ඔලිම්පික්හි ලංකාවේ නම සහිත බේස් බෝල් පන්දුව

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    ඔලිම්පික්හි ඇරඹී සැහැල්ලු බේස් බෝල් ක්‍රීඩාවට ලංකාවේ නම සහිතව දූනගහදී හැදූ පන්දුව​

    Wednesday, July 28, 2021


    made-in-sri-lanka-bass-ball

    මෙවර ඔලිම්පික් තරගාවලියේ සැහැල්ලුපන්දු බේස්බෝල් ක්‍රීඩාවක් මුල්වරට ඇරඹි අතර ඒ සඳහා යොදාගන්නා පන්දුව, පසුගිය කාලයේ නිෂ්පාදනයට ලන්සු කැඳවීමේදී

    ලෝක ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ලබා ඇති ජපානයේ සහ බේස්බෝල් ජාතික ක්‍රීඩාව කරගත් ඇමෙරිකාවේද නිෂ්පාදන අභිබවා Made in Sri-Lanka සන්නාමය ඔස්සේ ඔලිම්පික් උළෙලට
    ලංකාවේ දූනගලහ ප්‍රෙද්ශයේ එස්එස්කේ ආයතනය නිපදවූ පන්දුව තෝරාගන්නා ලද අතර එය අද සිට තරගාවලියට භාවිතයට ගන්නා ලදි.
    ජපානයේ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් අංශයේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු සුජීව විජයනායක මහතා පවසන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩා උපකරණයක සමාගමේ සන්නාමය සහ එම ක්‍රීඩාවේ ලෝක සංගමයේ නාමය සඳහා අවසර ඇතත් ක්‍රීඩා භාණ්ඩය නිෂ්පාදනය කළ රටේ නම ක්‍රීඩා භාණ්ඩයේ සඳහන් කිරීමට අවස්ථාව නොලැබෙන බවයි.

    ඇසුරුමේ නිෂ්පාදනය කළ රටේ නම සඳහන් කිරීමට හැකියාව ඇත.
    සුජීව මෙසේ කියයි
    "ඔලිම්පික් තරගාවලියේ දී සොෆ්ට්බෝල් ක්‍රීඩාව සඳහා අපි යොදාගන්නේ Mizuno ආයතනය වියටිනාමයේ නිෂ්පාදනය කරන පන්දුයි. නමුත් අපි එම පන්දුවල Mizuno ආයතනයේ නමත් ලෝක සංගමයේ නම වන WBsc පමණක් සඳහන් කිරීමට පමණයි අවසර ලබාදී තිබෙන්නේ. සොෆ්ට් බෝල් පන්දුවට වඩා කුඩා ලංකාවේ හදපු බේස්බෝල් පන්දුවේ නිෂ්පාදන ආයතනය වනssK නාමයත්, ලෝක සංගමයේ නාමය වන WBsc නාමයට අමතරව Made in Sri-Lanka යන්නත් ඇතුළත් කරගැනීමට මට හැකියාව ලැබුණා. මම හිතනවා මට මගේ රටට ලබාදෙන්න පුළුවන් උපරිම වටිනාකම ලබාදීමට ඒ හරහා හැකියාව ලැබුණා කියා.
    ලෝක ශ්‍රේණිගතවන ඉහළින්ම සිටින ජපානය (1), කොරියාව (3), ඇමෙරිකාව (4), මෙක්සිකෝව (5), ඩොමිනිකාව (7) වැනි ප්‍රධාන පෙළේ රටවල් මෙවර බේස්බෝල් අංශයෙන් ඔලිම්පික් තරගාවලියට එක්ව සිටිනවා. එම ලෝක පූජිත රටවල් මෙවර ඔලිම්පික් තරගාවලියේදී ක්‍රීඩාකරන්නේ Made in Sri-Lanka පන්දුවකින්. මෙම අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හැටියට අප සියලු දෙනාටම විශේෂ අවස්ථාවක් හැටියට හඳුන්වා දිය හැකියි.විශේෂයෙන්ම ඇමෙරිකාව, කියුබාව, තායිවානය, වැනි රටවල ජාතික ක්‍රීඩාව වන්නේද බේස්බෝල් ක්‍රීඩාවයි. එසේම ජපානයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන්ද බේස්බෝල් ක්‍රීඩාවයි.

