ඔබෙ පෙරමග සලසන්නට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබෙ පෙරමග සලසන්නට...

    නිහඩ මගක පියමන් කල..
    අරමුණු සුන් වූ මා හට....
    සහන ලොවක් පෙන්වා මට..
    හිත බැන්දූ සුර දෙවගන....
    පවට පින දිදී උහුලන්..
    ඇගේ ලොවම මට කැපකල....
    නැවත නොයේ කිසිදිනකට...
    නික්මුනි ඇය සුර ලොවකට...

    රස බර වූ මියුරු තෙපුල්
    තවමත් සවනත රැව් දෙන...
    හිත නැලවූ රස සිතුවිලි....
    හද ගිනි නිවලා සැනහුන..
    ඉදහිට ලැබෙනා උනුසුම්..
    හාදුවකින් කිති කැවෙනට...
    තවමත් ආසයි යන්නට..
    ඇගේ සොදුරු මතකය වෙත...

    කොතෙක් ආදරය කෙරුවත්...
    නොදැනුනු ඔබෙ වේදනාව..
    දැන ගන්නට කිසි ලෙසකින්..
    ඉඩ දුන්නේ නැහැ ඔබ මට..
    දුටුවා නම් එක මොහොතක් ..
    ඔබ විදවන හැටි මගෙ නෙත...
    නිසැකව යමි සුරවිමනට...
    ඔබෙ පෙරමග සලසන්නට...
    96fe475e1308ea7520c5c3870d6a8384_large.jpg

     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අම්මට සිරි උබ මේ දවස් ටිකේ හෝ ගාලා කවි ලියනව නේ නන්ස්ටොප්:cool:
    දුක සීන් එකක් ගැන නේ හැබැයි ඉතින් වෙනදා වගේම එලට ලියලා තියනවා:cool::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මට සිරි උබ මේ දවස් ටිකේ හෝ ගාලා කවි ලියනව නේ නන්ස්ටොප්:cool:
    දුක සීන් එකක් ගැන නේ හැබැයි ඉතින් වෙනදා වගේම එලට ලියලා තියනවා:cool::yes:
    :baffled::baffled: පොඩ්ඩක් වැඩියි නං තමා :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මැරිලත් සැනසීමක් නෑ.. බෙල්ල මිරිකන්න යනවා
    මැරිලත් සැනසීමක් නෑ.. බෙල්ල මිරිකන්න යනවා

    96fe475e1308ea7520c5c3870d6a8384_large.jpg


    2744766.png


    9Y7qmQ3.png

    9Y7qmQ3.png
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    PATTA ,මගේ LOVE එකට ලියපු එක දානවද නැද්ද කියලා කල්පනා කරන්නේ බන්
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කොතෙක් ආදරය කෙරුවත්...
    නොදැනුනු ඔබෙ වේදනාව..
    දැන ගන්නට කිසි ලෙසකින්..
    ඉඩ දුන්නේ නැහැ ඔබ මට..


    harima lassanai..dukai.. :(