේ නැති වන්නට තරම් දෙයක් නැත. ඔහු නිවස පිරික්සා බැලූවද කිසිදු දෙයක් අඩුවී නැත.
    මේ සිදුවීමෙන් පසු, කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. යළිත් දිනක් දහවලක එම පුද්ගලයා යළි සිරිදාසගේ නිවසට පැමිණියේය.
    ‘‘මහත්තයා මම එදා වේලපහෙන්ම ගියා මහත්තයලා නිදි නිසා මම ඇහැරුවේ නැහැ.’’
    ‘‘අපි බැලූවා පැදුරටත් නොකියා කොහෙද ගියේ කියලා.’’ සිරිදාස තම සැකය දුරු කර ගනිමින් පැවැසුවේය.
    ‘‘මහත්තයා එදා මට කරපු උදව්ව මට අමතක නැහැ. මම අද ආවෙම මහත්තයට තෑග්ගක් අරගෙන.’’
    මට මොන තෑගිද?
    මහත්තයට කීයක් හරි හම්බ කරගන්න විදියක් හදලා දෙන්න ඕනේ කියලා මට හිතුණා.
    මහත්තයා ‘‘සාස්තර කියන්න කැමැති නැද්ද?’’
    ‘‘සාස්තර කියන්න මම දන්නේ නැහැ?’’
    ‘‘මහත්තයාට මම යන්තරයක් අරගෙන ආවා ඒක මහත්තයා ළඟ තියෙනකම් මහත්තයාට සාස්තර කියන්න පුළුවන්’’
    මේ අපූරු යෝජනාවට සිරිදාස එකඟවූයේ ඔහු දැඩි ලෙස වෙළී සිටි ආර්ථික ගැටලූවලින් මිදීමට මෙයින් හෝ පිටිවහලක් ලැබේවි යැයි සිතු නිසාය.
    එදින අමාවක දිනයක් බව සිරිදාස දැන සිටියේ නැත. සිරිදාස ජීවත් වූ ගම කෙළවරේ පාළුවට ගිය පැරැුණි ගල්වළක් වෙයි. රාත‍්‍රියේ අමුත්තා සහ සිරිදාස එම ගල්වළ වෙත ගියේය. ඒ සිරිදාසට යන්ත‍්‍රය පැළඳවීමට හොඳම ස්ථානය එය යැයි අමුත්තා තීරණය කිරීමයි. විශේෂ පූජාවන් කිසිවක් ලක ලැහැස්ති වී තිබුණේ නැත. රෙදි කැබැල්ලක් ඉරා වැටමාර කෝටුවක් හතරට පළා එහි කරුවලට මැදිකර ඔතන ලද පන්දමක් ගැට ගස්ලබු ගෙඩියක් හා බඳින ලද කරවල කැබැලි කිහිපයක් පමණක් ඔවුන් නිවසින් ගෙන ගියේය.
    ගල්වළ මධ්‍යයෙහි වූ ගල් පතුරක් අසලට ගිය ඔහු පන්දම දල්වා එහි සවි කළේය. ආගන්තුකයා සිය බෑගයෙන් ගත් අඟුරු කැබැල්ලකින් ගල මත අකුරු තුනක් ලිව්වේය. ඉන් පසු ඒ අසල සිරිදාසව වාඩි කරවා මන්ත‍්‍ර ජප කරන්නට විය.
    සිරිදාස සිටියේ දැඩි කැළඹීමකිනි. තමා නොදන්නා ආගන්තුකයා තමාට සිදුකරන්නට යන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? නැතහොත් තමා නොදන්නා සතුරකුගේ සැලසුමක් ද ඔහුගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. පාළු මූසල අතහැර දමන ලද ගල්වළ අවටින් මෙන්ම වවුලන්ගේ ශබ්දයද ඇසෙයි. ඒ සියල්ලටම වඩා ගල් කන්දේ නරියන්ගේ හූ හඬ ඇසෙත්ම සිරිදාසගේ ශරීරයට බිය මුසු සීතලක් ද දැනෙන්නට විය. අමුත්තා දිගින් දිගටම මතුරයි ඒ සමඟ කෝටු කැබැල්ලක ගසන ලද කරවල කැබැල්ලක් පන්දමට අල්ලා පුළුස්සන්නට විය. කරවල පිළිස්සෙන ගඳ ගල්වළ පුරා පැතිර යන්නට විය. රාත‍්‍රි දොළහට පමණ පාළුවට ගිය ගල්වළක කරවල පුළුස්සන්නේ ශුභ දෙයකට නොවන බව සිරිදාසට සිතුණි. ඔහු ඒ තරමට බිය වී අවසන්ය.
