ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද ?

    සුදුසු සටන් ක්‍රමයක් තෝරාගැනීම ආධුනිකයින් විසින් මුහුණපාන පොදු ගැටලුවකි
    සටන් ක්‍රමයක් තෝරාගෙන කෙටි කලක් පුහුණු වී එය අත්හැරීමට වඩා මුලදීම තමාට ගැලපෙන ක්‍රමවේදය තෝරාගෙන පුහුණු වීම ප්‍රතිඵලදායකය.

    සටන් ක්‍රමයක හොද නරක මැනීම සදහා ජාත්‍යන්තරව පිලිගත් මිම්මක් ඇත
    සම්මත වශයෙන් ශිල්පීය ක්‍රම 75% ක්ද භීෂණය 25% ක්ද හොද සටන් ක්‍රමයක ඇත
    කරාතේ ශෛලිය එම අගය පරාසය තුල පිහිටුවයි

    සටන් ක්‍රීඩාවල භීෂණය 75%ක්ද ශිල්පක්‍රම 25%ක්ද පිහිටිය යුතු වේ
    බොක්සිං ඊට උදාහරණයකි

    බොක්සිං,තායි බොක්සිං වැනි ක්‍රම වල භීෂණය උපරිම මට්ටමක පිහිටා ඇති බැවින් එම ක්‍රීඩා දුර්වල සිරුරු ඇති අයට නුසුදුසුය

    කරාතේ කුංග්ෆු ටයිකොන්ඩෝ වැනි ක්‍රම ක්‍රීඩා සටන් සදහා ද ආත්මාරක්ෂාව සදහාද සුදුසුය
    ජූඩෝ සහ අයිකිදෝ ක්‍රමවල භීෂණය අවම මට්ටමක පවතී
    තාක්ෂණය උපරිම මට්ටමක ඇති නිසා අයිකිදෝ සටන් ක්‍රමය දුර්වල සිරුරු ඇති අය සදහා යෝග්‍යවේ

    ඔබ කුංග්ෆු ශෛලීන් හැදැරීමට අදහස් කරන්නේ නම් එක් ශෛලියක් හැදැරීම ප්‍රමාණවත් නැත
    අවම වශයෙන් සත්ත්ව ශෛලීන් 5ක් වත් ප්‍රගුණ කල යුතුය අතර නො‍එසේ නම් තනි ශෛලියක් ප්‍රගුණ කර එහි කෙලවර දක්වා පැමිණිය යුතු වේ

    ජිට් කුන්ඩෝ ක්‍රමය සුවිශේෂ ගුණ ඇති සටන් ක්‍රමයකි
    සටන් ක්‍රම රාශියක් හැදැරීම වෙනුවට තනි ශිල්පයක් හදාරා දක්ෂ සටන්කරුවකු වීමට එමගින් හැකියාව ලැබේ

    කරාතේ ප්‍රගුණ කරන අය ඊට අමතරව ජුඩෝ සහ අයිකිදෝ දැන සිටීම වැදගත්ය

    වින්ග් චුන්ග් සටන් ක්‍රමයේදී අවධානය යොමු කරන්නේ කෙටි දුර පහර දීම් වලට පමණි
    දිගු දුර පහර දීමේ හැකි සටන් ක්‍රමයක් දැන සිටීම වින්ග් චුන්ග් ශිල්පියෙකුට වැදගත්ය

    රළු
    මෘදු
    රළු හා මෘදු යනුවෙන් සටන් ක්‍රම වර්ග 3කි

    කරාතේ බොක්සිං තායි බොක්සිං වැනි සටන් ක්‍රම රළු වර්ගයට වැටේ
    ඒවා කාය බලයෙන් වැඩි අයට සුදුසු වේ

    අයිකිදෝ වැනි ක්‍රම මෘදු වර්ගයට අයත් වේ
    නම්‍යශීලී සැහැල්ලු හා දුර්වල සිරුරු ඇති අයට සුදුසුය

    වින්ග්චුන්ග් ක්‍රමය රළු හා මෘදු ක්‍රමයකට උදාරණවේ
    එය දුර්වල මෙන්ම ශක්තිමත් අයටද යෝග්‍යවේ

