ඔටෝ ගියර වාහන වල දෝෂ ඇති වන්නේ රියදුරන් නි#

ශ්‍රී ලංකාවේ අද වන විට වැඩ් වශයෙන් ඔටෝ ගියර සහිත වාහන භාව්තය වැඩ් වි තිබෙයි. එසේ වීමට හේතුව ලෙස ඔටෝ ගියර සහිත වාහන පැදවීමේදී රියදුරුහට ලබාදීඇති පහසුව සලකා බැලිය හැකියි. සාමාන්‍යයෙන් ගියර පද්ධතිය අනුව වාහන කොටස් දෙකකට වෙන්කල හැකියි. ඵනම් මැනුවල් ගියර සහ ඔටෝ ගියර සහිත වාහන යනුවෙනි .
එහෙත් මැනුවල් ගියර සහිත වාහන පැදවීම රියදුරන් හොදින් දන්නා අතර ඔටෝ ගියර සහිත වාහන පැදවීම පිළිබදව නිසි අවබෝධයක් නොමැත. එසේ සිදුවී ඇත්තේ ඒ පිළිබදව හරි දැනුවත් කිරීමක් සිදුනොවීමයි.
එනම් ඔටෝ ගියර සහිත වාහන පැදවීම සදහා දැනගතයුතු ප්‍රධාන කරැනු කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
එක පාදයක් පමනක් (දකුණු පාදය) භාවිතා කිරීම.
P සහ N අවස්ථාව.
O/D අවස්ථාව.
කික්ඩයුන් (kick down) අවස්ථාව.
කන්දකදී සහ පල්ලමකදී.
මාර්ග තදබදයකදී.
එනම් ඉහත කරැනු එකිනෙක පැහැදිලි කර ගනිමු.
ඔටෝ ගියර සහිත වාහන වල ක්ලච් පැඩලය ඉවත් කර ඇති අතර ඒ වෙනුවට පාද ආධාරකයක් ලබා දී ඇත. එනම් බ්රේක් පැඩලය සහ ඇක්සලරේටර් පැඩලය පෑගීම සදහා දකුණු පාදය පමණක් භාවිතා කල යුතුය. P අවස්ථාවේ ඇති ගියර ලීවරය D අවස්ථාවට දැමීමට බ්රේක් පැඩලය (දකුණු පාදය) තද කල යුතු අතර ඉන්පසු බ්රේක් පැඩලයෙන් දකුණු පාදය ඉවත් කර ඇක්සලරේටර් පැඩලය පෑගීම කලයුතුය. මෙහිදී සමහර රථවාහන නිෂ්පාදකයින් විසින් බ්රේක් පැඩලය නිදහස් කරන විට (ඇක්සලරේටර් පැඩලය පෑගීමට පෙර) රථය ඉදිරියට සෙමෙන් ධාවනය වන ලෙස නිෂ්පාදනය කර තිබෙයි. ඉන්පසු තමන්ට අවෂය ප්‍රමානයට ඇක්සලරේටර් පැඩලය පාගා රථයේ වේගය වැඩිකරගත හැකිය. එහෙත් සමහර රියදුරන් නොදැනුවත් කම නිසා ඔටෝ ගියර සහිත වාහන පැදවීම සදහා පාද දෙකම පාවිච්චි කරයි. එනම් බ්රේක් පැඩලය සදහා වම් පාදයද, ඇක්සලරේටර් පැඩලය සදහා දකුණු පාදයද පාවිච්චි කරයි. එනම් බ්රේක් පැඩලය පාගා ගියරය D අවස්ථාවට දැමූ පසු බ්රේක් පැඩලය පාගා සිටියදීම ඇක්සලරේටර් පැඩලය පෑගීම සිදුකරයි. එවිට ඇක්සලරේටර් පැඩලය පෑගීම නිසා වාහනය ධාවනය විය යුතු අතර බ්රේක් පැඩලයද පාගා ඇති නිසා වාහනය ගමන් නොකරයි. එසේ දිගින් දිගටම සිදු වුවහොත් ඔටෝ ගියරයේ ඇති ටෝක් කන්වර්ටරයට (Torque Converter) හානි සිදුවේ.
