ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,628
    1,469
    113
    41
    Weligama, Sri Lanka
    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මෙය ප්‍රබන්ධයක්‌ නොවන බවටත්, සත්‍ය කතාවක් වන බවටත් ප්‍රකාශ කරමි.... නම් ගම් සියල්ල මනඃකල්පිතයි.... ජිවිතේ කියන්නේ මොකක්ද කියල නොතේරෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..

    ළමා කාලය, පාසල් කාලය, තරුණ අවධිය, පළමු පෙම් සම්බන්දතා, හැර යාම්, විවාහ, වෙන වීම්, පසුතැවීම් වගේ දේවල් තමයි ගොඩක් අද සමාජේ තියෙන්නේ.... ඒ අතරින් මගේ මේ කතාව ගොඩක් දුරට වෙනස් වෙයි.... එක පිටුවක ලියන්න පුළුවන් ප්‍රමාණය සීමිත බැවින් එකම ත්‍රෙඩ් එකේ පිටු කිහිපයක ලියන්න වෙයි වගේ.....

    මම ගොඩක්ම සංවේදී කෙනෙක් උනත් ලියද්දි රසය අඩු වෙන්න පුළුවන්... ඒ පිලිබඳ සමාව අයැද සිටිනවා.... මගේ නම ලබුස්‌ කියල හඳුන්වන්නම්...

    පවුලේ වැඩිමල වෙච්ච මට සිටියේ තවත් එක් අවුරුද්දක් බාල සහෝයුරෙක් පමණයි..... තාත්ත අති දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙච්ච නිසා පළාතේ හැමෝම දැන සිටියා... අම්ම රස්සාවක් කලේ නැහැ.... පොඩි කාලේ මට මාස 6ක වෙද්දී තමයි මට අපල පල දෙන්න පටන් ගත්තේ....:eek::eek: මට බඩ යන්න පටන් අරගෙන... නවත්තන්නේ නැතිව.... මාව සනීප කරගන්න අම්මල නොගියපු තැනක නැතිලු.... අන්තිමේදී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් බෙහෙත් කරලා.....:yes::yes: එයා දුන්නලු බෙහෙත් වගයක්... ඒ බෙහෙත් ගොඩක් සැරයිලු.... මගේ ජිවිතේ බේරගන්න ඕන නිසා අම්මල ඒ බෙහෙත් දීල.... මට අවුරුදු 16 18 වගේ උනාම මගේ දත් වලට බලපායි කියලයි ඩොක්ටර් කියල තියෙන්නේ.... පොඩි කාලේ ඉඳලම මම ගොඩක් සැහැල්ලු චරිතයක්....

    එකට හේතු උනේ මල්ලි වැරද්දක් කලත් ගුටි කන්නේ මම.... මල්ලිට ගහන්න එද්දී එයට කලිසමේ චු යනවා, ඒ නිසා ඒ වෙලාවට හිනා ගියාම තාත්ත ඒ කේන්තිය මගෙන් පිට කරනවා.... ඒ හේතුවෙන් මම තාත්තගේ මුහුණ දකිද්දී වෙවුලනවා.... මල්ලි, එයාට ගහන්නේ නැහැ කියල දන්නා නිසා ගොඩක් දඩබ්බර උනා.... තාත්ත ඒ දවස වල සිගරට් බොනවා... ඒ විසි කරන කොට අහුලාගෙන මල්ලි බොනවා....
    එක දවසක් අපේ ගෙවල් ළඟ නංගිලා එක්ක අපි සෙල්ලම් කර කර හිටියා... තාත්තත් ඒ කිට්ටුව හිටියේ.... ඒ නංගි කෙනෙක් මගේ ලඟින් ඉන්න ගමන් පහත් වෙලා චු කරන්න පටන් ගත්ත... මම කලින් දැකපු නැති දෙයක් නිසා එබිලා බැලුව.... තාත්ත එදා මට හොඳටම ගැහුවා.... ඒ හේතුවෙන් මට ගැහැණු ළමයි එක්ක කතා කරන්න වත් බය උන..... මල්ලි නම් කුකුළා... එයා මොන දේ කලත් බඩපිස්සා නිසා හැමෝම හුරතල් කළා.....

    අපි ගියේ මිශ්‍ර පාසලකට 5 වසරට යනකන්.... මට යහළුවෝ හිටියේ නැහැ... හැමෝම මාව කොන් කළා.... කාත් එක්ක හරි කතා කරලා තිබුනොතින් තාත්ත බනිනවා.... හේතුව දන්නේ නැහැ.... කලින් චූ සීන් එක නිසා මම ගැහැණු ළමයි එක්ක කතා කරන්න බය උනා.... ඒ විදියට පාසල් කාලේ ගෙවිල යද්දී, මල්ලි කෙල්ලොන්ගේ කරට අත දාගෙන යන්නත් උනා.... තාත්තලට ඒවාට හිනා.... මට තමයි සේරම..

