ඔපරේෂන් මැජික් කාපට්
යුරෝපය තුල ලැබූ ජයග්‍රහණයත් ඉන්පසු ජපානය සිය යටත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය අවසන් වූ අතර යුද්ධය සඳහා ලොව පුරා යෙදවූ මිලියන ගණනක් වූ ඇමෙරිකානු හමුදාවන් යළි සිය නිවෙස් බලා රැගෙන යාම දැවැන්ත කාර්යයක් විය.මෙම මෙහෙයුම ඔපරේෂන් මැජික් කාපට් යන කේත නාමයෙන් හඳුන්වනු ලැබීය.
දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවන් යුරෝපය,පැසිෆික් කලාපය සහ ආසියාවේ සටන් සඳහා යොදවනු ලැබීය.මොවුන් යළි ගෙන්වා ගැනීම ඇරඹෙන්නේ 1945 ඔක්තෝම්බර් මාසයේදීය.මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා,යුද නෞකා,අනෙකුත් කුඩා ප්‍රමාණයේ භට පිරිස් ප්‍රවාහන නෞකා ආදිය යොදවනු ලැබීය.යුරෝපයේ සිටින ඇමෙරිකානු සෙබලුන් සිය රට දක්වා ගෙන යාම 1946 පෙබරවාරි මාසය දක්වාද,පැසිෆික් කලාපයේ සෙබලුන් ආපසු ප්‍රවාහනය 1946 සැප්තැම්බර් මාසය තෙක් සිදුවිය.
මෙහෙයුම යටතේ මිලියන 8කට වැඩි ඇමෙරිකානු හමුදා සෙබලුන් පිරිසක් සිය රට බලා යෑමට සූදානම්ව සිටියහ.මාස 14ක් පුරාවට ක්‍රියාත්මක වූ මෙහෙයුම යටතේ සෑම මාසයකදීම සිය රට බලා ගිය සෙබලුන්ගේ සාමාන්‍යය වූයේ 435,000කි.එහිදී වැඩිම පිරිසක් ප්‍රවාහනය කල නෞකාව වූයේ ගුවන් යානා ප්‍රවාහනය කරන USS Saratoga නම් නෞකාවයි.එහි 29,204ක පිරිසක් ප්‍රවාහනය කර තිබිණි.
මෙහෙයුමේ යුරෝපා අධියරයේදී හමුදාභටයින් ප්‍රවාහන නෞකා 29ක් විශේෂ ප්‍රවාහන නෞකා බවට පරිවර්තනය කලේ යුරෝපයේදී ඇමෙරිකානු සෙබලුන් සමග විවාහ වූ යුරෝපා රටවල මනාලියන් වෙනුවෙන්ය(මිලියන භාගයක් පමණ යුරෝපා කාන්තාවන් පිරිසක් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් සමග විවාහ වී තිබිණි).රෝහල් නෞකා 48ක් යොදාගෙන යුද්ධයේදී තුවාල ලැබූ මිලියන භාගයක් පමණ සෙබලුන් පිරිසක් සිය රට බලා රැගෙන එන ලදි.
බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රවාහන නෞකා අතර තිබූ HMS Glory නෞකාව මෙහිදි දීර්ඝතම මුහුදු ගමන සිදුකල නෞකාව ලෙස වාර්තා විය.එම නෞකාව පිලිපීනයේ සිට කැනඩාවේ වෑන්කුවර් දක්වා සැතපුම් 6000කට වැඩි දුරක් යාත්‍රා කර තිබිණි.මෙහෙයුමේදී ජර්මන් සහ ඉතාලි යුද සිරකරුවන් යුරෝපයට ප්‍රවාහනය කිරීමද සිදුකරන ලදි.එහිදී යුද සිරකරුවන් මිලියන භාගයක් පමණ සිය රටවල් බලා රැගෙන යන ලදි.
