ඔබත් මෙහෙම කෙනෙක්ද??

Shan_LK

Member
Dec 13, 2016
184
82
0
ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද??

.
.

මේ ලෝකය වගේම ලෝකයේ ජීවත් වන මිනිස්සු හැදිලා තියෙන හැටිත් පුදුමාකාරයි. බොහෝ විට දැකිය යුතු දේ නොදැක, නොදැකිය යුතු දේ දැකීමට ඔවුන් පුදුමාකාර කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ නිවැරදි දේ දාහක් දැක්කත් ඒකෙ වගක්වත් නැතුව වැරදි එක දේ ගැන මහා ලොකු දෙයක් හොයාගත්තා වගේ කතා කරනවා. එක අතකින් මේක හඳුන්වන්න ඕනෙ කුහකකමක් විදිහට. වැරැද්දක් දැක්කාම ඒක සමච්චලයට නොගෙන එහෙම වුණේ ඇයි කියලා හොයලා ඒක නිවැරදි කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ කීයෙන් කී දෙනාද? :baffled: මේ ගැන අපට හිතා බලන්න හිතෙන අපූරු කතාවක් තමයි මේ.
එක දවසක් ගණිත පාඩමට පන්තියට ආ ගුරුතුමිය කළු ලෑල්ලෙ මෙහෙම ලිව්වා.. :nerd:

fdZPAhE.jpg

ලියලා ඉවර වෙලා ගුරුතුමිය පන්තිය දිහා හැරිලා බලන විට හැම ළමයම වගේ සමච්චලයට වගේ හිනාවෙන අයුරු දැක්කා. :D
"ඇයි ඔය ළමයි හිනාවෙන්නේ?" ගුරුතුමිය ඇහුවා.
පන්තියෙ හිටිය එක සිසුවෙක් නැගිටලා මෙහෙම කිව්වා.
"මිස් 9×1 = 7 නෙමෙයිනෙ. ඒක වැරදියිනෙ." :rolleyes:
"බොහොම හොඳයි. මං පළවෙනි එක වැරදියට ලිව්වෙ හිතලමයි. මොකද මට ඕනෙ වුණා ඔය ගොල්ලන්ට ගණිතයටත් වඩා වැදගත් දෙයක් කියලා දෙන්න. මේකෙන් පිටස්තර ලෝකය ඔයගොල්ලන් දිහා බලන්නෙ කොහොමද කියලා හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ පිටස්තර ලෝකය දිහා බලන විදිහත් මේකෙන් හෙළි වෙනවා. මම නව වතාවක් හරි දේ ලියලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුවත් මට ඒකට ප්‍රශංසා කළාද? :oo: නෑ... ඒත් මට වැරදුන එකම එකට සමච්චලයට වගේ හිනා වුණා."
ඇත්තටම මේක තමයි ලෝක ස්වභාවය. :yes: අපි කොපමණ හොඳ දේ කළත් ලෝකය අපට ප්‍රශංසා කරන්නෙ නැහැ. ඒත් එක වැරැද්දක් කාලයක් යන තුරුත් ඔවුන්ගේ විවේචනයට ලක්වෙනවා. මේකෙ වෙනසක් දකින්න ඕනෙ නම් කරන්න ඕන හොඳ දැක්කාමත් ප්‍රශංසා කිරීමට පෙළඹීම වගේම වරදකදී එය විවේචනය නොකර යහපත් හිතින් එය පෙන්වාදීමට උත්සාහ කරන එකයි. එහෙම නොවුනොත් පිටස්තර ලෝකය ඔබව දකින්නේ කුහකයෙක් විදිහටයි. :angry::frown:


ඉරිදා රිද්ම අතිරේකය ඇසුරින්..


නිතර පත්තර කියවන කෙනෙක් නොවුනත් මම දැක්ක මේ ලිපිය හිතට ගොඩක් දැනුණු එකක් වුන නිසා කස්ටිය එක්ක මෙහෙම share කරන්න හිතුණා.
ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ??

ඔබේ අදහස් මට හුඟක් වටිනවා. REP නැතත් කමක් නෑ.. ;):)
 
Last edited:

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ බැල්ලි නොන්ඩිය වහගන්න බයිලයක් ගහල මාරුවෙනව.. හරියට අර ඉරොසන් කාරයා වගේ..
 

Shan_LK

Member
Dec 13, 2016
184
82
0


|| TFS ||
11.gif
11.gif
11.gif

බොහොම ස්තුතියි මචන්ලා.
ඒ බැල්ලි නොන්ඩිය වහගන්න බයිලයක් ගහල මාරුවෙනව.. හරියට අර ඉරොසන් කාරයා වගේ..
ඒක මචන් උඹ හිතන විදියනේ. බොහොම ස්තුතියි comment එකට.. :rolleyes:

zImPtqk.jpg


ඒ වගේම REP කැපුවා කියලත් මට උඹත් එක්ක කිසිම අමනාපයක් නෑ මචන්.. :yes::D
 
Last edited:

Shan_LK

Member
Dec 13, 2016
184
82
0
onama manussayek dakinne waradda witharai....:no::no::no:koi welewat hari de mokadda kiyala hithanne na.....:angry::angry:
Any way good post....:love::love:
ඔව් ඒක ඇත්ත මචන්.. :yes::)
බොහොම ස්තුතියි මචෝ!
:love::love:
good post:yes:!!
11.gif

thanks මචෝ!
ඇත්ත ඕක තමයි මේ සමාජේ යථාර්තය :yes::yes:

Nice share keep it up ;)
ඔව් අයියේ! :yes::rolleyes:
බොහොමත්ම ස්තුතියි!
:love::love:
11.gif

ElaZ
මචෝ!
 
  • Like
Reactions: kellsupun

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒක මචන් උඹ හිතන විදියනේ. බොහොම ස්තුතියි comment එකට.. :rolleyes:

zImPtqk.jpg


ඒ වගේම REP කැපුවා කියලත් මට උඹත් එක්ක කිසිම අමනාපයක් නෑ මචන්.. :yes::D
උබ මහ ගොන් මෝඩයෙක් නේ යකෝ.. රෙප් කපන්න මට රෙප් පවර් එකක් තියෙන්නෙ එපයි මුලින්ම..
 

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ comments වලිනුත් සමාජයේ sample එකක් තමයි පෙන්නන්නේ
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    උබ මහ ගොන් මෝඩයෙක් නේ යකෝ.. රෙප් කපන්න මට රෙප් පවර් එකක් තියෙන්නෙ එපයි මුලින්ම..
    අනේ මන්දා මචන්.. මේ ගැන නම් තවත් මුකුත් කියන්න යන්නේ නෑමයි.. :D
    good post

    tfs....+++


    aniwa aththa .



    11.gif
    11.gif

    thanks මචන්ලා!
    මේ comments වලිනුත් සමාජයේ sample එකක් තමයි පෙන්නන්නේ
    ඒක ඇත්ත මචෝ.. :yes::)