    ලේඛක
    (කලුපටි දෙවනි ශේණිය-සාම්ප්‍රදායික ෂොටෝකාන් ශෛලිය ජපානය
    1st kyu -අයිකිදෝ ශෛලිය ජපානය)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලංකාවේ ව්‍යාජ ජිට්කුන්ඩෝ ශෛලියක් උගන්වනවා
    මාස්ටර් බෲස්ලි නිර්මාණය කරපු ජිට්කුන්ඩෝ ශෛලිය උගන්වන අය ටික දෙනයි ඉන්නේ
    ඒ අතරින් ප්‍රජා නානායක්කාර ප්‍රමුඛ කෙනෙක්
    මෙතුමා නියම ජිට්කුන්ඩෝ ශෛලිය උගත් කෙනෙක්
    නමුත් මා දන්නා තරමින් වසර කිහිපයක සිට මෙතුමා විදෙස්ගතව ඉන්නේ
    එතුමාගේ ගෝලයින් කිහිප දෙනෙක් මේ වනවිට ශෛලිය ඉගැන්වීම් සිදුකරනවා ලංකාවේ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද ම‍ගේ නෙට් අවුල් නිසා රෙප් දෙන්න බෑ
    හෙට දෙන්නම්

    මචං ඇත්තටම jkd උගන්වන තැන් දෙකයි මං දන්නේ
    ඒ තැන් දෙකමට තියෙන්නේ රත්නපුරේ
    ඒ ගුරුවරු දෙන්නම ප්‍රජා සර්ගේ ගෝලයෝ
    මීට සතියකට දෙකකට කලින් තරුණයා පත්තරේ පොරක් ගැන දාලා තිබ්බා
    මිනිහා කියලා තිබ්බා ප්‍රජා සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ කියලා
     
    • Like
    Reactions: RAT 16F88

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Mamath Karathe Black Belter kenek... Style eka Shitho Kai... Shoto Khan style ekath Ugannalaatiyanawaa... E Tournement giyaama Katha wage ewwa walin Meddles ganna lesi wenna... Patta Post eka.. Lankaawe dan mewwata yanne bohoma henahuru kaladasaawa.... Ekai duka... Rep 2+
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලංකාවේ මේ සටන් කාලා උගන්වන්නේ මුදලට
    මං දැක්කා එකෙක් මූණු පොතේ දාලා තියනවා මාස හයේ කඩිනම් පාඨමාලා කියලා

    කිසිම සටන් ශෛලියකින් මාස හතකින් දක්ස සටන් කරුවෙක් බිහිකරන්න බෑ
    කරාතේ ශෛලියේ කීප ඩාචි ඉරියව්ව මාස 3ක් එක දිගට පුරුදු උනාට පස්සේ තමා
    අපේ සෙන්සෙලා අපිට අත්පහර ඉගැන්නුවේ

    ඒ ඒ ශෛලීන් අනුව දක්ස ශිල්පියෙක් වීමට ගත වන කාලය වෙනස්වනවා
    නමුත් කිසිම ශෛලියකින් ක්ෂණික නූඩ්ල්ස් වගේ සටන් ශිල්පියෝ බිහිකරන්න බෑ
     
    සාම්ප්‍රදායික ෂොටෝකාන් ශෛලිය වැඩි අවධානයක් යොමු කරන්නේ ස්ථාවර ඉරියව් වලට
    ඒක නිසා අනිත් ශෛලීන් වලට වඩා ෂොටෝකාන් වල කාතා අමාරුයි
     
    :lol::lol::lol:
    Lol tamai.. Mamath Black Belt eka gaththe avurudu 4.5kata wadaa nosaahenna kattak kaalaa ban... Thol palaagena, kakule sidhdhaalepa ulaagena amara kattak kaawaa Blck Belt eka ganna... Sensi Brown Belt set eka aragena e kale eka digata paya 3 k vithara Blck Trainning kiyalaa karanawaa... Masa 6 kin karaate igena ganna Sakkarayage puthaa vaiman tath baruwa athi... :lol::lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    සාම්ප්‍රදායික ෂොටෝකාන් ශෛලිය වැඩි අවධානයක් යොමු කරන්නේ ස්ථාවර ඉරියව් වලට
    ඒක නිසා අනිත් ශෛලීන් වලට වඩා ෂොටෝකාන් වල කාතා අමාරුයි