මැජික් කාපට් මෙහෙයුමේ පැසිෆික් අධියරය යටතේ අග්නිදිග ආසියාව සහ පැසිෆික් කලාපයේ ස්ථානගතව සිටි සෙබලුන් සිය රට බලා ගෙන යන ලදි.ජපානයේ සිටි සෙබලුන් රැගෙන යාමට ටෝකියෝ බොක්කේ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් සහ යුද නෞකා 4ක් යොදවා තිබිණි.නාවික හමුදාව සිය යුද නෞකා තාවකාලික ප්‍රවාහන නෞකා බවට පරිවර්තනය කරන ලදි.මෙහෙයුම සඳහා යොදාගෙන තිබූ සම්පුර්ණ නෞකා ගණන 369කි.ඉන් නෞකා 222ක් ප්‍රහාරක ප්‍රවාහන නෞකාද,6ක් යුද නෞකාද,18ක් cruiser වර්ගයේ නෞකාද,57ක් ගුවන් යානා ප්‍රවාහන නෞකාද,12 රෝහල් නෞකාද විය.
පැසිෆික් අධියරයේදී වැඩිම පිරිසක් එනම් 700,000ක් පමණ සිය නිවෙස් බලාගෙන ගොස් තිබෙන්නේ 1945 දෙසැම්බර් මාසයේදීය.1946 සැප්තැම්බර් මාසයේදී මෙහෙයුමේ පැසිෆික් අධියරය අවසන් වන්නේ පැසිෆික් යුද කලාපයේ සිටි සෙබලුන් 127,300ක් නිවෙස් බලා රැගෙන ඒමෙන් පසුවයි.
මෙහෙයුම සඳහා නාවික හමුදාවේ පමණක් නොව වාණිජ ,සුඛෝපභෝගී නෞකා වන ක්වීන් එලිසබෙත් සහ ක්වීන් මේරි නෞකාද යොදාගන්නා ලදි.මේවා යුද්ධය ආරම්භයේදී සෙබලුන් ප්‍රවාහනය සඳහාද යොදවා තිබිණි.හැකි ඉක්මණින් සෙබලුන් මව් රට බලා රැගෙන යාමට අවශ්‍ය නිසා බොහෝ සෙබලුන්ට ඉතා අවම පහසුකම් යටතේ මෙම නෞකාවල ගමන් කිරීමට සිදුවිය.බොහෝදෙනා සිතා සිටියේ ඔවුන්ට 1945 වසරේ නත්තල සිය නිවෙස්වල සිට සමරන්නට ලැබේ යැයි කියාය.නමුත් එය සිතූ තරම් ලෙහෙසි නොවීය.අත්ලාන්තික් සාගරයේ නෞකා ගමනාගමනයට අහිතකර කාලගුණයෙන් බාධා එල්ලවීම නිසා සමහර අවස්ථාවල ගමන් වාර ප්‍රමාද කිරීමට සිදුවිය.සිය රට බලා පැමිණි සෙබලුන්ට තවත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය.
සෙබලුන් විශාල වශයෙන් සිය ගමනාගමනයට දුම්රිය භාවිතා කල නිසා දැඩි තදබදයක් නිර්මාණය විය.මේ නිසා සමහර දුම් රිය ගමන් පැය 6 සිට 12 දක්වා ප්‍රමාද විය.1945 දෙසැම්බර් මාසයේ 24 දා දුම් රිය ඔස්සේ ඇමෙරිකාවේ බටහිර දෙසට ගමන් කල පිරිසෙන් 94%ක් පමණ හමුදා සාමාජිකයින් යැයි වාර්තා විය.
මෙවැනි හේතු නිසා එම වසරේ නත්තලට පෙර නිවෙස් බලා යාමට සිටි සෙබලුන් විවිධ ස්ථානවල නත්තලේ රාත්‍රී භෝජනය සප්පායම් විය.සමහරුන්ට නාඳුනන අයගේ නිවෙස්වල දොර ඇරුණි.තවත් පිරිසක් මහා සාගරය මැද නෞකාවල නත්තල සැමරීය.සමහර දුම්රිය මගීන් සෙබලුන්ට වහා නිවෙස් බලා යෑම සඳහා සිය අසුන පවා පරිත්‍යාග කල අවස්ථා වාර්තා විය.ටැක්සි රියදුරන්ද සිය නත්තල කැපකරමින් සෙබලුන් නිවෙස් බලා රැගෙන යාමට ක්‍රියා කරන ලදි.එක් ටැක්සි රියදුරෙක් හය දෙනෙකුගෙන් සමන්විත සෙබලුන් කණ්ඩායමක් ලොස් ඇන්ජලීස් හි සිට චිකාගෝ තෙක් සැතපුම් 2000 දුරට ප්‍රවාහනය කරන ලද්දේ දුම් රිය ප්‍රවාහනයේ තදබදය හේතුවෙනි.සමහර රියදුරන් ගාස්තුව ලෙස ලබාගෙන ඇත්තේ ඉන්ධන සඳහා වියදම් වූ මුදල පමණි.
