ඔබ යන්න ගියා නොකිය...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔබ යන්න ගියා නොකිය...

    හැමෝගෙම ජිවිත වලට ආදරය අවශ්‍යම දෙයක් එත් එක විවිදාකාරයි දෙමවුපියන්, දුදරුවන් අතර තිබෙන ආදරයට වැඩ එහා ගියපු දෙයක් බිරිදත් සැමියත් අතර තියනවා,, ඒ වගේම හාත්පසින් වෙනස් ආදරයක් පෙම්වතුන් අතර තියනව...

    අපේ අම්මගේ වදේට මාත් එලේවල් කරපු ගමන්ම ගිය English ක්ලාස් එකකට,මුළු ක්ලාස් එකටම කොල්ලෝ දෙන්නයි මමයි තව එකෙකුයි, කඩු හරබේ කියන්නේ එක ඇතුලේ සිංහල බෑ,ඔක්කොම English ,කොහොම හරි අපි දෙන්න විතරක් නිසා කෙලෝ ටික අපිට ෆිට් උනා. කොහොම හරි ක්ලාස් එකත් ඉවර උනා exam ඩෙට් එක කියන්නම් කිඋව අන්තිම දවසේ ක්ලාස් එකේ ෆිට්ම කෙල්ලෝ තුන්දෙනෙක් හිටිය උන්ගේ number එකත් ඉල්ලගෙන අපි විසිර ගිය අයිමත් හම්බ වෙමු කියල..


    එයින් පස්සේ ඉතින් හැමදාම msg එකක් mcl එකක් අනිවාර්යෙන් යනවා,, එත් එ තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් හිටිය අනු කියල,,එයා ටිකක් වෙනස් අපි ගොඩක් කතාකරනවා 4n එකෙන්, ටික දවසක් යනකොට මගේ යාලු කම අදරේකට පෙරලිගෙන එනවා කියම මට තේරුණා, එත්තටම මම හිතින් එයට ආදරය කරා.. එත් හිතේ තියාගෙන ඉදල කන්නද මේක අහන්න ඕනේ කියල හිතාගත්ත, කෙල්ල ආසයි ෂර්ලොක් හෝම්ස් කියවන්න මාත් ඉතින් ඒවාට පන ඇරලා..මගේ ගව ඔක්කොම පොත් ටික තිබුන, දවසක් උදේම ෂර්ලොක් හෝම්ස් පොත් දෙකකුත් අරගෙන ගිය අනුට ක්ලාස් ඉවරවෙන time එකට එසේ මෙසේ තැනක නෙමෙයි මම මගේ ආදරේ ප්‍රකාශ කරේ දකුණු ආසියාවේ දිගම බස් ස්ටෑන්ඩ් එකේ, එහෙම නැත්නම් ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ, මම ඇහුව අනු හිතල උත්තරයක් දෙන්නම් කිඋව, හිතන්න දෙයක් නෑ මම දන්නවා එයත් මට ආදරෙයි කියල කොහොම හරි අපි අපිට ආදරේ කරන්න ගත්ත අපි එකට කෑවේ දවසට පැය ගණන් කතාකරනවා AIRTEL වලට පින්සිද්ද වෙන්න,එයාට ක්ලාස් ඉවර උනාම මම හැම සදුදා,බදාදා,සිකුරාදාම, ගාල්ලේ ස්ටේෂන් එක ඉස්සරහින් කොලබ බස් එකට නැගල යනවා එයාව දාන්න අම්බලන්ගොඩට,මම ගෙදර එනකොට රැ 7,8 වෙනවා, අපි ගොඩක් ආදරේ කරා ගොඩක්,ටික කාලයක් යද්දී එයාගේ ගෙදරට මම ගැන ආරංචි උනා එයාගේ අම්මල ගොඩක් විරුද්ද උනා අපිට, එත් අපි මේක නැවැත්තුවේ නෑ,එයා මම නිසා ගොඩක් ගුටි කැව ,එයාගේ අම්ම එයාට නිල් වෙන්න ගහල තිබුනා සමහර දවසට ඒවා පෙන්න පෙන්න මගේ ලගට වෙලා අඩනව,මොන දේ උනත් කවදාවත් අපි ඇත් වෙන්නේ නෑ කියනවා,:(:(:(:(,