    :yes::yes::yes:
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද ගොඩක් වෙලාට ගොඩක් අයට ඕනි උඩ පැනලා පා පහරක් ගාලා බල්ටි 3ක් ගහන්න
    ඒත් සටන් කලාවක් හදාරන එක ඊට වඩා වෙනස් අරමුණක්
    ඒ අරමුණ මේ යැයි කියන්න බෑ
    ඒත් නිසිලෙස සටන් කලාවක් හදා‍රන කෙනෙක් ලබන දේවල් බොහෝයි
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මං නම් ආසම පොල් අඩි
    විහිලුවක් කරේ
    ඒත් චීන සම්ප්‍රදායක් ගත්ත සටන් කළාවල strength එකට මූලිකත්වයක් දෙන්නෙ නෑ නේද. එක ටිකක් ප්‍රායෝගික නැති ගටියක් දැනෙනවා
    american street fights වල ඔය ඔක්කොම සමබරව ටියෙනව කියල හිතෙනව
    මං කිව්වෙ මට හිතෙන දේ
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මං නම් ආසම පොල් අඩි
    විහිලුවක් කරේ
    ඒත් චීන සම්ප්‍රදායක් ගත්ත සටන් කළාවල strength එකට මූලිකත්වයක් දෙන්නෙ නෑ නේද. එක ටිකක් ප්‍රායෝගික නැති ගටියක් දැනෙනවා
    american street fights වල ඔය ඔක්කොම සමබරව ටියෙනව කියල හිතෙනව
    මං කිව්වෙ මට හිතෙන දේ

    Strength eka one ne sahodarayaa kenekuta pahara denna.. Hari Technique ekai Speed ekai tibbama hodatama athi.... Kenekwa ada pana karanna paharawal 3 kin puluwan... E paharawal 3 ta yana kaalaya tathpara 10 katath adui hariyata puhunu wuna kenekuta....
     
    TechFox

    Junior member
  • Dec 20, 2012
    37
    15
    8
    6 months walin teach karanne Kick boxing. Mama nam oya ekakwath danne naha. Gahalath thiyenawa guti kaalath thiyenawa
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මං නම් ආසම පොල් අඩි
    විහිලුවක් කරේ
    ඒත් චීන සම්ප්‍රදායක් ගත්ත සටන් කළාවල strength එකට මූලිකත්වයක් දෙන්නෙ නෑ නේද. එක ටිකක් ප්‍රායෝගික නැති ගටියක් දැනෙනවා
    american street fights වල ඔය ඔක්කොම සමබරව ටියෙනව කියල හිතෙනව
    මං කිව්වෙ මට හිතෙන දේ

    චීන සටන් කලා ගැන මම හෙට ලිපියක් දාන්නම්
    දැන් දොයි මතයි බන්
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Strength eka one ne sahodarayaa kenekuta pahara denna.. Hari Technique ekai Speed ekai tibbama hodatama athi.... Kenekwa ada pana karanna paharawal 3 kin puluwan... E paharawal 3 ta yana kaalaya tathpara 10 katath adui hariyata puhunu wuna kenekuta....

    uba kiwwa hari.pahara denna strenth eka ona na.habayi uba kiyana widiyata ita passe ambaneka kanna thamayi wenne.api pahara dhenna ona prathiwadiya adapana wenna misak hahuwayi kiyala kiyanna nemeyine.hodat aga tiyena kenekge lee tikak ganna kocchara amaruda kiyala doc kenek gen ahuwanam kiyayi.ee wage thamayi meath.eka nisa oya kathawa practical na ban.kocharara Technic dann ketu porak unath strenth eka nattnm wadak na.ethakota uu nikan show man kenek witharayi.
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    uba kiwwa hari.pahara denna strenth eka ona na.habayi uba kiyana widiyata ita passe ambaneka kanna thamayi wenne.api pahara dhenna ona prathiwadiya adapana wenna misak hahuwayi kiyala kiyanna nemeyine.hodat aga tiyena kenekge lee tikak ganna kocchara amaruda kiyala doc kenek gen ahuwanam kiyayi.ee wage thamayi meath.eka nisa oya kathawa practical na ban.kocharara Technic dann ketu porak unath strenth eka nattnm wadak na.ethakota uu nikan show man kenek witharayi.

    ටෙක්නික් අසූහාර දාහක් දැනගත්තත් වැඩක් නෑ
    ඒවා ප්‍රායෝගිකව කරන්න පුලුවන් කමක් තියෙන්න ඕනි
    අත්දැකීම් අනුව නම්
    අපි දන්න ටෙක්නික් ප්‍රායෝගික සටනේදී (‍සටන් ශිල්පයක් නොදත් කෙනෙක් සමග කරන සටනේදී) යොදාගන්න ආමාරුයි
    ඒ වෙනුවට අපගේ පලපුරුද්ද අනුවා අවස්ථානුකූලව ක්ෂණිකව ටෙක්නික් නිර්මාණය කරගැනීමට සිදු වෙනවා