චගු;23026645 said:මම මේක ගත්තා.
Vesturgaard කියන්නෙ internationally recognized water purification technology and product company එකක්
Rs 11,000
http://lifestraw.mdgunasena.com/
මන් ගාවත් ඕක තියෙනවා
චගු;23026645 said:මම මේක ගත්තා.
Vesturgaard කියන්නෙ internationally recognized water purification technology and product company එකක්
Rs 11,000
http://lifestraw.mdgunasena.com/
Whirlpool Washing Machine
වර්ල්පුල් වොෂින් මැෂින් එක
![]()
මේක රුපියල් 47,000 ක් වගේ උනා. අබාන්ස් එකෙන් ගත්තේ. සාමානයෙන් මේක අවුරුදු දෙකකට කිට්ටු කාලයක් පාවිච්චි කරා.
මේ මැෂින් එක ගෙනත් මාස 6 ක් වගේ භාවිතා කරද්දී ලොකු ශබ්දයක් එන්න පටන් ගත්තා රෙදි සෝදන වෙලාවට. පස්සේ හොයලා බලද්දී මේකේ මොටරේ සහ Drum එක සෙට් වෙන තැන අවුලක්. හරියටම කිව්වොත් වොෂින් මැෂින් එකේ ක්ලච් එක. ඊට පස්සේ ඒක හැදුවා. ඒත් මාස කිහිපයක් යද්දී ආයෙත් ඒ ලෙඩේ සැරින් සැරේ ආවා.
කොහොම හරි මේකේ පියනත් ගැලවුනා. පහල පින්තුරේ වගේ.( මේ ෆොටෝ එක ඉන්ටර්නෙට් එකේ තිබ්බේ.) මේ මැෂින් එකේ පියන ගැලවෙන ලෙඩේ ගොඩක් දුරට එන එකක් කියලා දැන ගන්න ලැබුනා පස්සේ.
![]()
ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් මැෂින් එක පාවිච්චි කළා. ආයේ ටික කාලයක් යද්දී මේක ඔන් වෙන්නෙම නැතුව ගියා. ගිහින් චෙක් කරලා බලද්දී මේකේ සර්කිට් එක පිච්චිලා. ඩිස්ප්ලේ එකත් එක්කම දාන්න වෙනවා කිව්වා. ඒකයි තව අනික් ලෙඩ ටිකයි හදන්න රුපියල් 18,000 ක් වගේ යනවා කිව්වා.
කොහොම හරි මට මේ වෙනකොට මේ මැෂින් එක එපා වෙලා තිබ්බේ. මොකද මේකේ රෙදි සෝදද්දී රෙදි එකට ඇඹරිලා රෙදි ඉරෙන් ගතියකුත් තිබ්බා.
ඊට පස්සේ මම අර පරණ යකඩ වලට අලුත් බේසන් දෙන්නේ, අන්න ඒ වාහනේට මේ මැෂිම දීලා බේසමක් ගත්තා රෙදි සෝදන්න..
![]()
මන් ගාවත් ඕක තියෙනවා
besame tattwayath kiyapan balanna

අවරුදු දෙක ද බන් ඕකක් පාවිච්චි කරන්නේ. හරි එකෙක්ට හදන්න බාර දෙන්න ඕනේ candy ce 439 එකක් 2000 ටත් කලින් ගත්තේ spider එක කැඩුනා. එකෙක් බේසින් එක එක්ක දාන්න ඕනේ කියල 18000 ක් ඉල්ලුවා. පස්සේ මම ටෙක් යනකාලේ උගන්නපු සර් කෙනෙක්ට කිව්වා ඒ කෑල්ල විතරක් ගලවන් ගිහින් මේකක් හොයල දෙන්න කියල. එයා සුදු යකඩ වලින් එකක් හදවලා දුන්නා. ගෙනල්ල හයිකරා, දැන් අවරුදු 10 වගේ හදල. තාමත් වැඩWhirlpool Washing Machine
වර්ල්පුල් වොෂින් මැෂින් එක
![]()
මේක රුපියල් 47,000 ක් වගේ උනා. අබාන්ස් එකෙන් ගත්තේ. සාමානයෙන් මේක අවුරුදු දෙකකට කිට්ටු කාලයක් පාවිච්චි කරා.
මේ මැෂින් එක ගෙනත් මාස 6 ක් වගේ භාවිතා කරද්දී ලොකු ශබ්දයක් එන්න පටන් ගත්තා රෙදි සෝදන වෙලාවට. පස්සේ හොයලා බලද්දී මේකේ මොටරේ සහ Drum එක සෙට් වෙන තැන අවුලක්. හරියටම කිව්වොත් වොෂින් මැෂින් එකේ ක්ලච් එක. ඊට පස්සේ ඒක හැදුවා. ඒත් මාස කිහිපයක් යද්දී ආයෙත් ඒ ලෙඩේ සැරින් සැරේ ආවා.
