ඔයිල් මාරු කරමු (Automotive Tread) !!!

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔයිල් මාරු කරමු (Automotive Tread) !!!

    සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් වාහන ගැන නූලක් අරන් ආවා... පහුගිය දවස් වල විභාගයක් තිබුනා...
    හරි හරි... ඔන්න එහෙනම් පටන් ගන්නවා...

    nissan-silvia-s15.jpg


    අද කියන්න යන්නෙ වාහනේක තියෙන එක එක ජාතියේ ඔයිල් වර්ග මාරු කරන එක ගැන...
    මම කලින් එන්ජින් ඔයිල් ගැන දිග නූලක් දැම්මා... ඒ හින්දා අද එන්ජින් ඔයිල් ගැන කතා කරන්නේ නැහැ... ඒක බලපු නැති අයට මෙන්න ඒ නූල...
    Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

    අපි කතා කරන්න යන්නේ බ්‍රේක් ඔයිල්, ගියර් ඔයිල් (ඔටෝ, මැනුවල්) සහ Power Steering ඔයිල් ගැන...
    brake_master_cylinder.jpg


    මම කියන්න යන්නේ ගෙදරදි මේවා මාරු කර ගන්න විදිය නෙමේ...ඒත් Service එකකට ගියාම තමන්ගෙ වැඩේ අනවශ්‍ය වියදම් නැතුව එතන ඉන්න කට්ටියගෙන් බේරිලා කර ගන්න විදියයි...

    අද මාතෘකාව

    01. බ්‍රේක් ඔයිල්
    බ්‍රේක් වල වැදගත්කම කියන්න ඕනෙ නෑනේ.. බ්‍රේක් පද්ධතියේ ඉන්න ප්‍රධානම කෙනෙක් තමා බ්‍රේක් ඔයිල් කියන්නේ...
    බ්‍රේක් ඔයිල් වල අපි කතා කරන ප්‍රධාන ගුණ 2ක් තියෙනවා..

    ජලය ආකර්ශණය කර ගැනීම සහ නටන උෂ්ණත්වය (Boiling Point)
    බ්‍රේක් ඔයිල් හරි ආසයි වතුර එක්ක එකතු වෙන්න...වතුර දැක්කම ඇදීලා යනවා...හරියට අපෙ එලකිරි එකේ ඉන්න සමහර අයියලා වගේ..ලස්සන කෙල්ලෙක් දැක්කම කෙල පෙරාගෙන ඇදීලා යනවා...:P:P:P හැබැයි ඉතින් ගියා වගේ නෙමේ ලමයෙකුත් වඩාගෙන එනකොට...:baffled::baffled: බ්‍රේක් ඔයිලුත් ඒ වගෙ තමා... වතුර දැක්කම ඇදීල ගිහින් කෙලවන්නේ අපිට...:angry::angry: සාමාන්‍යයෙන් වාහනේක අපි තදින් බ්‍රේක් කරන වෙලාවට බ්‍රේක් ඩිස්ක් 800'C-1000'C වගේ උෂ්නත්වයකට පත් වෙනවා... ඒකෙන් 400'C වගේ ප්‍රමානයක උෂ්නත්වයකට බ්‍රේක් ඔයිල් වලට මූන දෙන්න වෙනවා..:confused: ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමා වතුර 100'C වලදි නටන්න පටන් ගන්නවා කියන එක... සාමාන‍යයෙන් බ්‍රේක් ඔයිල් එකේ නටන උශ්ණත්වය මීට වඩා ගොඩක් වැඩියි..ඒත් වතුර මිශ්‍ර වෙලා තිබුනම වතුර, අපි දෙතුන් පාරක් තදින් බ්‍රේක් කරනකොට නටන්න ගන්නවා.. එතකොට වෙනදේ හිතා ගන්න පුලුවන්නේ.. බ්‍රේක් නැති වෙනවා බොලව්...:angry::angry::angry::angry: කොහොමද ආතල් එක... කඩුගන්නාව පල්ලමේ කෙල්ලත් එක්ක කාර් එකේ යනකොට බ්‍රේක් නැති උනාම... :no::no:SORR‍Y.COM... අපිට මාරි කන්න පුලුවන්... ම්ම්ම්ම්ම් :P:P
    car-off-cliff.jpeg

    TSLMunchee_Tikiri_Marie.jpg


    හරි...එහෙනම් කොහොමද අපිට මාරි නොදී කෙල්ලත් එක්ක පරෙස්සමට ගිහින් එන්නේ.. ඔන්න ඒ ගැන තම කියන්න පටන් ගන්න යන්නේ...:yes::yes:

    සාමාන්‍යයෙන් බ්‍රේක් ඔයිල් වර්ග 2ක් භාවිතයේ තියෙනවා..

