~~~ ඔබ දැක නැති දේ .පුදුම හිතේවි ~~~

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ~~~ ඔබ දැක නැති දේ .පුදුම හිතේවි ~~~




    මේ "Canada Lynx" නම් පූසා. සාමාන්‍ය පුසෙක්ට වඩා දෙගුණයකටත් වඩා විශාල මොහු දැකිය හැකි වන්නේ කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ පමණයි. අසාමාන්‍ය හැඩය නිසාම "උතුරේ හොල්මන් පූසා" යන නාමයෙන්ද හදුන්වනවා.

    ATT00004-793907.jpg


    Common Baron වර්ගයේ දළඹුවෙක් . මෙයාගේ වර්ණය සහ මැදින් ඇති සුදු රේඛාව නිසා මෙයාව අඳුරගන්නත් එතරම් පහසු නැහැ.

    ATT00011-719372.jpg


    මේ ඔබ දකින්නේ "Fire Opal" වර්ගයේ මැණිකක්. (අග්නිමාණික්‍යය)

    මෙය හරියට මැණිකක් ඇතුලේ ඉර බැස යන සුන්දර සැන්දෑවක් සිර වෙලා තියනවා වගෙයි.

    ATT00026-781187.jpg


    අපට මෙය අපූරු අත්දැකීමක් වුවත් මෙම ගගන ගාමීන්ට මෙය තවත් එක් වැඩකරන දිනයක් පමණි.

    ATT00007-704874.jpg


    මරණය අබියස නිර්භයව බලා සිටින කටුස්සා.

    ATT00017-741107.jpg


    ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයේ තැනිතලා බිම් වලට දිස් වූ අපුරු Supercell වර්ගයේ දැවැන්ත වලාකුලක්.

    ATT00002-786156.jpg


    විවිධ ඛනිජ වර්ග නිසා සුන්දර වර්ණ මවන චීනයේ Gansu ප්‍රදේශයේ Zhangye Danxia කඳු ප්‍රදේශ.

    ATT00009-712192.jpg


    ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක දර්ශනීය සැන්දෑයාමය කැමරා ඇසින් දුටු අයුරු.

    ATT00003-789767.jpg



    වියට්නාමයේ Hang Son Doong ගුහාව. මෙහි මැද සිටින විදුලි පන්දම අල්වා ගෙන සිටින මිනිසාගෙන් මෙහි විශාලත්වය වටහා ගත හැකිය.

    ATT00006-701271.jpg


    මේ ඉන්නේ වලහෙක් නෙවෙයි බල්ලෙක් කිව්වොත් ඔබ විස්වාස කරනවද?

    මෙයාගේ වර්ගය Tibetan Mastiff. ලොව සිටින දරුණුම බල්ලන් දස දෙනා අතර මොවුන් මුල් තැන සිටිනවා. මොහුට වෘකයෙකුගේ ශක්තිය ඇති බවට පැවසෙනවා.දුර්ලභ මෙම බලු පැටව ඇතැම් විට අලෙවි වන්නේ ඩොලර් මිලියනක පමණ මිලකටලු.

    ATT00033-723495.jpg


    මේ ඔබ දකින්නේ "Fire Opal" වර්ගයේ මැණිකක්. (අග්නිමාණික්‍යය)

    මෙය හරියට මැණිකක් ඇතුලේ ඉර බැස යන සුන්දර සැන්දෑවක් සිර වෙලා තියනවා වගෙයි.

    ATT00026-781187.jpg



    ඔස්ට්‍රේලියාවේ Whitsunday දූපතෙහි පිහිටා ඇති White haven වෙරළ තීරය.

    ATT00008-708545.jpg



    අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයත් සැම්බියා රාජ්‍යයත් වෙන් කරන Victoria දිය ඇල්ල උඩු ගුවනට දිස්වන අයුරු.

    ATT00010-715540.jpg



    මේ snapdragon ගසක මල පරවෙලා හැලී ගිය පසු ඉතිරිවන ශාක බීජ සහිත කොටස්. ඒවා දිස් වෙන්නේ හරියටම මිනිස් හිස්කබල් වගේ. (මේ ගසට Dragon Tree කියලත් කියනවා)

    ATT00014-730177.jpg



    ඇමෙරිකාවේ මොන්ටානා තැනිතලාවේ හට ගත Supercell වර්ගයේ කුණාටුවක්. කුණාටුව නිසා ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය ඔබට පෙනෙනවා නේද?

    ATT00015-733879.jpg


    පැසෆික් සාගරයේ Matua දුපතේ 2009 දී පුපුරා ගිය Sarychev Peak ගිනි කන්ද ජ්‍යාත්යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඡායාරූප ගත කර තිබූ අයුරු.

    ATT00016-737625.jpg


    50000 වාරයක් විශාලනය කරන ලද හිම කැටිත්තක්.
    ATT00019-749252.jpg


    දකුණු කොරියාවේ Seoul නගරයේ Banpo පාලම

    ATT00020-752992.jpg



    මේ අයිස්ලන්තයේ Dettifoss දිය ඇල්ලයි. මෙය යුරෝපයේ විශාලතම ජල ධාරිතාවක් මුදා හැරෙන දිය ඇල්ලද වෙනවා.

    ATT00021-756786.jpg



    අයිස්ලන්තයේ සුන්දර Seljalandsfoss දිය ඇල්ල.

    ATT00022-760470.jpg



    ජැමෙයිකාවේ මිනිසෙක් හෙල්ලයක් ආධාරයෙන් (Spear Fishing) මත්සයෙක් ඇල්ලීමට සුළු මොහොතකට පෙර කාමර කාචයට හසු කරගත් අයුරු.

    ATT00023-765494.jpg



    මේ ඕස්ට්‍රේලියාවේ West Coast ප්‍රදේශයට පැමිණෙන දූවිලි කුණාටුවක්. (Dust Storm)

    ATT00028-796656.jpg


    ඉතියෝපියාවෙන් සොයා ගත් මෙම Welo Opal නැමැති මැණික් වර්ගය ඉතාමත් අපූරු ආකාරයේ එකක්.

    මෙය සැබවින්ම ගලක් තුල සිරවූ සුන්දර මුහුදු පතුලක් ලෙසයි ඕනෑම අයෙකුට සිතෙන්නේ

    ATT00034-730578.jpg




    ධ්‍රැව කලාපයේ පමණක් දැකිය හැකි දර්ශනීය අව්රෝරා (Aurora) වලින් වට වූ පරිසරයක රාත්‍රීය ගත කරන ගවේෂකයෙක්.

    ATT00035-738497.jpg


    ආජන්ටිනාව සහ බ්‍රසීලය අතර දේශ සීමාවේ පිහිටා ඇති Iguazu දිය ඇල්ල.

    ATT00001-781115.jpg


    ඇන්ටාටිකා මහාද්වීපයේ සුන්දරත්වය කෙතරම්දැයි මෙම ඡායාරූපයෙන් පැහැදිලිවෙනවා. ගවේෂකයන් පවසන්නේ මෙය වෙනත් ග්‍රහලොවක් ලෙස ඔවුන්ට හැඟෙන බවයි.

    මෙම යෝධ අයිස් කඳු යටින් විශාල භූමියක් සහිත මහාද්වීපයක්ද තිබෙන බව මෑතකදී සොයාගෙන තිබෙනවා.

    ATT00030-707898.jpg





    src:http://funny-picvideos.blogspot.com