    2.gif
    2.gif
    2.gif


    පවුලේ නෑදෑයෝ අතරේ අහිංසක චරිතයක් හිමි උනත් මම ගොඩක් දුකින් හිටියේ.... තනි වෙලා හිටියේ.... අක්ක කෙනෙක් කතා කලත් මම ඇඹරෙනවා..... කාත් එක්කවත් කතා කරන්නත් බය උනා.... කාලය ගෙවිල ගිහින් මම දෙයියනේ කියල ශිෂ්‍යත්වේ ඉහළින් ෆේල් උනා..... ප්‍රතිඵල බලන්න ඉස්කෝලෙට ගිහින් ගෙදර ආවේ අද ගුටි කන සිස්ටම් එක මොකක්ද කියල හිත හිතා... එත මගේ වෙලාවට නැන්දලා ඇවිල්ල හිටියා.... නැත්නම් එදත් පිට පිරෙන්න වේවැල් පුජාව ෂුවර්.....

    ශිෂ්‍යත්වෙන් පස්සේ මම පිරිමි ඉස්කොලේට ගියා.... වටේට ගියපු ගියපු සේරටම යාලුවෝ හිටියත් මට හිටියේ මම විතරයි.... මම අහිංසක නිසා මට තරහ කාරයෝ නැහැ.... ඉන්න තරමක් හිටියේ අමු මදාවියෝ.... උන්ට ඉංග්‍රීසි කියල දීල,,, උන්ගේ ප්‍රශ්න පත්තර වලට මම හොරෙන් උත්තර ලියල තමයි උන්ව ශේප් කර ගත්තේ...

    කාලය ගෙවිල යද්දී හැමෝගෙම අවවාද මැද තාත්ත සිගරට් බොන එක නැවැත්තුව.... එය අපිට ගැහුවට යුතුකම් හරියට ඉටු කෙරුව.... ඉල්ලන දේ දෙපාරක් නොහිතා අපිට ගෙනත් දුන්න.... කොහොම උනත් ඉතින් මම ලොකු පුතානේ එයාගේ.... 8,9,10 වසරවල් පහු කරලා 11 වසරටත් ආව කියමුකෝ..... සාමාන්‍ය පෙළ මම පාස් උනා විෂයන් 8ම සම්මාන 5ක් එක්කම... එත් තාත්තට මදි... එයා මගේ කනෙන් අල්ලාගෙන අල්ලපු ගෙවල් වලට එක්ක ගිහින් ඒ මිනිස්සු එක්ක මට බැන්න... ඒ මිනිස්සුන්ට විහිළුවක් කළා මාව... මම ඇඩුව.... පස්සේ නැන්දලා ඇවිල්ල තාත්තට බැන්න කොල්ලගේ හිතේ තියෙන ශක්තිය විනාස කරන්නේ නැතිව හිටපන් කියල.... මගේ මද්දු නැන්ද කොළඹ මියුසියස් එකේ ටීචර් කෙනෙක්... එයාගේ දුව කැම්පස් එකේ උගන්වනවා....

    සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ කරන්න මම ආට් තෝරගත්ත.... එකට හේතු උනේ තාත්තගේ ගෝලයෙක් ඇවිල්ල මට බල කරා ආට් කරන්න කියල... තාත්තත් බැන්න කියන දේ කරපන් කියල... නැත්නම් මම කොමර්ස් කරන්න හිටියේ.... කොහොම හරි ක්ලාස් යද්දී කොල්ලෝ එක්ක කතා කරද්දී යාළුවො ටිකක් අති උනා.... ඒ වගේම හිරිමල් වයසේ නිසා ගැහැණු ළමයි දකිද්දී එන පිබිදීම මගෙත් උනා... යන්තං එහෙං මෙහෙන් රැවුල් කෑලි එක්ක මුහුණ, අනිත් ඒවා ඕන නැහැ.. ඒවත් එහෙම උනා..
    7.gif
    7.gif


    ඉස්කෝලේ වගේම පන්ති වලත් හොඳින් වැඩ කරපු විදියට හැමෝගෙම බලාපොරොත්තුව උනේ A4ක්.... ඉකෝන් ක්ලාස් එකේදී හම්බ උන ගීතිකා නිසා පොඩ්ඩක් ඉගැනීම අත පසු උනා.... එය එතකොට සාමාන්‍ය පෙළ කරනවා... අපි හැමදාම හම්බ උනා... හේතුව උනේ මගේ පන්තියේ සේරටම කෙල්ලෝ හිටපු නිසා මට නැති එක අඩුවක් බව කොල්ලෝ කියන්න ගත්ත නිසා.... මාත් එක්ක ෆිට් කොල්ලෝ ඒ වෙද්දී 6ක් හිටියා... කෙල්ල එද්දී එයාල මට විහිලු කරලා අන්තිමේදී කෙල්ල මාත් එක්ක යාලු උනා....
    9.gif
    9.gif


    වෙනදට දවල් වෙනකන් බුදියන මම හැමදාම ක්ලාස් කියා කියා උදෙන්ම යන්න ගත්ත කෙල්ලව බලන්න.... මම කරපු පව් මට අද තේරෙනවා.... මගේ තාත්ත මේ වෙද්දී පපුවේ අමාරුවක් හැදිලා පන්ති කරන්න බැරිව ගෙදර හිටියේ.... අම්ම දර පළල අපිට කන්න, අඳින්න, පන්ති වලට සල්ලි දුන්නා... ඒ වගේම තාත්තගේ බෙහෙත් වලටත් සල්ලි දුන්නා.... පොඩි දේටත් තාත්ත අම්ම එක්ක රන්දු කළා... කුණුහරුප විදිනවා..... තරුණ වයසේ දරුවෝ ඉන්නවා කියල ගානක් වත නැහැ...