මැනුවල් ගියර සහිත වාහනයක් කුමන හෝ ගියරයක වේගයෙන් ධාවනය කරන විට රියදුරැ විසින් ඇක්සලරේටර් පැඩලය නිදහස් කල විට එයට එන්ජින් බ්රේක් එක ස්වය්යන්ක්රීව ලැබේ. මෙය අපි එන්ජිම over run අවස්ථාව ලෙස හදුන්වයි. එනම් රෝද මගින් එන්ජිම කරකැවීමයි. එවිට රියදුරැ හට පහසුවෙන් බ්රේක් අඩුවෙන් යොදා රථයේ වේගය පාලනය කරගත හැක. සාමාන්‍යයෙන් ඔටෝ ගියර වාහනවල ඉන්ධන පරිභෝජනය, මැනුවල් ගියර සහිත වාහනයකට වඩා වැඩිය. එනම් ඔටෝ ගියර වාහනවල සියලුම ගියර වලදී එන්ජින් බ්රේක් එක ලැබෙන ලෙස නිෂ්පාදනය කලහොත් ඉන්ධන පරිභෝජනය ඉහලයාම සිදුවේ. එනම් ඇක්සලරේටර් පැඩලය නිදහස් කරන සෑම විටම එන්ජින් බ්රේක් එක ලැබී රථයේ වේගය අඩුවේ.එවිට වේගය වැඩි කර ගැනීමට ඇක්සලරේටර් පැඩලය වැඩිපුර පෑගීමට සිදුවේ.මේනිසා වාහන නිෂ්පාදකයින් විසින් සිදුකර ඇත්තේ D අවස්ථාවට විශේෂ Free wheel ක්ලචයක් දමා එන්ජින් බ්රේක් එක ඉවත් කර තිබෙයි.එන්ජින් බ්රේක් එක ලබා ගැනීමට අමතර ස්විචයක් යොදා ඇත. එය නම් O/D ON OFF ස්විචයයි. O/D යනු Over drive කියන අවස්ථාවයි. ඔටෝ ගියර සහිත වාහනවල ගියර ලීවරයේ P R N D 2 L යනුවෙන් සදහන් කර ඇති අතර මෙම වාහනයේ D අවස්ථාවේදී ගියර 4 ක් ස්වය්යන්ක්රීව පිලිවලින් ගියර මාරැවේ. මෙම වාහනවල ගියර ලීවරයේ ඇති කුඩා ස්විචය වරක් තද කල විට මීටර පුවරැවේ O/D OFF යනුවෙන් බල්බයක් දැල්වේ. එනම් O/D OFF කල විට D අවස්ථාවේදී ගියර 3 ක් පමණක් මාරැවන අතර එන්ජින් බ්රේක් එකද ක්‍රියාකරයි.
මැනුවල් ගියර වාහනයක් ධාවනය කරන විට එයට ඉදිරියෙන් තවත් වාහනයක් සෙමින් ගමන් කරන්නේ යැයි සිතමු, එවිට ඉදිරියෙන් ඇති වාහනය ඉස්සර කිරීමට නම් එම වාහනයට වඩා වැඩි වේගයක් ලබාගෙන ඉස්සර කිරීම කල යුතුයි. එවැනි අවස්ථා වලදී රියදුරැ විසින් කරන්නේ වාහනය ධාවනය කරන ගියරයේ සිට අඩු ගියරයකට මාරැ කර ක්ෂනිකව වේගය වැඩි කර ඉදිරියෙන් ඇති වාහනය ඉස්සර කිරීමයි. මෙය ඔටෝ ගියර සහිත වාහනයක් නම් ටිකක් වෙනස් ආකාරයකට සිදුවේ. සමහර රියදුරන් නොදැනුවත් කම නිසා වාහනයක් ඉස්සර කිරීමේදී තමන් ගමන් කරන ගියරයේම ධාවනය කරයි. එවිට ඉදිරියෙන් ඇති වාහනය ඉස්සර කිරීමට වැඩි වේලාවක් ගතවේ. එවැනි අවස්ථාවලදී කලයුත්තේ ඇක්සලරේටර් පැඩලය ක්ෂනිකව සම්පූර්ණයෙන් තද කිරීමයි. එවිට ක්ෂනිකව අඩු ගියරයකට ගියරය මාරැවී රථයේ වේගය වැඩිවේ. එවිට පහසුවෙන් ඉදිරියෙන් ඇති වාහනය ඉස්සර කිරීමට හැකිය. මෙය කික්ඩයුන් (kick down) අවස්ථාව ලෙස හැදින්වේ.
