ඔබ කියවිය යුතුම පොත් හතක්..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තේ.ජී.කරුණාතිලක කියන්නේ සෑර්, ලංකාවෙ හිටපු හොදම ට්‍රාන්ස්ලේටර්...........
    එතමා ගේ ට්‍රාන්ස්ලේෂන්ස් වලට ලගින්වත් යන්න ඉන්නේ තව තුන් දෙනයි. අභය හේවාවසම්, ගාමිණි වියන්ගොඩ සහ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි............
    http://www.elakiri.com/forum/showthread.php?t=1462396
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේය උතුමානෙනි. මම කේ. ජී සර් ගේ වෙන එව්වා වගයක් නම් කියවා තියෙනවා ඔය ටාර්සන් කියවා නෑ කිඹුල්ස්. කඩ්ඩෙන් නම් එකක් කියෙව්වා වෙලාව එක්ක බෑ කරන්න ඔව්වා. :angry::angry::angry:
    කේ.ජී. සර් ගේ කියවපං හොයා ගෙන වගුරු බිම....තව බිම්ගෙයි සිරකරුවා. තව ෆ්‍රාන්ස් කස්ෆා ලියපු දණ්ඩණ කදවුර සිංහල පරිවර්තනය. ලීලී මල් තුනේ අවන්හලේ දී. කෝර්සිකානු සහෝදයෝ.
    ඔන්න ඕව තමා නියම පොත් කියවීම් පරිනත කරගන්න..........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තේ.ජී.කරුණාතිලක කියන්නේ සෑර්, ලංකාවෙ හිටපු හොදම ට්‍රාන්ස්ලේටර්...........
    එතමා ගේ ට්‍රාන්ස්ලේෂන්ස් වලට ලගින්වත් යන්න ඉන්නේ තව තුන් දෙනයි. අභය හේවාවසම්, ගාමිණි වියන්ගොඩ සහ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි............

    තිලක කුඩාහෙට්ටි මහත්තයත් හොඳයි.අනුල ද සිල්වා මහත්මිය,රන්ජිත් කුරුප්පු මහත්තයා වගේ අයගේ සිංහල පරිවර්තනත් ගොඩාක් හොඳයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    55.gif

    :frown: ඔයාට එව්වා වැඩක් නැහැ නේ :dull: කොහොම හරි කියෙව්වනේ...

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇගේ මයිල් කෙලින් කරගන්න ඕන උන් කියවපල්ලා ෆෙඩ්රික් ෆෝසයිත් ගේ The Day of The Jackal, Oddessa Files, The negotiator, Dogs of War පොත් ටික. මේව පිළිවෙලින් වෘකයා ගේ දවස,හිට්ලර් ගේ එස්.එස් හමුදාව, සංසන්ධිකයා:love:, සහ යුද බල්ලෝ යන නම් වලින් අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය කරල තියනවා, සූරිය ප්‍රකාශන ලෙස මුද්‍රණද්වාරයෙන් නිකුත් වෙලා තියනවා.........
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ වුනාට ලමයින්ට එකතු කරපං..උන්වත් මනුස්සයො කරන්න ඕන නම්....

    ඕකෙ මුල් පරිවර්තනය ළමා විය-පරිවර්තනය කලේ දැදිගම වී.රුද්‍රිෙගා්.
    මක්සිම් ගෝර්කි ගේ ළමාවිය-මිනිසුන් අතර-මගේ සරසවි තුන් ඇදුතු නව කතාව පොත් තුනම තියනවා. අර පරණ බැදපු කවරෙ එක්ක එන රුසියන් ප්‍රින්ට්ස්.......:love:

    ළමයින්ට වෙනම අරන් දෙන්න ඕනෙ:rolleyes:. මම පොඩි කාලෙ, අකුරු කියවන්නත් බැරි කාලෙ අපේ තාත්ත ලොකු පින්තූර තියන කතන්දර පොත් මට ගෙනාව. මම ඒවා කෑලී කෑලි වලට ඉරනව. ඒත් මට බනින්නෙ නෑ. අනිත් දවසෙ තව පොතක් අරන් එනව මට ඉරන්න. එහෙම ඉරලම තමයි පොත් වලට ආසාවක් ආවෙ:rofl::love:..

