ඔබත් පසුතැවෙනවා ද..?
අපි හැමෝම පව් කරලා තියෙනවා.. අඩු වැඩි වශයෙන්. තමන් කරපු කියපු දේවල් පව් නේ ද කියල පවා කෙනෙකුට දැනගන්ට අවස්ථාවක් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මුණ ගැසුනට පස්සෙයි..
ඒ විදියට පව මොකක් ද පවේ විපාක මොනවද කියල ධර්මය තුළින් දැනගන්න ලැබුණු කෙනෙකුට ඇතැම් අවස්ථාවල දී පසුතැවිල්ලක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේ ම ඇතැම් විට බියකුත්.. මං අතින් මේ මේ පව් වෙලා තිබෙනවා නෙ.. දැන් මට මොන මොන විපාකයක් ලැබේවි ද..? මං මේකෙන් ගැලවෙන්නේ කොහොම ද..?, ඔය විදියට නොයෙක් ගැටලු ඇති වෙන්න ඉඩ තිබෙනවා..
ඉතින් මේ සටහන තැබෙන්නේ, ඒ වගේ ගැටලුවලට යම් සහනයක් ලබා දීමේ අපේක්ෂාවෙන්..
ආනන්තරීය කර්මයන් යම් කෙනෙක් අතින් සිදු වුණොත්, ඒ කෙනා නිරයේ යෑම වෙනස් කරන්නට කාටවත් හැකි වෙන්නේ නැහැ. ඒ නිසා එය නියත රාශියක් ලෙසට යි ධර්මයේ දැක්වෙන්නේ..(මිච්ඡත්ත නියත රාශිය – නිත්‍ය රාශිය නෙවෙයි..). ඒ වගේ ම තමයි කෙනෙක් ආර්ය මාර්ගයට පත්වුණොත්, එයා ඵලයන්ට පත් නොවී තිබෙන්නේ නැහැ. ඒ නිසා එයත් නියත රාශියක් ලෙසට යි දැක්වෙන්නේ (සම්මත්ත නියත රාශිය). අනිත් බොහෝ දේවල් අනියත යි. මේ නිසා ම කෙනෙකුට කර්මයේ විපාක ලැබෙන ස්වරූපය වෙනස් කර ගැනීමට යම් අවස්ථාවක් තිබෙනවා.. හැබැයි ඒ වෙනස් කරගන්නත් පුලුවන්කම තිබෙන්නේ තමන් ගේ ක්‍රියාවෙන් ම තමයි.. ප්රාර්ථනාවකින් යැදීමකින් හෝ වෙන ගුප්ත ක්‍රමයකින් නොවෙයි..
යම් පාප කර්මයක් එක හා සමාන විදියට දෙදෙනෙක් විසින් සිදු කළත් ඒ කර්මයට විපාක ලැබෙන ආකාරය ඒ අයගේ ගුණවත් භාවය මත වෙනස් වෙනවා.. ඒ බව භාග්‍යවතුන් වහන්සේ සොඳුරු උපමාවකින් පැහැදිලි කොට වදාළා..!!! කෙනෙක් එක සමාන ලුණු කැට ප්‍රමාණයක් ගංඟානම් ගඟට සහ කුඩා වතුර වීදුරුවකට දමනවා.. ගංඟානම් ගඟේ ජලයට ඒ ලුණු ප්‍රමාණය දැන්නෙන් වත් නැහැ. නමුත් කුඩා වතුර වීදුරුව ලුණු රස වෙනවා..
ඒ වගේ ම තමයි දෙදෙනෙක් එක හා සමාන පාප කර්ම කළත්, ඒ අතරින් එක් කෙනෙක්, ගුණයෙන් විශාලයි නම්, ඒ කෙනාට එම කර්මය විපාක දෙන්නේ අල්ප වශයෙන්. පරලොව විපාක දෙන්නට ඉතිරි නොවීම, එය මේ ජීවිතයේ සුලුවෙන් විපාක දී ඉවර වෙනවා.. නමුත් කර්මය කළ තැනැත්තා ගුණයෙන් විශාල නැත්නම්, ඔහු ගේ සිත කුඩා වතුර වීදුරුව වගේ පටුයි නම්, ඒ කෙනාව සුලු පාප කර්මයකින් පවා නිරයට ඇදගෙන යන්නට ඉඩ තිබෙනවා..
ඉතින් මේ ධර්මතාවය අප කළ පව් අල්ප වශයෙන් විපාක දී කෙළවර වන දෙයක් බවට පත් කරගන්නට යොදා ගත නො හැකි ද..? ඇත්තෙන් ම පුලුවනි..
සාමාන්‍යයෙන් කෙනෙක් අතින් පව්කමක් සිදු වූ විට බොහෝ විට ධර්මතාවයක් ලෙසට ම සිතේ විපිළිසර භාවය, පසුතැවිල්ල ඇති වෙනවා. එය ඇතැම් විට නුවණැති කෙනෙකුට නම් නැවත එවැනි පව් නොකර සිටීමට උපකාරයක් කර ගත හැකි යි. නමුත් අනවශ්‍ය ලෙස පසුතැවෙමින් කාලය ගත කිරීම ධර්ම මාර්ගයට බාධාවක්. එයින් සිදු වන්නේ නීවරණ පෝෂණය වීම යි.
මේ මට ලැබුනු ඊමේල් පනිවිඩයක් කොපි පේස්ට් කිරීමක්. ඇත්තටම ගොඩාක් නොදන්න කාරනා කීපයක්ම තිබුන නිසා එලකිරිය එක්ක බෙදාගන්න හිතුවා. කියවන්න අකමැති අයටනම් එපාවෙයි. ඒත කොහොම හරි කියවන්න මොකද හරිම වැදගත් කාරණා තමයි තියෙන්නෙ.කියවල අදහස් ලියල යන්න අමතක කරන්නෙපා.
නමෝ බුද්ධාය..!!!