ඒ කාලේ සිංහලුන්ගේ තිබ්බ කුල පීඩනය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    කුල වල උස්, පහත් ගතිය රඳා පවතින්නේ පහත සඳහා වන කරුණු තුනෙහි සංයෝගය මතය.

    👉
    පාරම්පරික නාම
    👉
    රැකියාව
    👉
    කුල ප්‍රජාවක වෙන්ව කැපී පෙනෙන සුළු බව

    ඉහත කරුණු තුන අනුව කුලයක උස් පහත් බව තීරණය වේ. ඒ අනුව විවිධ මට්ටමේ සැලකුම්, තරාතිරම් හිමි වේ. කුලවලට හිමි ධූරාවලිගත මට්ටම අනුව ගරුත්වය හා සැලකිල්ල විවිධ වේ. ඇඳුම් පැලදුම්, ආහාර ගැනීම, විවාහය, නිවාස තත්වය, ආචාර කිරීමේ එදිනෙදා ක්‍රියාකාරකම් ආදී මිනිස් ජීවිතයේ සියලූම අංගයන් වල උස් පහත් බව කුලය අනුව තීරණය වේ. උසස් හා පහත් යැයි සම්මත කුල අතර එකී සබඳතා වල පවතින්නේ දැඩි විෂමතාවයකි.

    රැල්ෆ් පීරිස් ට අනුව ගොවිගම කුලය අඩු කුල වලින් සේවය ලබා ගැනීමට සුදුස්සෝ විය. අඩු කුල අතර වුවද එක් කුලයකට අයත් වූවෙකු සේවය කළේ තමනට වඩා උසස් කුල වල අයට පමණි. කුඹල් ජනයාට (බඩහැල කුලයට) හා ඊට වඩා උසස් වූ කුල වල අයට රදා කුලයේ අය රෙදි ඇපිල්ලු අතර කුඹල් ජනයාට වඩා පහත් කුල අයට රෙදි අපුල්ලන ලද්දේ "පලි" නම් අන් විශේෂයක අය විසිනි. (පීරිස්, 1964:188.)

    පුද්ගලයන් එකිනෙකා ඇමතීමේදී යොදා ගන්නා ඇතැම් පද කුල තත්වය අනුව වෙනස් විය. "දෙයියෝ, හාමුදුරුවෝ, අප්පෝ, නිලමේ, රාලහාමි, මහත්තයා, තමුන්නාන්සේ" ආදී පද ඉහළ කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත්හ. පුද්ගල නාම සම කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත් අතර "තමුසෙ, උඹ, අඩා, තෝ" යන පද පහත් කුල ඇමතීමට යොදා ගත්හ. නොක්ස් ට අනුව තමන්ගේ තරාතිරමට වඩා පහත් යැයි සලකන අය සමඟ එක් වී ආහාර ගැනීමටවත්, විවාහ වීමටවත් ඉහල කුලිකයන් අකමැතිය. උසස් හෝ පහත් තරාතිරම් පිළිබඳ ලකුණු නම් උඩුකට වැසුම් ඇතිවීම හෝ නැති වීම, දනින් පහත වස්ත්‍රයේ දිග, පුටුවක හෝ කොලොම්බු කොට වල හෝ පැදුරුවල වාඩිවීම ආදිය තුළින් පැහැදිලි වේ. අඩු කුල ස්ත්‍රීන්ට දනින් පහලට හා උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳිය නොහැක. (නොක්ස්,1681:80/109.)

    රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස්, 1964:189/193/197.)

    එසේම ඉහළ කුලිකයෙන් හමු වූ විට හිස පහත් කිරීම, හිස දවටනය අතට ගැනීම, පාරෙන් පසෙකට වී ඉඩ දීම වැනි ක්‍රියාවන් මගින් යටහත් පහත් බව පෙන්විය යුතු විය. සාමාන්‍යයෙන් නිවසට එන උසස් කුල වල පිරිමින්ට දක්වන ගරු සැලකිල්ලක් ලෙස තම බිරිඳට රාත්‍රියේ ඔහු සමඟ එකට විසීමට පවා සැමියා ඉඩ දෙනු ලැබේ.

