අන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.
උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.
https://www.gossiplankanews.com/202...ress-temu-issue-tax-collection-postponed.html