ඓතිහාසික_ජායාරූප_(FB_Page)

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඓතිහාසික_ජායාරූප_(FB_Page)

ඓතිහාසික ජායාරූප >>

https://www.facebook.com/ඓතිහාසික-ජායාරූප-1907377706044331

මම ලංකාවේ pages මේ වෙනකොට 262ක් block කරලා block ලිස්ට් එකේ තියනවා. මේ තියෙන්නේ මට සති 2-3 කට කලින් හම්බ වෙච්චි මම "දැනට" subscribe කරලා තියන page එකක්. මං දන්නෑ කවද්ද මේක පටන් අරගෙන තියෙන්නේ කියාලා හැබැයි
* 48,285 people like this
* 49,262 people follow this

ඔය youtube චැනල් කරන FB pages කරන හැමෝටම තියන අවුලක් නේ views වැඩි කර ගන්නේ කොහොමද subscribers ලා වැඩි කර ගන්නේ කොහොමද කියන එක?

එක එක ක්‍රම තියනවා. මම හිතනවා සාර්ථකම දේ හොඳ quality contents කියලා.


-------------------------------------------------------

දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු සොල්දාදුවෙකුගේ ආහාර සළාකය!

55713716_2094859520629481_5634936902680313856_n.jpg


සංග්‍රාමභූමිය සදහා කදවුරෙන් පිටව යන සොල්දාදුවා නැවත කදවුරට පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබද නිශ්චය අති දුෂ්කර පෙරයීමකි. එහෙයින් ඔහු හැකි තරම් දීර්ඝ කාලයක් ශාරීරික මානසික ප්‍රශස්ථ මට්ටමකින් පවත්වා ගැනීම මනාව සැළසුම් කොට සිදුකල යුතු වූ ක්‍රියාවලියක් විය.

දීර්ඝ කාලීන පරීක්ෂණ සහ ප්‍රායෝගික අත්හදාබැලීම් හා ජෛවිද්‍යාත්ම ගණනය කිරීම් රැසකට පසු ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංග්‍රාමයන් සදහා (combat meal) විශේෂිත වූ K සළාකය හදුන්වා දෙන ලදි.

K සළාක ක්‍රමය 1942 වසරේදී හදුන්වා දුන් අතර පළමුව එය භුක්ති විදින ලැබුවේ පැරෂුට් බළඇණිය විසිනි. එහිදී පෙන්වන ලද සාර්ථකත්වය හේතුවෙන් එය සියළුම බළඇණි අතර බෙදාහරින ලදි. උදෑසන, සන්ධ්‍යා හා රාත්‍රී වශයෙන් වර්ග 3කින් සමන්විත වූ මේ ආහාර සළාකය තෙමීමට ඔරොත්තු දෙන නොපෙගෙන වර්ගයේ අඩුබරැති කාඩ්බෝඩ් වලින් සාදන ලද 7.5cm × 7cm × 3.7cm ප්‍රමාණයේ පෙට්ටියක බහාලූ ග්‍රෑම් 650ක් පමණක් බරැති සළාකයකි. එක් වේලකින් කැලරි 8000ක ශක්තියක් හා ග්‍රෑම් 79ක ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙන් පරිදි සංයුතිය සැළසුම් කර තිබිණි. මෙවැනි ආහාර වේල් 15කට පසු අනිවාර්යයෙන් A ශ්‍රේණියේ හෝ B ශ්‍රේණියේ සළාකයක් ලබාගන්නා ලෙස සොල්දාදුවන්ට උපදෙස් දී තිබිණි. ඒ ඛණිජ ලවණ හා විටමින් ඌණතා මගහරවා ගැනීමට වන අතර ඊට අමතරව සොල්දාදුවන් අප්‍රියතාව මත් K සළාකයෙන් බැහැර වී යාම වළක්වා ගැනීම අනෙක් අරමුණ විය.

දැන් අපි ඒ ඒ ආහාර වේල සළකා බලමු,

උදෑසන ආහාර වේල,

කෑන් කල හැම් සහ බිත්තර ටින් එකයි,
ඕට්මීල් සීරියල් අටයි,
චුයින්ගම් පැකට් එකයි,
ක්ෂණික කෝපි පැකට් එකයි,
හැලසෝන් වතුර පිරිසිදු කාරක පෙති එකයි,
ටොයිලට් පේපර්ස් එකයි,
සිගරට් පැකට් හතරයි.

සන්ධ්‍යා ආහාර වේල,

ඌරු/හරක් මස් ටින් එකයි,
ඇපල් හෝ කැරට් එකයි,
චොක්ලට් බාර් එකයි,
චුයින්ගම් පැකට් එකයි,
ටොයිලට් පේපර්ස් එකයි,
සිගරට් පැකට් හතරයි.

රාත්‍රී ආහාර වේල,

චීස් සහ බේකන් ටින් එකයි,
කැරමල් බිස්කට් අටයි,
දොඩම්/මිදි/ලෙමන් බීම පැකට් එකයි.
චුයින්ගම් පැකට් එකයි,
සිගරට් පැකට් හතරයි.

කලින් කලට මෙම ආහාර වර්ග වල ඉතා සුළු වෙනස්වීම් සිදුකල අතර එමගින් දීර්ඝ කාලීන් පෝෂණය මෙන්ම ආහාර රුචිකත්වයද පවත්වා ගන්නා ලදි.

වර්තමානය වනවිට මෙම සළාක ක්‍රමය ඉතා දියුණුව පවතින් අතර ඉතා අඩු බරකින් අති ඉහළ ගුණාත්මක පෝෂණයක් ලබාදිය හැකි පරිදි සංයුතිට සකස් කොට ඇත!​
------------------------------------------------------------------

දාන දේවල් 100% ක් නිවැරදි නොවෙන්න පුළුවන් සමහරවිට. මම දන්නේ නෑ ඒක. ඒ උනාට search කරලා බලන්න හිතෙන title එකක් අඩුම ගානේ share කරනවා නේ! මට නං වටින්නේ ඒක.
 
  • Like
Reactions: ThisaraMalintha

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
interest එකක් තියන අයට දැනගන බම්ප් එකක් දාගෙන යන්න….
 

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඓතිහාසික ජායාරූප >>

    දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු සොල්දාදුවෙකුගේ ආහාර සළාකය!



    මේ ටික බලන්න data තියෙනව නම්.







    මේවයෙ තියෙන සමහර කෑම තාමත් පාවිච්චි කරන්න පුලුවන් තත්වෙ තියෙනවා.
    මේ Channel එකට ගිහින් බලන්න තව video ගොඩක් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ ටික බලන්න data තියෙනව නම්.







    මේවයෙ තියෙන සමහර කෑම තාමත් පාවිච්චි කරන්න පුලුවන් තත්වෙ තියෙනවා.
    මේ Channel එකට ගිහින් බලන්න තව video ගොඩක් තියෙනවා.

    man hithanne mama channel eka subscribe karala thiyenne ban..
    mama videos godak oya channel eke balala thiyanawa!
    patta channel eka! :cool:

    welawaka oya yaka marenawa oowa kaala! :lol:

    anyway.. thanks for sharing.... :yes: +