ඒකාධිපතියෙකු තමන් පාවා දුන් තමන්ගේ ම රටේ &#349

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    68720916-452517992144576-8344135950112129024-n.jpg

    ""ඒකාධිපතියෙකු තමන් පාවා දුන් තමන්ගේ ම රටේ ජනතාව අමතා කළ අවසන් කතාව""

    “දයාවන්ත වූත්, ත්‍යාගවන්ත වූත් අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්,
    අවුරුදු හතලිහක්, ඇතැම් විට ඊට වැඩි කාලයක්දැයි මට මතක නැත, මම මගේ ජනතාවට අවශ්ය නිවාස, රෝහල්, පාසල් හා ඔවුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට අවශ්ය ආහාර ද ලබා දෙන්නට මට හැකි සෑම දෙයක් ම කළෙමි. කාන්තාරයක්ව තිබුණු බෙන්ගාසිය පවා මම සශ්රීක ගොවිබිමක් කළෙමි.
    මම රොනල්ඩ් රේගන් නම් වූ ගොපල්ලාගේ ප්රහාර වලට එරෙහිව නැගී උන්නෙමි. ඒ ඔහු මා විසින් හදා ගත් අහිංසක අනාථ දියණියව මරා දැමූ විටය. ඔහු උත්සාහ කළේ මා මරාදමන්නටය. එහෙත් මිය යන්නට සිදු වුණේ ඒ දුප්පත් අහිංසක දැරියටය. ඉන්පසු මම අප්රිකානු සංධානය වෙනුවෙන් මගේ අප්රිකානු සොයුරන්ටත් අරාබි මිතුරන්ටත් මුදලින් උපකාර කළෙමි.
    මහජන කමිටු වලින් රට පාලනය කරමින් සැබෑ ප්රජාතන්ත්රවාදයේ සංකල්පය වටහා ගන්නට මගේ රට වැසියන්ට උදව් කරන්නට මට කරන්නට හැකි සියලු දේ කළෙමි. එහෙත් එයද ප්රමාණවත් වූයේ නැත. කාමර දහයකටත් වැඩි නිවාස හා ඒවා පිරෙන්නට බඩුමුට්ටුද ඇති මිනිසුන්ට පවා ඒවායින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. ඔවුන්ට තව තවත් දේ උවමනා විය.
    තමන්ට “ප්රජාතන්ත්රවාදය“ත්, “නිදහස“ත් උවමනා බව ඔවුහු ඇමරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය “ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන“ අන්දමේ බෙල්ල කපන ක්රමවේදයක් වේ යැයි ඔවුන් හදුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක් බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
    මා කොතරම් දේ කළද, ඇතැමුන්ට එයින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක් රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස් ඇල ගොඩ නැගුවාක් මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැගුවෙමි. මා ගියේ ඔහුගේ පිය සටහන් අනුවය. ඔහු මෙන්ම මාද උත්සාහ කළේ අපේ උරුමය සොරා ගන්නා සොරුන්ගෙන්, යටත්විජිත ආධිපත්යයෙන් මගේ මිනිසුන් මුදා ගන්නටය.
    දැන් මම යුධ ඉතිහාසයේ විශාලතම සේනාවකගේ ප්රහාරයට යටත්ව සිටින්නෙමි. මගෙ පුංචි අප්රිකානු පුත්රයා, ඔබාමාට මා මරා දමන්නට උවමනාය. ඔහුට අපේ රටේ නිදහස උදුරා ගන්නට උවමනාය. අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ගෙවල්, අපේ රටේ නිදහස් සෞඛ්ය සේවය, අපේ නිදහස් අධ්යාපනය, අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ආහාර, උදුරා ගන්නට ඔහුට උවමනාය. එහෙත් එහි අර්ථය කුමක්දැයි තුන් වන ලෝකයේ රටවල අපි හොදින් දනිමු. එහි අරුත සංස්ථාවන් විසින් රටවල් පාලනය කිරීමත්, ලෝකය පාලනය කිරීමත් එයින් මිනිසුන් විදවීමත්ය.
    ඉතින් මට වෙනත් විකල්පයක් නැත. මා මෙයට මුහුණ දිය යුතුය. අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෙන්වූ මාර්ගයේ යමින් මා මිය යා යුතුය. අපේ රට ගොවිබිම් වලින් සශ්රීක කර, ආහාරයෙන් හා සෞඛ්යයෙන් පොහොසත් කර, අපේ අප්රිකානු හා අරාබි සහෝදර සහෝදරියන්ටත් උදව් කළ යුතු බව අල්ලාහ් දෙවියන් මට පෙන්වූ මාර්ගයයි.
    මම මැරෙන්නට අකමැත්තෙමි. එහෙත් මගේ මව්බිමත්, මගේ මිනිසුන් හා මගේ දරුවන් බදු වූ දහස් ගණන් දරුවනුත් රැක ගන්නට මගේ ජීවිතය දෙන්නට සිදුවේ නම් එය මම ඉටු කරමි.
    මම නේටෝවේ කුරුසයුද්ධගාමීන්ගේ ප්රහාර වලට එරෙහිව නැගී සිටියෙමි. කෘරත්වයට එරෙහිව නැගී සිටියෙමි. පාවාදීම් වලට එරෙහිව නැගී සිටියෙමි. බටහිරටත්, එහි යටත්විජිතවාදී බල තණ්හාවටත් එරෙහිව නැගී සිටියෙමි. මගේ අප්රිකානු සහෝදරයින් හා මගේ සැබෑ අරාබි මිතුරන් වෙනුවෙන් මට හැකි අයුරින් පෙනී සිටියෙමි. මගේ මේ අවසන් ප්රකාශය ඒ බව ලෝකයට කියන මගේ හඩ වේවා.
    අනෙක් අය මාලිගා තනද්දී මම සාමාන්ය නිවසකත්, ඇතැම්විට කූඩාරමකත් දිවිගෙවූයෙමි. සිරේට් හි ගෙවුණු මගේ තරුණ කාලය මට අමතක නැත. මා අපේ ජාතික භාණ්ඩාගාරය අත්තනෝමතික ලෙස භාවිතා කළේද නැත. අපේ ශ්රේෂ්ඨ මුස්ලිම් නායකයෙකු වූ සලාෆ් අල් ඩීන් මෙන්ම මාද මා වෙනුවෙන් ලබා ගත්තේ ඉතා ස්වල්පයකි.
    බටහිර සිටින සමහරුන් මාව “පිස්සෙකු“ ලෙස හදුන්වනු ඇත. ඔවුන් බොරුව තව දුරටත් පතුරුවන්නේ සත්ය දැන දැනමය. අපේ රට අධිරාජ්යවාදී ග්රහණයට හසු නොවූ නිදහස් නිවහල් භූමියක් බව ඔවුහු දනිති. මගේ දැක්මත්, මගේ ගමන්මගත් මගේ මිනිසුන්ට පැහැදිලි බවත් ඔවුහු දනිති. එය දැන දැනමත් ඔවුහු බොරුවම පතුරුවති.
    මගේ අවසන් හුස්ම පොද තෙක්ම මම අපේ නිදහස වෙනුවෙන් සටන් කරමි. නිදහස්වත් විශ්වාසවන්තවත් පවතින්නට අල්ලාහ් දෙවියන් අපට පිහිට වනු ඇත.