    ඉන් අනතුරුව අමුත්තාගේ ඉණේ තිබූ කුඩා පොකට්ටුවකින් අ`ගලක පමණ ප‍්‍රමාණයේ යන්ත‍්‍ර කැබැල්ලක් ගෙන එය රවුමට එතුවේය. ඔතාගත් යන්ත‍්‍රය නූල් කැබැල්ලකින් දිග නොඇරෙන ලෙස බැන්දේය.
    මහත්තයෝ බය වෙන්න එපා. මම මේක මහත්තයාගේ දිවට දානවා. ඒකට පොඞ්ඩක් දිව කපන්න වෙයි. රිදෙන එකක් නෑ.’’
    එය ඇසූ සිරිදාසට උන්හිටි තැන් අමතක විය. දිව කපා ඒ තුළට යන්ත‍්‍රයක් දැමීම ගැන ඔහු එකඟ වූයේ නැත. එය නොකළ යුත්තකි. මෙය තමාව රැුවටීමකට ලක් කරන්නේ යැයි ඔහුගේ හැඟීම විය. එහෙත් ඔහුට එම ස්ථාවරයේම සිටින්නට හැකි වූයේ නැත.
    මහත්තයෝ බය වෙන්න එපා. මහත්තයා මට කරපු උදව්වට මම ණය ගෙවන්න හදන්නේ. පූජාවට මම අඬගහපු සොහොන් කාලි ඇවිල්ලා ඉන්නේ. අපි මේක ඉවර කරමු. නැත්තම් අපි දෙන්නම අමාරුවේ.
    අකැමැත්තෙන් හෝ සිරිදාස ඒ සඳහා තම කැමැත්ත ප‍්‍රකාශ කළේය. තම පොකට්ටුවෙන් බ්ලේඩයක් ගත් අමුත්තා සිරිදාසගේ දිවේ හරස් අතට කැපුමක් කළේය. සිරිදාසට වැඩි වේදනාවක් දැනුණේ නැත. එම කැපුම තුළට යන්ත‍්‍රය ඇතුළු කළ අමුත්තා පොළොවෙන් මඩ ටිකක් ගෙන දිව මත තැවැරුවේය. සිරිදාසට දිවේ නුහුරු බවක් දැනෙයි. ඔහුට කතා කරන්නට බැරි සෙයක් දැනෙයි.
    මහත්තයෝ කතා කරන්න එපා ඔහොම ඉන්න මම පූජාව ඉවර කරනකම්. එසේ පවසා ටික වේලාවක් මන්ත‍්‍ර ජප කළ අමුත්තා එය අවසන් කර සිරිදාසව නිවසට රැුගෙන ගොස් නිදි කරවීය.
    පසු දා උදෑසන වන විට සිරිදාසගේ දිවේ කිසිදු වෙනසක් සිදුව නොතිබුණි. එහෙත් ඉන්පසු කිසිවකු හෝ දකින විට ඔහුගේ පවතින දෝෂය ඉබේම සිරිදාසගේ කටින් කියවෙන්ට විය.
    මහත්තයෝ අන්න අර ගහ යට පොඩි දේවාලයක් සොහොන් කාලි අම්මාට හදන්න. හැමදාම ?ට පුච්චපු කරවල ගහේ දෙබලෙන් තියන්න. පුළුවන් වෙලාවට හොඳ පූජාවක් තියන්න. මහත්තයා අද ඉදන් සාස්තර කියයි. කරන්න ඕනේ දේත් මහත්තයෝ කටින්ම කියවෙයි.
    සිරිදාස ගමේ ප‍්‍රසිද්ධ සාස්තරකාරයකු බවට පත් වූයේ එලෙසය. වසර විස්සක් පමණ යහමින් මිල මුදල් සොයමින් ඔහු මේ වෘත්තිය කරගෙන ගියේය. තමාගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඔහුට හැකිවිය.
    මෙසේ ටික දිනක් ගෙවී ගියාට පසු රෝගාතුර වූ සිරිදාස රෝහල තුළදී මිය ගියේය. නිවැසියන් සිරිදාසගේ මිනිය මල් ශාලාවට ගෙන ගියේය. එහි දී බලන විට සිරිදාසගේ දිව දෙකට පැලී තිබුණි. ඒ තුළ තිබූ යන්ත‍්‍රය අතුරුදන් වී ඇති අයුරු දැක ගත හැකි විය.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බිල්ල වැරදුන මහසෝනා පැනයයි