    මේ වෙද්දී මට මාතර ටෙක් ශ්‍රී ලංකා එකේ ඩිප්ලෝම එකක් කරන්න ෆ්‍රී හම්බ උනා... ඒ යන්නත් සල්ලි දුන්නේ අම්මා.... මම සල්ලි එකතු කරගෙන පන්ති කට් කරලා කෙල්ලගේ පස්සෙන් යන්න පුරුදු උනා.... එයාගේ පන්ති තියෙන දවස පවා මම දන්නවා.... එක දවසක් මෙයට මම කතා කළා ෆිල්ම් එකක් බලන්න.... එත් "අය්යේ අද හදිසියේ ගාල්ලේ ක්ලාස් වටිලානේ, පස්සේ දවසක් යමු" කියල කිවුව..

    මට තේරුණා මෙය බොරුවක් කරන්නේ කියල... එය යනකන් ඉඳල මගේ යාලුවෝ කිවුව යමුද බං පස්සෙන් කියල... අපි එයාට හොරෙන් පස්සෙන් ගියා..... ගාල්ලේදී මෙයා අපිට මිසින් උනා.... ඒ මදිවට ක්ලාස් එකත් වහලා... මට හිතාගන්න බැරි උනා වෙච්ච දේ... කරන්න දෙයක් නැති නිසා අපි ගියා කොටු තාප්පේ ඇවිදින්න.... කොල්ලෝ විහිලු කර කර යද්දී මම හිත හිත ගියේ ගීතිකා ගැන.... ටික දුරක් යද්දී මම දැක්ක හොඳට හුරු පුරුදු කුඩයක්.... මම ඒ දිහා බලන ඉන්දැද්දී අරුන් ටික, "යකෝ අර වේසි නේද " කියල එතනට කඩන පැන්න... බලද්දී ගීතිකා වෙන කොල්ලෙක්ට තුරුළු වෙලා කුඩේ යට....

    අපේ කොල්ලෝ අර කොල්ලට ගහන්න හැදුව.. මම නැවැත්තුව... කෙල්ලෙක්ගෙ වලතු වැඩ වලට අර කොල්ල මොනවා කරන්නද... අපි ඒ කොල්ලට සේරම දේවල් කියල දීල ආව..... ගෙදර එනකන් මග දිගට බස් එකේදී මම අඩ අඩ ආවේ.... අර කොල්ලෝ මම ඉන්න තැන උන්ගේ කෙල්ලෝ ගැන කියන එකත නැවැත්තුව.... මට ජිවිතේ එපා උන‍ා... පාඩම කරන්න ගියත් මට පෙනුනේ ඒ සින් එක... අන්තිමේ මම සින්හල වලට S එකක් ලැබිල අනිත් ඒවා ෆේල් උනා... අම්ම එදා මාව බදාගෙන ඇඩුව..... මට දුක කෙල්ලෙක් නිසා අසාර්ථක උන එක..... තාත්ත මොනවත් කිවුවේ නැහැ.... එයටත් දුකයි කියල මට තේරුණා.... කෝච්චිය යන වෙලාවට රේල් පාර මැදට දුවල යන්න හිතුන වාර අනන්තයි... ඒ දුක දැනේනේ එක විඳපු කෙනෙක් විතරයි.... අනිත් පිටු වලින් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ඔයාලට.....

    මෙතන ඇති තරුණ දෙමවුපියෝ.... කවදාවත් තමන්ගේ දරුවට ගහන්න යන්න එපා... එයාලට සැර වර කරන්නත් එපා.... ළමා මනස දුෂණය උනොතින් එයාලගේ අනාගතේ විනාසයි.... ලජ්ජා බය ඕන උනත් ආදරෙන් කියල දීල ඒවා හදාගන්න....

    ඒ වගේම ඉගෙන ගන්න කාලේ ලවු කරන්න යන්න එපා.... එදා හරියට ඉගෙන ගත්ත නම් අද මම මෙච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ..... දෙමවුපියෝ දරුවොන්ට නොකා නොබී හම්බ කරලා දෙන්නේ එයාලට සැලකුම් ගන්න නෙවි... දරුවෝ ලස්සනට ඉන්නවා දකින්න... ඒ බව තේරුම ගනිද්දී මම ගොඩක් පරක්කුයි....

