ඊශ්‍රායලයේ

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1610503639685.png
    1610503661078.png

    මා දැනට සේවය කරන ඊශ්‍රායලයේ සෑම දිනකම හා සෑම තැනකම වාගේ දකින දර්ශණයක් ඡායාරූප ගත කොට මූණුපොතේ පල කල යුතුයයි බොහෝ දිනකට පෙර සිතට නැගුන සිතුවිල්ල අද ක්‍රියාවට නැගුවෙමි.
    මේ පලමු ඡායාරූපයේ සිටින්නේ මේ රටේ පුරවැසිභාවය ඇති අරාබි ජාතික ගාර්ඩ්න් ක්ලීනර් හෙවත් කුලියට වතු පිරිසිදු කරන කම්කරුවෙකි. ඔහු මගේ රැකියා ස්ථානයට යාබදව පිහිටා ඇති නිවෙසක ගෙවත්ත පිරිසිදු කිරීමට සතියකට දෙකකට වරක් පැමිනෙයි. දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු පැමිනි මෝටර් රථයයි.. එය පර්ජෝ එස් යූ වී රථයකි. අපේ රටේ නම් වතු සුද්ධ කරන කම්කරුවෙකුට මෙවැනි රථයක් සිහිනයකින් වත් දැක ගත හැකිවේදැයි විශ්වාසයක් නැත. මා වසර 24 ක් හමුදා නිළධාරියෙකු ලෙස සේවය කර මිල දී ගැනීමට හැකි වූයේ මරුති 800 කාර් රථයකි. දෙමාපිය උරුමයෙන් ධනපතියෙකු නොවූ මාහට මා විසින්ම වසර 24 ක් තිස්සේ නීත්‍යානුකූලව උපයාගත් මුදලින් ගත හැකි වූයේ එපමනකි. ඒ ගැන මට ආඩම්බරය. නමුත් හිතේ දුකක් ඇත. මන්ද මා ඒ වියදම් කල මුදලට මෙවන් රටකදී නම් ඊට වඩා තුන් හතර ගුණයක් වටිනා වාහනයක් මිලට ගැනීමට හැකි වීමය. එමෙන්ම අපේ රටේ දේශපාලකයන් නැමති නිර්ලජ්ජිත අමනුෂ්‍ය කොට්ඨාශය විසින් රටේ නීති ගරුක සාමාන්‍ය පුරවැසියන් වන ඔබටත් මටත් අත්කර දී ඇති ඉරණම එයය. අපේ රටේ මිල මුදල් වැඩිපුරම යහමින් ගැවසෙන්නේ දේශපාලුවන්, ඔවුන්ගේ අනුග්‍රහය ලබන බිස්නස් කාරයන් හා නීතිවිරෝධී ව්‍යාපාර සිදුකරන දූශිතයන් අතය. රටේ විනයගරුක සාමාන්‍ය පුරවැසියන් ආහාර වේලක් සපයා ගන්නේ ඉතා අපහසුවෙනි. ඡන්ද කාලයට ගල් පැලෙන බොරු බේගල් අත හරිමින් කතිරය මංකොල්ල කා බලයට පැමිනි පසු ජනතාවට කොකා පෙන්වා උන් සුර සැප විඳිති. උන්ගේ සැපයට හේතු වෙන ලෙස නීති රීති සකසා ගනිති. උන්ට වෙනම හැන්දකින් බෙදා ගන්නා අතර සාමාන්‍ය ජනතාවට බෙදන්නට උන් ලඟ හැන්දක් නැත. එදා වේල සොයා ගන්නට නොවිදිනා දුක් විඳිනා සාමාන්‍ය ජනතාවට මේවා පෙනෙන්නේ නැත. පෙනුනත් ඕවා ගැන හොයන්නට ඔවුන්ට වෙලාවක් නැත. උදෑසන අවදි වූ වෙලේ පටන් දවසේ කාරිය කර ගත යුතුය. රට හදන්නට ගියොත් දරුපවුල බඩ ගින්නේය. SUV තබා ආසාවකට මොටර් සයිකල් කට්ටක් ගැනීමත් යුද්ධයක් ජය ගන්නවා හා සමාන ජයග්‍රහණයකි.
    මේ මොනවා කලත්, උනත් කතිර යුද්ධයක් ලංවෙන කොටනම් එදා වේල කන්නට නැතුව බඩ පොත්ත පිටට ඇලුනු ජහමනයා වීරයන්ය
    රට බේරා ගැනීමට ඇති අවසන් අවස්තාවේ දිවි පරදුවට තබා පෙරට විත් කතිරය ගසා රට ගොඩ ගන්නා උතුම් කොට්ඨාශයක්‍ ය.