    ‘ඉක්මනට වරෙල්ලා. සිරිපාලට යකා ගහලා’ වැව දෙසින් මතු වූ සියාතුගේ හඬ ගම්මානය පුරාම දෝංකාර දෙන්නට විය. බිම් කළුවර මැකී යන්නටත් පෙර වෙලේ වතුර බැඳීමට යෑම ගැමියාගේ සිරිතය. එදිනත් සුපුරුදු පරිදි සියාතු අමුඩයකින් සැරසී කුඹුරට යෑමට පිටත් විය. වැව් බැම්ම පෙනෙන නොපෙනෙන දුරකින් අඩි පාරේ වැටීසිටි සිරිපාලව සියාතුට දැකගත හැකි වූයේ ඒ අවස්ථාවේය. කටින් සෙම දමමින් උණත් සමඟම සිහිමුර්ඡුා වී සිටි සිරිපාල දකිත්ම සිදුවී ඇත්තේ කුමක්දැයි තේරුම්ගැනීමට සියාතු අයියාට වැඩි කාලයක් ගත නොවුණි. ඒ ගැමියාගේ සහජ ඥානයයි.
    ගමේ පිරිමි කිහිපදෙනෙක් සිරිපාලව ඔසවාගෙන ගොස් නිවසේ තැබූහ. ඒ අතර, එක් අයකු දිව ගියේ ගම් කෙළවරට වන්නට පිහිටි සුදු ගුරුන්නාන්සේගේ නිවස වෙතය.
    ‘ගුරුන්නාන්සේ මාමේ සිරිපාල අයියට යකා ගහලා’
    කඩුල්ල පනින ගමන්ම ගැමියා මොර දෙන්නට විය. ගුරුන්නාන්සේ කලබල නැත.
    ‘ඔන්න ඔය ගහකින් කොළ තුනක් කඩාගෙන වරෙන්’
    පණිවුඩකරුවාත්, ¥ත ලක්ෂණ මෙන්ම ගස්වල කොළ කැඞීම වැනි ගුප්ත නිමිති මඟින් කාරණය අවබෝධ කරගැනීමේ හැකියාවක් සුදු ගුරුන්නාන්සේ සතුය.
    ‘මහසෝනා.......’ ගුරුන්නාන්සේ පැවැසුවේ එපමණකි. කඩිනමින් සිරිපාලගේ නිවසට පැමිණි ගුරුන්නාන්සේ ආතුරයාව පරීක්ෂා කරන්නට විය. ‘මහ යකාට බිල්ල වැරැුදිලා.......යකා ගහලා නෑ... බයවෙලා විතරයි....’ යකා ගැහීම යනුවෙන් හඳුන්වනුයේ ක්ෂණික බිය හරහා ඇතිවන කම්පනයයි. මහසෝනාට බියවීමකදී සුසුම්නාව කැඞී මියයයි.
    ‘ඔය තෙල් ටිකක් ගනින්’
    තුන්පට නූලක් හා තෙල් පීරිසියක් ගත් ගුරුන්නාන්සේ මහසෝන් දිෂ්ටි පළවා හැරීමේ මන්ත‍්‍රය මතුරන්නට විය.
    ඕම් ශ‍්‍රීම් නිච්චං ප‍්‍රමේශ්වර
    කාලි සමයං ඉගිළ යව් යව්
    තෝස්වාහඃ
    ඕම් අරි අරි ශක‍්‍රාම්
    ගුරු ගුරු ශක‍්‍රාම්.......
    තෙල් ටික හිස ගා තුන්පට නූල ගෙලට දැමීමෙන් පසු සිරිපාලගේ සිහිමුර්ඡුා ගතිය දුරුවූ අතර ඔහු නින්දට වැටුණේය. ‘මේ කළමනා ටික ලෑස්ති කරන්ඩ, අද ? තොවිලයක් නටන්ඩ වෙයි.’ තොවිලය සඳහා අවශ්‍ය සියලූ කළමනා සූදානම් වන්නේ ඉන් පසුවය.
    මහසෝන් සමයම නැටීම උදෙසා තනනු ලබන ‘පංච මැස්ස’ තවත් පිරිසක් තනති. සමයන් වීදිය මැදිකර හතර පැත්තෙන් එක්වන සේ ආරුක්කු සතරකින් යුක්තව තනනු ලබන මල් මඩුව පංච මැස්ස ලෙස හඳුන්වනු ලබයි. රාත‍්‍රිය එළඹෙත්ම මහසෝන් සමයම ආරම්භ විය.
    සුදු ගුරුන්නාන්සේ පූජාව ආරම්භ කරන්නට වූ අතර, පංච මැස්සේ මැද කොටස මහසෝන් යකාට හා මංගර දෙවියන් උදෙසා වෙන් කෙරුණි. මහසෝන් සමයම නැටීමේ දී මංගාර දෙවියන්ට ප‍්‍රධාන තැනක් ලබාදීම සිරිතකි. ඉන්පසු ජය සොහොන්, අමු සොහොන්, පුළුටු සොහොන් හා මහා සෝන් ලෙස ඉතිරි මල් තටු වෙන් කෙරුණි.
    මහසෝන් යකා උදෙසා තල කිරිබත්, උණු කැවුම්, ලේ ගොටු, පුළුටු වර්ග ඇතුළත්ව ගොටු 108ක් සූදානම් කර ඒවා පුදදෙනු ලැබීය. මුලින්ම හූනියම් යකාට ආරාධනා කරමින් හූනියම් වීදිය ලෙස නම් කළ පූජාව තබන ස්ථානයට දුම් අල්ලමින් මන්ත‍්‍ර ජප කරද්දී එක් එක් යකුන් වෙනුවෙන් දොළ කැප කිරීම සිදු විය.
    වේලාව රාත‍්‍රී දොළහට ආසන්න වෙමින් පැවැතිණි. සුදු ගුරුන්නාන්සේගේ ප‍්‍රධාන ගෝලයා නිල්පාට ඇඳුමකින් සැරසී ඒමත කළු පැහැති තිරයක් ඔතාගෙන දිගු කෙස් වැටියක් සහිත වලස් වෙස් මුහුණක් සහිතව තොවිල්පලට කඩාපැන්නේ බලා සිටියවුන්ගේ ඇඟ කිළිපොලා යන අයුරිනි. වලස් මුහුණේ දිගු දත්ය.
    එහි මුහුණේ ගිනි පන්දමකි. එක් අතක හෙල්ලයකි. කටින් හපාගත් ඇතෙකුගෙන් ලේ පෙරෙයි. බෙල්ලේ මිනී ඔළු මාලයකි. බෙර හඬට නටමින් ආරූඪව දොළ පුදා ළඟට පැමිණ ඒවායේ සුවඳ විඳින්නට විය.
    ඉන්පසු වේගයෙන් ආතුරයා වෙත පැමිණියේ තම නර බිල්ල ගැනීමටය. එහෙත් එතැන සුදු ගුරුන් ඇත. ආතුරයාත් ආවේශයෙන් නැඟීසිටියේ ය. මන්ත‍්‍ර ජප කිරීම ටික වේලාවක් පැවතුණි.
    ඉන්පසු ගිනි පන්දම් දෙකක් අතට ගත් මහසෝන් දිෂ්ටිය වේගයෙන් ආතුරයා වටා නටන්නට විය. එය මහසෝන් දිෂ්ටිය පිටව යෑමට ආසන්න බව හැඟවෙන්නකි.
    ‘මම දේව අණින්, ඊශ්වරයන්ගේ අණින් තොපට කියන්නේ. මේ නර බිල්ල තොපට කැප නෑ. ඒක අයිති මටයි. ඊෂ්වර දෙවියන් ඒ බිල්ල මට කැපකළා. දැන් දොළ කැපගෙන පිටව යන්න වේලාව හරි’ සුදු ගුරුන් පැවසුවේ අණක් ලෙසය.
    ‘ඒක මගේ බිල්ල ඒක අයිති මට’
    ‘දොළ තටු එකසිය අටක් කැප අරගෙන ඉවරයි, දැන් යන්න වෙනවා. ඒක ඊශ්වරයාගේ නියමය’
    ‘මම යන්නන්’
    ‘අපි කොහොමද දන්නේ?’
    ‘පාන්දර එකහමාරට ‘හූ’ තුනක් එක්ක රුක් අත්තන ගහේ දකුණු අත්ත කඩාගෙන යනවා’
    පූජාව දිගින් දිගටම පැවතුණි. එකහමාරට ආතුරයා නැඟීසිටියේය. ‘හූ’ තුනක් තබාගෙන මිදුලේ සිටුවා තිබූ රුක් අත්තන ගස අසලට දිව ගියේය.
    ඔහු එතැන සිහි නැතිව ඇදගෙන වැටුණේය. රුක්අත්තන ගසේ දකුණු අත්ත කඩාගෙන වැටුණි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මහ රූ ආ සන්නි යකා ජිනදාසට මරු පෙන්වයි


