ඒ දවස් වල අගෝස්තු ඉස්කෝල නිවාඩු දෙනකන් ඉවසිල්ලක් නෑ සරුංගල් අරින්න! වෙළකට හරි පිට්ටනියකට හරි ගිහිල්ලා දවසම සරුංගල් ඇරලා, කුරුම්බා බීල,ඇළට පැනලා නාලා ගෙදර යන එක තරන් ආතල් එකක් ලොවෙත් නෑ ! ..
මම year 8 ඉන්නකොට තමයි මගෙ first business එක පටන් ගත්තේ , මොණරා සහ කොම්බුවා සරුංගල් හදලා ගෙවල් පැත්තේ තිබුන කඩේට දාලා! කොම්බුවා Rs. 15, මොණරා Rs . 25!
After sales service එකකුත් එක්ක !, සේරුවා adjust කරන්න , කූරියා ගහන එව්වා fix කරන්න Rs . 2! ආතල් කාලේ අප්පා!
එව්වා මතක් වෙනකොට දැන් ඉන්න පොඩි එවුන් කොච්චර missing out ද කියල හිතෙනවා...![]()
යකෝ දැන් ඉන්න උන් සේරුව කියන්නෙ මොකද්ද? කූරිය ගහනවා කියන්නෙ මොකද්ද කියල දන්නෙවත් නැතුව ඇති.


කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලො දෙතුන්දෙනෙක් හිටියා.අපි හරිම සහෝදර කමකින් තමයි සෙල්ලම් කලේ.මතක් වෙද්දි හෙන දුකයි.මට මතකයි අපි පොඩිකාලෙ අපේ මාමල,ආච්චිල එහෙම කියනවා "අපි පොඩිකලෙ වගේ නෙමෙයි දැන් ඉන්න එවුන්ට හොද සිංදුවක්වත් අහන්න නෑ" කියලා.මට හිතෙන්නෙ අපි කියන්නෙත් දැන් ඉන්න එවුන්ටත් ඒ ටිකමයි කියලා.