    1. DOT 3 - මේක තමා තියෙන ගනන් අඩුම බ්‍රේක් ඔයිල් වර්ගය...මෙයා වතුර කලවම් වෙලා නැත්නම් 205'C දි සද්දෙ දාගෙන නටන්න පටන් ගන්නවා..3% - 4% වතුර කලවම් උනොත් ඉතින් 140'C වලදි ඩාන්ස් එක පටන් ගන්නවා... ඔය 3%-4% ක් එකතුවෙලා...10%-20% එකතු උනොත්!!!!!:eek::eek:
      DOT%203%201Ltr.png
    2. DOT 4 - මෙයාව තමා දැන් වැඩිපුරම පාවිච්චි කරන්නේ..මෙයා වතුර නැත්නම් 230'C වලදි නටනවා...වතුර 3%-4% මිශ්‍ර උනොත් 155'C දි පටන් ගන්නවා..
      DOT-4-250ml.png


    ඔය දෙකට අමතරව තව DOT 5 සහ DOT 5.1 කියලා දෙකක් තියෙනවා... ඕකෙන් DOT5 කියන කෙනා වැඩිය භාවිතයේ නෑ.. ඒකට එක හේතුවක් තමා මෙයාව ABS
    (Anti Lock Braking System) එක්ක භාවිතා කරන්න බෑ...අනික මෙයාව කඩෙන් ගත්ත ගමන් දාන්නත් බෑ.. අනික් ඒවා එක්ක කලවම් කරන්නත් බෑ...හැබැයි මෙයාට නම් වතුර පේන්න බෑ...ඒක තමා මෙයාගෙ තියෙන වාසිය... අනික මෙයාගේ නටන උෂ්නත්වය 260'C විතර වෙනවා.. මෙයාව දාන්නම ඕනේ නම් බ්‍රේක් පද්ධතියම Flush කරලා මෙයාට ගැලපෙන බ්‍රේක් වොෂර්, සීල් වගේ දේවල් දාන්න වෙනවා...
    accessories-bel-ray-lubricant-oil-brake-fluid-silicone-dot-5.jpg


    හැබැයි මේ DOT 5.1 කියන කෙනා එහෙම නෑ.. මෙයා DOT3 DOT4 වගේමඉ.. DOT5 වගේම මෙයත් නටන්නේ 260'C දි විතර... හැබැයි DOT 3, DOT 4 වගෙ නෙමේ මෙයා කෙල්ලෙක් දැක්කොත් එදාම වැඩේ වන කර ගන්නවා...ඒ කිව්වෙ අනික් අයටත් වඩා මෙයා වතුර වලට කෑදරයි...:love::love: ඒ නිසා මෙයාව ගොඩක් ඉක්මනින් මාරු කරන්න වෙනවා... ඒ හින්දා මෙයාව පාවිච්චි කරන්නේ ඔය නිකන් ඉන්න බැරුවට රේස් පදින අය තමා...:D:D වැඩිපුර බ්‍රේක් පාවිච්චි කරනවා නම් සාමාන්‍ය වාහනයකටත් අනික් අය එක්ක පොඩ්ඩක් කලවම් කරලා දාන්න පුලුවන්...

    DOT 3 කියන කෙනා දැන් භාවිතයේ අඩුයි... පරන වාහන වලට තමා DOT 3 ආවේ..ඒ වාහන වලට කිසිම ගැටලුවක් නැතිව DOT 4 කෙලින්ම දාන්න පුලුවන්...:yes::yes:
    DOT 4 තියෙන වාහනේක හදිස්සියේ බ්‍රේක් ඔයිල් TOP UP කරන්න උනු වෙලාවක වැරදිලාවත් DOT 4 ටිකක් හොයා ගන්න නැති උනොත් DOT3 දාන්න පුලුවන්... :oo::oo: DOT 5.1 භාවිතා කරන එකනම් බොරු වැඩක්...

    ම්ම්ම්...සාමාන්‍යයෙන් බ්‍රේක් ඔයිල් හැම Service එකක්දිම check කර ගන්න..ඒකට Service Staion වල Gadget එකක් ටියෙනවා...
    fluid_tester2.jpg


    සාමාන්‍යයෙන් බ්‍රේක් ඔයිල් ගොඩක් කලු වෙලා තියෙනවා නම් මාරු කරන එක හොදයි.. එහෙම නැත්නම් 30000km-50000km අතරඩි Check කරලා බලලා මාරු කරන්න..ගොඩක් වෙලාවට වාහනේ Service Manual එකේ මේ ගැන තියෙනවා..:cool::cool:

    ඔය එලකිරි එකේ ඉන්න ජපන් බයික් පාවිච්චි කරන බයික් පිස්සොත් බලලා DOT3 නම් තියෙන්නේ DOT 4 වලට මාරු කරන්න... ඉන්දියන් ගැන නම් අහන්නත් එපා, මම දන්නෙත් නෑ, මට පේන්නත් බෑ... ජරාව...:growl::growl::growl:

