ඒ අසිරිමත් මහා පිංකම....

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි. සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ " උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය " යනුවෙනි.
    " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "
    ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ. එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක. මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ. මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය. ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.
    එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.

    Code:
    WIKI

    බුදු සරණයි !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසදෘශ පූජාවක් හා සදිසියි.....
    මේය පල කොට සිත් පැහැදවීමේ පිනෙන් ඔබ ගේ සසර මග කෙටි වේවා!!!
     
    • Like
    Reactions: shenic

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඒ ගෞතම බුදු රජාණන් වහන්සේ
    උදෙසා සේරුවාවිල සිදුකල
    ~ අසිරිමත් මහා පිංකම ~


    සේරුවාවිල අසිරිමත් සර්වණ ප්‍රාකාර පූජාවේ ගුවන් ඡායාරූප


    1005550_730800633625210_7078812543280860898_n.jpg


    10418923_730800570291883_7979667408209740444_n.jpg


    10169416_730800523625221_169798644415333953_n.jpg


    10304967_730800436958563_251300188441374095_n.jpg


    10277064_730800366958570_4064440558553550755_n.jpg


    1506952_730800323625241_683507647224851477_n.jpg


    10371755_730800220291918_5619362854225598823_n.jpg


    10377251_730800190291921_1855996427492112695_n.jpg


    10417613_730799920291948_3664243215331860032_n.jpg





    සේරුවාවිල අසිරිමත් සර්වණ ප්‍රාකාර පූජාවේ අනෙක් ඡායාරූප


    10440940_729750773730196_6340988038488034485_n.jpg


    10407072_729750610396879_7754361190978062534_n.jpg


    10406657_729750527063554_7374128172388741719_n.jpg


    10418295_729749723730301_4027449364050001246_n.jpg


    10436365_729749727063634_8457946065771900495_n.jpg


    10298949_729749167063690_5844854974948904452_n.jpg


    10408109_729748757063731_6985781451567326044_n.jpg


    10405340_729748593730414_8660050856707016242_n.jpg


    1555337_729748013730472_5306404702944501925_n.jpg


    10394836_729747370397203_4978218496721824986_n.jpg


    1798633_729746553730618_2880502472560005839_n.jpg


    1908023_729743347064272_4519177314028511653_n.jpg


    10269593_729742650397675_1155343591814250662_n.jpg


    10402900_729741770397763_5059144432807333993_n.jpg


    10177870_729742017064405_8801074004823991449_n.jpg


    10291115_729750967063510_3326853106605807640_n.jpg


    1497733_729751743730099_377991590373937254_n.jpg


    10407917_729752367063370_2168898267375205094_n.jpg


    10408011_729751757063431_6104131422413053731_n.jpg


    10343010_729750787063528_8639635979766109700_n.jpg





    මෙහි මෙවැනි ගුවන් ඡායාරූප සහ video දර්ශන ලබා ගැනීමට මෙවැනි flying camera ද භාවිතා කර ඇත..

    NieuwsA1.3.jpg



    නෙතට කඳුලක් නැගෙන්න තරම් හදවතට දැනෙන, එදින ලබාගත් video දර්ශන ඇසුරෙන් නිර්මාණය කරන ලද, සුනිල් එදිරිසිංහ මහතා ගායනය කරන මේ ගීතය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුමය.....



    සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු...
    නිදන්ගත සේරුවාවිල මහා සෑ ගිරි..
    සාධු සාධු
    වන්දනා කරම්...​


    ඉතින් ඔබත් හැකි සෑම අවස්ථාවකම පින්කම් වල යෙදෙන්න.. අන් අයවත් යොදවන්න... ධර්මාවබෝදයට හේතුවන පින්කම් කරන්න.. බුද්ධ ධර්මය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සහ කරන්න...​

    ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!
    ~ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි! ~​


    source:
    https://www.facebook.com/shraddhatv
    http://www.shraddha.lk/

    මේ පින්කමට සහබාගී උනා වගේ හැගීමක් ආව මචන් ,

    ඔහොම පින් !
    :):):)
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අසදෘශ පූජාවක් හා සදිසියි.....
    මේය පල කොට සිත් පැහැදවීමේ පිනෙන් ඔබ ගේ සසර මග කෙටි වේවා!!!

    තෙරුවන් සරණයි... :)

    මේ පින්කමට සහබාගී උනා වගේ හැගීමක් ආව මචන් ,

    ඔහොම පින් !
    :):):)

    අනිවාර්යෙන් මචන්.. තෙරුවන් සරණයි... :)


    :) තෙරුවන් සරණයි..