    ------> to next page
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,598
    7,035
    113
    31
    කෙල්ල ළඟ
    ඉතුරු ටිකත් දාපන් පරයො..:frown:
    පෙලක් ඒවා උඹම කියලා දැනගත්තට හරියටම විස්තරේ දන්නෙ නෑනෙ..:(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,381
    1
    1,647
    113
    පොල්ගස්ඕවිට
    ඉතුරු ටිකත් දාපන් මචං..:frown:
    පෙලක් ඒවා උඹම කියලා දැනගත්තට හරියටම විස්තරේ දන්නෙ නෑනෙ..:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,628
    1,469
    113
    41
    Weligama, Sri Lanka
    පොඩි කාලේ ගුටි කාල හැදුන නිසාද මන්ද මට කාලයත් එක්ක ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් උනා... ටෙක් එකේ කෝස් එක මම හරියට කළා.... මම ඒ කොම්පියුටර් කෝස් එක ඉහළින් පාස් උන‍ා.... ඒ අතරේ තාත්තට කියල මම එයාගේ ඉංග්‍රීසි පන්ති කරන්න ගත්තා.... ළමයි ගණන එන්න එන්නම වැඩි උන‍ා... ඉහලම ලකුණු ප්‍රතිශතයක් වගේම ඉංග්‍රීසි කතා කරන්නත් මම ළමයින්ට ඉගැන්නුවා.....

    ඒ අතරේ මම එක දෙයක් හිත‍ා ගත්ත.... ඒ තමයි අයිත් ජොබ් එකක් කරනතෙක් කෙල්ලෙක් ගැන හිතන්නේ නැහැ කියල.... එක දෙයකින් අසාර්ථක වෙද්දී මම ඉංග්‍රීසි, කොම්පියුටර් ගැන කරන්න ගත්තා.... මගේ නැන්දලා මාව එයාලගේ ගෙදර එක්කන් ගියා.... එහෙදි මම නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ පරිගණක වැඩසටහන් කරන ෆුල් ටයිම් කෝස් එකක් කරන්න පටන් ගත්තා... නැන්දලා වියදම් කළා..... එත් එක දෙයක්... මට සබකෝල ගතිය නිසා කාත් එක්ක වත කතා කරන්න මට බැරි උනා... උදේ රැස්වීමේදී මම කලන්තේ දාල වැටුනේ නැති එක විතරයි.....

    පස්සේ පස්සේ ටික ටික අළු ගසා දාල මම නැගිට්ට... මට අපේ මිස්ල වගේම සර්ලා ලොකු ශක්තියක් දුන්න... කලින් ටෙක් එකේ පළපුරුද්ද නිසා මම ගොඩක් වැඩ පෙන්නුවා පන්ති වල... මේ නිසා ගොඩක් කෙල්ලෝ මාත් එක්ක ෆිට් උනා.... උන්ගේ පපු මගේ පිටේ අතිල්ලෙද්දී මගෙන් පාඩම් අහගත්තු දවස් තිබුනා... එත් මගේ අධිශ්ටානය උනේ කෙල්ලෙක් යාලු නෙවී ඉගෙන ගන්න.... මම ඒ දේ කළා... අවසාන වාර විභාගෙදි අපි කරපු ප්‍රොජෙක්ට් එක ෆේල් උනා... ඒ මගේ කොම්පියුටර් එක පිච්චුනා නිසා.... ඉවර කරලා දෙන්න දවස දෙකක් තියෙද්දී අනිත් එවුන් මාව දාල ගියා.... මම තනි උනා... මගෙන් පාඩම් අහගත්තු එවුන් D පාස් ගනිද්දී මට ලැබුනේ C එකක්..... එත් මට කොම්පියුටරෙන් කරන්න බැරි දෙයක් නැහැ..... පුස්තකාලෙට හදල දුන්න සිස්ටම් එකක්.... විෂුවල් බේසික් වලින්...

    ඒ වගේ මගේ නම හැම තැනම රඳවාගෙන අපි කෝස් එක කරලා විසිර ගියා..... එහෙ ඉඳල අයිත් ගමට ආවම මම මිදිගම ලොඩ්ස්ටාර් එකේ වැඩට ගියා... ඉස්තිර රස්සාවක් සඳහා ඉහලම සුදුසුකම් තිබුන මම මැෂින් ඔපරේටර් කෙනෙක් විදියට තමයි ගියේ.... ඒ අතරේ තමයි දැනගන්න ලැබුනේ බිරිඳ පත්තරේ තිබුන "මගේ ලොවට ඔබ වඩින තුරා" තීරය.... මම කරපු ලොකුම මෝඩකම එදා කළා.... මම මගේ විස්තරයක් එකට යැවුවා....

    පස්සෙන්ද ගෙදර එද්දී ලියුම් 20 ක් විතර ඇවිල්ල කෙල්ලොන්ගෙන්..... ඒ අතරින් අහිංසක කෙල්ලෙක් තෝරාගන්න මම දුකක් වින්ද... පස්සෙන්දත් ලියුම්...... ඒ විදියට තමයි සුරනි හම්බ උනේ... එයා තලෙලුයි.... උසයි... මට කියල තිබුනේ උසස් පෙලට වෙනකන් ඉගෙන ගත්ත කියල.... මම එයට ලියුම් යැවුවා....