කොහොම හරි මේකේ පියනත් ගැලවුනා. පහල පින්තුරේ වගේ.( මේ ෆොටෝ එක ඉන්ටර්නෙට් එකේ තිබ්බේ.) මේ මැෂින් එකේ පියන ගැලවෙන ලෙඩේ ගොඩක් දුරට එන එකක් කියලා දැන ගන්න ලැබුනා පස්සේ.
![]()
ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් මැෂින් එක පාවිච්චි කළා. ආයේ ටික කාලයක් යද්දී මේක ඔන් වෙන්නෙම නැතුව ගියා. ගිහින් චෙක් කරලා බලද්දී මේකේ සර්කිට් එක පිච්චිලා. ඩිස්ප්ලේ එකත් එක්කම දාන්න වෙනවා කිව්වා. ඒකයි තව අනික් ලෙඩ ටිකයි හදන්න රුපියල් 18,000 ක් වගේ යනවා කිව්වා.
කොහොම හරි මට මේ වෙනකොට මේ මැෂින් එක එපා වෙලා තිබ්බේ. මොකද මේකේ රෙදි සෝදද්දී රෙදි එකට ඇඹරිලා රෙදි ඉරෙන් ගතියකුත් තිබ්බා.
ඊට පස්සේ මම අර පරණ යකඩ වලට අලුත් බේසන් දෙන්නේ, අන්න ඒ වාහනේට මේ මැෂිම දීලා බේසමක් ගත්තා රෙදි සෝදන්න..
![]()
එල මචං. තැන්කු කොමෙන්ට් එකට. ගත්තු තැනත් දාපං.
KDK 56XG Ceiling Fan
කේඩීකේ සිවිලිම් ෆෑන්- 56XG මොඩෙල්
![]()
![]()
කේඩීකේ කියන්නේ ජපන් බ්‍රෑන්ඩ් එකක්. මගේ ගාව තියෙන්නේ නම් මැලේෂියාවේ නිෂ්පාදිත කේඩීකේ සිවිලිම් ෆෑන්. ලංකාවට ගොඩක් එන්නේ මැලේසියාව සහ චීනයේ හදන කේඩීකේ ෆෑන්.
මම මේවායින් ෆෑන් 10 ක් ගත්තා. එකක මිල රුපියල් 6500 ක් වගේ උනා. දැනට අවුරුදු එක හමාරක් වගේ වෙනවා හයි කරලා. දැනුත් මේවායේ මිල රුපියල් 7000 ට ආසන්නව යන්නේ.
මේ ෆෑන් එක කියනවා නම් දිනකට පැය 8 ක් වගේ දානවා. විදුලිය නම් ලොකුවට භාවිතා වෙන්නේ නැහැ. මේකේ ස්පීඩ් එක 1 සිට 5 ට එනකං තියෙනවා. 1 කියන්නේ අවම වේගය, ඉන් පසු ක්‍රමයෙන් වේගය වැඩි වී 5 කියන්නේ උපරිම වේගය.
සාමානයෙන් මේකේ ස්පීඩ් එක 1 -2 වගේ තිබ්බත් ඇති. මොකද ෆෑන් එක සැලකිය යුතු වේගයකින් ඒ අවස්ථා වලදීත් කැරකෙනවා. රෑට නිදා ගන්නකොට නම් ස්පීඩ් එක අවමය තිබ්බම හොදටම ඇති. හොද හුලං පාරක්, කූල් එකක් එනවා.
හැබැයි මේ ෆෑන් එකේ ස්විච් එක නම් ගොඩක්ම කල්පවතින එකක් නෙමේ. ඒ මේ ෆෑන් වර්ගේ හැටියක්. එහෙම උනත් ටික කාලෙකින් වෙන ස්විච් එකක් මාරු කරගන්න වෙනවා. කොහොමත් මේ ෆෑන් වලට කොම්පැනියෙන් එන ස්විච් එක පෙට්ටිය වගේ කැත එකක්. ඊට වඩා ලස්සන ස්විච් වෙනම සල්ලි වලට ගන්න පුළුවන්.
මේ ෆෑන් එකේ පොඩි අවුලක් නම් මේක අඩු වේග වලින් ක්‍රියාත්මක වෙනකොට කරන්ට් එක කොයිල් වෙනවා වගේ පොඩි ශබ්දයක් එන එක. මේ ශබ්දය හිටපු ගමන් ටිකක් ලොකුවටත් එනවා, අයෙ අඩු වෙනවා වැඩි වෙනවා. හැබැයි එහෙම කනට හිරිහැරයක් නැහැ. මේ ශබ්දය එන්නේ ෆෑන් එක 1-2 වගේ අඩු ස්පීඩ් වල වැඩ කරද්දී.
කොහොම උනත් මේ ෆෑන් එක ලේසියෙන් මල බදින එකක් නෙමේ. මුහුද අයිනේ පළාත් වලටත් හොදයි.
