ඔව් ඔහුට ඔබේ උදව් අවැසිමයි....!!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් ඔහුට ඔබේ උදව් අවැසිමයි....!!

    ඔව් ඔහුට ඔබේ උදව් අවසිමයි....!!

    අද මේ කියන්න යන්නේ ටිකක් සංවේදී කතාවක්,
    උබලගෙන් උදව් බලාපොරොත්තුවෙන්,

    උබලට මතක ඇති මේකේ හිටිය​

    avatar323300_9.gif


    Somapala1080p
    කියල සාමාජිකයෙක්.


    කවුරු හරි යාලුවෙක්ගෙ මළගෙයක් උනාම, කරදරයක් උනාම, තමන්ගේ වාහනෙත් අරන් දුවගෙන ආපු අපේ හිටපු හොදම සහෘදයෙක්, ඒ විතරක් නෙමෙයි, යාලුවෙක් අමාරුවේ වැටුනම උදව්වක් ඕන කලාම ඉක්මනින්ම ඒ ගැන හොයල තමන්ගේ අතේ වියදමින් හරි යාලුවන්ට උදව් වෙන්නත් අමතක කලේ නැහැ ඔහු.
    එහෙම හිටපු ඔහුට කාලයත් එක්ක ඇති උන අවාසනාවන්ත තත්ව සහ මවගේ දීර්ඝකාලීනව පැවති අසනීප තත්වය, ඇයගේ හදිසි වියෝව ආදිය හේතුවෙන් ආර්ථික අපහසුතා වලට මැදි වෙන්න උනා, ඔහු අන්තිමට විදෙස් ගත වෙන්නේ ඒවගෙන් මිදෙන්න බලාපොරොත්තුවෙන්.
    දහසක් බලාපොරොත්තු තියන් ඒ ගමන ගියත් ටික කාලෙකින් එහෙදි ඇගට ඇතුළු උන විසබිජයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර උන ඔහුට සිද්ද වෙන්නේ ආපහු ලංකාවට එන්න.
    ලංකාවට ආවත් අවසානයේදී විසබිජය ඇතුළු වෙලා ඇති උන රෝග තත්වයේ අතුරු විපාකයක් විදියට ඔහුගේ වකුගඩු දෙකම අකර්මන්‍ය වෙන්නේ කවුරුවත් නොසිතුව විදියට.
    දරුවන් දෙදෙනෙකුට සෙනෙහෙබර පියෙක්, දයාබර බිරිදකට දයාබර සැමියෙක් උන ඔහුට අපේ ඇති හැකි පමණින් උපකාරයක් වෙන්න පුළුවන් නම් ඒක මේ අවස්ථාවේදී ලොකු උදව්වක් වේවි.
    ඔබට පුළුවන් නම් උදව් වෙන්න, අඩු තරමින් වචනෙකින් හරි, ලෙඩක් දුකක් හැදුන වෙලාවට වචනෙකින් හරි උදව් වෙන්න පුළුවන් නම් එක ලොකු පිනක්.
    පහතින් මන් දාල තියෙන්නේ උදව් වෙන්න කැමති අයට උවමනා වෙන තොරතුරු
    ඔහුට අවශ්‍ය වකුගඩු වර්ගය B+
    වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් දන්නවා නම් දැනුම් දෙන්න,



    මුදල් වලින් උපකාර වෙන්න කැමති නම් මේ ඔහුගේ ගිණුම් තොරතුරු


    116053758542
    Sampath Bank Mawanella Branch
    D. K. C. K. Weerawardhane


    ----යම් අයෙකුට රෝගනිර්ණය කිරීමේ සටහන් අවැසිනම් ඒවාද සතුව පවතී-----

    සංවිධායක පිරිස
    ට්‍රෙඅඩ් එක ලිව්වේ

    .::J@S::.
    DJGamaya
    Blue
    Cedric
    Billa
    DJnick
    maheshsenadeera
    Nuwanchaminda
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෝමපාල එළකිරි එකේ හැමෝගෙම හිත දිනාගෙන සිටිනා මිතුරෙක්

    ඔහුට ශක්තියක් වෙන්න එළකිරි හැමෝම එකතු වෙන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පොරගේ ටෙස්ට් රිපෝර්ට් එලකිරියේම ඉන්න ඒ සබ්ජෙක්ට් එක දන්නා කෙනෙක්ට කියලා චෙක් කරලා බැලුව .. පොර අවධානම් තත්වයක ඉන්නේ :(....එළකිරියේ කාලෙක ඉදන් හිටපු පුද්ගලයෙක් නිසා අපි තීරණය කළා ත්‍රෙඩ් එකක් දාලා පුළුවන් විදියට පොරට උදව් කරන්න ....
    :yes:අපි එකතුවෙලා උදව් කරමු ...... :yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පොරගේ ටෙස්ට් රිපෝර්ට් එලකිරියේම ඉන්න ඒ සබ්ජෙක්ට් එක දන්නා කෙනෙක්ට කියලා චෙක් කරලා බැලුව .. පොර අවධානම් තත්වයක ඉන්නේ ....එළකිරියේ කාලෙක ඉදන් හිටපු පුද්ගලයෙක් නිසා අපි තීරණය කළා ත්‍රෙඩ් එකක් දාලා පුළුවන් විදියට පොරට උදව් කරන්න ....
    අපි එකතුවෙලා උදව් කරමු ......
     
    Oct 17, 2018
    264
    28
    0
    අම්මට අසනීපයි කියලා ඌ උගෙ අළුතින් ගත්තු කාර් එකත් විකුණුවා. එහෙම හිත හොඳ උන්ටයි මෙහෙම වෙන්නෙ. දෙවියනි උබ හුකාපන් කැරි පොන්න දෙවියො. එළකිරියෙ උන් උදව් කරනවා උබට අනිවා. HackerT ස්තූතියි අපිව දැනුවත් කරාට. මට පුළුවන් උදව්වක් කරන්නම්. අද බැංකු වහලා නිසා හෙට තමයි. උබට බුදු සරණයි. :yes:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    පොරගේ ටෙස්ට් රිපෝර්ට් එලකිරියේම ඉන්න ඒ සබ්ජෙක්ට් එක දන්නා කෙනෙක්ට කියලා චෙක් කරලා බැලුව .. පොර අවධානම් තත්වයක ඉන්නේ ....එළකිරියේ කාලෙක ඉදන් හිටපු පුද්ගලයෙක් නිසා අපි තීරණය කළා ත්‍රෙඩ් එකක් දාලා පුළුවන් විදියට පොරට උදව් කරන්න ....
    අපි එකතුවෙලා උදව් කරමු ......

    Aniwaren.