    එසේම කාන්තාවන් ඇමතීමේදී ද කුලය සැලකිල්ලට ගැණුනි. පහල තත්වයේ ස්ත්‍රීහු "පොඩිස්සී", ගෞරව වශයෙන් තරුණියෝ "කිඩැහැකෙළි" යනුවෙන් අමතන ලදි. අනෙක් උසස් ආමන්ත්‍රණ වූයේ "එතනා, ළමා එතනා, කුමාරිහාමි" යන පදයි. "කුමාරිහාමි” යන පදය භාවිතා කරන ලද්දේ උසස්ම පෙලැන්තියේ වනිතාවන් උදෙසා පමණි. (පීරිස්, 1964:191.) ඩොයිලිගේ දින පොතට අනුව කොණ්ඩය හෝ රැවුල වැවීමට පදු හා ඛෙරව කුල වලට අවසර නොවීය. වහුම්පුර, සලාගම කුලිකයන්ට දැලි රැවුළු වැවීමට හෝ ඔසරිය ඇඳීමට තහනම් ය. නමුත් කොණ්ඩය බැඳීමට අවසර ඇත. (පීරිස්, 1964:190.)

    ආසන පැනවීමේදී ද ඒ ඒ පුද්ගලයාගේ කුල තත්වය අනුව සම්මත රටාවක් අනුගමනය කරන ලදී. හාන්සි පුටුව, කවිච්චිය ඉහළ කුලිකයන්ටත්, පුටුව සම කුලිකයන් අතරත් පුටු භාගය, කොලොම්බුව, පැදුර, පිල පහල කුලිකයන්ටත් නියම විය.

    ආසන විශේෂය තත්වය

    හාන්සි පුටුව ඉහල
    කවිච්චිය ඉහල
    පුටුව සම
    පුටු භාගය පහල
    කොලොම්බුව පහල
    පැදුර පහල
    පිල පහල
    (මූලාශ්‍රය : කේ.ටී.දසිල්වා, 2005:33.)

    ධූරාවලියේ පහලින් සිටින කෙනෙකුට ඉහල කෙනෙකු සමඟ සම අසුන් ගැනීමේ හැකියාවක් නොවීය. මයිකල් රොබට්ස් ට අනුව කුල සිරිත් විරිත් නිවස සම්බන්ධ හැම අවස්ථාවකදීම ඉතා පැහැදිළිවම පිළිඹිඹු විය. බොහෝ සිංහල ප්‍රදේශ වල මෙය හොඳින් ප්‍රකාශ කරන ලද්දේ උසස් කුලවල ගෙවල් වලට එන පහත් කුල ජනයාට වාඩිවීමට තබා තිබුණු කොලොම්බුව නැමැති කුඩා පුටුව හෙවත් ලී කොටය මගිනි. (රොබට්ස්, 2008:288.)

    කුල සිරිත් වඩාත්ම පිළි පැදුනේ ආවාහ විවාහ වලදී ය. සිය කුලයෙන් බැහැරව විවාහ ගණුදෙනු කිරීම නීති විරෝධී ලෙස සැලකුණු අතර උසස් කුලයේ අයෙකු පහත් කුලයේ අයෙකු විවාහ කර ගත්තේ නම් එම පුද්ගලයා අයත් වන වර්ගය කෙරෙහිද එම නින්දාව බලපෑවේය.එනිසා හැම විටම ආවාහ විවාහ සිදු කිරීමේදී අන්තර් කුල විවාහ පමණක් සිදු විය. නිවාස තත්ත්වය ගත්තද වෙනස්කම් දක්නට ලැබුණි. අඩු කුල අයට නිවෙස් වල උළු හෙවිලි කිරීම, හුණු පිරියම් කිරීම තහනම් විය.