    කර්නල් මුවම්මර් ගඩාෆි.
    2011.04.17 වන දිනදීය.

    (කර්නල් මුවම්මර් ගඩාෆි තම රටවැසියන් අමතා කළ අවසන් නිල ප්රකාශය මෙය බව කියැවෙයි.)
    නිසරු කාන්තාර රටක්ව තිබුණු ලිබියාව මුවම්මර් ගඩාෆිගේ පාලන කාලය තුළ කලාපයේ සශ්රීකම රාජ්යය බවට පත් වූ බව ප්රතික්ෂේප කළ නොහැකි සත්යයකි. මේ කර්නල් ගඩාෆිගේ පාලන සමය තුළ ලිබියාවේ පැවති තත්වය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි.
    * ඒ කාලය තුළ ලිබියාවේ විදුලි බිල් තිබුණේ නැත. සියලුම රටවැසියන්ට විදුලිය නොමිලේ ලැබිණ.
    * ණය වලට පොලියක් නැත. ලිබියාවේ සියලු බැංකු රජය සතු වූ අතර, රටවැසියන්ට ණය නිකුත් කරන ලද්දේ 0%ක ණය අනුපාතයටය.
    * ලිබියානුවෙකුට උපාධියෙන් පසුවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී නම් ඔහුට හෝ ඇයට සුදුසු රැකියාවක් ලැබෙනතුරු රජයෙන් එම තැනැත්තාට ප්රමාණවත් වැටුපක් ගෙවයි.
    * කෘෂිකර්මාන්තය / ගොවිපල පාලනය කිරීමට යොමු වන ලිබියානුවන්ට ඒ සදහා භූමියක්, නිවසක්, කෘෂි උපකරණ, පශු සම්පත් හා අවශ්ය මූලික පහසුකම් රජයෙන් නොමිලයේ සැපයෙයි.
    * කාන්තාරයක්ව තිබුණු රටක සෑම තැනකටම පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකි වුණු Great Man-Made River නම් වූ ලෝකයේ විශාලතම ජලසම්පාදන ව්යාපෘතිය ක්රියාත්මක කළේ කර්නල් මුවම්මර් ගඩාෆිය.
    * “නිවසක් යනු සෑම පුද්ගලයෙකුගේම මානව හිමිකමකි“ යි ලිබියාවේ එවකට සැලකිණි.
    * ලිබියාවේ අලුත විවාපත් වන අයට ලිබියානු රජයෙන් ඔවුන්ගේ පළමු නිවාසය මිලදීගෙන නව දිවිය ඇරඹීම සදහා ඩිනාර් 60,000 ක් (ඇමරිකානු ඩොලර් 50,000)ක් ලබා දෙනු ලැබිණ.
    *එක් දරු උපතක් සදහා මවකට ඇමරිකානු ඩොලර් පන්දහසක දීමනාවක් රජයෙන් ලබා දෙනු ලැබිණ.
    * ලිබියානුවෙකු මෝටර් රථයක් මිලදී ගන්නා විට එහි වටිනාකමින් 50% ක් රජය විසින් දරනු ලැබිණ.
    * එවකට ලිබියාවේ පෙට්රල් ලීටරයක මිල ඇ.ඩො. 0.14ක් විය.
    * අධ්යාපනයත් වෛද්ය ප්රතිකාරත් රටවැසියන්ට මුළුමනින්ම නොමිලේ ලැබිණ. අරාබිය හා අප්රිකානු ලෝකය තුළ හොදම සෞඛ්ය සේවාවක් තිබුණු රට ලිබියාව විය. සෑම පුද්ගලයෙකුටම කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව වෛද්යවරුන්ගේ, රෝහල් වල, සායන වල සේවාව හා නොමිලේ ඖෂධ ලබා ගත හැකි විය.
    * ලිබියානුවෙකුට තමාට අවශ්ය අධ්යාපනය හෝ වෛද්ය ප්රතිකාරයක් ලිබියාවේදී ලබා ගත නොහැකිව පිටරටකට යන්නට සිදුවුවහොත් ලිබියානු රජය විසින් ඒ සදහා අවසරය ලබා දෙන අතර ඒ වෙනුවෙන් වියදම් කිරීමට ඇ.ඩො. 2300 ක මාසික දීමනාවක්ද එකී පුද්ගලයාට ලබා දෙන්නට කටයුතු කෙරිණ.
    * ගඩාෆිගේ පාලනයට පෙර ලිබියාවේ සාක්ෂරතාවය තිබුණේ 25%ක් පමණක් වන අතර වර්තමානය වන විට එය 87%කි. ලිබියාවේ 25%කට පමණම විශ්ව විද්යාල උපාධියක් ඇත.
    එලෙසින් තිබුණු ලිබියාව ඇමරිකාවේත් නේටෝ හමුදාවන්ගේත් සහයෙන් “ඒකාධිපතියාගෙන් මුදාගත්“ පසුව අද පත්ව ඇති තත්වය ගැන කිව යුතු නැත.
    බොහෝ ආසියාතික හා මුස්ලිම් රටවල් වර්තමානයේ අස්ථාවර වී ඇත්තේ එවන් පාලකයන්ගේ නායකත්වය හා ආරක්ෂාව නැති හෙයිනි.