    ජිනදාස උත්සහවන්ත මෙන්ම කඩිසර ගොවියෙකි. උදෑසනම නැඟිට කුඹුරට යන ඔහු පොළොවට කළුවර වැටෙන තෙක්ම කැත්ත, උදැල්ල සමග වෙහෙසෙන්නේ අක්කරයකට ආසන්න කුඹුරේ සියලූ වැඩ කටයුතු සිදුවූයේ ඔහුගේ තනි මහන්සියෙන් වූ නිසාය. දරුවන් තිදෙනකුගේ පියකු වූ ජිනදාස මැදිවිය ඉක්මවා සිටියද පිරිපුන් ශරීරයකින් යුතු පුද්ගලයෙකි.
    සමනළගිර පෙනෙන මානයේ ගමක පදිංචිව සිටි ඔහු අවාරයේදී වැටෙන වැසි සමගම ඇළ අමුණු ප‍්‍රචණ්ඩ වන අයුරු පිළිබඳ හොඳින් දැන සිටියේය. තම ශ‍්‍රමය මෙන්ම තම ජීවිතය බඳු වූ කුඹුරුයාය රැුකගැනීම මෙවන් වකවානුවකදී දැඩි වෙහෙසක් දැරිය යුතුය. ඒ නිසාම රාත‍්‍රී නින්දට පෙර නියරවල් කැඞී බිඳී ගොස් ඇතිදැයි කියා බැලීම ඔහු පුරුද්දක් ලෙසින් කළ කාර්යයකි. එදිනද ජිනාදාස රාත‍්‍රී නමයට පමණ කෑලි හතරේ විදුලි පන්දමද ගෙන කුඹුර දෙසට ගමන් කරන්නට විය.
    සිහින් සිරිපොදයක් සමඟම පැතිර තිබූ තරමක මිහිදුම, පරිසරයේ ඇති කළේ ගුප්ත බවකි. පොහොය ආසන්නව පැවතියද වැහි වලාකුළු වසාගෙන සඳ කිරණ පොළොවට පතිත වූයේ මළානිකවය. ඔහු සෙමෙන් සෙමෙන් කුඹුර දෙසට ගමන් කරන්නට විය. විදුලි පන්දමක් අත තිබුණද එය දල්වාගෙන යෑමේ පුරුද්දක් ඔහුට නොවුණි. ඔහුට ඒ පාර එතරම්ම හොඳට හුරුපුරුදුය. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරින් කුඹුර පිහිටා ඇත. අඩිපාර නිමවනුයේ මිල්ල ගහ අසල ඒදණ්ඩෙනි. ඒදණ්ඩෙන් එගොඩවත්ම ලියදි දෙකකට පමණ එපිටින් මඩකර වතුර බැඳ ඇති කුඹුරේ නියර මත අඩි දෙක තුනක් උසට කළු පැහැති යමක් ඇතිබව ඔහු ඈතටම දුටුවේය.
    ඒ ‘වන සතෙක් විය යුතු යැයි සිතූ ජිනදාස ඒදණ්ඩ අසල නැවතී ශබ්ද නොකර මොහොතක් බලා සිටියේය. සිරිපොද අතරින් වේගයෙන් හමාගිය සුළං පහර කඳු අතර වැදීමෙන් මතු වූ ගුප්ත දෝංකාරයත් සමග ඈතින් ඇසෙන උලමෙකුගේ කෑ ගැසීම පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි කළේය.
    මලානික සඳ කිරණින් නියර මත සිටින්නේ වන සතකු නොවන බව තේරුම්ගැනීමට ජිනදාසට වැඩිවේලාවක් ගතවූයේ නැත. ඒ මිනිස් රුවකට සමාන රුවකි. ඒ රුව නියරේ වාඩිවී යම් දෙයක් අත්දෙකින්ම අල්ලාගෙන කන බවක් ඔහුට තේරුණි. සුළු මොහොතක් ඒ දෙස බලාගෙන සිටි ජිනදාස විදුලි පන්දම දල්වා ඒ දෙසට එල්ල කළේය.
    විදුලි පන්දමේ ආලෝකය වැදීමත් සමගම නියරේ වාඩිවී සිටි රුව නැඟී සිටියේය. එසැණින් ජිනදාසගේ සරුවාංගයම සීතල වී ගියේය. ඒ ඔහු ජීවිත කාලයටම දුටු බියජනකම දසුන වූ නිසාය. අවලස්සන ශරීරයක් සහිත විකෘති වී ගිය මිනිසකු වැනි සත්වයකු ඔහු දෙස බලා සිටියේය. විදුලි පන්දමේ ආලෝකයට ඒ අද්භූත මිනිසාගේ ඇස් විශාල වී දිලිසෙන්නට විය. කට අවට රත් පැහැ අමු ලේ බේරෙමින් ඇති අතරම ඔහුගේ අතේ හාවකු හෝ මීමින්නකු වැනි සත්වයකුගේ ශරීරයක කා ඉතිරි වූ අඩක් එල්ලෙමින් පවතියි.
    ඇඳුමක් හෝ කිසිදු දෙයකින් ශරීරය ආවරණය කරගෙන නොසිටි මේ අද්භූත සත්වයා එක්වනම යළි හැරී ටික දුරක් දිව ගියේය. ජිනදාසගේ විදුලි පන්දමේ සීමාවෙන් මිදුණු පසු යළි ඔහු දක්නට නොලැබිණි. ජිනදාසගේ සියොළඟම වෙව්ලන්නට විය. තමා දුටුවේ කුමක්ද?
    මිනිසෙක්ද? යකෙක්ද? කුඹුරට යෑම පසෙක දැමූ ඔහු යළි හැරී නිවසට පැමිණියේය. නිවසට පැමිණෙන විට ටිකින් ටික ඔහුගේ ශරීරය අප‍්‍රාණික වනබව ඔහුට දැනෙන්නට විය. නිවසට මඳක් ඈතදීම තම බිරිඳට කෑගැසුවේය.
    ‘මැණිකේ... ඔහුට මතක එපමණය.
    ජිනදාසගේ කෑගැසීමට දිව ආ මැණිකේට දැකගත හැකිවූයේ කඩුල්ල ළඟ ඇඳවැටුණු තම සැමියාය. ඔහුව නිවසට ඔසවාගෙන පැමිණි ගමේ පිරිස සමග ජිනදාසව රෝහලට රැුගෙන ගියේය. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහු ක්ෂණිකව මතු වූ අංශභාග තත්ත්වයකට ගොදුරුවී ඇති බවය. දිගින් දිගටම මාස කිහිපයක් වෙදකම් කළද ජිනදාසට සුවයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. අවසානයේදී නිවැසියෝ තොවිලයක් නැටීමට තීරණය කළහ.
    යකඳුරාගේ නිගමනය වූයේ ජිනදාසට සන්නියකු හදිකර ඇති බවය. විවිධ ලෙඩ ගෙනෙන සන්නියකුන් දහ අටක් වෙයි. රාත‍්‍රිය උදාවිය. ජිනදාසගේ නිවස ඉදිරිපිට තොරණ් හතක් ඉදිකර ඇත. ඉන් සතරක් දෙවියන් උදෙසාය මංගු, දොළ පත්තිනි, අලූත් පත්තිනි හා සිද්ධි පෙළ දේව සමාගම උදෙසා වූ තොරණින් වෙන්ව ඇති අනෙක් තොරණ යක් තොරණය.
    ප‍්‍රධාන කපුමහතා හා තවත් කිහිපදෙනකු ආතුරයා වූ ජිනදාසව ඔසවාගෙන පැමිණ තොරණ්වලට එපිටින් එලා තිබූ ආතුර පන්දල ලෙස හඳුන්වන පැදුරේ තැබීය. ආතුරයාගේ දෙපයට මෝල් ගසක් හා පොල් ගෙඩියක් තැබීම දහ අට සන්නිය නැටීමේදී කරනු ලබන්නකි.
    එකකට එකක් වෙනස් මුහුණු පැළඳගෙන යකුන් දහ අට දෙනකුගේ සන්නි නැටවීම නිමවන විට හිරු එළිය පොළොවට පතිත වෙමින් පැවතුණි. භූත, අභූත, අමුක්කු, ගෝත, කෝල ආදී ලෙසින් වූ සන්නි යකුන් ආතුරයාගේ අතින් දොළ ගෙන පිටව යති.
    හිරු එළිය පතිතවත්ම සිරස පාද කවි යකඳුරාගේ මුවින් පිටවුයේ ශාන්ති කර්මය අවසන්වන බව දැනුම්දීමටය.
    ‘වරු තුනක් ආතුරයව තනි කරන්ඩ එපා. වරුතුනක් තොරණවල පහන් දල්වන්න ඕනේ. වරුතුනෙන් ලෙඩා නැගිටියි’ එසේ පැවසූ යකඳුරෝ පිටව ගියහ. මසකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද සුව නොවූ අංශ භාගය දින තුනකදී සුව වූ ජිනදාස අමාරුවෙන් යළි නැගී සිටියේය. එදා වෙලේදී සිදු වූ සිදුවීම ඔහු ගොතගසමින් පැවසුවේ ඉන් අනතුරුවය.
     