මුහුදු මාර්ග ඔස්සේ පමණක් නොව ගුවනින්ද සෙබලුන් ප්‍රවාහනය සිදුකල මුත් නෞකා මගින් ගෙන ආ පිරිස සමග සසඳන විට එම සංඛ්‍යාව නොසැලකිය හැකි තරම්ය.සිය රට වෙනුවෙන් සටන් වැදුණු සෙබලුන් කිසිදු ආපදාවකින් තොරව මව් රට බලාගෙන ඒම පරිස්සමින් සැලසුම් කර සිදුකල අතිශය දැවැන්ත කර්තව්‍යයකි.
USS Wasp (CV-18) නෞකාවේ ගුවන් යානා ගබඩා කරන තට්ටුවක සෙබලුන් නවාතැන් ගෙන සිටින අයුරු
සැ.යු. - ඔපරේෂන් මැජික් කාපට් යන නම 1949 ජූනි සිට 1950 සැප්තැම්බර් දක්වා කාලයේදී යේමනයේ සිටි යුදෙව්වන් 49,000ක පිරිසක් ඊශ්‍රායලය බලා රැගෙන ඒමේ මෙහෙයුම සඳහා ද භාවිතා කර තිබිණි.මෙහි විස්තර කල මෙහෙයුම ඊට හාත්පසින්ම වෙනස් එකකි.
Source:warhistoryonline.com
-HarshaLulzSec-
යුරෝපයේ ජයග්‍රහණය - ඊළඟට සිදුවූයේ කුමක්ද?
යුරෝපය තුල ලැබූ ජයග්‍රහණයත් ඉන්පසු ජපානය සිය යටත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය අවසන් වූ අතර යුද්ධය සඳහා ලොව පුරා යෙදවූ මිලියන ගණනක් වූ ඇමෙරිකානු හමුදාවන් යළි සිය නිවෙස් බලා රැගෙන යාම දැවැන්ත කාර්යයක් විය.මෙම මෙහෙයුම ඔපරේෂන් මැජික් කාපට් යන කේත නාමයෙන් හඳුන්වනු ලැබීය.
මෙහෙයුම අතරතුර එක්සත් ජනපද USS Anzio නෞකාව චීනයේ ෂැන්හයිහි තිබෙන අයුරු, 1945 දෙසැම්බර් 1
දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවන් යුරෝපය,පැසිෆික් කලාපය සහ ආසියාවේ සටන් සඳහා යොදවනු ලැබීය.මොවුන් යළි ගෙන්වා ගැනීම ඇරඹෙන්නේ 1945 ඔක්තෝම්බර් මාසයේදීය.මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා,යුද නෞකා,අනෙකුත් කුඩා ප්‍රමාණයේ භට පිරිස් ප්‍රවාහන නෞකා ආදිය යොදවනු ලැබීය.යුරෝපයේ සිටින ඇමෙරිකානු සෙබලුන් සිය රට දක්වා ගෙන යාම 1946 පෙබරවාරි මාසය දක්වාද,පැසිෆික් කලාපයේ සෙබලුන් ආපසු ප්‍රවාහනය 1946 සැප්තැම්බර් මාසය තෙක් සිදුවිය.
