ඔය ෆෝන් එක දීපන් ළමයකුට!
මේ දවස්වල ජනප්‍රියම කතාව "සුජී ඔය ෆෝන් එක දීපන් ළමයකුට" කියන එක. ඇත්තටම මේ මොකක්ද? මේක පෞද්ගලික දුරකතන සංවාදයක්. එතකොට ඒක මෙච්චර ජනප්‍රිය වෙන්නේ කොහොමද? සුජී අපේ කවුද? නැත්තං ඒ කියන කාන්තාව අඩුගානේ දහදෙනෙක්වත් දන්න කෙනෙක්ද? නෑ. එතකොට මේකේ තියෙන ප්රවෘත්තිමය වටිනාකම මොකක්ද? සරලව කිව්වොත් අපිට ඒ ගෑනිගෙයි මිනිහගෙයි දේවල් දැනගන්න තියෙන අමාරුව මොකක්ද?
හැබැයි පහුගිය කාලේ සමාජ ජාලාවල ඉන්න සුද්දවන්ත මහත්තුරු ටික නෝනලා ටික පට්ට ආතල් එකක් ගත්තා ඒකෙන්. වෙබ්කාරයෝ අම්බානෙක හිට්ස් නග්ගගත්තා. මේක බලලා ඒ ගෑනිට හිනාවුණු මහත්තුරුන්ට නෝනලාට කුණුහරුපයත් මැජික්ද? එයාලා ඒ වචන අහන පළමුවැනි අවස්ථාව මේකද? ඔය ආතල් ගන්න මහත්තුරුත් පොඩ්ඩ මිස් වෙනකොට ආදරෙන් අමතනව කියලා කවුරුත් දන්නවා. ඒත් මේ අහිංසක ගෑනියෙක්ගේ ආවේගශීලී කතාව අපිට ආතල් එකක්.
පෙනුමෙන් මේ කාන්තාව විදේශගත වෙලා හිටපු කෙනෙක්. අපි සාමාන්‍යයෙන් දන්න කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් වැදගත්ම දේ තමයි එයාලා ගොඩාක් දෙනෙක්ගේ පවුල් ජීවිතවල ප්‍රශ්න තියෙන බව. "ගෑනි රට ගියාම මිනිහා වෙන ගෑනු හොයාගෙන යනවා." "රට ගිය ගෑනිට ටික කාලයක් ගියාම මිනිහාට වඩා වෙන කෙනෙක් මුණගැහෙනවා." "ලංකාවේ ඉන්න මිනිහා බීලා ඇවිල්ලා දුවට අතවර කරනවා" මේ වගේ පිටින් අපිට පේන වාර්තා වෙන ප්‍රශ්න කොච්චර ඇතිද? එකට ජීවත් වෙන්න කසාද බඳින අය ජීවිතය කියන එක පැත්තක දාලා ආර්ථිකය කියන කාරණාව මුල් කරලා සලකලා මෙහෙම දුරස්ව වාසය කරද්දී ඇතිවන මානුෂීය ප්‍රශ්න කොයිතරම්ද? මේ වීඩියෝ එකේ ඉන්න කාන්තාවගේ මුහුණෙන් පේනවා ඇය ඉන්න පීඩනය. ඇයගේ ප්රශ්නයේ බරපතළකම.
ඇය අතින් මේ පට්ට ශුද්ධ සමාජයට ආතල් එකක් වුණු වචන කිහිපයක් පිටවෙන්නේ ඒ ආවේගශීලීත්වයට බව අපි කාටත් දැනෙනවා. තේරෙනවා. ඒත් වැඩේ තියෙන්නේ එයාගේ ආවේගශීලීත්වයට අපිට හිනා යන එක. ඒක වෙන්නේ කොහොමද? අපිට ඒක හරහා පට්ට ජෝක් එකක් හදලා දුන්නේ කවුද? Social Media සහ ලංකාවේ News web sites කවුරු හරි ගෝත්‍රිකයෙක් මේක වීඩියෝ කළා. කරලා face book දැම්මා. ඉතින් අනෙක් ගෝත්‍රික රංචුවම මේක එහෙට මෙහෙට ෂෙයා කරනකොට අර තමන්ගේ අම්මව හරි උකස් කරලා හිට්ස් වැඩි කරගන්න බලන් ඉන්න ලංකාවේ තක්කඩි වෙබ්කාරයෝ ටික ඒක නිවුස් එකක් කරගත්තා. ඊට පස්සේ අර "සුජී සහ එයාගේ බිරිය අතර තියෙන අතිශය පෞද්ගලික උණුසුම් වචන හුවමාරුව" රටේ ජාතික ප්රශ්නය බවට පත් වුණා.
මේකේ සරල අර්ථය මේකයි. අද මිනිහකුට ගෑනියකුට පෞද්ගලික ටෙලිෆෝන් කෝල් එකක්වත් ගන්න ඉඩදෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. පාරේ මිනිස්සු දෙන්නෙකුට ගහගන්න බෑ. වචනයක් කියාගන්න බෑ. කෙල්ලකුට සිංදුවක් කියන්න බෑ පන්තියක. ඒ ඔක්කොම වීඩියෝ කරලා දානවා ඉන්ටර්නෙට් එකට. Social Mediaවලින් එන එව්වා News විදියට ගහලා පට්ට ආතල් සැපයීමක නිරත තක්කඩි වෙබ් අඩවි කරන්නේ ඒක නිවුස් එකක් කරගන්න එක. ඊට පස්සේ ඔය අතිශය පෞද්ගලික ගනුදෙනුව ජාතික මට්ටමේ ආතල් එක බවට පත් වෙනවා.