    1203-sbkp-05-z+project-yamaha-R1+brake-fluid.jpg


    ඕක තමා බ්‍රේක් ඔයිල් ගැන කතාව... මතක් කරලා ඔයිල් මරු කරපු වෙලාවට වැඩිවෙලාවක් වියදම් කරලා හරි හරියට Bleed (වාතය ඉවත් කිරීම) කර ගන්න...නැත්තම් මොන ඔයිල් එක දැම්මත් මාරි බිස්කට් තමා...:shocked::shocked::shocked:

    තව වැදගත් දෙයක් තියෙනවා...බ්‍රේක් ඔයිල් වලට තීන්ත පේන්න බෑ...වනසනවා... බ්‍රේක් ඔයිල් එක්ක වැඩ කරනකොට පොඩ්ඩක් හරි Paint එක උඩට හැලුනොත් ඒ වෙලාවෙම පුලුවන් තරම් වතුර දාලා හෝදන්න... අනික ඇඟේ ගෑවුනොත් සබන් දාලා හොඩ ගන්න ඒ වෙලාවෙම...බ්‍රේක් ඔයිල් අපේ හමට ගොඩාක් අහිත කරයි...


    හරි එහෙනම්... අදට ඉවරයි...බලලා හොරු වගේ මාරු වෙන්නේ නැතුව බුම්ප් එකක් දාපල්ලා...:angry::angry:
    ගැටලු ඇතොත් හැරෙන තැපෑලෙන් අහපියව්...:D:D
    මේ නූලෙ ඉතුරු කෑල්ලත් ඉක්මනටම දාන්නම්... එහෙනම් පාර්ට් 1 ඉවරයි... අපි ගියා...

    (ආහ්...තව පොඩ්ඩෙන් අමතක වෙනවා...අහන්න කලින් දාන්නම්.. ඔය උඩම තියෙන පින්තූරෙ සුදට සුදෙ ඉන්නෙ නිසාන් සිල්වියා නංගි...මං ගොඩක් කැමති කෙනෙක්...නික් නේම් එක S15...)

    මගේ අනිත් නූල්...


    තෙරුවන් සරණයි!!!

     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    mokakda machan Bleed karanawa kiwwe? poddak wistara karapanko...

    aewagema, brake oil fully remove karala aluthin daaanawada? ehema karanna one 30000-50000km atharada? poddak aegenath wisthara karanna...

    *Rep denna belu...haki wigasa dennam :)*
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mokakda machan Bleed karanawa kiwwe? poddak wistara karapanko...

    aewagema, brake oil fully remove karala aluthin daaanawada? ehema karanna one 30000-50000km atharada? poddak aegenath wisthara karanna...

    *Rep denna belu...haki wigasa dennam :)*

    මතෝ..බ්ලීඩ් කරනවා කියන්නේ ඔය brake line අස්සෙ හිර වෙලා තියෙන වායු බුබුලු ඉවත් කරන එකට... මේ නූලෙඩි මම සඳහන් නොකරපු ඩෙයක් තියෙනවා..ඒ තමා අපි Brake Oil විඩියට ද්‍රවයක් භාවිතා කරනවා නම් එක අසම්පීඩ්‍ය ද්‍රවයක් වෙන්න ඕනේ... ඒ කියන්නේ කොච්චර පීඩනයකට ලක් කරත් පරිමාව අඩු නොවී තියෙන්න ඕනේ.. ඒත් වාතය මෙ ඔයිල් ලයින් අස්සෙ තිබුනොත් Brake ඔයිල් සම්පීඩනය නොවුනත් වාතය සම්පීඩනට වෙනවා...එතකොට වෙන්නෙ අපි බ්‍රේක් පෑගුවාම වාතය සම්පීනය වෙන එක විතරයි.. ඒ හින්ද ඔයිල් මාරු කරාම තියෙන වාත බුබුලු ඉවත් කරන එකට තමා Bleed කරනවා කියන්නේ...
    brake-bleed-a-0407.jpg


    හරි නම් ඔයිල් සම්පූර්නයෙන්ම ඉවත් කරලා තම අලුත් ඔයිල් දාන්න ඕනේ... මාරු කරනවද කියන එක තීරනය වෙන්නේ ඔයිල් වල තත්වය මත... ඒ නිසා තම මමකිව්වේ Service Station එකේ ටියෙන අර Gadget එකෙන් check කරවගන්න කියලා... කොහොමත් 30000km-50000km අතරඩි මාරු කරන්න වෙනවා... ඒත් සමහර High Performance ඔයිල් වලින් නම් ඊට වඩා කල් දුවන්න පුලුවන්... Check කරලා බලලා මාරු කරන එක තමා වැදගත්...