එලි වැට එලි සම යන දේ සොඳට තබාලාකියනව බයිලා අද හරබර පද ගොතලා
තරගෙට එන්නෙ කවුද මාත් එක්ක හැපිලා
පිස්සු විකාරෙ දාගෙන පොල් කටු මාලෙ
බයිල කිව්වෙ අපි තමුසෙල කිරි කන කාලෙ

එලි වැට එලි සම යන දේ සොඳට තබාලා
කලි යුගයේ වයර් දිගට අකුරු ඔබාලා
අලි මැරෙනා නැට්ට පිටින් ලොව ඉපදීලා
හරි හරියට බයිල කියමු එකට වැටීලා
හතරේ පන්තියේ මල්ලී කියන චක්කරේ
ඉගෙන ගත්තේ පත්තරයෙන් කියන සිත්තරේ
ඕං ඉතින් මම කියනව නියම විස්තරේ
කෙලිය නේද තාප්පයට අපේ බක්කරේ