    එයත් මට එවුව... දවසක් එය මට ෆෝන් නම්බර් එකකුත් එවල තිබුනා.... රස්සාවක් තියෙන නිසා මම බය උනේ නැහැ.... ලස්සන කටහඬක් එයට තියෙන්නේ..... මට සුදු අය්ය කියල කතා කලේ.... එයාගේ වචන එක්ක මම මොහොතක් අතරමං උනා.... ඒ අනුව මම ගෙදරට හොරෙන් එහෙ ගිය එයාව බලන්න.... යාලුවෙක්ට කතා කලත් ඌ ආවේ නැහැ..... මම එහෙ ගියාම එයාව දැක්ක.... ෆොටෝ එකට වඩා පෙනුමක් තිබුනා... අහිංසක බවකුත් තිබුනා... ගෙදර ඇවිල්ල අම්මලට එයා ගැන කියල අපි සතියකින් එහෙ ගියා.... අවුරුදු 2ක් ආශ්‍රය කරලා බඳින්න අපි තීරණය කළා.... පස්සේ සතියේ එයාගේ අම්මල අපේ ගෙවල් දොරවල් බලන්න ආව.... එයාලට වඩා අපිට ටිකක් වත් පොහොසත් කම් තියෙනවා.... අක්කර 1 1/2 ඉඩම මල්ලිටයි මටයි....

    ඉතින් මේවා බලල එයාල යන්න කලින් එයාගේ අම්ම මට කතා කළා පැත්තකට... "පුතේ සති දෙකකින් මම රට යනවා, ඒ නිසා හෙට අපේ ගෙදර පොඩි උත්සවයක් තියෙනවා... සුරනි කිවුව පුතාටත් එන්න කියන්න කියල" .... කෙල්ල බලන්න තියේනම් වෙන මොනවත් ඕන නැහැනේ..... පස්සෙන්ද මම ඔෆිස් යනවා කියල ගෙදරින් එහෙ ගිය... ඔෆිස් එකට කිවුව තාත්තට සනීප නැති නිසා නිවාඩු ගන්නවා කියල....
    එහෙ යද්දී සේරම නෑදෑයෝ ඇවිල්ල හිටිය.... සුරනිත් ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියේ....

    ------->
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    23,088
    1,883
    113
    ඉතුරු ටිකත් දාපන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,628
    1,469
    113
    41
    Weligama, Sri Lanka
    එයා ගොඩක් සතුටින් හිටියේ.... මගේ ලඟින් වාඩි වෙලා මට තුරුළු වෙලා එය ඉන්නකොට මම එයාට හොරෙන් බැලුවේ එයාගේ පපුව දිහා.... එයා අහම්බෙන් දැක්ක.... මට ලජ්ජා හිතුනා.... "ඔයා ආසයිද" පිස්සුද කෙල්ලේ කියල මම ශේප් උනා.... පස්සේ ටිකක් ඉන්නකොට එයාගේ අම්ම මට බීම එකක් ගෙනත් දුන්නා... මම බොනව විතරයි මතක..... ඇහැරෙද්දි මම හිටියේ ඇඳක.... නිකන් නෙවි හෙළුවෙන්... මගේ ළඟ සුරනි හිටියා... එයත් එහෙමයි මම බය වෙලා ඇහුව මොකෝ උනේ කියල.... "ඔයා බිම එක බීල ඇඳට ඇවිල්ල මත් වෙලා වගේ මතක නැද්ද මට ඒවා මේවා කළා කියල එය කිවුව" ඒ වෙද්දී දවල් 2 ට විතර ඇති.... මේ මොකක්ද දෙයියනේ මේ වෙන්නේ කියල මම බය උනා...

    ටිකකින් මම අයිත් ඇඳගත්ත... එයත් ඇඳගෙන මගේ ලඟින් වාඩි උනා.... එතකොට එයාගේ අම්ම පුදුම වෙලා වගේම අපි ලඟට ආව.... "මොකක්ද ළමයෝ මේ කරපු අපරාදේ"
    "අනේ අම්මේ මම දන්නේ නැහැනේ"
    "අපි හිතුවේ නැහැ ඔයි ළමය මේ වගේ කෙනෙක් කියල, කමක් නැහැ දැන් ඉතින් අපේම පුතෙක්නේ, ලැහැස්ති වෙලා වෙන්න එලියට"
    "කෙල්ල අමාරුවේ වැටෙන්න දීල බැහැ, යන් බඳින්න"
    කියල මරන්න ගෙනියන හරකෙක් වගේ මාව එක්කන් ගිහින් බලෙන් බැන්දුව....
    මාව කම්පනයෙන් වේලිලා හිටියේ.... අනේ දෙයියනේ නොකරපු දෙකට මට මොකද්ද මේ උනේ කියල.....
    ගෙදරට බොරු කියල ආව නිසා තමයි මට මේ හැම දෙයක්ම විඳින්න උනේ...
    අපිව බැඳලා එක්කන් ඇවිල්ල එයාල පාටි දැම්ම... සුරනිගේ අම්ම බියර් බෝතලේ කටේ තියන බිවුවේ.... එයාලගේ බොන පාටි එක ආරම්භ කලේ සුරනිගේ ආච්චි..... සැන්ඩි නොකර ගල් අරක්කු වීදුරුව බොන ආච්චි දැක්කම මට වෙරි උනා...

