ඔටෝමැටික් හෙඩ් ලයිට් රේන්ජ්කොන්ට්රෝල්
ඔටෝමැටික් හෙඩ් ලයිට් රේන්ජ්කොන්ට්රෝල් සිස්ටම්/ඇඩප්ටිව් හෙඩ් ලයිට් සිස්ටම්.
ඔටෝමැටික් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් සිස්ටම් එහෙම නැත්නම් ඇඩප්ටිව් හෙඩ් ලයිට් සිස්ටම් කියන්නේ මොකක්ද?
බොහෝ නවීන වාහනවල වාහනයේ ඉදිරි මාර්ගය ආලෝක කිරීම සඳහා තියෙන හෙඩ් ලයිට් එලිය ස්වයංක්‍රීයව එජස්ට් කිරීම සිදුකරනවා.මේ සිස්ටම් එකට කියනවා ඔටෝමැටික් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් සිස්ටම් එහෙම නැත්නම් ඇඩැප්ටිව් හෙඩ් ලයිට් කියලා.ඒ කියන්නේ වාහනයේ ලෝඩ් එක අනුව,වාහනය නැවැත්වීමේ දී සහ ඉදිරියෙන් එන වාහන වල අලෝක තත්වයන් අනුව ස්වයංක්‍රීයව හෙඩ් ලයිට් එලිය එජස්ට් කිරීම සිදුකරනවා.තවත් විදිහකට කිව්වොත් හෙඩ් ලයිට් කොන්ට්‍රෝල් ෆන්ෂන් එකෙන් ස්වයංක්‍රීයව හෙඩ් ලයිට් කෝණය උඩට සහ පහලට වාහනයේ ලෝඩ් එක අනුව ස්වයංක්‍රීයව එජස්ට් කරනවා.
මේ හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් සිස්ටම් වල ස්ටැටික් සහ ඩයනමික් කියලා සිස්ටම් වර්ග දෙකක් තියෙනවා.ස්ටැටික් සිස්ටම් එකේ දී වාහනයේ ඉන්න මගීන් සහ පිටුපස බූට් එකට පැටවෙලා තියෙන බර අනුව හෙඩ් ලයිට් එලිය ස්වයංක්‍රීයව එජස්ට් වෙනවා.ඩයනමික් සිස්ටම් එකේ දී වාහනය වංගුව ගැනීමක දී,ඉදිරියෙන් එන වාහන වල එලිය අනුව,ඇක්ස්ලේටර් කිරීමේදී සහ බ්රේක් කිරීමේ දී වාහනයේ ඇතිවෙන වෙනස්වීමට අනුව නිවැරදිව හෙඩ් ලයිට් ස්වයංක්‍රීයව එජස්ට් වෙනවා.මේ ස්ටැටික් සිස්ටම් එකේ දී හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් ලෙවල් සෙන්සර්,ඉලෙක්ට්‍රොනික් ස්පිඩෝමීටර් සහ ABS කොන්ට්‍රෝල් යුනිට් එකෙන් ලැබෙන සිග්නල් භාවිතා කරලා වාහනය ඒකාකාර වේගයකින් ගමන් කරමින් තියෙනව ද නවත්තලා තියෙනව ද කියලා අඳුරගන්නවා.
ඩයනමික් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් සිස්ටම් එකේදී වාහනයේ සියලුම ධාවන තත්වයන්ට අනුව නිවැරදිව හෙඩ් ලයිට් එලිය එජස්ට් වීම සිදුවෙනවා.ඒ වගේම හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රොල් යුනිට් එක මගින් ඇක්ස්ලේටර් සහ බ්රේක් කිරීමේ දී වාහනයේ වේග වෙනස්වීමේ දී සිග්නල් වෙනස්වීම අධීක්ෂණය කරනවා.ඒ වගේම ඩයනමික් සිස්ටම් එකේ දී මේ අතිරේක සිග්නල් අධීක්ෂණය කරන්න සාමාන්‍ය කොන්ට්‍රෝල් යුනිට් එකකට වඩා ටිකක් පවර්ෆුල් කොන්ට්‍රෝල් යුනිට් එකක් භාවිතා කරනවා.මේ හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් සිස්ටම් සඳහා භාවිතා කරන හෙඩ් ලයිට් ඇතුලේ තියෙන හෙඩ් ඇක්චුඒටර් මෝටර් එකෙන් තත්පරයක් වගේ කෙටි කාලයක් ඇතුලත හෙඩ් ලයිට් රේනජ් එක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.ඒ වගේම මේ කියන ඔටෝමැටික් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් සිස්ටම් තියෙන වාහන සඳහා සෙනොන් හෙඩ් ලයිට් භාවිතා කිරීම නීතියෙන් අනිවාර්ය්යය කරලා තියෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
16/02/2017