    එත් බොහොම ටිකකාලයයි අපිට එහෙම ඉන්න උනේ එයාගේ ගෙදරින් එයාගේ මැරෙජ් එක කරන්න හදන්නේ මම කියල මොනවා කරන්නද ?මට ජොබ් එකක් වත් නෑ.මම මගේ අනුව උස්සගෙන එන්නද..? එක මට කවදාවත් කරන්න බෑ මම ආදරේ කරපු ඒ කෙල්ල මගේ ලගට ගෙනත් දුක්විදිනව බලන්න මට බෑ,කාගේ හරි අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දුක් විදිනවා බලන්න මට බෑ.. එත් ඒ හැමද්ම මට පුළුවන් උනත් එයාගේ අම්මලට දුකක් දීල එය එන්නේ නෑ කියල මේ prathapa89 හොදටම දන්නවා.. මම කවදාවත් එයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නෑ ෆිල්ම් හෝල් එකට ගියත් box එකකට වත් ගියේ නෑ මචන්ලා මම අනුට එතරමට ආදරේ කරා,


    අපි අන්තිමට මීට් උනා එය මගේ තුරුලේ ගොඩක් ඇඩුව ඒ කදුළු බලාගෙන හිටපු මේ ඇස වලට කදුළු ආවේ මටත් නොදැනීමයි....අපි යාලුවෝ වගේ ඉමු අයිමත් හිටපු යාලුවෝ වෙමු කියල අන්තිම පොරොන්දුවත් මගෙන් අරගෙන එය යන්නම ගිය,,එත් සොයුරියක සේ යෙහෙළියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කදුළු දෑසින්....එදා ගෙදර යනකොට ගොඩක් රැ වෙලා ගිහින් ගත්ත එයාගේ අම්මට එයාල බලාපොරොත්තු උන දේ ලැබුන කියන්න,,අපි ඊට පස්සේ හම්බ උනේ නෑ.එත් ඊට පස්සෙත් අපි 4n එකෙන් කතා කරා.

    දැන් එයාව marry කරන්න ඉන්න කොල්ල ලංකාවට ඇවිත් එයා මාත් එක්ක එවිද්ද වගේම ඒ කොල්ලත් එක්කත් ඇවිදිනවා..කළුතර බෝධියට යනවා,හැම තැනම ඇවිදිනවා,මට මාර දුකයි,මම අල්ලපු අතින් වෙන එකෙක් අල්ලාගෙන යනකොට.එත් හැමදාම එවිත් රෑට මාත් එක්ක කතා කරනවා ඔහොම සතියක් විතර ගියා,,අන්තිමට මම තීරණයකට අවා මම නිසා දවසක් හරි මම ආදරේ කරපු කෙල්ලගේ අනාගතේට ප්‍රශ්නයක් උනොත්..දැම්ම මේ වැරැද්ද හදාගත්තේ නැත්නම් එයා marry කරාට පස්සේත් මට එයාව නැතිව බැරිවෙයි කියල මට හිතුන.. එයාලගේ මැරෙජ් ලයිෆ එක මම නිසා අවුල් උනොත් මම මහා පවු කාරයෙක් වෙනවා,,,මම හිතා ගත්තා අනුට කෝල් කරන්නෙත් නෑ,එයාව මීට් වෙන්නෙත් නෑ කියල..මම මගේ සිම් එකත් වෙනස් කරා..එත් මට එයාව අමතක කරන්න බෑ..


    මම මාමලාගේ ගෙදර යන්න බස් එකට නැගල අම්බලන්ගොඩින් බහින කොට මට අපේ අතීතය අනන්තවත් මතක් වෙනවා..එත් මොනවා කරන්නද..?:(:(:(

    ඔහොම ටික කාලයක් ගියා අතීතය අමතක කරන්න ගොඩක් ට්‍රයි කරා,එත් හීනෙකින් වත් හිතුවේ නම් නෑ, මම මෙච්චර පැලෙන්න ආදරේ කරපු මම එයාට රැවටුණා කියලා,මගේ love එක පටන් ගන්න කලින් තමයි එයා අර කොල්ලට [FONT=&quot]Proposal [/FONT]කරලා තියෙන්නේ. අපේ LOVE එක මස 6 ක් විතර තමයි තිබුනේ ඊට අවුරුද්දකට කලින් ඉදල අර කොල්ලගේ සම්බන්දෙ තිබිල,,මොනවා කරන්නද පැල්ලෙන්න ආදරේ කරපු මට අන්තිමට ඉතුරු උනේ චාටර් මතකයක් විතරයි,

    ඔය සිද්දියෙන් පස්සේ මම හිතාගත්ත මගේ ජීවිතෙන් යන්න හදන දේවල් වලට යන්න දෙන්න,, මොකද ඒවා බලෙන් තිය ගත්තොත් දුක වැඩි මටමයි,,,
    තව දෙයක් මම හිතාගත්ත ජොබ් එකක් හොයාගන්න,,..
    කවදාවත් ඊට පස්සේ මේ ඇස ඉස්සරහට අනුව මම දැක්කේ නෑ..දැන් අවුරුදු තුනක් වෙනවා මම එයාගේ කටහඩවත් අහල නෑ.. :confused::confused::confused::confused::sorry:

    මම අද ආතල් එකේ හොඳ ජොබ් එකක් කරනවා,,ලස්සන කෙල්ලෙක් ඉන්නවා මට අපි දෙන්නගේ LOVE එකට අවුරුදු දෙකක් වෙනවා august වලට මගේ දැන් girl ට මම ගොඩක් ආදරෙයි,marry කරන්න තමයි බලාගෙන ඉන්නේ අපේ ගෙවල් වලිනුත් එයාලගේ ගෙවල් වලිනුත් දන්නවා, එත් අතේ තිබුනට කටට දාගන්නකන් මම කිසිම දෙයක් විස්වාශ කරන්නේ නෑ දැන්,,,, prathapa89 marry කරොත් එලකිරියට කියන්නම්කො.

    මේක ලියන්න හිතුනේ මට උදේ ඇහුනු මේ සින්දුව නිසා..අයිමත් මගේ අතීතය මට මතක් වුණා...

    මේ බස් නැවතුම
    පෙර හැම දිනකම
    අප හමුවුනු හැටි දැන උන්නේ
    මා තනිවුන බ
    ව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ.....

    අපි කොච්චර මෙහෙම යන්න ඇතිද මේ බස් නැවතුම මෙතන තියන ගහක් කොලක් වත් දන්නේ නෑ ඔය මගේ ලග නෑ කියලා එත් ඒවා තාමත් එහෙමමයි...


    ඉස්සර හවසට ඔබ එනතුරු මම
    මෙතනම සිටියා දෙනෙත අයා!
    එකම රියක නැගඑකම
    අසුනෙ හිදගිය හෑටි මතකයි
    තවම එදා!!


    ඔයාට Clz ඉවරවෙනකන් මම කොච්චර ඉන්න ඇතිද...මම පරක්කු උනොත් ඔය මම එනකන් මෙතනට වෙලා ඉන්නවා,,මතකද ඔයාගේ B'day එකට මගේ අතින් මම හදල දීපු B'day card එක..එක තාමත් ඔය ගව තියනවද කියලා වත් මම දන්නේ නෑ..


    ප්‍රේමය නිමවුන මා අද තනිවම
    රියකට මෙතනින් ගොඩවෙනවා!
    ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
    ළගඑකම අසුනේ ඉදගෙන යනවා!


    මම මාමලාගේ ගෙදර යන්න මෙතනින් වෙනද වගේම බස් එකට නගිනවා එත් ඔය මගේ ලගේ නෑ..මට යනකන් එනකන් පෙන්නේ අපි දෙන්න එකටහිටපු කලේ. මගේ අතේ එල්ලිලා ඔය හුරතල් උන හැටි.. එත් මම නොදැක්ක එකම දේ මේක විතරයි...
    ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන්
    ළගඑකම අසුනේ ඉදගෙන යනවා!

    එත් මම දන්නවා කොහේ හරි බස් එකක ඔයාල මෙහෙම යනවා ඇති කියලා..

    ඔයාට දැන්
    මාව
    මතකවත් නැතුව ඇති අනු..:(

    එත් ඉන්න තැනක හොදින් ඉන්න...
    ;);););););)
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආදරය හරිම බයෙන් කරන්න ඕන දෙයක් තමයි මචන්.
    සුලු මොහොතකින් ජීවිතය අපායක් වෙන්න පුලුවන්.
    සමහරක් අය ආදරය නිසා දිනපතාම මැරි මැරි ජීවත් වෙනවා..:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපරිමයි....
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    uba kiyana kathawa hari machan. kochara pelena adre karath eka api anith pethata balaporothu wenna narakai. ehma balaporothu wenkota thmai hithata duke dene. marry karanakam wishawasa nee kenawa athha kathawa. :)
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    ආදරය හරිම බයෙන් කරන්න ඕන දෙයක් තමයි මචන්.
    සුලු මොහොතකින් ජීවිතය අපායක් වෙන්න පුලුවන්.
    සමහරක් අය ආදරය නිසා දිනපතාම මැරි මැරි ජීවත් වෙනවා..:(

    Hariyata mang wage..
     

    THE HUNTER

    Junior member
  • Mar 28, 2012
    222
    11
    18
    Hunting Zone
    Dukai , but Wish you a all the best for your Future.

    My girl friend is Makiwara (or punching bag) , My every thing is Marshal Art

    Mama mage amma hera kisima female kenek we belive karanne ne.
     

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    Mata ada oya de una mchn.mama 5yrs adare karau kella wena kenekta adare karanawalu mchn mama kohoma meka iwasanna da mchn.mama awankawa eyata adare kala,eyata mage adare watinne nathi una.mama dn thani wela mchn:(