කන්දක් නැගීමේදී මැනුවල් ගියර වාහනයක් නම් 1 සහ 2 ගියර පමණක් භාවිතා කරයි. එනම් ඔටෝ ගියර සහිත වාහනයක් කන්දකදී D අවස්ථාවට ගියර දමා ධාවනය කලහැක. එහිදී රථයේ වේගය වැඩි නොවන නිසා ගියර මාරැනොවී අඩු ගියරයේ පමනක් කන්ද නැගීම සිදුවේ. විශාල කන්දක් නම් 2 හෝ L අවස්ථාව භාවිතා කල හැක. මැනුවල් ගියර වාහනයක් පල්ලමක් බැසීමේදී බොහෝ රියදුරන් කරන්නේ අඩු ගියරයකට ගියරය දමා ධාවනය කිරීමයි. එවිට එන්ජින් බ්රේක් එක වාහනයට ලැබෙන නිසා බ්රේක් පැඩලය පෑගීම අනිවාර්ය නොවේ. ඔටෝ ගියර සහිත වාහනයක් පල්ලමක් බැසීමේදී සමහර රියදුරන් නොදැනුවත් කම නිසා D අවස්ථාව භාවිතා කරයි. එවිට සිදුවන්නේ රථයේ වේගය වැඩිවීම නිසා බ්රේක් පැඩලය තදකරගෙනම සිටිය යුතුවේ. එසේ බ්රේක් පැඩලය තදකරගෙනම සිටීම නිසා බ්රේක් පෑඩ් සහ ඩිස්ක් වල තාපය වැඩිවී ඒවා ප්රසාරනයවී රෝද සිරවී වාහනය පාලනය කරගත නොහැකිව රියඅනතුරැ පවා සිදුවිය හැකිය. එමනිසා ඔටෝ ගියර සහිත වාහනයකදී කලයුත්තේ 2 හෝ L අවස්ථාවට ගියර ලීවරය දමා පල්ලම බැසීමයි. එවිට මැනුවල් ගියර වාහනයක මෙන් එන්ජින් බ්රේක් එක වාහනයට ලැබෙන අතර සෑම විටම අඩු ගියරයක ගමන් කරන නිසා ආරක්ෂාකාරීව ධාවනය කලහැක.
කොලඹ වැනි රථවාහන බහුල ප්‍රදේශයක ධාවනය කරන විට සිග්නල් ලයිට් (සිඥල් ලිඝ්ත්), වාහන තදබද නිතරම හමුවේ. වාහන තදබදයකදී හෝ සිග්නල් ලයිට් අසලදී වාහන නතර කර ගෙන ස්වල්ප වේලාවක් සිටීමට සිදුවේ. එම වේලාව වැඩිවන අවස්ථාද නැතුවාම නොවේ. එවිට බොහෝ රියදුරන් කරන්නේ මැනුවල් ගියර වාහනයක් නම් 1වන ගියරයට දමා ක්ලච් පැඩලය පාගාගෙන සිටීම හෝ ගියරය නියුටරල් (Nutral) කර තැබීමයි. ඉන්පසු සුදුසු වේලාව පැමිණි විට ක්ලච් පැඩලය නිදහස් කර ගමන ආරම්භ කල හැකියි. ඔටෝ ගියර සහිත වාහනයක නම් වාහන තදබදයකදී නතර කල පසු සමහර රියදුරන් D අවස්ථාවේම ගියර තබා බ්රේක් පැඩලය පාගාගෙන සිටියි. එනම D අවස්ථාවේදී 1 වන ගියරයට වැටී ඇති අතර වාහනය ධාවනයට සූදානමින් සිටියි. එහෙත් බ්රේක් පැඩලය පාගාගෙන සිටින නිසා බලහත්කාරයෙන් මෙන් වාහනය නතර කරගෙන සිටියි. එවිට ඔටෝ ගියරය තුල තෙල් පීඩනය වැඩි වන අතර එමගින් ටෝක් කන්වර්ටරයට (Torque Convertor) මෙන්ම අනෙකුත් කොටස් වලට හානි වීම සිදුවේ. එසේ නම් ඔටෝ ගියර සහිත වාහනයක් වාහන තදබදයකදී හෝ සිග්නල් ලයිට් අසලදී නතර කරගෙන සිටියි නම් ගියර ලීවරය D සිට N අවස්ථාවට මාරැ කල යුතුයි.
http://www.virtualgarage.lk/