    • Like
    Reactions: Kolama

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Hithe ledak da manda ban.
    Uba mata mehemai kiyala hithanne nathuwa mata aulak na. kala bila inda one kiyala hithanda.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..

    Umbata gastritis ethi ban... Samahara welawata masayak beheth biwwath hoda wenne na. Matath oya wage thibuna kalayak.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..

    umbe wagema matath thiyanawa. Godak welawata oka gastritis.

    mulinma gastritis walata beheth aran hariyata kema kana eka karagena yanna machan. Godak welawata hariyai
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..

    කුරුනෑගල තියෙනවා...
     
    • Like
    Reactions: Niluka dissanayake

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..
    Wikaara magul adun balana reddawal karanna nemei uba omeprazole tikak ganin dockekge prescription ekakin moda dewal psse yana eka nawttapan ban meka 21 st century eka
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..

    විස කැවුණ ඒවා ගලේවෙල පුවක්පිටියේ වෙදා වමනේ කරවලා යවනවාලු.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    කුරුනෑගල තියෙනවා...

    එතැන හරියට සාස්තරේ කියනවාද..? විස්තර ටිකක් දෙන්න බැරිද..?
    -------------------------------------------------------------------------

    විස කැවුණ ඒවා ගලේවෙල පුවක්පිටියේ වෙදා වමනේ කරවලා යවනවාලු.
    මම මුස්ලිම් තැන්වලට යන්න කැමති නැ..යාලු...
    මට ඕනැ ප්‍රඵමයෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොද පේනයක් හෝ අදුනක් බලන්න.
     
    Last edited:

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එතැන හරියට සාස්තරේ කියනවාද..? විස්තර ටිකක් දෙන්න බැරිද..?
    -------------------------------------------------------------------------


    මම මුස්ලිම් තැන්වලට යන්න කැමති නැ..යාලු...
    මට ඕනැ ප්‍රඵමයෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොද පේනයක් හෝ අදුනක් බලන්න.

    මම අංකයක් දෙන්නම් කතා කරන්න. වැඩි විස්තර අහගන්න pm එකක් දාන්නම්
     
    • Like
    Reactions: Niluka dissanayake

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අවුරුදු 600 කට පසු ලොකුහාමු වලව්වට එයි


    අලූතෙන් වෙන්දේසි කළ වත්තේ එකින් එක නිවෙස් ඉදිවෙමින් පැවතුණි. අක්කර ගණනක් පුරා පැතිරුණු නිල්ගලවත්ත බිම් කොටස් සිය ගණනකට බෙදී වෙන් විය. නිවසේ වැඩ කටයුතු අඩක් නිම කර මුලින්ම නිල්ගලවත්තේ පදිංචියට ආවේ හසිතගේ පවුලේ අයයි. අඩක් නිම කළ ගෙයි සිට ටිකින් ටික වැඩ කටයුතු ඉවර කර ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. එසේම නිල්ගලවත්තේ තැන තැන ඉදිවෙමින් පවතින ගොඩනැගිලි කිහිපයක්ම විය.

