ඔහු දෙවැන්නා නො වේ……!

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔහු දෙවැන්නා නො වේ……!

    පසුගිය දෙසැම්බරයේ ස්පාඤ්ඤයේ පැවැත්වුණ අන්තර් ජාතික මැරතන් තරගයෙන් දෙවැන්නා වුණේ ඔහු. හැබැයි ඒ තරගයේ සුපිරිතම මිනිසා වුණෙත් ඔහු.

    මේ තරගයේ ජයග‍්‍රාහකයා වුණේ කෙන්යානු ජාතික ඒබල් මුටාල්. පසුගිය වසරේ ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මැරතන් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ මේ කෙන්යානු ක‍්‍රීඩකයා ම යි. කී‍්‍රඩාවේ සුපිරි මංගල්‍යයේ දී ජය කෙහෙළි නංවපු මුටාල් මේ තරගයෙත් ඉදිරියෙන් ම සිටියා. ඒ කොහොම වුණත් කවර හෝ අතපසුවීමකින්, තරග අවසානය සටහන් වූ සීමාවට මීටර් දහයක් පමණ මෙපිටින් සිටිය දී මුටාල් එය තරගයේ අවසානය කියලා හිතලා දුවන එක නතර කළා.

    මේ වැරැද්ද දැකපු පේ‍්‍රක්ෂකයන් නො නවත්වා කෑ ගසමින් මුටාල්ට පවසා සිටියේ තව කෙටි දුරක් දිවිය යුතු බවයි. ඒත්……! ස්පාඤ්ඤ භාෂාව කිසි ලෙසකින් නො දත් මුටාල්ට ඒක තේරුණේ නැහැ. ඔහු තමන් ජයග‍්‍රාහකයා බව සිතාගෙන එතැන ම සිටියා. තරග ජයග‍්‍රහණයේ දෙවැන්නා විදිහට අනායා ඒ ස්ථානයට ආසන්න වෙමින් සිටියා. ඔහු ක්ෂණයකින් මුටාල්ට සිදු වී ඇති වරද තේරුම් ගත්තා.

    අනායා තම වේගය එහෙම ම බාල කළා. කෙන්යානු බස නො දත් ඔහු ස්පාඤ්ඤ බස නො දත් මුටාල්ට හස්ත සංඥ මඟින් තව දිවිය යුතු බව පෙන්වා සිටියා. ඔහු ව ඉදිරියට ම යොමු කළා. එවර මුටාල් දිව ගියා, පළමුවැන්නා විදිහට ඔහු තරගය නිම කළා. අනායා ජයග‍්‍රාහී සීමාව සනිටුහන් කළේ දෙවැන්නා විදිහට.

    තරගයෙන් පස්සේ ජනමාධ්‍යවේදීන් ඔහුගේ අදහස් විමසද්දි ඔහු මෙහෙම කියලා තිබුණා.

    ‘‘ඒ තරගයේ ජයග‍්‍රහණයට සැබෑම සුදුස්සා තමයි මුටාල්. ඔහුගේ වරදවා වටහා ගැනීම නො වෙන්න අප අතර තිබූ පරතරය බිඳින්න මට කිසිම පුළුවන්කමක් තිබුණෙ නෑ. මුටාල් නැවතුණු මොහොතෙ ම මං හිතා ගත්තා මං කීයටවත් ඔහු ව අභිබවා යන්නෙ නෑ කියලා. මට හිතන විදිහට මං කළේ ඒ වෙලාවෙ කරන්න තිබුණ හොඳ ම දේ.”

    අනායා….! සැබැවින් ම ඔබ කළේ කළ යුතු ව තිබුණ හොඳ ම දේ. ඔබ කිසිසේත් ම දෙවැන්නෙක් නම් නෙවෙයි…… මහත්මා ගුණයෙන් පරිපූර්ණ විය යුතු කී‍්‍රඩාව තුළ ඔබ පළමුවැන්නෙක් වග මුළු මහත් ලෝකය ම දැන් දන්නවා.

    ඒ තරගයේ රූප රාමු නෙත ගැටෙද්දි මගේ නෙත තෙත් වුණේ ‘අනායා’ගේ සිතේ තිබුණ තෙතමනය මගේ ඇස්වලට දැනුණ නිසයි.

    කී‍්‍රඩාවක පමණක් නො වෙයි, ජීවිතයේ සෑම දෙයක ම තවරා තැබිය යුත්තේ මේ ළතෙත් බව නෙවෙයි ද? ජීවිතේ බොහෝ දේ එක්තරා තරගයක් තමයි. ඒත් තරගයක අවසාන ඉලක්කය කෙලෙසක හෝ පළමුවැන්නා වීම නම් නො වෙයි.

    ඉසව්වේ දෙවැන්නා, තෙවැන්නා නො වේ; අන්තිමයා වූවත්; මනුෂ්‍යත්වයේ කිරීටය හිස දරා ගෙන සිටින්නා ම යි ‘ජයග‍්‍රාහකයා’…..!

    ගත්තෙ මෙතනින් - http://tinyurl.com/lyfkrmg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    0100995.jpg
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කොහොමත් ආසියාවෙ.අරාබියේ මිනිස්සුන්ට වඩා යුරෝපීය රටවල මිනිස්සු මනුශ්‍යත්වයෙන් ඉදිරියෙන් ඉන්නව.
     
    Oct 5, 2014
    7
    1
    0
    කොහොමත් ආසියාවෙ.අරාබියේ මිනිස්සුන්ට වඩා යුරෝපීය රටවල මිනිස්සු මනුශ්‍යත්වයෙන් ඉදිරියෙන් ඉන්නව.

    පිළිගන්න බෑ :no: . ලංකාවේ තමයි උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිසුන් සිටින්නේ :yes:. අතීත මුතුන්මිත්තෝ ගැන කියවල බලන්න.
     
    • Like
    Reactions: ruwantheekshana

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    thanapira(තනපිරා);17219444 said:
    පිළිගන්න බෑ :no: . ලංකාවේ තමයි උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිසුන් සිටින්නේ :yes:. අතීත මුතුන්මිත්තෝ ගැන කියවල බලන්න.

    ඒ ඉස්සර බං.අතීතය ගැන නෙමේ බං මන් කිව්වෙ.අද කාලෙ අවුරුදු 18-20 නෙමේ.අවුරුදු 3-4 කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් ගෙදරින් පිට තියන්න බෑ..ඔන්න උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිස්සුගෙ හැටි
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ඒ ඉස්සර බං.අතීතය ගැන නෙමේ බං මන් කිව්වෙ.අද කාලෙ අවුරුදු 18-20 නෙමේ.අවුරුදු 3-4 කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් ගෙදරින් පිට තියන්න බෑ..ඔන්න උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිස්සුගෙ හැටි

    ඔව් ඉස්සර නම් ඉන්න ඇති..එත් දැන් නම් නැ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඒ ඉස්සර බං.අතීතය ගැන නෙමේ බං මන් කිව්වෙ.අද කාලෙ අවුරුදු 18-20 නෙමේ.අවුරුදු 3-4 කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් ගෙදරින් පිට තියන්න බෑ..ඔන්න උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිස්සුගෙ හැටි

    සිරා කතාව බන්:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ ඉස්සර බං.අතීතය ගැන නෙමේ බං මන් කිව්වෙ.අද කාලෙ අවුරුදු 18-20 නෙමේ.අවුරුදු 3-4 කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් ගෙදරින් පිට තියන්න බෑ..ඔන්න උතුම් ම , ආගන්තුක සත්කාර දන්නා මිනිස්සුගෙ හැටි

    :yes:
     
    Similar threads