මෙන්න ඔය කියන තක්කඩි වෙබ්කාරයෝ නිවුස් හදන විදිය. මේ පහුගිය ටිකේ තිබුණ හෙඩ්ලයින්ස් කීපයක් "කොන්ෙදාස්තර පාර මැදදී ගැටිකාපු හැටි මෙන්න - වීඩියෝ සහිතයි" , "කොරියාවේ ඉන්න ගණිකාවෝ ලංකාවේ කොල්ලෝ වීඩියෝ කරලා", "ලංකාවේ කෙල්ලෙක්ගේ අලුත්ම sexy dance එකේ video එක මෙන්න" මේවා තව හොඳයි. මේ මීහරක් වෙබ්වලට අනුව පුතෙක් මැරුණට පස්සේ තාත්තෙකුට නිදහසේ අඬන්නත් නෑ. ඒකත් නිවුස් එකක් කරගන්නවා මේ විදියට. "පුතු ලොව හැරගිය දුකින් මන්ත්‍රි තෙවරප්පෙරුම හඬාවැටුණු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)" යකෝ මුන්ට අනුව හඬන එකත් මැජික්ද? මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ වඳුරට දැලිපිහිය අහුවුණා වගේ Social Media පාවිච්චි කරන ග්‍රාමීය මැට්ටෝ ටිකයි, තක්කඩි වෙබ්කාරයෝ ටිකයි එකතු වෙලා අපිට හයියෙන් කහින්නවත් දෙන එකක් නෑ. "මිනිහෙකුට පාර මැද කිවිසුමක් යයි (වීඩියෝ සහිතයි)", "අජිත් ඊයේ රෑ ගෙදර කෑවේ බතුයි පරිප්පුයි (වීඩියෝ සහිතයි)" නංගියෙක් ගිහිං කඩෙන් කොත්තු ගත්තු හැටි" (වීඩියෝ සහිතයි), "ඉමේෂා දත් මදින හැටි" (වීඩියෝ සහිතයි)" මේ විදියට අතිශය සරල සිදුවීම් පවා ජාතික ආතල් එකක් බවට පත්කරන්න මේ Social Media පාවිච්චි කරන ග්‍රාමීය මැට්ටෝ ටික සහ තක්කඩි වෙබ්කාරයෝ ටික දක්ෂයි. මේ හින්දා පරිස්සමින් ඉසසරහට හුස්ම ගනිද්දි පවා පරිස්සම් වෙන්න වෙනවා. ඔය පාරේ යනකොට අෑනුම් යවන්නේ, බස්වල නිදාගන්නේ එහෙම බොහොම පරිස්සමින්." ලස්සන නංගියෙක් බස් එකකු නිදාගෙන ගිය හැටි මෙන්න (වීඩියෝ සහිතයි)" කියලා නිවුස් එකක් වදින්න පුළුවන්.
ඇයි මේ තරම් අපිට අනුන්ගේ අෑනුමත් නිවුස් එකක් වෙන්නේ? අමතක කරන්න එපා අපි යුද ප්‍රවෘත්තිවලින් චූන් වෙලා හිටපු කට්ටිය. කොටි මෙච්චර මැරුවා, කිලිනොච්චියට ෂෙල් ගැහුවා, නුගේගොඩ හන්දියේ බෝම්බයක් පිපිරුවා කිව්වම අපි හැමෝම උනන්දුවෙන් බලන්නේ සංස්කරණය නොකළ දර්ශන. ඒ කියන්නේ Voilence mind එකේ peak පන්නලා අපි ඉන්නේ. දැන් අපි සංස්කරණය කරපු ඒවා නෙවෙයි. සංස්කරණය නොකළ දර්ශනවල මස් කෑලි අතපය කෑලි දකින තරමට අපි ම්ලේච්ඡ වෙලා ඉන්නේ. හදිස්සියේම අපේ ආතල් කුඩු කරමින් යුද්දේ නැවතුණා. දැන් ආතල් එකක් කෝ? Voilence mind එකට අවශ්‍ය දේවල් නෑ. ඒ නිසා හරි අසම්පූර්ණ ගතියක් දැනෙනවා. මේ බව දන්න නිසා අපි අනුන්ගේ ගැටුම් දිහා බලලා හරි අර Voilence mind ආතල් එක ගන්න බලනවා. අනෙක් එකාගේ දැවෙන ප්රශ්නය අපිට දවසේ ආතල් එක වෙන්නේ එහෙම. අර වාරියපොළ නංගි, BMWඅක්කා සහ දැන් ඔය "සුජී ගේ" සීන් එකත් අපිට පට්ට ආතල් එකක් වෙන්නේ. ඒ නිසා ජීවත් වෙන්නේ පරිස්සමින්. මොකද ඔබේ දැවෙන ප්රශ්නය තව කෙනකුට ආතල් එකක් වෙන්න පුළුවන්. හොඳ වෙලාවට සුජී ෆෝන් එක
ළමයට දුන්නේ නැත්තේ. දුන්නා නම් අපේ ආතල් කුඩු.
(අරවින්ද ඉන්ද්‍රජිත් - http://mawbima.lk/82-95017-news-detail.html)

Last edited: