මගේ යාලුවෙක්ගේ ගෙදර මේක හරියට තිබුණා මගේ යාළුවා තමයි ගෙදර එකම කොල්ලා ඒ අම්මා නංගිලා දෙන්නට වඩා මාර සැලකිල්ලක් පුතාට තිබුණේ අර කෙල්ලෝ දෙන්නා මගේ යාලුවට වඩා අවුරුදු අටක් දහයක් විතර බාලයි කන්න දෙයක් දෙනකොට ළමයෙක්ගේ හොද නරක කියනකොට උනත් ඒ අම්මා පුතාට තමයි මුල්තැන දුන්නේ කෙල්ලෝ දෙන්නව පෙන්නලා සමහර වෙලාවට කියනවා පුතාගේ ගතිගුණ එක්ක බලද්දී කෙල්ලෝ දෙන්නව ඒ අහලකින්වත් තියන්න බෑ කියලා. ඒ වෙලාවට අර පොඩි උන් දෙන්නගේ මුණු මට දැනුත් මතක් වෙනවා බං පව්. හොදම වැඩේ කියන්නේ මගේ යාළුවා බැන්දට පස්සේ මාර විදියට වෙනස් උනා ගෑණිව මිසක් අම්මව සත පහකට ගණන් ගත්තේ නෑ. ලගදි ආරංචි උනා දැන් අම්මා එක්ක කතා කරන්නෙත් නෑ කියලා. අම්මව දැන් බලාගන්නේ අර කෙල්ලෝ දෙන්නලු