    නිම්මි මුදිතා හේරත්
    ඉරිදා දිවයින
    30.07.2017

    Copied by:
    කෝකිල අවන්ත හෙට්ටිආරච්චි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දැන් ඒ රටේ මිනිස්සු සැපේ අැති නේද සුපිරි ගෙවල් වල made in USA කෑම කකා..අනේ වාසනාවන්..:D
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ සියළු සාධනීය පියවරයන් මකා දැමෙන නපුරක් ගඩාෆිගේ දේශපාලනයේ අන්තර්ගත වී තිබුණි. එනම් ඉරිදිස් රජු මෙන්ම තමන් ද ලිබියාවේ සදාකාලික අසාහාය නායකයා විය යුතුය යන මතය යි. බටහිර අධිපත්‍යයෙන් මිදිමට ඇති නිදහස මෙන්ම දේශීය අඥාදායකත්වයෙන් නිදහස්වීමට ලිබියානු ජනයා තුල වූ අපේක්ෂාවට ගඩාෆි එරෙහි විය.

    ඔහු තමන්ගේ ම චින්තනයක් නිර්මානය කර එහි ම ගොදුරක් බවට පත් විය. නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් මහජන නියෝජිතයින් පත් කැරෙන ක්‍රමයක් වෙනුවට ඒවායේ සාමාජිකයින් රජයේ ඔත්තු සේවකයින් ලෙස සේවය කළ දේශපාලන කමිටු මගින් රට පාලනය කිරීම ගඩාෆි තෝරා ගත්තේය. කිසිදු විරුද්ධ මත දැක්වීමකට අවස්ථාවක් නැති විය. රජයේ සෑම අංශයක්ම මෙම ඔත්තුකරුවන්ගෙන් පුරවන ලදී. විදේශිකයකු සමග දේශපාලන සංවාදයක යෙදීම පවා තෙවසරක් සිරගත කැරෙන අපරාධයක් බවට පත් කරන ලදී. ඕනෑම මර්ධනකාරි පාලකයකු මෙන් ම ගඩාෆිගේ විශාලතම බිය තිබුණේ නිදහස් මාධ්‍යට ය. මාධ්‍ය මර්දනය කොතරම් වී ද යත් රටවල් 178ක මාධ්‍ය නිදහසේ දර්ශකයෙහි ගඩාෆිගේ ලිබියාව පැවැතියේ 160වන ස්ථානයේ ය. විසංවාදය රට තුළ මර්දනය කිරීමෙන් නොනැවතී ‛‛ලිබියාවේ ප්‍රතිරූපය එතෙරදී විනාශ කරන ද්‍රෝහීන් ද විනාශ කල යුතු’’ යැයි කී මුවමර් ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය දිගටම ගෙන යෑම පිණිස විදේස්ගතව සිටි ක්‍රියාකාරීන් විශාල ගණනාවක් ඝාතනය කිරීමට ඝාතක කණ්ඩායම් යොදා ගත්තේ ය.

    ගිලිහෙන ජනප්‍රියත්වය රැක ගැනීම පිණිස ගඩාෆි මුස්ලිම් ආගම් ප්‍රචාරය යොදා ගත්තේ ය. ලිබියානු දේශපාලනය ආගමික දේශපාලනයක් බවට පෙරළන ලද අතර එහි මුදුන් මල් කඩ බවට තමා ම පත්කර ගන්නා ලදී. පුද්ගලාභිවාදනය රටපුරා ගඩාෆි පුවරු පිහිටුවීමෙන් ලක්ෂිත විය. අනෙත් අතට බලය තහවුරු කර ගැනීම පිණිස ඥාති සංග්‍රහය දේශපාලනයේ සහ ආර්ථිකයේ සිය පිළිවෙත බවට ගඩාෆි විසින් පත්කර ගන්නා ලදී. ගඩාෆි දරුවනට සහ ඥාතීන්ට දේශපාලන බලයෙන් ද ආර්ථික බලයෙන් ද කිසිදු අඩුවක් වූයේ නැත. නමුත් සමාජ බලයක් තිබුනේ නැත.