ඔපරේෂන් මැජික් කාපට් යටතේ USS Enterprise නෞකාවේ සෙබලුන් රැගෙන එන අයුරු
මෙහෙයුම යටතේ මිලියන 8කට වැඩි ඇමෙරිකානු හමුදා සෙබලුන් පිරිසක් සිය රට බලා යෑමට සූදානම්ව සිටියහ.මාස 14ක් පුරාවට ක්‍රියාත්මක වූ මෙහෙයුම යටතේ සෑම මාසයකදීම සිය රට බලා ගිය සෙබලුන්ගේ සාමාන්‍යය වූයේ 435,000කි.එහිදී වැඩිම පිරිසක් ප්‍රවාහනය කල නෞකාව වූයේ ගුවන් යානා ප්‍රවාහනය කරන USS Saratoga නම් නෞකාවයි.එහි 29,204ක පිරිසක් ප්‍රවාහනය කර තිබිණි.
මෙහෙයුම යටතේ වැඩිම පිරිසක් ප්‍රවාහනය කල USS Saratoga නෞකාව
මෙහෙයුමේ යුරෝපා අධියරයේදී හමුදාභටයින් ප්‍රවාහන නෞකා 29ක් විශේෂ ප්‍රවාහන නෞකා බවට පරිවර්තනය කලේ යුරෝපයේදී ඇමෙරිකානු සෙබලුන් සමග විවාහ වූ යුරෝපා රටවල මනාලියන් වෙනුවෙන්ය(මිලියන භාගයක් පමණ යුරෝපා කාන්තාවන් පිරිසක් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් සමග විවාහ වී තිබිණි).රෝහල් නෞකා 48ක් යොදාගෙන යුද්ධයේදී තුවාල ලැබූ මිලියන භාගයක් පමණ සෙබලුන් පිරිසක් සිය රට බලා රැගෙන එන ලදි.
USS Saratoga (CV-3) නෞකාව සෙබලුන් ප්‍රවාහනය කරමින්
බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රවාහන නෞකා අතර තිබූ HMS Glory නෞකාව මෙහිදි දීර්ඝතම මුහුදු ගමන සිදුකල නෞකාව ලෙස වාර්තා විය.එම නෞකාව පිලිපීනයේ සිට කැනඩාවේ වෑන්කුවර් දක්වා සැතපුම් 6000කට වැඩි දුරක් යාත්‍රා කර තිබිණි.මෙහෙයුමේදී ජර්මන් සහ ඉතාලි යුද සිරකරුවන් යුරෝපයට ප්‍රවාහනය කිරීමද සිදුකරන ලදි.එහිදී යුද සිරකරුවන් මිලියන භාගයක් පමණ සිය රටවල් බලා රැගෙන යන ලදි.
USS Wasp (CV-18) නෞකාවේ අවම පහසුකම් සහිතව සිය රට බලා යන සෙබලුන්
මැජික් කාපට් මෙහෙයුමේ පැසිෆික් අධියරය යටතේ අග්නිදිග ආසියාව සහ පැසිෆික් කලාපයේ ස්ථානගතව සිටි සෙබලුන් සිය රට බලා ගෙන යන ලදි.ජපානයේ සිටි සෙබලුන් රැගෙන යාමට ටෝකියෝ බොක්කේ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් සහ යුද නෞකා 4ක් යොදවා තිබිණි.නාවික හමුදාව සිය යුද නෞකා තාවකාලික ප්‍රවාහන නෞකා බවට පරිවර්තනය කරන ලදි.මෙහෙයුම සඳහා යොදාගෙන තිබූ සම්පුර්ණ නෞකා ගණන 369කි.ඉන් නෞකා 222ක් ප්‍රහාරක ප්‍රවාහන නෞකාද,6ක් යුද නෞකාද,18ක් cruiser වර්ගයේ නෞකාද,57ක් ගුවන් යානා ප්‍රවාහන නෞකාද,12 රෝහල් නෞකාද විය.
ජපන් සිහිවටනයක් සහිතව සිටින මැරීන් සහ නාවික භටයන් සිය රට බලා යන අතරතුර
පැසිෆික් අධියරයේදී වැඩිම පිරිසක් එනම් 700,000ක් පමණ සිය නිවෙස් බලාගෙන ගොස් තිබෙන්නේ 1945 දෙසැම්බර් මාසයේදීය.1946 සැප්තැම්බර් මාසයේදී මෙහෙයුමේ පැසිෆික් අධියරය අවසන් වන්නේ පැසිෆික් යුද කලාපයේ සිටි සෙබලුන් 127,300ක් නිවෙස් බලා රැගෙන ඒමෙන් පසුවයි.
USS Salamaua (CVE-98) නෞකාවේ රැගෙන ආ සෙබලුන් පිරිසක්
මෙහෙයුම සඳහා නාවික හමුදාවේ පමණක් නොව වාණිජ ,සුඛෝපභෝගී නෞකා වන ක්වීන් එලිසබෙත් සහ ක්වීන් මේරි නෞකාද යොදාගන්නා ලදි.මේවා යුද්ධය ආරම්භයේදී සෙබලුන් ප්‍රවාහනය සඳහාද යොදවා තිබිණි.හැකි ඉක්මණින් සෙබලුන් මව් රට බලා රැගෙන යාමට අවශ්‍ය නිසා බොහෝ සෙබලුන්ට ඉතා අවම පහසුකම් යටතේ මෙම නෞකාවල ගමන් කිරීමට සිදුවිය.බොහෝදෙනා සිතා සිටියේ ඔවුන්ට 1945 වසරේ නත්තල සිය නිවෙස්වල සිට සමරන්නට ලැබේ යැයි කියාය.නමුත් එය සිතූ තරම් ලෙහෙසි නොවීය.අත්ලාන්තික් සාගරයේ නෞකා ගමනාගමනයට අහිතකර කාලගුණයෙන් බාධා එල්ලවීම නිසා සමහර අවස්ථාවල ගමන් වාර ප්‍රමාද කිරීමට සිදුවිය.සිය රට බලා පැමිණි සෙබලුන්ට තවත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය.
USS Saratoga (CV-3) නෞකාවේ ප්‍රවාහනය කල සෙබලුන් එහි ගුවන් යානා ධාවන පථය මත
සෙබලුන් විශාල වශයෙන් සිය ගමනාගමනයට දුම්රිය භාවිතා කල නිසා දැඩි තදබදයක් නිර්මාණය විය.මේ නිසා සමහර දුම් රිය ගමන් පැය 6 සිට 12 දක්වා ප්‍රමාද විය.1945 දෙසැම්බර් මාසයේ 24 දා දුම් රිය ඔස්සේ ඇමෙරිකාවේ බටහිර දෙසට ගමන් කල පිරිසෙන් 94%ක් පමණ හමුදා සාමාජිකයින් යැයි වාර්තා විය.
මෙහෙයුම යටතේ රැගෙන එමින් සිටි සෙබලුන් පිරිසක්
මෙවැනි හේතු නිසා එම වසරේ නත්තලට පෙර නිවෙස් බලා යාමට සිටි සෙබලුන් විවිධ ස්ථානවල නත්තලේ රාත්‍රී භෝජනය සප්පායම් විය.සමහරුන්ට නාඳුනන අයගේ නිවෙස්වල දොර ඇරුණි.තවත් පිරිසක් මහා සාගරය මැද නෞකාවල නත්තල සැමරීය.සමහර දුම්රිය මගීන් සෙබලුන්ට වහා නිවෙස් බලා යෑම සඳහා සිය අසුන පවා පරිත්‍යාග කල අවස්ථා වාර්තා විය.ටැක්සි රියදුරන්ද සිය නත්තල කැපකරමින් සෙබලුන් නිවෙස් බලා රැගෙන යාමට ක්‍රියා කරන ලදි.එක් ටැක්සි රියදුරෙක් හය දෙනෙකුගෙන් සමන්විත සෙබලුන් කණ්ඩායමක් ලොස් ඇන්ජලීස් හි සිට චිකාගෝ තෙක් සැතපුම් 2000 දුරට ප්‍රවාහනය කරන ලද්දේ දුම් රිය ප්‍රවාහනයේ තදබදය හේතුවෙනි.සමහර රියදුරන් ගාස්තුව ලෙස ලබාගෙන ඇත්තේ ඉන්ධන සඳහා වියදම් වූ මුදල පමණි.
USS Intrepid (CV-11) නෞකාවේ රැගෙන එමින් සිටි සෙබලුන් පිරිසක්