    මම ලොකු රවටිල්ලකට අහු වෙලා කියල මට තේරුනා.... මම නිදි අතරේ මෙයාල ෆොටෝ අරගෙන.... මම පැනල ගියෝතින් සාක්ෂි වලට පෙන්වන්න.... එදා මට එන්න දුන්නේ නැහැ එයාල.... ගෙදරට කතා කරලා ශිෆ්ට් එකේ නයිට් එක අදිනවා කියල කිවුව මම.....

    එදා සේරම තැන් තැන් වල වැටිලා නිදි... සුරනිගේ අම්ම සුරනිගේ බාප්පා තුරුල්ලේ නිදි.... නැන්ද මස්සින එක්ක නිදි... මට මාර පිළිකුලක් දැනුනා.... සුරනි වෙනම නිදියන්න හදද්දී මම එයාව එක්කන් ආව.. කොහොම උනත් දැන් එය මගෙනේ..... එයාගෙන් මම ඇහුව ඇයි මට මෙහෙම කලේ කියල.... එය කියනවා මමලු එහෙම කලේ, එය නෙවිලු.... එදා අපි දෙන්න එකමු කාමරේ නිදාගත්ත.....

    පස්සෙන්ද උදෙන්ම මම එහෙන් ආව.... එයාලව පොරොන්දු කර ගත්ත මම ගෙදරට කියනකන් එයාල කියන්නේ නැහැ කියල.... නැත්නම් තාත්ත මාව මරනවා..... එද්දිත් මග දිගට මට කසාද සහතිකේ පෙන්නුවා.... මම ගොඩක් අසරණ උනා....

    මාසයක් යද්දී එයාගේ අම්මත් රට ගියා... එක දවසක් සුරනි මට කෝල් කරලා කිවුව වැදගත් දෙයක් කියන්න තියෙනවා එන්න කියල.... මම එදත් ගෙදරට හොරට එහෙ ගියා.... සුරනි ප්‍රෙග්නන්ට් වෙලාලු.... මම උඩ ගියා.... යකෝ බැඳලා මාසයක් යන්න කලින් මෙහෙම උනේ කොහොමද... අනිත් එක මම හිටියෙත් මෙහේනේ.... අපි මුත්‍ර සාම්පල් එකක් චෙක් කළා... එතන හිටපු ඩොක්ටර් කිවුව ප්‍රෙග්නන්ට් කියල.... එදත් ගෙදර පාටි.... මම කල්පනා කර කර හිටියේ... පස්සෙන්ද උදේ මම ගෙදර එන්න ආව... මගදී මම ආපහු හැරිලා කලින් දවසේ ගියපු බෙහෙත් ශාලාවට ගියා....

    එතන හිටපු කෙල්ල තමයි කලින් දවසෙත් හිටියේ.... ඒ කෙල්ල එක්ක ටිකක් කතා කරලා මම කිවුව සේරම දේවල්... කෙල්ල දුකින් කිවුව "අය්යේ ඔයා ලොකු අමාරුවක වැටිලා, එයාට බබෙක් ලැබෙන්න නැහැ.. ඩොක්ටර් එයාගේ මාමගේ පුතා නිසා බොරු කියල තියෙන්නේ කියල"

    ඒ මදිවට මෙයා යාලු වෙලා හිටියලු කලින් කොල්ලෙක් එක්කත්, ඌ ආගිය අතක නැති උනාම මුන් පිස්සෝ වගේ ඌ හෙවුවලු... මට තේරුණා උනේ මොකක්ද කියල.... අරු වැඩේ දීල මාරු වෙලා, බබෙක් ලැබෙන්න අවොතින් කියල මගේ ඇඟේ එල්ලලා.... ඒ වෙද්දී මම ගොඩක් පරක්කු වැඩි...

    ---->
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,628
    1,469
    113
    41
    Weligama, Sri Lanka
    අයිත් එහෙ ගියෝතින් මාව මරන්න උනත් පුළුවන්.... ඒ නිසා මම කෙලින්ම අපේ ගෙදර ආව.... ගෙවල් ළඟ ඉන්න අක්කල මාත් එක්ක ෆිට්.... ඒ අක්කලට කියල අපේ ගෙදරට විස්තරේ කිවුව.... සුරනි කලින් එකෙක්ගෙන් අමාරුවේ වැටිලා කියල කිවුවේ නැහැ.... හේතුව උනේ කොහොම උනත් එය මගේ පවුල.... අම්මල එයාට වෙනස් කම් කලෝතින් පවු කියල හිතුන මට... මගේ මේ අනුකම්පාව නිසා තමයි ඉස්සරහට විඳවන්න උනෙත්... අම්ම නම් ඇඩුව.... තාත්ත කිවුව අවුරුදු 2ක් ආශ්‍රය කරන්න පොරොන්දු වෙලත් කරපු බලු වැඩේ නිසා ඌරගේ මාලු උගේ ඇඟේම තියල කපමු කියල....