    මේ සියල්ලටම අමතරව ඔහු බටහිර ධනවත් රටවල් සමඟ නොනවතින ගැටුමකට එළඹී සිටියේ ය. ජර්මනියෙහි බෝම්බ පපුරුවන ලද අතර බ්‍රිතාන්‍යයේ මගී ගුවන් යානාවක් පුපරුවා හැරුණි. බටහිර විරෝධය කොතරම් විකාරයක් බවට පත් වූයේද යත් 1986 දී ඉංග්‍රිසි බස වෙනුවට පාසැල්හි රුසියානු බස ඉගැන්වීම ආරම්භ කෙරුණි. (පසුව එය අසාර්ථක විය)

    සිය ආධිපත්‍ය ගිලිහී ඇති බවත් ජනයාට වෙනසක් අවශ්‍ය බවත් ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. එමෙන්ම යුද්ධයෙන් තමා පරදින බව ඔහු තේරුම් ගත්තේ ද නැත. අවසානයේ දී යහපත් අරමුණින් යුතුව රාජකීයත්වය පෙරළා දමා ජනයාගේ සුබසෙත පැතූ ගඩාෆි එහි ම ප්‍රතිවිරෝධය බවට පත්ව තිබුණි. බලය විසින් දූෂණය ඇති කරන පරිද්දෙන් අත්‍යන්ත බලය විසින් අත්‍යන්ත දූෂණය ඇති කර තිබුණි. සදා බලයේ සිටීමට තිබූ අභිලාෂය සහ වෙනත් මත සහ විවේචන නොඉවසීම ගඩාෆි දරුණු අඥාදායකයකු බවට පත් කරන ලදී. සදාකාලික වන්නේ යුද්ධය හෝ අඥාදායකත්වය නොව සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ය යන ඉතිහාසයේ න්‍යාය ධර්මය අවසානයේ දී ජයගත්තේ ය. ගඩාෆි ජීවිතයෙන් මණක් නොව ඉතිහාසයෙන් ද මිය ගොසිනි.

    ලිබියාවේ මරා දැමූ පාලකයා කර්නල් මුවමර් ගඩාෆි වයස අවුරුදු 14 තරම් කුඩා වයස්වල දරු දැරියන් සහ තරුණ තරුණියන් දුූෂණයට ලක් කළ කාම කුටිය පිළිබඳ නවතම තොරතුරු සමුදායක් දැන් හෙළිදරව් වී ඇත. සිය 42 වසරක පාලන සමය තුළ ඔහු කෙල්ලන් සහ කොල්ලන් දහස් ගණනක් සිය යහනට කැඳවාගන්නට ඇත.

    ඒ, පෙම් කෙළින්නට හෝ රමණයේ යෙදෙන්නට පමණක් නොව, ඔහුගේ සදාකාලික ලිංගික වහලුන් බවට පත්කිරීම ද සඳහා ය. බි‍්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත්පත් මෙසේ කියයි. ‘‘ගඩාෆි සිය ලිංගික වහලියන් ලෙස තෝරාගත්තේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි කන්‍යා ශිෂ්‍යාවන් ය. ඔවුන් ඒකාධිපතියාගේ අණ මත පැහැරගෙන එනු ලැබීය.’’

    සරසවිවල දේශනා පැවැත්වීම ගඩාෆි ඉතා ආශාවෙන් කළ දෙයක් විය. එම දේශනාවලට සුරූපී සරසවි තරුණියන් අනිවාර්යයෙන් කැඳවනු ලැබීය. දේශනය පවත්වන අතර ගඩාෆිගේ දෑස් එහි සිටින සුරූපී ම තරුණියන් වෙත රැුඳෙන අතර ඔවුන් ව ඔහු සිතින් තෝරාගනියි.

    එසේ පැහැරගැනීමෙන් පසුව ඔවුහු සිංහයාගේ බිළයේ සිරකරගෙන සිටින මුවැත්තියන් බවට පත්වෙති. නමුත් ඒ තාවකාලිකව ය. මුවැත්තියන්ට නිල් චිත‍්‍රපට නරඹන්නට බල කෙරිණි. මින් ඉදිරියට ඔවුන් පාසල් අධ්‍යාපනය වෙනුවට ලිංගික අධ්‍යාපනය ලද යුතු විය. තලප්පා රජු කායිකව සනසන නව මං සෙවිය යුතු විය. එසේ කෙටි කාලයක් රඳවා තබාගැනීමෙන් පසු කෙල්ලන්ට ඔහු කළ කී දෑ වටහාගැනීමට, ඔහුගේ සයනාගාරය දෙස විමසුම් බැල්මක් හෙළීම සෑහෙයි. ගඩාෆිගේ සයනාගාරය අති සුඛෝපභෝගී ය. 70 දශකයේ විලාසිතාවට සකසා තිබුණ ද සැප සම්පතින් ආඩ්‍ය ය.

    එයට යාබද ව නාරි වෛද්‍යවරයාගේ ශල්‍යාගාරය සහ පිරික්සුම් කාමරය පිහිටා ඇත. ගඩාෆිගේ සයනයට යැවීමට පෙර කෙල්ලන් හා කොල්ලන්ට සමාජ රෝග නොහොත් ලිංගිකාශ‍්‍රිත රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කෙරුණේත් ගඩාෆි නිසා කෙල්ලන් ගැබ්ගතහොත් නොවැරදීම ඔවුන් ගබ්සාවනට ලක්කෙරුණේත් එහිදී ය. නමුත් පුවත් මුලාශ‍්‍රයන් හෙළි කරන පරිදි සැත්කම් කාමරය එයට වැඩිමනත් දේ සඳහා ද යොදාගෙන ඇත. එයින් එකක් නම්, ගඩාෆි විසින් නැවත නැවතත් දුූෂණයට ලක් කරන ලද ඔවුන් සැත්කම් කාමරය තුළදී අස්වාභාවික වධ බන්ධනයන්ටද ලක් කර ඇත. පසුව කසළ ගොඩවල් හෝ අත්හැර දමන ලද හුදෙකලා රථ ගාල වැනි ස්ථානවලට කෙල්ලන් ව විසිකර දමන ලද්දේ අධික රුධිර වහනයෙන් මිය යාම සඳහා ය.

    කවදත් ඔහු කෙල්ලන් පිරිවරාගෙන සිටින්නට පි‍්‍රය කළේය. ගඩාෆිගේ ජනපි‍්‍රයත්වය දෙගුණ තෙගුණ කරන්නට එක් ප‍්‍රධාන හේතුවක් වූයේ ද ‘කන්‍යාවන් ගේ හමුදාව’ යැයි කියූ ඔහුගේ කාන්තා ශරීරාරක්ෂකයන් ය. පාසල් යන වයසේ කෙල්ලන්ගෙන් සැනසුණු ගඩාෆි, සිය ශරීරාරක්ෂකයන් කන්‍යා හමුදාවක් නඩත්තු කළේය යන්න කොතරම් ප‍්‍රායෝගික කරුණක් වීදැයි කිසිවෙක් නොදනිති. නමුත් ගඩාෆිගේ කාම සිරගෙයින් පළා ආ යුවතියන් ගණනාවක් හෙළිකළ තොරතුරු පාදක කරගනිමින් නිපදවා ඇති අලුත්ම බීබීසී ෆෝ වාර්තා චිත‍්‍රපයට අනුව ගඩාෆිගේ දඩබිමේ සෑහෙන භූමිකාවක් මෙම කාන්තා ශරීරාරක්ෂක භටයන් හට පැවරී තිබේ. එම කාන්තාවට අනුව, පැහැර ගෙන ආ යුවතියන් ව දින ගණනක් සිර කර තැබීමෙන් පසුව නිරුවත් කර, සිරුරේ රෝම මුඩු කර මේකප් කිරීමෙන් පසුව ගඩාෆිගේ සයනය වෙත ගෙන ගොස් තිබෙන්නේ ඔවුන් විසිනි. දුෂණය හෝ අතවරය අතරමගදී කිසිවෙක් පළා නොයන බවට වගබලාගැනීම ද ඔවුන්ට පවරා තිබිණි.

    Mad Dog- Gadaffi’s secret World (උමතු බල්ලා- ගඩාෆිගේ රහස් ලෝකය) එම වාර්තා චිත‍්‍රපටයේ නමයි. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ගඩාෆිගේ රහස් ලෝකයේ ඡුායාරූප එහිදී දැකගත හැකිය. එයට අනුව ගඩාෆිට පිිරිමි අන්තංපුරයක් ද තිබී ඇත. ටි‍්‍රපොලි සරසවියේ රහස් ස්ථානයක් ඇතුලු ගඩාෆිගේ මන්දිර ගණනාවකම සේවය සඳහා ඔවුන් වරින් වර කැඳවුණු අතර ‘සර්විස් මෙන්’ යන සංකේත නාමයෙන් ඔවුන් ව හ`දුන්වනු ලැබීය. සරසවිවල දේශනා පැවැත්වීම ගඩාෆි ඉතා ආශාවෙන් කළ දෙයක් විය. එම දේශනාවලට සුරූපී සරසවි තරුණියන් අනිවාර්යයෙන් කැඳවනු ලැබීය. දේශනය පවත්වන අතර ගඩාෆිගේ දෑස් එහි සිටින සුරූපී ම තරුණියන් වෙත රැුඳෙන අතර ඔවුන් ව ඔහු සිතින් තෝරාගනියි. ඉන්පසු සිය හමුදාවට ඔහු එම ඉ`ගි ලබාදෙන්නේ, දේශනය අවසානයේ ඔවුන් එකිනෙකා බැගින් ඔහු හමුවට පැමිණ සමුගෙන යන විට තෝරාගත් එකියන්ගේ හිසට තට්ටුවක් දැමීම මගිනි. පැය කිහිපයක් ඇතුළත ඔවුන් සරසවියෙන් අතුරුදන් වීම සිදු විය.

    අවසානයේ 2011 සැප්තැම්බරයේදී ඒකාධිපතියාගේ ඉරණම විස`දුණේ ය. නේටෝ සහාය ලද මහා පරිමාණ හමුදා මෙහෙයුමකදී ඔහු ව ඔහුගේම රිදී පිස්තෝලයෙන් සුනඛයෙකු සේ මරා දැමිණි. නමුත් ඔහු කළ කී දෑ එසේ මරා දමන්නට නොහැකි විය. කොකේන්, මත්පැන් හා ව්‍යාඝ‍්‍රා නැවත නැවතත් භාවිතා කරමින් ගඩාෆි තමන්ගේ ලෙය සහ සිරුර මත පෙරළි කළ ආකාරය ඔවුන් අද පවසන විට ඒ සත්‍යයේ ඇස් අදහාගත නොහැකි බිහිසුණු බව නිසා ශිෂ්ට සම්පන්න ලෝකය තුෂ්නිම්භූත වී ඒ දෙස බලා සිටියි. වාර්තා චිත‍්‍රපටයට අනුව ඔහුගෙන් මිදී පළායාමට සමත් වූ ලිංගික වහලුන් සහ වහලියන්ගෙන් ඇතැමෙක් ඔවුන්ගේ පවුල්වලින් ප‍්‍රතික්ෂේප වී තිබෙන්නේ එසේ පළාඒම පවුලට සිදු කළ අගෞරවයක් ලෙස සැලකීම නිසා ය. අද පවා ගඩාෆිට එරෙහිව වචනයක් පවා කියන්නට එම පවුල්වල අයවලුන් මැලිවන අවස්ථා ගැන තොරතුරු තිබේ. ලිංගික බලහත්කාරය හා ස්ත‍්‍රී දුෂණය, ගැහැනු කම පරදවා බලය තහවුරු කර ගැනීමේ පිරිමි වීරකම ලෙස තවමත් සිතන අන්ධකාර මහාද්වීපයේ සමහරෙකුට තවමත් ඔහු වීරයෙකි.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ඒ රටේ මිනිස්සු සැපේ අැති නේද සුපිරි ගෙවල් වල made in USA කෑම කකා..අනේ වාසනාවන්..:D