    23 වනදා පැවැත්වූ සමාරම්භක උළෙලේ ගිනි සිළුව සඳහා බේස්බෝල් ක්‍රීඩකයන් තිදෙනෙක්ම සහභාගී වී සිටීමද විශේෂයි. එවන් ප්‍රබල රටවල් ක්‍රීඩා කරනුයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල් පන්දුවකින් වීම අප සැමටම සුවිශේෂී අවස්ථාවකි.මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව හැටියට හඳුන්වා දෙන්නත් පුළුවන්.” යැයි සුජීව සඳහන් කර සිටියේය.


    තවදුරටත් අදහස් දැක්වූ සුජීව, "මෙම වසරේ අප්‍රේල් මාසයේ අපිට ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල්වල තත්ත්ව පරීක්ෂක්ෂාවක් සිදුකිරීමට සිදුවුවා. ඒ සඳහා දූනගහ ප්‍රදේශයේ තිබෙන මෙම කර්මාන්තශාලාවට ඔලිම්පික් සංවිධායක කමිටුවේ නියෝජිතයෙක් යැවීමට සිදුවුවා.

    නමුත් එම කාලයේ කොරෝනා තත්වය වැඩිවී තිබූ නිසාත් පැමිණෙන විදේශිකයන් සති 2ක් නිරෝධායනය වීමට සිදුවී තිබුණා. එය මට ඔලිම්පික් සංවිධායක කමිටු නිලධාරීයෙක් වශයෙන් ඒ අවස්ථාවේ දී අපහසු කාර්යයක් වුණා. එම නිසා මම මුලින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතා හමුවීමට ගියා. එතුමා කොරෝනා මැඩපැවැත්වීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට කතා කළා. එතුමාගේ විශේෂ අවසරය ඇතිව මට ජපානයේ විශේෂ තත්ත්ව පරීක්ෂකවරයෙක් ලෙසින් VIP නිරෝධායන නීති මාලාව යටතේ කර්මාන්තශාලාව සහ බේස්බෝල් පන්දුවල තත්ත්ව සහතික පරික්ෂා කිරීමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලැබුණා.

    පසුගියදා Made in Sri-Lanka බේස්බෝල් පන්දු 15,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවට මිළ කළ නොහැකි ආයෝජනයක් කියා මම විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය නොකරන ක්‍රීඩාවකට ඔලිම්පික් උළෙලක දී Made in Sri-Lanka නාමය බේස්බෝල් පන්දු ලබාදීමට හැකිවීම එහි වටිනාකම තව තවත් වැඩි කරවන්නක් කියා මම විශ්වාස කරනවා.” යැයි සඳහන් කර සිටියේය.

    ගොසිප් ලංකා...
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    එල එල ....ලංකාවේ උන් කොහොමත් බෝල අල්ලන්න දක්සයි ....
     
    • Like
    Reactions: johnyh

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    බෝලයක් හැදුවත් news එකක් නේද. පොඩි පොඩි දේවල් වලින් උනත් සතුටු වෙන ජාතියක් අපි :)
     
    • Like
    Reactions: NRTG and lasankandy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඕක ජපන් කොම්පැනියක්
    පැට්ටේරිය මෙහෙ දාල තියෙන්නේ

    හරියට නයිකි ජංගි යුනිචෙලා එකේ මහනවා වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,248
    113
    Kaer Morhen
    thewitcher.com
    බේස්බෝල් පන්දු 15,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය....... 1 baseball price ~8 * 15000.
    loku ayojanayak hmmm
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඕක ජපන් කොම්පැනියක්
    පැට්ටේරිය මෙහෙ දාල තියෙන්නේ

    හරියට නයිකි ජංගි යුනිචෙලා එකේ මහනවා වගේ
    සුකනවා තමා මම ඒත් හිතුවා ලංකාවේ එකෙක්ගේ කියල..එහෙනම් ඉතින් කොහොමෙයි ප්‍රවුඩ් ටු බී සිරි ලන්කන් කියන්නේ.

    gpTULAK.png