    ඒ කිසිදු ඉඩමක වේගයෙන් ගොඩනැගිලි ඉදිවන බවක් පෙනෙන්නට නොවිණි. ඉතා මන්දගාමීව කටයුතු කෙරීගෙන ගිය අතර ආරම්භ කර අතරමඟ අතහැර දැමූ ෆවුන්ඬේෂන් දෙකක්ද ඉඩම් කැබලි කිහිපයක විය. හසිත නිවස තැනීම අරඹන විට නිවසේ ඉදිකිරීමට ඇස්තමේන්තු කළ මුදලටත් වඩා මුදලක් අතේ පැවතියේය. එහෙත් තේරුම්ගත නොහැකි ලෙස මුදල් සියල්ල වැය වී ගියේය. ඒ හේතුවෙන්ම ඔවුනට පැමිණීමට සිදුවූයේ නිවස අඩක් නිම කරගෙනය.

    කාලය ටිකෙන් ටික ගෙවී ගියත් නිවසේ කිසිදු කටයුත්තක් සම්පූර්ණ කර ගැනීමට ඔවුනට හැකිවූයේ නැත. ඔහු රජයේ ආයතනයක ඉහළ තනතුරක් දැරූ අයෙක් වූ බැවින් හොඳ වැටුපක්ද ලැබීය. එහෙත් නිවසට ගෙනෙන මුදල් බහිරවයන් ගිලින්නා සේ කළේ කුමක් දැයි කියා සිතාගත නොහැකි ලෙස නිමාවට පත් විය. මාසයේ අවසාන සතිය වනවිට වියදමට පවා අතේ මුදල් ඉතිරි වූයේ නැත. තමන්ගේම කියා නිවසක් තනන්නට පෙර කලින් නිවසේ ගත කළ කාලයේදී මෙවන් මුදල් ගැටලූ මතුවූයේ නැත. මෙය හසිතට මහත් හිසරදයක් විය.

    නිල්ගලවත්තේ අලූතින් හැ¥ නිවාස සියල්ලටම උරුම වූයේ එකම දසාවකි. ඒ කිසිවක් සාර්ථක ලෙසින් වැඩ අවසන් වූයේ නැත. සමහර නිවාස අතරමඟ අතහැර පාළු වී ගියේය. තවත් සමහර ගෙවල්වල වැඩට එන බාස්ලා දවසෙන් දෙකෙන් යන්නට ගියේ කිසිදු හේතුවකින් තොරවය. මේ සියලූ කාරණාවලට කුමක් හෝ බලපෑමක් ඇති බව වත්තේ අයට සිතුණත් කිසිවෙකුත් ඒ පිළිබ`ද හොර රහසේ පිළියම් කර ගනු විනා ප‍්‍රසිද්ධියේ කතා කළේ නැත.

    එක් දිනක් අලූතින් ඉදි කරන නිවසක බාසුන්නැහේලා නතර වීමට ඉදි කර ඇති මඩුවේ එක් අයෙක් ආහාර පිසිමින් සිටියේය. කළු පැහැති ඉටි කොළවලින් ආවරණය කර සෑ¥ මඩුවේ කුඩා කොටසක් ආහාර සාදා ගැනීම උදෙසා වෙන් කර තිබුණි. භූමිතෙල් ළිපේ තෙල් තාච්චියේ කරෝල කැබලි කිහිපයක් බැදෙමින් තිබුණි. ඒ අසල බංකු කැබැල්ලක වාඩි වී සිටි බාසුන්නැහේ ලූනු ගෙඩියක් සුද්ද කරමින් සිටියේය.

    ‘බුදු අම්මෝ මාව බේරගනියෝ’

    මඩුවේ සිටි අයට කෑ ගසන හ`ඩ ඇසී ඒ දෙස බලන්නටත් පෙර කෑම හදමින් සිටි බාසුන්නැහේ පණ කඩාගෙන දිවවිත් නිදා ගන්නා ලෑල්ල මතට පැන්නේය.

    ‘මොකද යකෝ මරලතෝනි තියන්නේ....’

    ‘යකෙක්...... යකෙක්......’

    ‘මොන මළ යකෙක්වත් මෙතැන නෑ’

    ‘නැගිටපං බොරු නොකර’

    ‘නෑ.... ඇත්තටම යකෙක්’

    ‘මම කරෝල බදින කොට ඉටි කොළය මැදින් අතක් ඇවිත් බැදෙන තෙල් එකෙන් කරෝල ටික ගත්තා. ඒ අත සුදුම සුදු මිනිස් අතක්මයි’

    ‘පලයන් යන්න බොරු නොකියා’

    ‘බොරු නම් ගිහින් බලන්ඩ කරෝල ටික’

    ‘යමං’

    ‘මට නම් බෑ.....’

    සියල්ලෝම ළිප අසලට ගියෝය. කෑම සෑ¥ බාසුන්නැහේද ඔවුන් සමගම ගැහෙමින් පැමිණියේය.