    ඕ යේස්..කොච්චර සැපද කියනවනම් දැන් කෙඳිරි ගානවලු.:P
     
    සෝර්ස් ලංකා ඊ නිව්ස් නේද UNP පොන්ස්??:oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් නම් ලිබියාවේ හම්බයන්ට කැරි වෙනසක් ලැබිලා..රට කෑලිවලට කැඩිලා..එක පැත්තක ISIS එක,අල්කයිඩා,
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    68720916-452517992144576-8344135950112129024-n.jpg

    ""ඒකාධිපතියෙකු තමන් පාවා දුන් තමන්ගේ ම රටේ ජනතාව අමතා කළ අවසන් කතාව""

    “දයාවන්ත වූත්, ත්‍යාගවන්ත වූත් අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්,
    අවුරුදු හතලිහක්, ඇතැම් විට ඊට වැඩි කාලයක්දැයි මට මතක නැත, මම මගේ ජනතාවට අවශ්ය නිවාස, රෝහල්, පාසල් හා ඔවුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට අවශ්ය ආහාර ද ලබා දෙන්නට මට හැකි සෑම දෙයක් ම කළෙමි. කාන්තාරයක්ව තිබුණු බෙන්ගාසිය පවා මම සශ්රීක ගොවිබිමක් කළෙමි.
    මම රොනල්ඩ් රේගන් නම් වූ ගොපල්ලාගේ ප්රහාර වලට එරෙහිව නැගී උන්නෙමි. ඒ ඔහු මා විසින් හදා ගත් අහිංසක අනාථ දියණියව මරා දැමූ විටය. ඔහු උත්සාහ කළේ මා මරාදමන්නටය. එහෙත් මිය යන්නට සිදු වුණේ ඒ දුප්පත් අහිංසක දැරියටය. ඉන්පසු මම අප්රිකානු සංධානය වෙනුවෙන් මගේ අප්රිකානු සොයුරන්ටත් අරාබි මිතුරන්ටත් මුදලින් උපකාර කළෙමි.
    මහජන කමිටු වලින් රට පාලනය කරමින් සැබෑ ප්රජාතන්ත්රවාදයේ සංකල්පය වටහා ගන්නට මගේ රට වැසියන්ට උදව් කරන්නට මට කරන්නට හැකි සියලු දේ කළෙමි. එහෙත් එයද ප්රමාණවත් වූයේ නැත. කාමර දහයකටත් වැඩි නිවාස හා ඒවා පිරෙන්නට බඩුමුට්ටුද ඇති මිනිසුන්ට පවා ඒවායින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. ඔවුන්ට තව තවත් දේ උවමනා විය.
    තමන්ට “ප්රජාතන්ත්රවාදය“ත්, “නිදහස“ත් උවමනා බව ඔවුහු ඇමරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය “ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන“ අන්දමේ බෙල්ල කපන ක්රමවේදයක් වේ යැයි ඔවුන් හදුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක් බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
    මා කොතරම් දේ කළද, ඇතැමුන්ට එයින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක් රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස් ඇල ගොඩ නැගුවාක් මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැගුවෙමි. මා ගියේ ඔහුගේ පිය සටහන් අනුවය. ඔහු මෙන්ම මාද උත්සාහ කළේ අපේ උරුමය සොරා ගන්නා සොරුන්ගෙන්, යටත්විජිත ආධිපත්යයෙන් මගේ මිනිසුන් මුදා ගන්නටය.
    දැන් මම යුධ ඉතිහාසයේ විශාලතම සේනාවකගේ ප්රහාරයට යටත්ව සිටින්නෙමි. මගෙ පුංචි අප්රිකානු පුත්රයා, ඔබාමාට මා මරා දමන්නට උවමනාය. ඔහුට අපේ රටේ නිදහස උදුරා ගන්නට උවමනාය. අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ගෙවල්, අපේ රටේ නිදහස් සෞඛ්ය සේවය, අපේ නිදහස් අධ්යාපනය, අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ආහාර, උදුරා ගන්නට ඔහුට උවමනාය. එහෙත් එහි අර්ථය කුමක්දැයි තුන් වන ලෝකයේ රටවල අපි හොදින් දනිමු. එහි අරුත සංස්ථාවන් විසින් රටවල් පාලනය කිරීමත්, ලෝකය පාලනය කිරීමත් එයින් මිනිසුන් විදවීමත්ය.
    ඉතින් මට වෙනත් විකල්පයක් නැත. මා මෙයට මුහුණ දිය යුතුය. අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෙන්වූ මාර්ගයේ යමින් මා මිය යා යුතුය. අපේ රට ගොවිබිම් වලින් සශ්රීක කර, ආහාරයෙන් හා සෞඛ්යයෙන් පොහොසත් කර, අපේ අප්රිකානු හා අරාබි සහෝදර සහෝදරියන්ටත් උදව් කළ යුතු බව අල්ලාහ් දෙවියන් මට පෙන්වූ මාර්ගයයි.
    මම මැරෙන්නට අකමැත්තෙමි. එහෙත් මගේ මව්බිමත්, මගේ මිනිසුන් හා මගේ දරුවන් බදු වූ දහස් ගණන් දරුවනුත් රැක ගන්නට මගේ ජීවිතය දෙන්නට සිදුවේ නම් එය මම ඉටු කරමි.
    මම නේටෝවේ කුරුසයුද්ධගාමීන්ගේ ප්රහාර වලට එරෙහිව නැගී සිටියෙමි. කෘරත්වයට එරෙහිව නැගී සිටියෙමි. පාවාදීම් වලට එරෙහිව නැගී සිටියෙමි. බටහිරටත්, එහි යටත්විජිතවාදී බල තණ්හාවටත් එරෙහිව නැගී සිටියෙමි. මගේ අප්රිකානු සහෝදරයින් හා මගේ සැබෑ අරාබි මිතුරන් වෙනුවෙන් මට හැකි අයුරින් පෙනී සිටියෙමි. මගේ මේ අවසන් ප්රකාශය ඒ බව ලෝකයට කියන මගේ හඩ වේවා.
    අනෙක් අය මාලිගා තනද්දී මම සාමාන්ය නිවසකත්, ඇතැම්විට කූඩාරමකත් දිවිගෙවූයෙමි. සිරේට් හි ගෙවුණු මගේ තරුණ කාලය මට අමතක නැත. මා අපේ ජාතික භාණ්ඩාගාරය අත්තනෝමතික ලෙස භාවිතා කළේද නැත. අපේ ශ්රේෂ්ඨ මුස්ලිම් නායකයෙකු වූ සලාෆ් අල් ඩීන් මෙන්ම මාද මා වෙනුවෙන් ලබා ගත්තේ ඉතා ස්වල්පයකි.
    බටහිර සිටින සමහරුන් මාව “පිස්සෙකු“ ලෙස හදුන්වනු ඇත. ඔවුන් බොරුව තව දුරටත් පතුරුවන්නේ සත්ය දැන දැනමය. අපේ රට අධිරාජ්යවාදී ග්රහණයට හසු නොවූ නිදහස් නිවහල් භූමියක් බව ඔවුහු දනිති. මගේ දැක්මත්, මගේ ගමන්මගත් මගේ මිනිසුන්ට පැහැදිලි බවත් ඔවුහු දනිති. එය දැන දැනමත් ඔවුහු බොරුවම පතුරුවති.
    මගේ අවසන් හුස්ම පොද තෙක්ම මම අපේ නිදහස වෙනුවෙන් සටන් කරමි. නිදහස්වත් විශ්වාසවන්තවත් පවතින්නට අල්ලාහ් දෙවියන් අපට පිහිට වනු ඇත.

    කර්නල් මුවම්මර් ගඩාෆි.
    2011.04.17 වන දිනදීය.

    (කර්නල් මුවම්මර් ගඩාෆි තම රටවැසියන් අමතා කළ අවසන් නිල ප්රකාශය මෙය බව කියැවෙයි.)
    නිසරු කාන්තාර රටක්ව තිබුණු ලිබියාව මුවම්මර් ගඩාෆිගේ පාලන කාලය තුළ කලාපයේ සශ්රීකම රාජ්යය බවට පත් වූ බව ප්රතික්ෂේප කළ නොහැකි සත්යයකි. මේ කර්නල් ගඩාෆිගේ පාලන සමය තුළ ලිබියාවේ පැවති තත්වය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි.
    * ඒ කාලය තුළ ලිබියාවේ විදුලි බිල් තිබුණේ නැත. සියලුම රටවැසියන්ට විදුලිය නොමිලේ ලැබිණ.
    * ණය වලට පොලියක් නැත. ලිබියාවේ සියලු බැංකු රජය සතු වූ අතර, රටවැසියන්ට ණය නිකුත් කරන ලද්දේ 0%ක ණය අනුපාතයටය.
    * ලිබියානුවෙකුට උපාධියෙන් පසුවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී නම් ඔහුට හෝ ඇයට සුදුසු රැකියාවක් ලැබෙනතුරු රජයෙන් එම තැනැත්තාට ප්රමාණවත් වැටුපක් ගෙවයි.
    * කෘෂිකර්මාන්තය / ගොවිපල පාලනය කිරීමට යොමු වන ලිබියානුවන්ට ඒ සදහා භූමියක්, නිවසක්, කෘෂි උපකරණ, පශු සම්පත් හා අවශ්ය මූලික පහසුකම් රජයෙන් නොමිලයේ සැපයෙයි.
    * කාන්තාරයක්ව තිබුණු රටක සෑම තැනකටම පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකි වුණු Great Man-Made River නම් වූ ලෝකයේ විශාලතම ජලසම්පාදන ව්යාපෘතිය ක්රියාත්මක කළේ කර්නල් මුවම්මර් ගඩාෆිය.
    * “නිවසක් යනු සෑම පුද්ගලයෙකුගේම මානව හිමිකමකි“ යි ලිබියාවේ එවකට සැලකිණි.
    * ලිබියාවේ අලුත විවාපත් වන අයට ලිබියානු රජයෙන් ඔවුන්ගේ පළමු නිවාසය මිලදීගෙන නව දිවිය ඇරඹීම සදහා ඩිනාර් 60,000 ක් (ඇමරිකානු ඩොලර් 50,000)ක් ලබා දෙනු ලැබිණ.
    *එක් දරු උපතක් සදහා මවකට ඇමරිකානු ඩොලර් පන්දහසක දීමනාවක් රජයෙන් ලබා දෙනු ලැබිණ.
    * ලිබියානුවෙකු මෝටර් රථයක් මිලදී ගන්නා විට එහි වටිනාකමින් 50% ක් රජය විසින් දරනු ලැබිණ.
    * එවකට ලිබියාවේ පෙට්රල් ලීටරයක මිල ඇ.ඩො. 0.14ක් විය.
    * අධ්යාපනයත් වෛද්ය ප්රතිකාරත් රටවැසියන්ට මුළුමනින්ම නොමිලේ ලැබිණ. අරාබිය හා අප්රිකානු ලෝකය තුළ හොදම සෞඛ්ය සේවාවක් තිබුණු රට ලිබියාව විය. සෑම පුද්ගලයෙකුටම කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව වෛද්යවරුන්ගේ, රෝහල් වල, සායන වල සේවාව හා නොමිලේ ඖෂධ ලබා ගත හැකි විය.
    * ලිබියානුවෙකුට තමාට අවශ්ය අධ්යාපනය හෝ වෛද්ය ප්රතිකාරයක් ලිබියාවේදී ලබා ගත නොහැකිව පිටරටකට යන්නට සිදුවුවහොත් ලිබියානු රජය විසින් ඒ සදහා අවසරය ලබා දෙන අතර ඒ වෙනුවෙන් වියදම් කිරීමට ඇ.ඩො. 2300 ක මාසික දීමනාවක්ද එකී පුද්ගලයාට ලබා දෙන්නට කටයුතු කෙරිණ.
    * ගඩාෆිගේ පාලනයට පෙර ලිබියාවේ සාක්ෂරතාවය තිබුණේ 25%ක් පමණක් වන අතර වර්තමානය වන විට එය 87%කි. ලිබියාවේ 25%කට පමණම විශ්ව විද්යාල උපාධියක් ඇත.
    එලෙසින් තිබුණු ලිබියාව ඇමරිකාවේත් නේටෝ හමුදාවන්ගේත් සහයෙන් “ඒකාධිපතියාගෙන් මුදාගත්“ පසුව අද පත්ව ඇති තත්වය ගැන කිව යුතු නැත.
    බොහෝ ආසියාතික හා මුස්ලිම් රටවල් වර්තමානයේ අස්ථාවර වී ඇත්තේ එවන් පාලකයන්ගේ නායකත්වය හා ආරක්ෂාව නැති හෙයිනි.