    දොස්තර මහත්තය ගාව නම් පුස්තකාලයක්ම තියනව වගෙයි:). පලවෙනි පොත කියවනකොට අනිත් දෙකත් කියවන්න ආස හිතෙනව:rolleyes:.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දොස්තර මහත්තය ගාව නම් පුස්තකාලයක්ම තියනව වගෙයි.
    .
    අඩි 10*14 සම්පූර්ණ බිත්තියක් කවර් වෙන්න ගහපු කබඩ් වලින් විරාජමාන වූ පුස්තකාලයක්. අපේ පියාණන් ගාව තියනව භටත් එහා. හැබැයි ඉතිහාසය,පුරාවිද්‍යාව සහ සිංහල භාෂාව......
    මම තාත්තගෙන් අන්තිම කැමැත්ත හැටියට ඉල්ලලා තියෙන්නේ ඒ පුස්තකාලේ...වෙන කිසි ම දෙයක් එපා කියලා.........:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    නියමයි මචන්....එකක් දෙකක් කිය්වලා තියෙනවා.අනික්වත් කොහෙන්හරි හොයාගෙන කියවන්න ඕනා :)
    එල එල මචං.. උඹත් පොත් කියවනවා කියලා සිරාවටම මං අදයි දන්නෙ.. :D

    මම කියවපු හොඳම පොත දෙකක් මෙතන තියෙනවා බං. ගොලු හදවතයි, ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි පොතයි. ඒ දෙකෙන් මට ගොඩක්ම ෆීල් උනේ ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි කියන පොත මචං.
    ඒ පොත පරණ එකක්ද අලුත් එකක්ද..? හොයාගන්න ඕනි බං.. ගාල්ලෙ තියෙද දන්නෑ..:(

    එක පොතයි කියවලා තියෙන්නේ:dull:
    මඩොල් දූව..:)

    දේශපාලනයට බර උන් ඉන්නව නම් කියවපල්ලා ඩොක්ටර් මිකායිල් බුලගකොව් ගේ මාස්ටර් & මාගරීටා සහ හාර්ට් ඔෆ් අ ඩෝග්. මේ දෙකට සිංහලට පරිවර්තනය කරල තියනවා. මාස්ටර් සහ මාගරීට-පසන් කොඩිකාර, බල්ලෙකු ගේ හදවත-ගාමිණී වියන්ගොඩ.

    තාසයට කැමති උන් ඉන්නව නම් කියවපල්ලා හොයාගෙන සර් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ පොත්. king solomon's mines-සිංහල පරිවර්තනය රත්නාගාරය-කමලසිරි පෙරේරා
    She-ඈ හෙවත් අයේෂා 1 සහ 2 (වෙළුම් 2ක්) -කේ.ජී.කරුණාතිලක
    Ayesha-return of she-අයේෂා ආපසු එයි-කේ.ජී.කරුණාතිලක

    පළිගැනීම් ගැන සිහින දකින උන් ඉන්නව නම් කියවපල්ලා ඇලෙක්සැන්ඩර් දියුමා ගේ Count de la monte cristo-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා1/2/3/4/5/6 (වෙළුම් සයයි)-කේ.ජී.කරුණාතිලක
    අඩේ බලං ගියාම මාත් පොත් කියවලම නෑනෙ..:(

    බඩියෝ කට්ටියට පොත් ටික බාගන්නත් එක්ක ලින්ක් ටික දාලා දුන්නනම් තමයි වටින්නේ කට්ටියටම. මම ඔතන 4ක් කියවලා තියෙනවා
    1.විරාගය
    2.ගුරු ගීතය
    3.මඩොල් දූව
    4. The Great Gatsby

    මෙන්න මන් ගානේ ඕනේ උන් බාගනිල්ලා. මෙව්වා මම අප් කරපුවා නෙමෙයි මන් මේ වලින් බා ගත්තා මේ ලින්ක් වැඩ නැත්නම් කියපල්ලා ඕනේ උන් ටික.

