ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය
ගැමුණුලා හිතාන ඉන්නෙ පුද්ගලික බස් වලට සෙනග නැත්තෙ සීටීබී බස් පුද්ගලික බස් එක්ක එකම වෙලාවට පිටත් වෙන නිසා කියලා. ඒ නිසා වෙන්ටැ ඒකාබද්ධ කාලසටහන් අනිවාර්යෙන් පටන් ගන්න කියලා බල කරන්නෙ. ඒකාබද්ධ කාලසටහන් දාලා ඒ ඒ වෙලාවට පිටත් වෙන බස් එක පුරවා ගන්න බලාපොරොත්තුවක් ඇති. මොකද එකම වෙලාවට බස් කීපයක් පිටත් නොවී බස් එකක් විතරක් පිටත් වුනාම ඒක කොහොමත් ලෝඩ් වේවිනෙ.
ඒත් ඒ අය නොදන්න දෙයක් තියෙනවා. පුද්ගලික බස් 2කට සීටීබි 1 ගානෙ දැම්මත් පුද්ගලික බස් දෙකට වඩා ඉක්මනින් සීටීබී එක ලෝඩ් වෙනවා අනිවාර්යෙන්ම. බස්වලයි සේවකයන්ගෙයි සේවාවෙ ගුණාත්මක බව පවත්වාගන් නැතිව මිනිස්සු බස් එක ඇතුලෙ ඉන්න කාලය වැඩි කරලා (පැය 2 ගමන පැය 3න් යන) බස් තියෙද්දි , මිනිස්සුන්ට හරියට කතා බහ නොකරද්දි හෝල්ට් එකක් හරි තවත් බස් එකක් හරි දැක්කම වේගෙන් යන බස් වලට වඩා ලංගමේ බස් වල යන්න මිනිස්සු කැමතියි ඒ ලංගම සේවකයින් මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන නිසා වගේම බස්එකට නගිද්දියි බහිද්දියි මිනිස්සුන්ව කලබලෙන් බස්සලා යන්නෙ නැති නිසා.
තව දෙයක්, ඒකාබද්ධ කාලසටහන් පටන් ගත්තම එකම පාරෙ එකම ගමනාන්තයට යන හැම බස් එකම පිටත් වෙන්න ඕන එකම තැනින් වුනොත් එදාට සීටීබී එකට තමන්ගෙ ඩිපෝ ටික නැතිවෙනවා අනිවාර්යයි. එදාට ඒ බස් නවත්තලා තියන්නත් වෙන්නෙ ඩිපෝවෙන් පිට, රථගාල් වලට ගාස්තු ගෙවලා. අන්තිමට මහනුවර උතුරු ඩිපෝව ලංගමට නැතිවුනා වගේ (දැන් ගුඩ්ෂෙඩ්) ඩිපෝ ටික නැතිවේවි ලංගමට.