පළවෙනි දේ වාහන කියන්නෙ status මනින දෙයක් කියලා අදහස් කිරීමක් කරලා නෑ මේක ලියපු කෙනා. ඒක හොඳටම ෂුවර්. නමුත් වාහනයක් status මනින දෙයක් කරගන්නත් පුලුවන් ඕනම රටක. ඒක වෙනම කතාවක්. ඕන නම් ඒකත් කියන්නං.
පෝස්ට් එක දාපු කෙනා කියල තියෙන්නෙ දියුණු රටක නුපුහුණු කම්කරුවෙක් වගේ රස්සාවක් (ඒ කියන්නේ අඩුම සුදුසුකම් ඕන වෙන රස්සාවක් වෙන දෙයක් නෙවෙයි) කරන කෙනෙකුට උනත් තමන්ට උවමනා දෙයක් කරගන්න තරම් හොඳ ආර්ථික තත්වයක් තියෙනව කියලා. ඒ කිව්වේ ඒ දාලා තියෙන වාහනේ වගේ වාහනයක් ගන්න ඕන නම් ඒකට උනත් හැකියාවක් තියනවා කියලා. වාහනයක් වගේ දේකින් ඒක පෙන්නුවාම කන්න තියනවාද, බොන්න තියනවාද, ගෙයක් තියනවාද අහන්න දෙයක් නෑනෙ. වාහනයක් ගන්න සල්ලි තියෙනව නම් අනිත් ඒවා කොහොමත් තියෙනව.
එහෙම උනාම තමයී ඒක magic එකක් නොවෙන්නෙ. ලංකාවේ ඔයවගේ වාහනයක් ගන්න එක magic එකක් වෙන්නෙත් ලංකාවේ ඒක කරන්න තියෙන අමාරුකම නිසානෙ.ලංකාවේ උනත්වැඩි ප්‍රමාණයක් මිනිස්සු වාහන ගන්නෙ status පෙන්නන්න නෙවෙයි මගේ නම් තේරුම් ගැනීම අනුව. ඒක අත්‍යාවශ්‍ය නිසා. දැන් ලෝකේ වාහනයක් කියන්නෙ මූලික අවශ්‍යතාවයක් වගේ.
එතකොට ඇයි දියුණු රටවල් වල මිනිස්සු public transport පාවිච්ච් කරන්නෙ. (ඇත්තටම කිව්වොත් වැඩිපුර public transport පාවිච්චි කරනවා කියන එක මම පිළිගන්නේ නෑ හරි survey එකක් නැතුව. ඒක වෙනම කතාවක්.) දියුණු රටවල් වල මිනිස්සු පාවිච්චි කරන්නෙ තමන්ට වඩා පහසු හෝ ලාභදායී විදිය. ලාභදායී කිව්වම වැරදියට තේරුම් ගන්න එපා.මේ කියන්නේ වාහනයක් ගන්න බැරි නිසා ලාභදායී කියන එක නෙවෙයි. ලංකාවේ නම් බහුතරයක් එහෙමයි. දියුණු රටක public transport වල යන බහුතරයට පෞද්ගලික වාහන තියෙනවා. එකක් නෙවෙයි සමහරවිට දෙක තුනක්. ඒවා පාවිච්චි කරන්න ඕන වේලාවට ඒවා තියෙනව. අනික public transport සුපිරියටම තියෙනවා.
සරලවම කෙටියෙන්ම කිව්වොත් වෙන කරන්න දෙයක් නැතිකමට නෙවෙයි public transport පාවිච්චි කරන්නේ ලංකාවේ වගේ. ලංකාවේ අයට බහුතරයට එහෙම choice එකක් නෑ.
කෙටියෙන් කිව්වොත්,
උඹ කියල තියෙන කතාවේ හැටියට මට නම් පේන්නෙ දියුණු රටවල් වල මිනිස්සු කැමැත්තෙන්ම සුපිරි public transportation පාවිච්චි කරනවා. ලංකාවේ මිනිස්සු එහෙම සුපිරි public transport තිබිලත් පාවිච්ච් කරන්නෙ නෑ. ඒක මට හිතාගන්න බෑ වගෙ කතාවක්.
අනික මචං උඹ Qatar ගියේ උබට ලංකාවේ කන්න බොන්න වගේ මූලික අවශ්‍යතා වත් නැති නිසාද?