සිවිලින් ෆෑන් ඔන් කරද්දී ස්පීඩ් එක උපරිමයට දාලා ෆෑන් එක ඔන් කරලා, මේකේ තටු හයියෙන් කරකුනාම පස්සේ ස්පීඩ් එක කැමති ගානට අඩු කරන්න ඕනි. එහෙම කරාම ෆෑන් එකේ කල් පැවැත්ම වැඩියි.
මේ ෆෑන් එක සාමාන්‍ය වේගයෙන් දිනකට පැය 8 ගානේ මාසයක් ක්‍රියාත්මක කරොත් යුනිට 15 ක් වගේ විදුලියක් වැය වෙනවා..
කොහොම උනත් හොද ෆෑන් එකක් කියලා රෙකම්න්ඩ් කරන්න පුළුවන්. හැබැයි මැලේසියාව නිෂ්පාදිත එකක් වත් ගන්න හොදට හොයලා බලලා.
බඩුවේ කොලිටිය කොහොමද?
මේක මේ කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒ තමයි දැන් අපි ගෙදර දොරේ භාවිතා කරන ගැජට්ස් තියෙනවානි. ඒසී, වොෂින්මැෂින්, රයිස්කුකර්,ටීවී, ෆ්‍රිජ්.. එක එක දේවල්. උබලා මෙව්වා පාවිච්චි කරද්දී මුහුණ දුන්නු දේවල් මෙතන දාපල්ලා.
ඒ කියන්නේ උදාහරණයක් විදියට උබ ගාව ෆ්‍රිජ් එකක් තියෙනවා, මේක ගත්තේ කොහෙන්ද,මොඩෙල් එක මොකක්ද, ගාන කීයද, භාවිතා කරද්දී අත්දැකීම් කොහොමද වගේ දේවල්. එතකොට අපි කාට හරි ඊළගට මේ වගේ ගැජට් එකක් ගන්න යද්දී මේක උදව්වක් වෙයි.
ඒ වගේම පුළුවන් තරම් උබලා ගාව තියෙන භාණ්ඩේ ෆොටෝ එකක් එක්ක එකේ ගුණ අගුණ දාපල්ලා.
ඔන්න මම මුලින්ම දාන්නම්.
දම්රෝ ෆුල් ඔටෝ වොෂින් මැෂින්-
![]()
![]()
මේක දම්රෝ එකේ මිල රුපියල් 44,000 ක් වගේ තියෙන්නේ., හැබැයි එක පාර සල්ලි ගෙවද්දී 10%, 15 % වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා. එහෙම උනොත් 38,000 කට වගේ මැෂින් එක ගෙන්න පුළුවන්.
මම මේක අවුරුදු එක හමාරක් තිස්සේ පාවිච්චි කරනවා. දිනපතා එක් වරක් භාවිතා කරනවා.
විදුලි බිල නම් යුනිට් 5-6 ක් වගේ යන්නේ මාසෙටම.
මේකේ රෙදි කිලෝ 6 තමයි උපරිම බර, උනාට මම නං ඊට වඩා සැහෙන්න රෙදි එකපාර දාලා සෝදනවා. එහෙම කරද්දී රෙදි වේලෙන වෙලාවට මැෂින් එක ටිකක් අමාරුවෙන් රන් වෙන්නේ, ඒ ඇරෙන්න වෙන අවුලක් තේරිලා නැහැ.
වතුර එහෙම වැඩිය නාස්ති වෙන්නේ නැහැ මේ මැෂින් එකේ. හැබැයි මේකේ රෙදි හෝදලා ඉවර උනාම පස්සේ රෙදි ටිකක් එකට ඇඹරිලා වගේ තියෙන්නේ. හැබැයි ගොඩක්ම නෙමේ. මම මිට කලින් භාවිතා කළා වර්ල්පූල් ෆුල්ඔටෝ වොෂින් මැෂින් එකක්, එකේ මේකට වඩා රෙදි ඇඹරෙන ගතිය තියෙනවා.
මේකේ ඩ්‍රම් එක ප්ලාස්ටික්. හැබැයි දැන් මෙටල් ඩ්‍රම් එකක් තියෙන මේ වගේම වොෂින් මැෂින් එකකුත් දම්රෝ එකේ තියෙනවා දැක්කා.
මිට කලින් පාවිච්චි කරපු වොෂින්මැෂින් එක්ක බලද්දී මේක සැහෙන්න හොදයි කියලා කියන්න පුළුවන්... විශේෂයෙන් මිලත් එක්ක බලද්දී මේ රේන්ජ් එකේ ඉස්සරහින්ම තියෙන මැෂින් එකක්.
මොකද බ්‍රෑන්ඩ්නිව් ෆුල්ඔටෝ වොෂින් මැෂින් එකක් අවුරුදු 5 ක වගකීමක් එක්ක රුපියල් 38,000 ට වගේ ගන්න වෙන තැනක් නැහැ.