    1. මඩොල් දූව

    2. ගුරු ගීතය

    3.ගොලු හදවත
    The Great Gatsby එක නම් තියෙනව මචෝ නෙට් එකේ.. PDF කියලා ගහපු සැනින් එයි.. විරාගය තමා හොයන්න අමාරු.. :( උඹ අනිත් සෙට් එකම දාලා තියෙනවනේ..:)

    මම ඊබුක් කියවන්නේ නැ ගයියෝ. කියවන්නේ අධ්‍යයන කටයුත් වලට ගන්න ඊබුක් විතරමයි. මොකද අර පිටු පෙරල පෙරල, රහ කර කර කියවන ආතල් එක ඊබුක් වලින් මට එන්නේ නෑ...........
    අනික ඕවයේ ඊබුක් කියන්නේ පිටු 400ක් විතර ඒව.....මේකෙන් ඕව කියවනවට වඩා හොදා.........:dull::dull:
    ඇස් රිදෙනව නේහ් බං කිඹු.. මටත් මාර අමාරුයි බං PDF කියෝනකොට..:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බඩි@

    මම් පොඩි කාලෙ කුප්පි ලාම්පුවෙන් පොත් කියවපු පොරක් සසාගෙන් අහපන් ඌ දන්නවා සමහරක් වෙලවට මම පැය හතක් අටක් එක දිගට පොත් කියවනවා කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩි@

    මම් පොඩි කාලෙ කුප්පි ලාම්පුවෙන් පොත් කියවපු පොරක් සසාගෙන් අහපන් ඌ දන්නවා සමහරක් වෙලවට මම පැය හතක් අටක් එක දිගට පොත් කියවනවා කියලා
    යකෝ මාත් එහෙම තමා....උඹ හිතන්නේ අපි රත්තරං හැන්ද කටේ ගහන් උපන් උන් කියලද? මමත් පොතක් ගත්තාම කියවල තමා බිමින් තියන්නේ...කෑම-බීම වානා ඒ වෙලාවට..........
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අඩි 10*14 සම්පූර්ණ බිත්තියක් කවර් වෙන්න ගහපු කබඩ් වලින් විරාජමාන වූ පුස්තකාලයක්. අපේ පියාණන් ගාව තියනව භටත් එහා. හැබැයි ඉතිහාසය,පුරාවිද්‍යාව සහ සිංහල භාෂාව......
    මම තාත්තගෙන් අන්තිම කැමැත්ත හැටියට ඉල්ලලා තියෙන්නේ ඒ පුස්තකාලේ...වෙන කිසි ම දෙයක් එපා කියලා.........:love:
    :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar377497_28.gif

    මඩොල්දූව කියවලා තීනෝ ......

    උබව රේප් කරලා ලගදි.. again lateර් තමයි... එක දිගට කරන්න බෑ :dull:...
    ගොඩක් උන් මඩොල්දූව විතරනේ බං කියෝලා තියෙන්නෙ..:(
    විරාගය එහෙම කියවලා බලපං.. උඹ අනිවා දෙපාරක් තුන්පාරක් කියවයි..