    හත අයුරින් ඇඳුම් පැලදුම්, ඉඳුම් හිටුම්, ආහාර ගැනීම්, ආචාර කිරීම්, කතා කිරීම් ආදී සියලූම සමාජ චර්යා වලදී කුලය යන සාධකය අතිශයින්ම තීරණාත්මක වූ අතර ඒවා අතර දැඩි සමාජ විෂමතාවයක් විය. උසස් කුලිකයන්ට වරප්‍රසාද තත්වයේත්, පහත් කුලිකයන්ට නින්දා සහගත හා සමාජයේ අවශේෂ කොටසක් ලෙසත් සැලකීමේ තත්වයක් ඉහත දැක්වූ සියලූ සමාජ සබඳතා වලින් පෙනේ. මේ තුළින් කුල මට්ටම් වල ස්ථර ගත බව හොඳින් පවත්වාගෙන යාමට හේතු සාධක සැපයීය.

    Source: Facebook
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය."
    "කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය."


    දැනටත් ශෝටක් දාගෙන ගියාම අඩු කුලේ විදියට සලකන්නේ මේ හින්දා වෙන්න ඇති :lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    Glad the Portuguese came
    හෙක් හෙක්.. පෘතුගීසි ආවගෙන් ඔ්ව වෙනස් උනේ නෑ. පෘතුගීසි ආපු එකෙන් වෙරලබඩ හිටපු අහිංසක මිනිස්සු බර ගානක් මැරුං නං කෑව. පෘතුගීසින්ගෙ ආගමික උමතුව හින්ද
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මිට අවුරුදු තුන් හරදාහාකට කලින් ලන්කාවෙ හිටපු බමුනන්ගෙ ක්‍රම අදටත් වෙනස් වෙලා නැ, බමුනු ක්‍රම බමුනු ආකාල්ප බමුනු පාලනය අදත් එදා වගෙම තියෙනවා, එදා හිටපු බමුනු පරම්පාරාවල උන්මයි දැනුත් ලන්කාවෙ ඉන්නෙ, බමුනු නම කොටස විතරයි නැත්තෙ,
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    තාක්ශනේ දියුණු නැති කාලෙක ආර්ථිකේ run වෙන්න ඕන විදියට තමයි ඔය කුල ක්‍රමේ හැඩගැහිලා තිබුනේ. හැබැයි ඔතන ගැටලුව තමයි ඒ ඒ කුල උස් පහත් කියල වර්ග කර ගත්තු එක. ඒක නොදියුණු වගේම කපටි concept එකක්. ඕනෑම වැඩ බැරි දාස කෙනෙකුට පහත් කියල කියන කුලෙක එකෙක් පාගාගෙන ඉන්න පුළුවන් කුලේ ඉස්සරහට දාල.

    බුදුහාමුදුරුවෝ කියන්නේ, ඕකට කෙලින්ම attack කරපු කෙනෙක් නේ. එහෙව් බුදුන්ගේ චීවරේ දාගත්තු ලංකාවේ ගණ ගෙඩියෝ කුල වලට බෙදිලා ඉන්න විදිය දැක්කම හිතෙනවා බුදු හාමුදුරුවෝ ඇත්තටම රස්ත්යාදු වුනාද කියල.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ ඉන්නේ අඩු කුලේ පරයෙක් කෝටාවෙන් කැම්පස් ආපු.

    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    උන් ආවේ නැත්තං අපිත් ඔක්කොම කොනකපාලල මාල්දිවයිනට, මැලය කලාපය වගේ..
    එහෙම වෙන්නෙත් නෑ. ලංකාවට බලවත් මුස්ලිම් ආක්‍රමණ කවදාවත් ඇවිත් නැහැ. එන්නත් විදිහක් නැහැ.
    මාලදිවයින මුස්ලිම් උනේ එහෙ හිටපු රජවරුන්ගෙ වැඩ හින්දා.

    ලංකාව යුරොපීයන්ට අල්ලගන්න බැරිව ගියා නං අදටත් වැඩවසම් ක්‍රමෙන් රන් වෙන සිස්ටම් එකක් තියෙවි.
     

    Sen-lu

    Well-known member
  • මේ ඉන්නේ අඩු කුලේ පරයෙක් කෝටාවෙන් කැම්පස් ආපු.
    ඌ කෙසේවෙතත් තෝනම් අමු රොඩියෙක්ද කොහෙද. නියම අඩුකුලේ පරගතිය පිහිටලා තියෙනව අඩුවක්ම නැතුව.
     
    • Like
    Reactions: Hasistranger