ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.
ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා



ඔන්න ඇම්ඩ උදේ පාන්දරම පන්තියේ ටිචට මෙහෙම කිවලු, "ටීචර්, මට පුළුවන් ටීචර් යටට ඇඳන් ඉන්න එකේ පාට කියන්න. රුපියල් දාහක් ඔට්ටුයි මොකෝ කියන්නෙ "
ටීචර්ට ඇම්ඩට පාඩමක් උගන්නන ඕනේ වෙලා තිබ්බේ, ඒ එක්කම රුපියල් දාහකුත් කඩාගන්න පුළුවන් නෙ කියල හිතල ටීචර් කිවලු හරි පුතා ඉන්ටවල් එකේ ඔට්ටුව දාමු කියල. ඉන්ටවල් එකේ ඇම්ඩ හම්බෙන්න එන්න කලින් ටීචර් යටට ඇඳලා හිටපු එක ගැලෙව්වලු, එතකොට මොන පාට කිවත් ඇම්ඩ පරාදයි නෙ.
ඔන්න ඇම්ඩ ඇවිත් ලොක්ක වගේ කිවලු "ටීචර් අද ඇඳන් ඉන්නෙ නිල් පාට නේද ?" කියල. ටීචර් ට හිනා, ටීචර් අදාළ තැන උස්සල පෙන්නලා කිවලු ඔන්න බලාගන්න අද නං ඔයා වැරදි කියල. ඇම්ඩත් හා හරි ටීචර් හැබැයි මගේ ගාව සල්ලි නෑ අද තාත්ත මාව එක්ක යන්න ආවම සල්ලි ඉල්ලගන්න පුළුවන් කිවලු.
ඉස්කෝලේ ඇරිලා දෙන්නම ගිහින් තාත්ත හම්බුනාලු. ටීචර් විස්තරේ කියල ඇම්ඩට කින්ඩියකුත් දාල තාත්තාගෙන් සල්ලි ඉල්ලුවලු. තාත්ත හිනාවෙවී කිවලු, "ඔන්න බලන්න ටීචර් මුගේ තියෙන කුපාඩිකම, මු අද උදේ මාත් එක්ක රුපියල් පන්දහක ඔට්ටුවක් දැම්මනෙ අද මම ටීචර්ගේ අරක බලනවමයි කියල" කියල ටීචර්ට දාහකුයි ඇම්ඩට ඉතුරු හාරදාහයි දුන්නලු.![]()


