ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද??
.
.
මේ ලෝකය වගේම ලෝකයේ ජීවත් වන මිනිස්සු හැදිලා තියෙන හැටිත් පුදුමාකාරයි. බොහෝ විට දැකිය යුතු දේ නොදැක, නොදැකිය යුතු දේ දැකීමට ඔවුන් පුදුමාකාර කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ නිවැරදි දේ දාහක් දැක්කත් ඒකෙ වගක්වත් නැතුව වැරදි එක දේ ගැන මහා ලොකු දෙයක් හොයාගත්තා වගේ කතා කරනවා. එක අතකින් මේක හඳුන්වන්න ඕනෙ කුහකකමක් විදිහට. වැරැද්දක් දැක්කාම ඒක සමච්චලයට නොගෙන එහෙම වුණේ ඇයි කියලා හොයලා ඒක නිවැරදි කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ කීයෙන් කී දෙනාද?
මේ ගැන අපට හිතා බලන්න හිතෙන අපූරු කතාවක් තමයි මේ.
එක දවසක් ගණිත පාඩමට පන්තියට ආ ගුරුතුමිය කළු ලෑල්ලෙ මෙහෙම ලිව්වා..
ලියලා ඉවර වෙලා ගුරුතුමිය පන්තිය දිහා හැරිලා බලන විට හැම ළමයම වගේ සමච්චලයට වගේ හිනාවෙන අයුරු දැක්කා.
"ඇයි ඔය ළමයි හිනාවෙන්නේ?" ගුරුතුමිය ඇහුවා.
පන්තියෙ හිටිය එක සිසුවෙක් නැගිටලා මෙහෙම කිව්වා.
"මිස් 9×1 = 7 නෙමෙයිනෙ. ඒක වැරදියිනෙ."
"බොහොම හොඳයි. මං පළවෙනි එක වැරදියට ලිව්වෙ හිතලමයි. මොකද මට ඕනෙ වුණා ඔය ගොල්ලන්ට ගණිතයටත් වඩා වැදගත් දෙයක් කියලා දෙන්න. මේකෙන් පිටස්තර ලෝකය ඔයගොල්ලන් දිහා බලන්නෙ කොහොමද කියලා හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ පිටස්තර ලෝකය දිහා බලන විදිහත් මේකෙන් හෙළි වෙනවා. මම නව වතාවක් හරි දේ ලියලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුවත් මට ඒකට ප්‍රශංසා කළාද?
නෑ... ඒත් මට වැරදුන එකම එකට සමච්චලයට වගේ හිනා වුණා."
ඇත්තටම මේක තමයි ලෝක ස්වභාවය.
අපි කොපමණ හොඳ දේ කළත් ලෝකය අපට ප්‍රශංසා කරන්නෙ නැහැ. ඒත් එක වැරැද්දක් කාලයක් යන තුරුත් ඔවුන්ගේ විවේචනයට ලක්වෙනවා. මේකෙ වෙනසක් දකින්න ඕනෙ නම් කරන්න ඕන හොඳ දැක්කාමත් ප්‍රශංසා කිරීමට පෙළඹීම වගේම වරදකදී එය විවේචනය නොකර යහපත් හිතින් එය පෙන්වාදීමට උත්සාහ කරන එකයි. එහෙම නොවුනොත් පිටස්තර ලෝකය ඔබව දකින්නේ කුහකයෙක් විදිහටයි. 

ඉරිදා රිද්ම අතිරේකය ඇසුරින්..
.
.
මේ ලෝකය වගේම ලෝකයේ ජීවත් වන මිනිස්සු හැදිලා තියෙන හැටිත් පුදුමාකාරයි. බොහෝ විට දැකිය යුතු දේ නොදැක, නොදැකිය යුතු දේ දැකීමට ඔවුන් පුදුමාකාර කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ නිවැරදි දේ දාහක් දැක්කත් ඒකෙ වගක්වත් නැතුව වැරදි එක දේ ගැන මහා ලොකු දෙයක් හොයාගත්තා වගේ කතා කරනවා. එක අතකින් මේක හඳුන්වන්න ඕනෙ කුහකකමක් විදිහට. වැරැද්දක් දැක්කාම ඒක සමච්චලයට නොගෙන එහෙම වුණේ ඇයි කියලා හොයලා ඒක නිවැරදි කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ කීයෙන් කී දෙනාද?
මේ ගැන අපට හිතා බලන්න හිතෙන අපූරු කතාවක් තමයි මේ. එක දවසක් ගණිත පාඩමට පන්තියට ආ ගුරුතුමිය කළු ලෑල්ලෙ මෙහෙම ලිව්වා..

ලියලා ඉවර වෙලා ගුරුතුමිය පන්තිය දිහා හැරිලා බලන විට හැම ළමයම වගේ සමච්චලයට වගේ හිනාවෙන අයුරු දැක්කා.
"ඇයි ඔය ළමයි හිනාවෙන්නේ?" ගුරුතුමිය ඇහුවා.
පන්තියෙ හිටිය එක සිසුවෙක් නැගිටලා මෙහෙම කිව්වා.
"මිස් 9×1 = 7 නෙමෙයිනෙ. ඒක වැරදියිනෙ."

"බොහොම හොඳයි. මං පළවෙනි එක වැරදියට ලිව්වෙ හිතලමයි. මොකද මට ඕනෙ වුණා ඔය ගොල්ලන්ට ගණිතයටත් වඩා වැදගත් දෙයක් කියලා දෙන්න. මේකෙන් පිටස්තර ලෝකය ඔයගොල්ලන් දිහා බලන්නෙ කොහොමද කියලා හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ පිටස්තර ලෝකය දිහා බලන විදිහත් මේකෙන් හෙළි වෙනවා. මම නව වතාවක් හරි දේ ලියලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුවත් මට ඒකට ප්‍රශංසා කළාද?
නෑ... ඒත් මට වැරදුන එකම එකට සමච්චලයට වගේ හිනා වුණා."ඇත්තටම මේක තමයි ලෝක ස්වභාවය.
අපි කොපමණ හොඳ දේ කළත් ලෝකය අපට ප්‍රශංසා කරන්නෙ නැහැ. ඒත් එක වැරැද්දක් කාලයක් යන තුරුත් ඔවුන්ගේ විවේචනයට ලක්වෙනවා. මේකෙ වෙනසක් දකින්න ඕනෙ නම් කරන්න ඕන හොඳ දැක්කාමත් ප්‍රශංසා කිරීමට පෙළඹීම වගේම වරදකදී එය විවේචනය නොකර යහපත් හිතින් එය පෙන්වාදීමට උත්සාහ කරන එකයි. එහෙම නොවුනොත් පිටස්තර ලෝකය ඔබව දකින්නේ කුහකයෙක් විදිහටයි. 

ඉරිදා රිද්ම අතිරේකය ඇසුරින්..
නිතර පත්තර කියවන කෙනෙක් නොවුනත් මම දැක්ක මේ ලිපිය හිතට ගොඩක් දැනුණු එකක් වුන නිසා කස්ටිය එක්ක මෙහෙම share කරන්න හිතුණා.
ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ??
ඔබේ අදහස් මට හුඟක් වටිනවා. REP නැතත් කමක් නෑ..

Last edited: