ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා

    දවසක් පුංචි දරුවෙක්
    එයාගෙ සීයා ලගට ගියාලු..
    ගිහින් ඇහුවලු මෙහෙම..
    “සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?
    මගේ ජීවිතේ වටිනාකම කීයද..?“
    සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු..
    දීලා කිව්වලු මෙහෙම..
    “පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“
    පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට..
    “මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“
    දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..
    “මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!“
    “ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“
    පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට..
    “මාමේ මේ ගල කීයක් වෙයිද..?“
    එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා..
    “පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..“
    “ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“
    දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට..
    “මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“
    ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා..
    “හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“
    පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා..
    “හා කමක් නෑ.. මම ඔය ලමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කො.. මේක මට විකුණන්න..“
    “නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..“
    පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට..
    මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා..
    “කවුද මේ ගල පුතාට දුන්නේ..?“
    “මගේ සීයා..“
    “පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“
    මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා..
    ගිහින් සීයාට හැම දේම කිව්වා.
    ඊට පස්සෙ ඇහුවා..
    “ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?“
    “ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවෙ.. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමෙ හැටියට, ඒ ගොල්ලන්ගෙ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගෙ විශ්වාසයෙ හැටියට ඔයාගෙ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා.. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි.. ඒත්.. කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි..
    ඒ නිසා ඔයාව විශ්වාස කරන්න..
    ඔයාව අගය කරන්න..
    ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා..
    කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..
    තමන්ට ගරු කරන්න..“
    උපුටා ගැනීමකි...
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    පට්ට කතාව ඇත්තටම හැමොටම හොද ආදර්ශයක් දෙන කතාවක් හිතට වැදුනා