    අම්මල කෝල් කරලා සුරනිගේ මස්සින තාත්ත අක්ක නැන්ද ගෙන්නුවා... ඒ සේරම එක්ක කතා කළා... බලෙන් බැන්දුව නිසා නීතියෙන් කටයුතු කරන්න පුළුවන් බව එයාල දැනුවත් කළා... පස්සේ මගුලේ මනමාලිගේ පැත්තේ වියදම් සේරම එයාල දරන්නම්, අපේ වියදම් අපි දරන්නම් කියල කතා කරගෙන වෙඩින් එක ගත්ත....

    අපි එහෙ ගිහින් මගුල් කාල, අන්තිමට හනිමුන් යන්න හෝටලේ බුක් කරන්න දීපු සල්ලි මස්සින වියදම් කරගෙන.... අපිට යන්න උනේ එයාලගේ ඤාති ගෙදරකට..... එත් කමක් නැහැ කෙල්ල ඉන්නවනේ කියල හිතන හිටිය.... මම නොහිතපු විදියට සුරනි මට ආදරේ කළා....

    අපි අපේ ගෙදර ආව.... මගේ කාමරේ අපි හිටියේ.... ගෙදර හැම වැඩක්ම එයා හොයල බලල කළා... අම්මට නැතිවම බැරි කෙනෙක් උනා... තාත්ත එපා කියද්දී එයාගේ රෙදිත් හේදුව.... වත්ත සුද්ද කළා.... මහන්සි වෙලා ආවම මගේ කකුල් දෙකත් මසාජ් කරනවා... ඒ අතරේ මට උසස්වීමක් හම්බ උනා ස්ටෝස් එකට... ලොඩ්ස්ටාර් එකේම.... එයත් සතුටු උනා.... අපේ අම්මලාගේ කීම මත අපි එකම ගෙදර වෙනම උයන් කන්න පටන් ගත්ත... සුරනිට පුළුවන් රසට උයන්න.... ඔෆිස් එකේ එවුන් මගේ කෑම එක අරගෙන උන්ගේ ඒවා මට දෙනවා.... ඒ තරම් රසයි....

    ඒ කොහොම උනත් මගේ හිතේ නිතර රැවූ දුන්න මෙය වෙන කෙනෙක්ගෙන් අනාත වෙලානේ කියල.. එත් මම පෙන්වන්න ගියේ නැහැ... අහල පහල කට්ටිය මෙයාගේ හොඳ කියන්න පටන් ගත්ත.... අපි ට්‍රිප් ගියා... කොහේ ගියත් අම්මගෙයි තාත්තගෙයි පංගුව මෙය මට හොරෙන් අරගෙන එනවා.... අපේ අම්මලටත් මෙයට වඩා කෙනෙක් නැති උන... වෙන්නත් ඕන ඒකනේ......

    අපි ඔෆිස් ඒකෙන නුවර , නුවර එළියේ ට්‍රිප් ගියා... ගිහින් ඇවිල්ල මාසෙකින් මම වැඩ ඇරිලා එද්දී මෙයා පෙන්න නැහැ.... අපේ අම්මල හිනා වේවි ඉන්නවා.... ඇහුවට කිවුවේත් නැහැ... මම කාමරේට ගියා... සුරනි ඉන්නවා ලජ්ජාවෙන් බලාගෙන.... මම ඇහුව ඔයාට සනීප නැත්ද කියල.... නැහැ කිවුව... මම කතා කල බෙහෙත් ගෙන්න යන්න... එයා එක පාරටම මාව තුරුළු කරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.... "දැන් ඉතින් රෑට මාව බලාගන්න වෙයි" කියල කිවුවමත් මට ටියුබ් ලයිට්.... ඒ පාර අපේ අම්ම ඇවිල්ල කිවුවා, ඔන්න දුව මාව ආච්චි කෙනෙක් කරලා කියල... මට සතුට වැඩි කමට කෑ ගැහුනා....

    එදා මම තරම් වෙන කෙනෙක් සතුටු වෙන්නේ නැතිව ඇති.... එත් ඒ සතුට තිබ්බේ ටික දවසයි.... එයාගේ රට ඉන්න අම්ම මම නැති අතරේ කෝල් දෙන්න පටන් ගත්ත.... එයට ගොඩක් කරදරයිලු, එහෙ ඉන්න එවුන් පස්සෙන් එනවලු කියා කියා අඩන්න පටන් ගෙන... ඉතින් මෙයත් අඩනවලු.... මම කෝල් කරලා කිව්වා අම්මේ මෙය ඉන්න තත්වේ දන්නවනේ , හිතට දුක දෙන දේවල් කියන්න එපා කියල.... සුරනිත් කියල අපේ අම්මල සලකන හැටි එයාට...

    ඒවා අහල සුරනිගේ අම්මට ඉරිසියාවක්‌ එන්න ඇති... එයාගේ කතාවෙන් මට ඒ බව තෙරුන‍ා..... දවසක් මම වැඩ ඇරිලා එද්දී සුරනි ඇඳට වෙලා අඬනවා..... හේතුව කිවුවේත් නැහැ....

    ----->
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,713
    113
    EK Automobile
    දැන්නෙ දැක්කේ බං. ඉතිං දැන් මම මුල ඉදලා බලන්න එපැයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,628
    1,469
    113
    41
    Weligama, Sri Lanka
    මාව තුරුළු කරගෙන අඩල නිදාගත්තා... එත් එය ගොඩක් අපහසුවෙන් හිටි බව මට තේරුණා.... අපේ අම්මලාගෙන් මම ඇහුව මොකද උනේ කියල... අම්මල කිවුවේ සුරනිගේ අම්ම කෝල් එකක් දුන්නට පස්සේ මගේ අම්මල එක්ක වත් කතා නැහැ කියල....

    උදේ පාන්දර 3 ට විතර කෙඳිරි සද්දයක් එක්ක මම ඇහැ ඇරුන... මම සාමාන්‍යයෙන් කාමරේ ලයිට් එක දාල නිදියන්නේ... මම බෙඩ් ෂිට් එක එහාට කරන්න හැදුවත් ඇලෙනවා... ඒ පාර බැලුවම ඇඳ පුරාම ලේ.. මට කෑගැහුන.... සුරනි අඬනවා.... මගේ සද්දෙට අම්මල ආව... දොර ඇරලා තිබ්බ මම... මාව කැරකෙනවා....
    "අනේ අම්මේ මට මොනවා හරි උනොතින් මගේ අය්යට මොනවත් වෙන්න දෙන්නෙපා, එයාව ආදරෙන් බලාගන්න" කියා කියා මෙයා ඇඩුව..... මල්ලි ඒ වෙලාවේම ගිහින් ත්‍රිවිල් එකක් හොයාගෙන ආව... ගෙවල් ළඟ තිබුන ඒවා දීල නැහැ.... අපි එයාව හොස්පිටල් එකට ගෙනිච්ච්චා.... ඇඳ උඩ ලා රෝස පාට කෑලි තිබුනා..... අපේ බබාව නැති වෙලා.. ඒ වෙද්දී බඩට මාස 2 1/2..... ලේ ගොඩක් ගිහින් තිබුන නිසා මෙයාව ජිවත් කරවන්න සල්ලි ඕන උන.... මගේ පොතේ තිබුන අන්තිම සතෙත් මම වියදම් කළා.... දරුවා නැති උනාට නෝනව නැති කරගන්න ලොබ උනා මම....

    පස්සේ මහා මෝදර ගිහින් බඩ වොෂ් කළා.... ගෙදර අවිල්ල අපි දෙන්න එකිනෙකා බදාගෙන ඇඩුව..... මට කේන්ති ආවේ මෙයාගේ අම්ම එක්ක.... එදා මෙයාගේ අම්ම කෝල් කලාට පස්සේ ඒ සිහියෙන් මෙයා ගිහින් ටැප් එක ළඟ ලිස්සල වැටිලා... මට කියල නැත්තේ බයේ.... ලේ තැවරුණ රෙදි වගේම සුරනිවත් හේදුවේ අපේ අම්මා..... තාත්ත එයාගේ හිත හැදුව... එයාගේ ගෙදර කට්ටිය එද්දී සේරම දේවල් අපි කරලා ඉවරයි.... එයාගේ අක්කත් ගොඩක් අපේ හිත හැදුව.....

    මාස 7කින් පස්සේ අයිත් අපි වැඩේට බැස්ස.... හිතපු විදියට මෙය අයිත් ප්‍රෙග්නන්ට් උනා.... මම මේ වතාවේ මගේ ෆෝන් එකේ සිම් දාන එක කැඩුවා... පාඩුයි තමයි එත් දරුවා වටිනවා නැන්දම්මට වඩා... අපේ මල්ලි සුරනි ආස කෑම ජාති කොහෙන් හරි හොයල ගෙනත් දෙනවා... වතුර බොන්න බැරි උනා මෙයාට අප්පිරිය වෙලා... මල්ලි සුද්දෙක්ගෙන් ඉල්ලගෙන ඇවිල්ල දුන්න ලොකු වතුර බෝතලයක්... ඒවා විතරයි බිවුවේ....

    දවල් කාලේදී අපේ අම්මල එයාව රැක්ක.... මම රෑට එයාව බලාගත්ත.... කාමරේ පුරාම පොඩි දරුවොන්ගේ ෆොටෝ ගැහුවා.... ලස්සන ෆයිල් එකක් හදල දුන්න.... සුරනිගේ බඩට මාස 3 සම්පුර්ණ වෙද්දී එයාගේ අක්කත් ලෝඩ් උන කියල ආරන්චි උන... දවසක් මම වැඩ ඇරිලා එද්දී ගෙදර වෙනසක් තිබුන... මම හීනෙන් වත් නොහිතපු දෙයක්.....

     
    Status
    Not open for further replies.