    ‘තාච්චියේ තියෙන්නේ කරෝල කෑල්ලයි’

    ‘අනිත් ඒවට මොකද වුණේ’

    ‘අර ඉටි කොළේ අයිනේ කෑල්ලක් වැටිලා’

    ‘උඹ කෑලි කීයක් ළිපට දැම්මද’

    ‘දහයක් විතර දැම්මා’

    ‘කෑලි දෙකයි තියෙන්නේ....’

    කළු ඉටි රෙද්ද දිගේ බේරී ගිය තෙල් පාරක්ද දක්නට ඇත. සියල්ලන්ගේ ඇස් උඩ ගියේය. ඇත්තටම කුමක් හෝ සිදුව ඇත. එදා ඒ සිදුවීමෙන් පසු එවන් සිදුවීම් කිහිපයක්ම වත්තේ වරින්වර සිදුවිය. එක් දිනක් රාත‍්‍රියේ හදිසි වැඩකට දුර ගමනක් ගිය හසිත නිවසට පැමිණෙන විට මධ්‍යම රාත‍්‍රිය කිට්ටු වී තිබුණි. වත්තට ඇතුළු වනවිටම නිවස ඉදිරිපිට සිටගෙන ගෙය දෙස බලා සිටිනා අයකු ඔහු සඳ එළියෙන් දුටුවේය. මොහොතක් නතර වූ හසිත හොරෙක් දැයි කියා ශබ්ද නොකර බලා සිටියේය. ඔහු කිසිදු හැලහොල්මනක් නොමැතිව නිවස දෙස බලා සිටියි. කවුරු දැයි කියා පැහැදිලව නොපෙනුණද ඔහුගේ ඇඳුම්වල අමුත්තක් ඔහුට තේරුණි.

    ‘කවුද උඹ?’

    එතැන සිටි මිනිසා සෙමින් හසිත දෙසට හැරුණේය.

    ‘බුදු අම්මෝ’

    වත්ත දෙවනත් වන්නට හසිත කෑ ගැසූ හඬින් නිවැසියෝ මෙන්ම අහල පහළ ගෙවල්වල සිටි වැඩට පැමිණි අයද දිව ආහ. නිවසේ වත්තේ සිටි හසිත ආපසු හැරී පාර දිගේ දිව ගියේය. නිවැසියන් ඔහුගේ පසුපසින් දිවනොයන්නට ඔහු කොහේ යයි දැයි කියා සිතා ගත නොහැකිය.

    ‘ඇයි කෑ ගැහුවේ?’

    ‘මෙතැන යකෙක් වගේ මිනිහෙක් හිටියා. ඌ ගේ දිහා බලා හිටියා. මම කතා කෙරුවා. මට එරෙව්වා. අතේ පොල්ලක්ද ලීයක්ද තිබ්බා. පරණ කාලේ වගේ ඇ`දුමක් ඇඳලා හිටියේ. නපුරු පෙනුමක් තිබ්බා’

    නිල්ගලවත්තේ හොල්මන් කරන පුද්ගලයකු එදායින් පසු කිහිප දෙනකුටම දක්නට ලැබුණි. මේ සියල්ලටම හේතු වූයේ නිල්ගල බිමේ උරුමය අහිමි වී ගිය ආත්මයන් අවදිවීමයි. එම බිමේ සැබෑ තොරතුරු හසිත දැන ගත්තේ ඉන් අනතුරුවය.

    සියවස් කිහිපයක් තිස්සේ විරාජමානව තිබූ නිල්ගල වලව්ව දිනෙන් දින කැලයෙන් වැසී යන්නට විය. ඈත අතීතයේදී ප‍්‍රාදේශීය රජ පෙළපතකට උරුමකම් කී නිල්ගල වලව්ව පිළිබ`ද විවිධ කතා ගම පුරා පැතිර පවතී. එකල සිටි නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයා වූ වලව්වේ ලොකුහාමු විසින් සැඟවූ මහා නිධානයක් වලව් බිමේ ඇති බව ඈත අතීතයේ සිටම පැතිර එන මතයකි.

    වලව්වට වූ බිය නිසාම කිසිවකු වලව් බිමට ඇතුළු වූයේ නැත. එහෙත් අවසානයේ වලව්වේ උරුමක්කාරයා සියල්ල අතහැර විදෙස්ගත විය. වසර විස්සකට පමණ පසු පිටරට සිටම ඉඩම කොටස් කර විකුණන ආයතනයකට පවරා තිබුණි.

    පැරැුණි ගෙය ඩෝසර් කර ඉඩම් කැබලි කර විකුණද්දී අවදි වූ මුල් අයිතිකරුවාගේ ආත්මය වත්ත පුරා හොල්මන් කරන්නට විය. එයින් සිදුවූයේ ඉඩම් මිලදී ගත් සිය ගණනකගේ ජීවිත ගැටලූ රැුසකට මැදිවීමය.
     
    • Like
    Reactions: hodakolla and HSW

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බෙඞ් අමාරුව Doctor කෙනෙක් අල්ලලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..

    ඕවත් ලෙඩද බන්? :D
    බඩ විරේකයක් බීලා ලැට් එකේ නිදා ගනින් :lol: උදේ වෙනකොට ඔක්කොම එලියේ, ආයේ කිසි ලෙඩක් නෑ :).