    නොදකින්. කව්ද සිංහලයෝ ඔව්වා සින්හලෙන් කියවන්නේ. පරිවර්තන වල නියම රසය එන්නේ නෑ සමහර පොත් වල. ට්‍රාන්ස්ලේට් කරන එකා එච්චරටම නියමෙට ට්‍රාන්ස්ලේට් කරලා :angry::angry:
    මටත් සමහර ඉංශ්‍රීසි පොත් කියවනකොට පොඩි පොඩි මෙව්වා එකක් වෙනවා බං..:(

    හිත නිවෙන්න පොතක් ඕන නම් කියවපල්ලා විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ “හේ ආරන්‍යක්! කථා කහෝ!“ (එම්බා වන අරණ, කතා කරව!)කියන වංග පොත. මේක සිංහලට පරිවර්තනය කරලා තියනවා චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මැඩම්, අරණකට පෙම්බැද කියලා......
    අන්න පොත්...........

    තේ.ජී.කරුණාතිලක කියන්නේ සෑර්, ලංකාවෙ හිටපු හොදම ට්‍රාන්ස්ලේටර්...........
    එතමා ගේ ට්‍රාන්ස්ලේෂන්ස් වලට ලගින්වත් යන්න ඉන්නේ තව තුන් දෙනයි. අභය හේවාවසම්, ගාමිණි වියන්ගොඩ සහ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි............
    ඒ බං කිඹු.. දැන් උඹ ඉංශ්‍රීසි පොතක් සිංහලට පරිවර්ථනය කරනවා කියලා හිතපංකො.. උඹ ඒ පරිවර්ථනය කරන්න ඉන්න පොත ලියපු කර්තෘගෙන් අවසර ගන්න ඕනිද සිංහලට පරිවර්ථනය කරන්න නම්..?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩි@

    මම් පොඩි කාලෙ කුප්පි ලාම්පුවෙන් පොත් කියවපු පොරක් සසාගෙන් අහපන් ඌ දන්නවා සමහරක් වෙලවට මම පැය හතක් අටක් එක දිගට පොත් කියවනවා කියලා

    යකෝ මාත් එහෙම තමා....උඹ හිතන්නේ අපි රත්තරං හැන්ද කටේ ගහන් උපන් උන් කියලද? මමත් පොතක් ගත්තාම කියවල තමා බිමින් තියන්නේ...කෑම-බීම වානා ඒ වෙලාවට..........

    ඔයාලා විතරක් නෙමෙයි ඒ කාලේ ලංකාවේ 3/4 ක්ම ලාම්පු එළියෙන් තමා පොත් කියෙව්වේ.ඇයි චන්ද්‍රිකා නෝනාගේ කාලේ ලයිට් කැපුවෙ පැය ගාණක්...:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ බං කිඹු.. දැන් උඹ ඉංශ්‍රීසි පොතක් සිංහලට පරිවර්ථනය කරනවා කියලා හිතපංකො.. උඹ ඒ පරිවර්ථනය කරන්න ඉන්න පොත ලියපු කර්තෘගෙන් අවසර ගන්න ඕනිද සිංහලට පරිවර්ථනය කරන්න නම්..?
    ඉස්සර නම් නෑ...නමුත් දැන් ඉන්ටනැෂනල් කොපිරයිස්ට් නීති තදයි. එක නිසා දැන් නම් ගන්න ඕන..........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මාත් එහෙම තමා....උඹ හිතන්නේ අපි රත්තරං හැන්ද කටේ ගහන් උපන් උන් කියලද? මමත් පොතක් ගත්තාම කියවල තමා බිමින් තියන්නේ...කෑම-බීම වානා ඒ වෙලාවට..........
    :lol::lol:
    ඉස්සර මාර ආතල් ගෙදරින් බනිනවා තෙල් ටික ඉතුරු කරපන් හෙට පත්තු කරන්න කියලා
    අපි ඉතින් මැටි ගේක හිටියෙ කුප්පි ලාම්පු තම්යි පත්තු කරන්නෙ බැන්නාත් පොත කියවලා තමයි වියර කරන්නෙ:) කොහොම උනත් අතිතයනම් අපි සතුටෙන් හිටියා සල්ලි භාගෙ නැති උනත්
    වෙල් දෙකක් කලා හරි දැන් ඉන්නවාට වඩා හිතෙ සතුටෙන් හිටියා:(