    තවත් දෙයක් මේ වේලාවේ කිව යුතුමය. අපේ බහුතර ජහමනයාටත් ලැජ්ජාව කියන නාමයක් ගෑවිලාවත් නැත. කතිර යුද්ධය ලංවූ විට නොමිලේ ලැබෙන අරක්කු කාලටත් බත් පැකට් එකටත් වහල්ව ලැජ්ජාව පසෙක තබා අරූට ජය වේවා මූට ජයවේවා ගගා හදිස්සියකට, මගුලකට, මරණයකට එන්න ඉන්න අල්ලපු ගෙදර එකා එක්කත් ගේම ඉල්ලාගෙන කඩේ යයි. අපිට ඕනෑ අහවලාමයි කියමින් ලතෝනි දෙයි. කතිර යුද්ධය ඉවර වූ දවසට පහුවදා "දැන් ඉතින් අපි දිනුවා වගේ තමයි" කියමින් තාවකාලික ආතල් එකක් ගනියි.මාස කීපයක් ගිය පසු " අනේ ඕකුන් ඔක්කොම එකයි අපිට ඕකුන් වැඩක් නෑ , අපි හම්බ කලොත් අපි කනවා" කියමින් ආපසු සුපුරුදු කට්ට කන්නට පටන් ගනියි. මුන්දලාට SUV තියා ෆුට් සයිකල් කට්ටක් ගන්නට තරමේ වටපිටාවක්වත් හදා දෙන්නට දේශපාලුවන් උනන්දු නොවන්නේ ජහමනයාගේ මේ ගොන් කම දේශපාලුවන් හොඳින් අදුනන නිසාය.
    අපි වගේම 1948 වසරේදි කිසිම හව්හරණක් නැතුව පිහිටවූ රටක් වන ඊශ්‍රායලය අද ලෝකය හොල්ලා ගෙන සිටින්නේ ජනතාවගේ කැපවීම මෙන්ම දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිගරුක බව නිසාය. අතරින් පතර පොඩි පොඩි වංගු දාන දේශපාලකයන් හිටියත් ලංකාවේ වගේ සෙල්ලම් දාන්නට මෙහේ ජහමනයා ඉඩදෙන්නේ නැත. ඒ බව දන්නා දේශපාලකයන් රටේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරයි. ඒ වගේම ඒ පහසුකම් භුක්ති විඳිමින් රටේ දියුණුව ගෞරවය රකිමින් ආත්මාභිමානයෙන් ජීවත් වෙන්නට සෑම පුරවැසියෙක්ම කටයුතු කරයි. ඉතින් ඒ නිසාම වතු සුද්ධ කරන කම්කරුවාත් ලංකාවේ නම් ලොකු ලොකු සල්ලි කාරයන් පදින ලෑන්ඩ් රෝවර්, ටොයෝටා ඩබල් කැබ්, පර්ජෝ, බීඑම්ඩබ්ලිව්, වොල්වෝ , අවුඩි වැනි වාහන වල තමන්ගේ පිරිසිදු කරන ආම්පන්න ටිකත් පටවාගෙන උදේට රස්සාවට එයි.....
    අන්තිමට කියන්න තියෙන්නේ
    වී වපුරපු අය තමයි බත් කන්නේ. තල වපුරපු අයට තල.... ඒක ඇත්තක්ම තමයි....
    FB උපුටනයකි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි හෑමදාම කරන්නේ ඕක .......... චන්දේ දෙනවා මාස 6 ක් 7 ක් සතුටු වෙනවා හරි තීරණයක් ගත්තා කියලා.. ඊට පස්සේ මේ වගේ පෝස්ට් දදා ඉන්නවා ඊලග චන්දේ වෙනකම්. අපි හරි අසරණයි
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    i am staying in Malaysia, here imported vehicles are quite expensive, but perodua and proton and comparatively very less. i can buy perodua axia for 1 million lkr and used is around 4-5 lacks, other vehicles are also cheap. my wife is a Malaysian so she got from government around 80000 lkr as a support, because of panedemic
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    i am staying in Malaysia, here imported vehicles are quite expensive, but perodua and proton and comparatively very less. i can buy perodua axia for 1 million lkr and used is around 4-5 lacks, other vehicles are also cheap. my wife is a Malaysian so she got from government around 80000 lkr as a support, because of panedemic
    Here we got 5000/- for a month expenses and we paid 50000/- for cremation of bodies. In same pandemic. The difference is before election and after election
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ගොබ්බ සෝබන සිංහලයට හොඳ වාහනේක යනවානම් ඒක තමා ලොකුම දේ.
    මටත් හිතාගන්න බැරි දෙයක් බන් .ඇයි මෙ වාහනෙන්ම මනිනෙ ?
    වාහන කියන්නෙ ඔච්චරම ස්ටෙටස් මනින දෙයක්ද ?
    මට නම් වාහනයක් තියෙන එක අවුලක් නෙමෙ .
    එත් ඇයි මෙකෙන්ම මනින්නෙ ?
    සමහරක් රටවල් වල නම් බන් බස් එකත් කොලිටි
    මන් හිටියෙ කටාර් වල ඊශ්‍රායල් තරම් ,යුරොප් තරම් දියුණු නැහැ.
    එත් බන් පබ්ලික් ට්‍රාන්ස්පොටෙෂන් එක එහෙම මාරම කොලිටි.
    මන් කිව්වෙ බස් එහෙම .
    ඔනි වෙලාවක බස් තියෙනවා.
    රියාල් 3 යි කැපෙන්නෙ කොහෙට ගියත් කොහෙන් නැග්ගත් .
    කටාර් රේල් කියලා තියෙනවා පොඩි ටේල් සර්විස් එකත් .ඒකත් කොලිටි .
    වහන කියන්නෙ ලොකු දෙයක් නෙමෙ එහෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    කැනඩා වගේ රටවලත් වාහන ලාබ උනාට ඉන්ෂුරන්ස් පට්ට ගණන්. ඒ වගේම තමා මේන්ටෙනන්ස්. ඒක තමා අපේ රටේ විට්ස් එකේ ගාණට එහෙ BMW තිබ්බට සල්ලි යහමින් තියෙන උන් විතරක් ඒව ගන්නත්, එහෙම වාහන තියෙන උන් එහෙත් සල්ලිකාරයො විදියට ගනන් ගන්න හේතුව. අපේ යාලුවොත් හිටියා UK එහෙම ගිහින් අඩුවට Jeep එහෙම අරන් පස්සෙ හොන්බ බිම ඇනගත්තු.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,340
    113
    @netnet Are these things true?
    100 ටෲ බන්. මෙහෙ කරන ජොබ් එකට හිනාවෙන සමාජයක් නමෙයි බන්. ජනාදිපති අගමැතිටත් නම කියල කතා කරන්නේ. උන් දෙන්න පාරේ ඇවිදන් ගියත් පස්සේන් යන්න මුට්ටි අල්ලන්න හෙන්ජයියෝ නැහැ. මැද පෙරදිග සහ ලොකයේ අනික් අරටවල් එක්ක සන්සන්දනය කලාම ඉස්‍රයාල් කියන්නේ ලිවින් ස්ටයිල් වලින් උඩින්ම ඉන්න රටක්. ඒ වගේම මෙහෙ ඉන්කම් එකට ගැලපෙන විදියට තමා වියදම. වාහන ගත්තත් මෙහට රීකන්ඩිසන් වාහන ගෙන්නන්නෙ නැහැ. බ්‍රෑන්ඩ් නිව් . පාවිච්චි කල 2009 වගේ වාහනයක් ලන්කා මුදලින් රු ලක්ස 4 වඩා අඩුවෙන් ගන්න පුලුවන්. හේතුව ලන්කාව වගේ පරන වෙන්න වෙන්න ගනන් යන අමුතුම මාර්කට් එකක් නෙමෙයි මාර විදියට අඩු වෙන මාර්කට් එකක් තියෙන්නෙ. ලන්කාවේ ටොයෝටා මාර්කට් උනාට 2018 මෙහෙ බෙස්ට් සේලින් වාහනේ උනේ මැස්ඩා හේතුව සැප පහසුවයි. අනික මෙහෙ ගොඩ ප්‍රසිද්ද වාහන වෙන්නෙ යුරෝපීය වාහනයි.
    ගොඩක් හොද ස්තාවර ආර්තිකයක් තියෙනෙ රටක්. 😍
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කැනඩා වගේ රටවලත් වාහන ලාබ උනාට ඉන්ෂුරන්ස් පට්ට ගණන්. ඒ වගේම තමා මේන්ටෙනන්ස්. ඒක තමා අපේ රටේ විට්ස් එකේ ගාණට එහෙ BMW තිබ්බට සල්ලි යහමින් තියෙන උන් විතරක් ඒව ගන්නත්, එහෙම වාහන තියෙන උන් එහෙත් සල්ලිකාරයො විදියට ගනන් ගන්න හේතුව. අපේ යාලුවොත් හිටියා UK එහෙම ගිහින් අඩුවට Jeep එහෙම අරන් පස්සෙ හොන්බ බිම ඇනගත්තු.