    නිම්මි මුදිතා හේරත්
    ඉරිදා දිවයින
    30.07.2017

    Copied by:
    කෝකිල අවන්ත හෙට්ටිආරච්චි
    Lol Mona huthak oi me..pal boru... Divaina kiyanne Mahindata puka dena need paper eka
    Kohomda story eka Match karala thiyana widiha Gadafi dannawnan pukenuth
    Hina wei.yako divaina kiyawanna kalin google karala balapn.Gota awoth wenade Gadafige real story eka Aran balapn.army eka dala minissu maruwe no rules just a dictator
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    මේ සියළු සාධනීය පියවරයන් මකා දැමෙන නපුරක් ගඩාෆිගේ දේශපාලනයේ අන්තර්ගත වී තිබුණි. එනම් ඉරිදිස් රජු මෙන්ම තමන් ද ලිබියාවේ සදාකාලික අසාහාය නායකයා විය යුතුය යන මතය යි. බටහිර අධිපත්‍යයෙන් මිදිමට ඇති නිදහස මෙන්ම දේශීය අඥාදායකත්වයෙන් නිදහස්වීමට ලිබියානු ජනයා තුල වූ අපේක්ෂාවට ගඩාෆි එරෙහි විය.

    ........
    අවසානයේ 2011 සැප්තැම්බරයේදී ඒකාධිපතියාගේ ඉරණම විස`දුණේ ය. නේටෝ සහාය ලද මහා පරිමාණ හමුදා මෙහෙයුමකදී ඔහු ව ඔහුගේම රිදී පිස්තෝලයෙන් සුනඛයෙකු සේ මරා දැමිණි. නමුත් ඔහු කළ කී දෑ එසේ මරා දමන්නට නොහැකි විය. කොකේන්, මත්පැන් හා ව්‍යාඝ‍්‍රා නැවත නැවතත් භාවිතා කරමින් ගඩාෆි තමන්ගේ ලෙය සහ සිරුර මත පෙරළි කළ ආකාරය ඔවුන් අද පවසන විට ඒ සත්‍යයේ ඇස් අදහාගත නොහැකි බිහිසුණු බව නිසා ශිෂ්ට සම්පන්න ලෝකය තුෂ්නිම්භූත වී ඒ දෙස බලා සිටියි. වාර්තා චිත‍්‍රපටයට අනුව ඔහුගෙන් මිදී පළායාමට සමත් වූ ලිංගික වහලුන් සහ වහලියන්ගෙන් ඇතැමෙක් ඔවුන්ගේ පවුල්වලින් ප‍්‍රතික්ෂේප වී තිබෙන්නේ එසේ පළාඒම පවුලට සිදු කළ අගෞරවයක් ලෙස සැලකීම නිසා ය. අද පවා ගඩාෆිට එරෙහිව වචනයක් පවා කියන්නට එම පවුල්වල අයවලුන් මැලිවන අවස්ථා ගැන තොරතුරු තිබේ. ලිංගික බලහත්කාරය හා ස්ත‍්‍රී දුෂණය, ගැහැනු කම පරදවා බලය තහවුරු කර ගැනීමේ පිරිමි වීරකම ලෙස තවමත් සිතන අන්ධකාර මහාද්වීපයේ සමහරෙකුට තවමත් ඔහු වීරයෙකි.

    not sure to what extent this is true... but you do remember documentaries like Sri Lanka's Killing Fields by BBC channel 4 right?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මැතිනිගෙ කාලේ නොබැදි ජාතින්ගේ සමුලුවට මොහු ලන්කාවට ආපු සැරේ මුස්ලිම් ඇමති කෙනෙක් එක්ක කියපු කතාව උබලා දන්නවානම් ඔහොම ආවඩන්නේ නෑ උබලා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    mokadda?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මැතිනිගෙ කාලේ නොබැදි ජාතින්ගේ සමුලුවට මොහු ලන්කාවට ආපු සැරේ මුස්ලිම් ඇමති කෙනෙක් එක්ක කියපු කතාව උබලා දන්නවානම් ඔහොම ආවඩන්නේ නෑ උබලා...

    හහඃ... හහඃ.... අර ඉයර්ෆෝන් ශොට් එක ගහල මූ හෙලුවැල්ලෙන් හෝටලේ පුරාම දිව්වෙත් ඕකට ඇවිත් නේද...?