    ඔව් වාහනෙ ගත්තා වගෙ නෙමෙ නඩත්තුව .
    එත් තෙල් ප්‍රයිස් එක ගත්තොත් තෙල් තියෙන රටවල් වල තමා අඩුම .
    මැද පෙරදිග නම් කටාර් වල තමා ගාණ අඩුම තෙල් ප්‍රයිස් එක .
    යුරොප් ,නොර්ඩික් රටවල් වල තමා තෙල් ප්‍රයිස් එක ඉහලම.

    අනික කටාර් ව්ලා ඩ්‍රයිවින් ලයිසන් එක තියෙ නම් බොහො දුරට වාහනයක් දෙනවා කම්පැණි එකෙන් තෙල් ෆ්‍රී සමහරක් කම්පැණිස් වල .
    නඩත්තුව සෙරොම කම්පැණි එකෙන් නෙ ?
    එක නිසා ගාණක් නැහැ ගොඩක් වෙලාවට .
    වාහනයක් තියෙන එක අවුලක් නෙමෙ මෙහෙ .එත් වහනයක් තිබ්බ කියලා අපිව ගණන් ගන්න කවුරුත් නැහැ නෙ ?
    කොටින්ම අපිව මනිනෙ අපෙ උන් විතරයි වාහනෙන් .
    හොඳම දෙ පබ්ලික් ට්‍රන්ස්පොටෙශන් එක පාවිච්චි කරන එක කොලිටි එකට තියෙන නිසා.
    කම්පැණි එකෙන් වහනයක් දුන්නොත් අන්න සිරා .

    100 ටෲ බන්. මෙහෙ කරන ජොබ් එකට හිනාවෙන සමාජයක් නමෙයි බන්. ජනාදිපති අගමැතිටත් නම කියල කතා කරන්නේ. උන් දෙන්න පාරේ ඇවිදන් ගියත් පස්සේන් යන්න මුට්ටි අල්ලන්න හෙන්ජයියෝ නැහැ. මැද පෙරදිග සහ ලොකයේ අනික් අරටවල් එක්ක සන්සන්දනය කලාම ඉස්‍රයාල් කියන්නේ ලිවින් ස්ටයිල් වලින් උඩින්ම ඉන්න රටක්. ඒ වගේම මෙහෙ ඉන්කම් එකට ගැලපෙන විදියට තමා වියදම. වාහන ගත්තත් මෙහට රීකන්ඩිසන් වාහන ගෙන්නන්නෙ නැහැ. බ්‍රෑන්ඩ් නිව් . පාවිච්චි කල 2009 වගේ වාහනයක් ලන්කා මුදලින් රු ලක්ස 4 වඩා අඩුවෙන් ගන්න පුලුවන්. හේතුව ලන්කාව වගේ පරන වෙන්න වෙන්න ගනන් යන අමුතුම මාර්කට් එකක් නෙමෙයි මාර විදියට අඩු වෙන මාර්කට් එකක් තියෙන්නෙ. ලන්කාවේ ටොයෝටා මාර්කට් උනාට 2018 මෙහෙ බෙස්ට් සේලින් වාහනේ උනේ මැස්ඩා හේතුව සැප පහසුවයි. අනික මෙහෙ ගොඩ ප්‍රසිද්ද වාහන වෙන්නෙ යුරෝපීය වාහනයි.
    ගොඩක් හොද ස්තාවර ආර්තිකයක් තියෙනෙ රටක්. 😍
    ඊශ්‍රායල් සිරා රටක් කියලා අහලා තියෙනවා.
    සමහරු ගෙවත්තෙ වගා කරනවා අපෙ රටෙන් ඔය හවුස් මේඩ් ගිය කට්ටිය එහෙම .
    වගා කරන්නත් පුළුවන් ක්ලයිමට් එකක් තියෙනවාළු නෙ ?
    ------ Post added on Jan 13, 2021 at 11:45 AM

    ape ewaunge attitude awul marama widiyata
    වාහන පු* අමාරුව .
    වාහනයක් තියෙන එක අවුලක් නෙමෙ
    එත් ඒ සම්බන්ධව තියෙන ආකල්පෙ පට්ට අවුල් .
    ------ Post added on Jan 13, 2021 at 11:47 AM
     
    • Like
    Reactions: ElaBaba and dmsupun